උදයන්ති

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    වෙලේ සුදාගේ හෙරොයින් මත් කුඩු ගැන පරීක්ෂණ පවත්වන රහස් පොලිසියට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (11) පැවසූයේ චමිලා නිශාන්ති නිල්මිණි කුලතුංගගේ බැංකු ගිණුමේ රුපියල් කෝටියක් ආපසු ගැනීමට වාරණයක් ඇත්දැයි වාර්තාවක් ලබන 19 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.

    වෙලේ සුදා හෙවත් ගම්පොළ විදානගේ සමන්ත කුමාර ටෙලි නාට්‍ය නිළි උදයන්ති කුලතුංගට දුන් බව කියන මුදල් ඇය විසින් ඇගේ සහෝදරියගේ ගිණුමේ තැන්පත් කර ඇතැයිද අධිකරණයේදී සඳහන් විය.

    Udayanthi-Kulathunga-20.jpg


    උදයන්ති කුලතුංගගේ සහෝදරිය චමිලා නිශාන්ති නිල්මිණි කුලතුංග වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කළ ඉල්ලීමක් සලකා බැලූ මහේස්ත්‍රාත් මේ ගැන කරුණු තහවුරු කරන්නැයි රහස් පොලිසියට නොතිසි නිකුත් කළේය.


    http://www.lankadeepa.lk/index.php/top_story/324197