නැවුම් සුළග

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    පරාජිත කුට දේශපාළුවන්ගේ තමන්ගේ බල ලොබි ආශාවන් ඉටු කරගැනීමට ජනතාව අතකොළුවක් ලෙස භාවිතාකරන තත්ත්වයක් ජන්දෙන් පසුව දිගින් දිගටම දකින්න තිබුනා ..

    විවිද ස්ථාන වලපැවති නළුවන් නැති එළුවන් සමග සාටක නාටක ජවනිකා ..
    තැන තැන පැවති කුඩා උත්ගොෂණ ව්‍යාපාර ..
    ජාතිවාදී අරගල , ආගම් වාදී අරගල මේවා සියල්ලම සැලසුම් සහගතව අප්පචි නැවත එළිබහින්න ඕන පසුබිම හදාගන්න වුවමනාවෙන් කරපු දේවල් කියලා ඕනෑම කෙනෙක්ට පැහැදිලිවම පෙනෙන්නට තියෙන කරුණක් අහින්සක ජනතාව පක්කිලි කම් කරවා ගැනීමට යොදාගත්තා කිව්වොත් නිවැරදි ..
    දැන් දැන් තමයි අප්පචි එලිබහින්න පටන්ගෙන තියෙන්නේ .. මොකටද මේ එන්නේ රට ආරක්ෂා කරන්නද තමන් සහා පවුල ආරක්ෂාකර ගැනීමටද කියලා අපිට හිතන්න වෙනවා ..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo

    :lol: මරා ගන්නමයි හිත් නෙ:lol:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යමෙකුට මතු පිටින් පෙනෙන දෙයට වැඩ යමක් දැකිය හැකි වේද
    එමෙන්ම එම පෙනෙන දෙයෙන් යමක් නිශ්චය කලා හැකි වේද
    එය තුලින් ලෝකය දෙස බැලීමට හැකිවේද
    එම පුද්ගලයාට සාහිත්‍ය රසයක් විදිය හැකිය යන්න
    මාගේ අදහසයි:cool:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    යමෙකුට මතු පිටින් පෙනෙන දෙයට වැඩ යමක් දැකිය හැකි වේද
    එමෙන්ම එම පෙනෙන දෙයෙන් යමක් නිශ්චය කලා හැකි වේද
    එය තුලින් ලෝකය දෙස බැලීමට හැකිවේද
    එම පුද්ගලයාට සාහිත්‍ය රසයක් විදිය හැකිය යන්න
    මාගේ අදහසයි:cool:

    :(
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ඔල්වරසන් දෙන්නට නොව
    මදහසින් පිළිගන්නට
    විඩාපත් සිත් සනහා
    මිනිසත්කම වපුරන්නට
    ක්ෂිතයෙන් එහා ඉමෙන් එන
    නැවුම් සුළග
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    රජ්ජුරැවෝ නික්ම ගියහ.......
    " මම ළඟදි බැලුවා චිත්‍රපටි දෙකක්. සැනසුම කොතනද.....? , අල්ලපු ගෙදර.....!!"
    මේ දෙබස් ඛණ්ඩය මට මුලින්ම අසුනේ මීට වසර 25-30 කට පෙර ආර් ආර් සමරකෝන් සූරීන්ගේ කැලණි පාලම වේදිකා නාට්‍යයේ මැම්බර් මහත්තයාගේ මුවිණි. එදා මුළු ශාලාවම සිනා සයුරේ ගිල්වීමට ඒ දෙබස සමත් විය. ඇස් නටවමින් දෙපසට පැද්දෙමින් ඔහු කළ රංගනය ඇත්තම මෙම්බර මහතකුටත් වඩා විශිෂ්ට විය.
    වයසට යද්දී වැවී තිබූ සුදෝ සුදු රැවුල සහ කොටවෙන්නට කැපූ හිසකේ නිසා මට බොහෝවිට ඔහුව පෙනුණේ අපේ රටට අහිමි කළ අති පූජ්‍ය දිඹුලාගල නාහිමිපාණන් මෙනි.
    මේ වෙන කවුරැවත් නොව ප්‍රවීණ රංගධර ජේ එච් ජයවර්ධනයන්ය. එහෙත් මේ ලිපිය අද ලියන්නට වීම ගැන මම පසුතැවෙන අතරම ඉතාමත්ම ලැජ්ජාවටද පත් වෙමි. මන්ද එතුමා ජීවත්ව සිටිදී එතුමා ගැන යමක් ලියන්නට නොහැකිවීම නිසාවෙනි.
    බොහෝ කලාකරැවන් ගැන පසුගිය වතාවල ලියූවාක් මෙන් අදත් මට ලියන්නට සිදුව ඇත්තේ එතුමාගේ වියෝව පිළිබඳව වූ ඒ කවදා හෝ ලියන්නට වන ශෝකාත්මක ලිපියයි.
    ජේ එච් ජයවර්ධනය මහතාණනී ජීවත්ව සිටියදී යමක් නොලීවාට පළමු කොටම මට සමාවනු මැනවි.
    එතුමාව මුළු රටක්ම හඳුනාගත්තේ ගුවන් විදුලියේ ප්‍රචාරයවූ මොණරතැන්න ගුවන්විදුලි නාටකයේ රජ්ජුරැවෝ ලෙසිනි.
    එසේම වේදිකාව, සිනමාව සහ රෑපවාහිනිය යන සෑම මාධ්‍යකම තම රංග ප්‍රතිභාව විහිදුවාලන්නට එතුමා සමත් විය.
    මා මෙම ලිපිය ආරම්භ කළ දෙබස තිබූ කැලණි පාලමේ මැම්බර්ගේ චරිතයෙන් එතුමා රසික හදවත් අමන්දානන්දනයට පත් කළහ.
    1953 දී එදා රෑ සිනමා පටයෙන් ඇරඹි එතුමාගේ සිනමා දිවිය 2001 දී රඟපෑ වසන්තයේ කුණාටුවක් චිත්‍රපටයෙන් අවසන්වන විට එදා මෙදා තුර ඉතා විශිෂ්ටගණයේ චිත්‍රපට රාශියකට තම ප්‍රතිභාපූරණ රංගන දායකත්වය සැපයීමට සමත්ව තිබිණි.
    එච් ඩී ප්‍රේමරත්නයන්ගේ සෙයිලම හා සප්ත කන්‍යා, වසන්ත ඔබේසේකරයන්ගේ දඩයම, ධර්මසිරි බංඩාරනායකයන්ගේ හංසවිලක් හා සුද්දිලාගේ කතාව, පරාක්‍රම නිරිඇල්ලයන්ගේ අයෝමා, ධර්මසේන පතිරාජයන්ගේ සොල්දාදු උන්නැහේ සහ ඩී බී නිහාල්සිංහයන්ගේ මල්දෙණියේ සිමියොං යන චිත්‍රපට එතුමා රඟපෑ විශිෂ්ට සිනමාපට පොකුරෙන් කිහිපයක් පමණි.
    එතුමා 1992 දී Spies Inc නම් ඇමෙරිකානු චිත්‍රපටයේ බෞද්ධ භික්ෂුවකගේ චරිතයකට පණ පොවමින් අන්තර්ජාතික සිනමාවටද එක්වීමට එතුමාට හැකි විය.
    පුංචි තිරයේද බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ චරිත ඇතුළු තමන්ට ලැබෙන ඕනෑම චරිතයක් ජීවමාන කරමින් එතුමා රඟපෑවේය. ඇස් කරකවමින් , මුහුණේ මස්පිඩු පෙරළමින් හා අත පය සතරඅත විහිදුවමින් එතුමා කළ රංගනය කළ හැක්කේ වෙන නම් කාහටද? එහෙත් අදින් පසු අපට ඒවා ජීවමානව බලාගත නොහැකිවනු ඇත.
    ඔහුත් පොසොන් සඳ බැස යන්නටත් මත්තෙන් අපේ දිවියෙන් බැස ගොහිනි.
    ආදරණීය පියාණනි , සහෘද කලාකරැවාණනි දිනෙක අප නැවත හමුවෙන තුරැ ඔබට සුබ ගමන්!
    චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය

    11351186_10206712722967176_9071745714321830509_n.jpg
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ලාංකේය ගීත කලාවේ , සම්භාව්‍ය ගීය සහ ජනප්‍රිය ගීය අතර පාලමක් බඳු වූ අසහාය ගී පද රචක , නිවේදක , ආදරණීය ප්‍රේමකීර්ති ද අල්විස්, ජීවත්ව උන්නා නම් , අද දිනට වසර 68 ක් සපුරයි. අද ඔහුගේ උපන්දිනයයි..
    වයස අවුරුදු 42 වැනි කෙටි ජීවිත කාලය තුල ඔහු පබැඳි ගීත හරහා ආක්‍රමණය නොකළ , කතා නොකළ මාතෘකාවක් නැති තරම්ය. ඒවාට වස්තු බීජය වන්නේ එදිනෙදා වටාපිටාවේ , පරිසරයේ, වස්තුන් සහ සිදුවීම් ද ,මිනිස් සන්තානයේ උපදින අනේකවිධ භාවයන් හා ඒවායේ පෘතග්ජන හැසිරීම් අමුද්‍රව්‍ය කොටගනිමින්, සමාජයේ විවිධ ස්ථරයන් නියෝජනය කල අප සහ අප අවට වෙසෙන සාමාන්‍ය මිනිසුන්ගේ දුක හා සතුට අතර දෝලනය වෙන අනෙක විධ කථාන්දරයි....
    එක්කෝ ඉමක් කොනක් මිලක් නොමැති අම්මාගේ , තාත්තාගේ ආදරයයි, සහෝදර ප්‍රේමයයි..මේ හැම ආකාරයේම බැඳිමක් ම , අපේ ජිවිත හා නිබඳවම ඇලී ඇලී අපව වරෙක සන්තුෂ්ටියටද සන්තාපයටද පත් කරයි...ඒ හැම සියුම් සිතිවිලි මාත්‍රයකම ඉතා කුඩා වෙනස්වීමක්, ගීයක අර්ථය හෝ රසය වඩා උද්දීපනය කර පෙන්වීම කෙරෙහි හසුරුවාගත් අයුරු ඔහුගේ ගීත , විශේෂයෙන් ප්‍රේම ගීත වල දක්නට ලැබුණු වාර අනන්තයි......මදකට සිතුවොත් ඔහු මේ කියන්න උතසහ කලේ කුමක්ද?
    "ඔබ ඔබේ සෙවනැල්ලෙන් මිදී...මම මගේ සෙවනැල්ලෙන් මිදී" ?
    "මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු..රහස් අහස්තයට පවරා" ?
    මේ සුන්දර , නිහතමානි, කුඩා මිනිසා අද ජීවතුන් අතර නැහැ..එහෙත් ඔහු පබැඳු ගීත නිර්මාණ අදටත් ජීවතුන් අතර පන ගසමින් ,අලුත් වෙමින් යුග යුග ගණන් අප දෙසවන් සනහනවා..එම ගීත අප ආනන්දයෙන් ආනන්දය කරා ද ඉන් නොනැවතී ආකල්ප , වටිනාකම්, ප්‍රඥ්යාව සංවර්ධනය කරාද රැගෙන ගියා..
    ඔහුගේ 68 වන ජන්ම දිනයේ මේ කුඩා සටහන තබන්නට සිතුනේ එතුමන් හෙළ ගීත ක්ෂේත්‍රයට ඉතා කෙටි කලක් තුල කරන ලද අති විශිෂ්ඨ මෙහෙය සිහිපත් කරමින්..
    අද ජූනි 03
    "ඔබෙ දෙතොල් පෙති ලිහුණු" "මිහිරැති වසන්ත කාලේ" දවසක "තනි තරුව"ක් තිබුණු "සඳ කැන් වැටුණු" රාත්‍රිය මතකද ..
    "අපි හැඟුම් වලට ඉඩ" දුන් "ආදර ගඟුල" ගැන "අකුරු සතරකින්" කෙසේනම් කියන්නද ...එහෙත් අවසානේ "සමනල සමනලියන් මැද්දේ"
    "ඈත රන් විමනක" "ඔබ දේදුන්නක්" වුණා .."
    "රටකින් එහා" සිට "සිතින් මා නොසැලී" "මේ නගරයේ" දී "තරු අත් අකුරින්" ලියමි.
    නුඹ
    "හෙට දවසෙත්" "මට වාසනා"
    (අදට යෙදෙන ප්‍රේමකීර්ති ද අල්විස් ගේය පද රචකයාගේ ජන්ම දිනය වෙනුවෙනි )

    10425846_907674299295734_1591290959196079710_n.jpg

    "දයාබර ප්‍රේම්...ඔබට සුබ උපන්දිනයක් වේවා" !!!
    -----------------------------------------------------------
    ප්‍රේම ගීතය තුල රජ කල ප්‍රේම් ගේ වෙනස්ම වූ තේමාවක් රැගත් මේ ගීය මට නම් ඉතා සංවේදී කතා පුවතක්..අතිශය අවධානම් සහිත රැකියාවක් වූ මුතු කැඩීමේ කර්මාන්තයේ යෙදී දැඩි ජීවන අරගලයක යෙදෙන අපේම මිනිසුන් දෙදෙනෙකුගේ දෙබසක් තමයි මේ ගීයෙන් කියවෙන්නේ... (ඔවුන් දෙමස්සිනාල) පණ නල කොයි වේලේ නැසී යයිදෝ සැකයෙන් යුතුව ගැහෙන ඔවුන්ගේ හදවත් සලිත වන රාවයයි ඔහුගේ පෑන් තුඩ අග ගැටි ගැටි මේ අපුරු ගී පද එක්කෝ ඔහුගේ ලේන්සුවක , බස් ටිකට් එකක, සර්වියට් එකක් , බිත්තියක හෝ , මේසයක් පුටුවක් පොතක් කොලයක් නැති තැනක ලියවෙන්නට ඇත්තේ... ඔහුගේ අනිකුත් බෝහෝ ගීත ලියවුනු ආකාරයටම...
    ඕ... මස්සිනේ...
    ඕ... මස්සිනේ...
    ගැඹුරු මුහුදු පතුළෙ ගිළී
    මුතුපර සොයනෙමි කිමිඳී
    ජීවිතයම නුඹේ අතේ
    කඹේ තදින් අල්ලාගන්නේ
    ඕ... මස්සිනේ...
    ඕ... මස්සිනේ...
    ඔරුවේ කොන මුහුදු පතුළ...//
    අඹු දරුවන් නුඹටම බාරයි
    මස්සිනේ...
    මඟ හිඳිනා දිය රකුසන්
    නැගණියගේ සුසුමට බාරයි
    මස්සිනේ....
    නැංගුරමේ බැමි මැදෙනා...//
    හඬ නොඇසෙන් ගැඹුරට මුහුදේ
    මස්සිනේ...
    දිය ගැඹරේ හද ගැහෙනා
    හඬ ඇසියන් දෑතට මාගේ...
    මස්සිනේ...
    පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව සහ සංගීතය: වික්ටර් රත්නායක
    යුග ගායනය: වික්ටර් රත්නායක සහ අබේවර්ධන බාලසූරිය

    https://www.facebook.com/preethi13l...49011255445/10206642752288007/?type=2&theater

    මෙ තියෙන්නෙ එයාගෙ කඩහඩ... :yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: twisted

    waligamaya

    Well-known member
  • සීත පිනිබිදු කදුළු සලනා
    මලානික තරු වැළපෙනා
    පලු මාවත තනිවෙලා.....
    නැගනියේ නුබ කා පතාදෝ.....
    මහා බලා ඉන්නේ

    සොයුරියන් ලොව වෙසෙන නුබවන් සැතපෙනා මේ මැදියමේ//
    නුබට ඒ සුව අහිමි වී ඇත අදුරු මහමග උරුම වී ඇත

    සීත පිනිබිදු කදුළු සලනා
    මලානික තරු වැළපෙනා
    පලු මාවත තනිවෙලා.....
    නැගනියේ නුබ කා පතාදෝ.....
    මහා බලා ඉන්නේ

    සොයුරියන් ඇති අයම නුබ වන් නිසා මහාමග උරුම වූ//
    නුමට හරහන රුදු ලොවක් මිස හදුනා ගන්නා හදවතක් වේද

    සීත පිනිබිදු කදුළු සලනා
    මලානික තරු වැළපෙනා
    පලු මාවත තනිවෙලා.....
    නැගනියේ නුබ කා පතාදෝ.....
    මහා බලා ඉන්නේ

    ගායනය විශාරද ගුණදාස කපුගේ

    "වෙස බඩුව" "වෙසාවී" අත්තෙන්න්ම අපේ සම්මජය තුල ඉතාමත් පහත කොන් කරනු ලැබු ඉත්රින් කාණ්ඩය යක් පිලිබද සමපුර්ණ වූ ඉමතු නොවන මනුශීය සත්ත්‍ය මෙම කෙටි පදවල තුල සම්පුර්ණ වශයෙන් ගැබ් වී ඇතිබව මගේ හැගීමයි. ඇත්තටම මට මෙමෙ අගිඉතය ගැන ලියන්න හිතුඋන ආසන්නම හේතුව තමයි පසුහිය සටන දේශපාලන සංවාදය තුල ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායක සහෝදරයා මතුකිරීමට උත්සහ කල ස්ත්‍රිත්වය පිළිබද ලාංකීය සමාජ කතිකාවත්. මේවගේ දෙයක් ගැන විවුර්ත සත්‍ය කතා කිරීම අද කලේ බොහොම අබියෝගත්මක දෙයක්. මොකද කොතරම් ශ්‍රේෂ්ට නිර්මල ආගමක සෙවන ලැබුවත් එය වසා ගන්නා වික්ටෝරියානු සහ බමුණු සංස්කෘතියේ අදුරු වලා කුළු ලාංකීය සමාජය වසා ගානවා පැතිරී තිබීම එයට හේතුවයි ( හැබැයි නාමික බවුද්දයන් සිතා සිටින්නේ මෙය තමයි බවුද්ද සංස්කෘතිය කියලා).

    ඇත්තෙන්ම ලංකාව තුල අපේ සමාජයේ සහෝදරියක් මවක් හෝ මිතුරියක් මෙම නින්දා අපහස විදින දුක්කිත තත්වයට පත්වෙන්නේ ඇගේ අසීමිත ලිංගික අසහනය නිසා නොව ජිඉවිතය් අන්ත අසරණ මොහොතක ජිවත් වීමට ගන්නා ලද උතසහය නිසි. අපි බොහෝවිට හිතන්නේ ඇය මේ රැකියාව විදිනවා කියලා. මදක් සිතන්නේ ඇයට කොතරම් අසාමාන්‍ය ලිංගික ආශාවන්ගෙන් පෙලෙන්නන් සතුටු කරන්න වෙනවද, ඇය ජිඉවත් වීමට කොතරම් ලොකු අවදානයක් යනවද.
    එකම රටේ සහෝදරියන්, මව්වරු මිතුරුයන් තමන්ගේ පවුලේ හිතවතුන්ගේ ආදරය ආරක්ෂාව මැද රැය පහන් කරන විට එවුන් විදින අයිතිවාසිකම් එහා සමානව විදීමට අයිතිය ඇති එවැනිම පිරිසක් එම රත්ත්‍රීය තුල ජිවත් වීමට කොතාම් අවදානමක් ගනවද. එවැනි තත්වයක සදරනත්වය මොහොතක් ඔබේ හදවතට තට්ටු කරලා බලන්න්.

    (මට මේ කරනවා පිළිබද කතාකරනවිට අපේ ය බොහෝවිට අසන උපසත්මක ප්‍රශ්න කිරීමක් තමයි ඔච අමාරුනම් ගණිකාවක් බද හනින්කෝ කියල. එහෙම අහන යට මට දෙන්න තියන පිළිතුර තමයි මම විවාහ කරහන්නේ ලොකු දේපලක් තියෙන කන්තවක්වත් වෛද්‍යවරියක්වත්, ගුරුවරියක්වත් නිතී වෙදිනියක්වත් etc... නොව මාහට ප්‍රේමනීය හැගීමක් ඇතිවන කාන්තාවකි ඇය ඉහත කවුරුන් හෝ විය හැක)

    ඇත්තෙන්ම මගේ අද්දැකීම තමයි ඔය ගණිකා වුර්තියේ යෙදෙන්නන් 98% ක් පමණ මෙය කරන්නේ ජිවත් වීමට අන් මගක් නැතිනිසා මිස වින්දනයකට නොවේ. බොහොවිට මොවුන්ට ගරහන්නන් මොවුන්ගේ පහස ලබන්නන් ඇත්තෙන්ම කියනවා නම් මිනිහෙක්ගේ ගැනියක්ගේ ජිවිතේ තියෙන්න කකුල් දෙක පල්ලේ කියල හිතන් තමයි.
     
    ඔක හරිම හිත්ට වදින සින්දුවක් බන්. කපුගෙ කටහඩ ඔක තව්ත් තිව්‍ර කරනව:yes: