හොල්මං

kaushala1988

Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    හෙන කාලෙකින් තමයි ත්‍රෙඩ් එකක් දාන්නේ. :angry:

    උඹලා අපි කවුරුත් ආසයි නෙ හොල්මන් අවතාර භූත කේස් වලට. ඉතිං කාලයක් තිස්සේ මම අහපු හොල්මන් අවතාර සිද්ධි :shocked::eek::shocked: දෙක තුනක් දාන්න හිතුවා. :eek::yes::shocked:

    ඉඩ තියෙන හැටියට එව්වා එකින් එක දාන්නං :yes:

    මේ මුලින්ම කියන සිද්ධිය වුනේ මීට අවුරුදු කීපෙකට කලින් අපේ අයියගේ හොඳම යාලුවට. පොර ඒ කාලෙ වැඩ කරේ Kobian Technologies කියලා කම්පියුටර් ගෙන්නන කොම්පැනියකට. මේ සිද්ධිය වෙනකොට එයා හිටියෙ නුවර බ්‍රාන්ච් එකේ.

    ඒ කාලේ එයාලට නවතින්න කම්පනියෙන්ම පරණ ගෙයක් සෙට් කරලා දීලා තියෙනවා නුවර බහිරව කන්දෙ. සාගරේ වගේ ගෙදරක්. එතනම වැඩ කරන තව කොල්ලො දෙන්නෙකුත් එක්ක ඔක්කොම තුන් දෙනෙක් තමයි ඉඳල තියෙන්නේ. තුන් දෙනාට හොඳටම විසාල වැඩී ගෙදර. තුන්දෙනාට වෙන වෙනම කාමර තුනක්.

    කොහොමින් කොහොමහරි සුමානයක් හමාරක් යද්දි තුන් දෙනාටම තේරිලා මේ ගෙදරනං මොකක්හරි අප්සෙට් එකක් තියෙනව කියල.
    රෑට මෙයාලා ඇතුලේ ඉන්නකොට ගෙදර කුස්සිය පැත්තෙන් අමුතු අමුතු සද්ද එනවලු.

    ගෑස් ලිප පත්තු වෙන සද්ද, ටැප් ඇරලා වතුර යන සද්ද, දොරවල් ජනෙල් ඇරෙනවා වැහෙනවා වගේ දේවල් තුන් දෙනාටම ඇහෙනවලු.
    ඊට පස්සේ ගෑණු කෙනෙක් ඉකි බිඳින සද්ද, කොඳුරනවා, හීනියට හිනා වෙනවා වගේ සද්ද එහෙම ඇහෙනවලු.
    ඊටපස්සේ තුන් දෙනාම එකට බයෙන් බයෙන් ගිහිං බැලුවහම මුකුත් නෑලු.

    කොහොමහරි මෙයාලට වැඩි දවසක් යන්න කලින් තේරිලා තියෙනවා ගෙදර ඉන්නෙ උන් තුන්දෙනා විතරක් නෙවේ කියල. තනියෙන් ඉන්න වෙලාවට, කාමරේ නිදාගන්න වෙලාවට එහෙම තව කෙනෙක් ඉන්න බව තේරෙනවලු.

    පස්සේ මෙයාලට මේක හෙන වදයක් නිසා කම්පනියට කියලා වෙන තැනක් සෙට් කරන්න කියලා හැබැයි උන් ඒක ගණන් අරගෙන නෑ.

    පස්සේ මේ අයියයි අනිත් දෙන්නයි එයාලගේ කාමර වල ඇඳන් වල තිබ්බ මෙට්ට දෙකක් ගෙනල්ලා සාලේ ලයිට් එක තියෙන තැනම යටින් දාගෙන තුන් දෙනාම ඒකෙ එකට තද වෙලා නිදාගන්නවලු. රෑට සද්දයක් එහෙම ඇහුන ගමන් එක්කෙනෙක් ඇස් වහගෙනම නැගිටලා ලයිට් දාලා තමයි ඇහැ ඇරලා බලන්නේ.

    රෑට එකෙක්ට හරි ටොයිලට් යන්න ඕන වුනහම, වොෂ් දානකොට එහෙම තුන් දෙනාම යනවලු. ගිහිං එකෙක් ඇතුලේ ඉන්දෙද්දී අනිත් දෙන්නා දොර ගාව තනි රකිනවා. ඔහොම තමයි ඉන්න වෙලා තියෙන්නේ මෙයාලට.

    කොහොමහරි පස්සෙ කාලෙක සුමානයක් හමාරක් සිද්දි මොකවත් නැතුව ගිහිං තියෙනවා. හැබැයි ඒත් වැරදිලාවත් මෙයාලගේ ක්‍රමේ නං වෙනස් කරලා නෑ බයට.

    ඔය අතරේ දවසක් අපේ අයියගෙ යාළුවා වැඩ ඉවර වෙලා අනිත් දෙන්නට කලින් බෝඩිමට ඇවිල්ලා. අනිත් එවුන් එන්න තව පැය දෙක තුනක් යන නිසාත්, ටික දවසකින් මුකුත් සීන් වුණෙත් නැති නිසා පොර ඔය එක දවසට අවුලක් වෙන එකක් නෑ කියල හිතලා තනියෙම ගිහිං වොෂ් එකක් දාන්න.

    කෝකටත් මුකුත් සීන් එකක් වෙලා ගැස්සුනොත් කලබලේට දොරවල් ඇරගන්න බැරි වෙන හින්දා ඒ අයියා බාත්රූම් එකේ දොර ලොක් නොකර අඩවන් කරලා වොෂ් එක ගන්න පටන්ගෙන.

    සැරින් සැරේ නාන අතරේ අඩවන් වෙච්ච දොර පැත්තත් එයා බලනවලු. හිතේ ලොකු චකිතයක් තිබ්බට මුකුත් අමුත්තක් දැනිලා නෑ. ඔහොම නනා ඉන්න අතරේ සබන් ගාද්දී එයාට නිකමට වගේ මොකද්දෝ වෙනසක් දැනුනලු. ඒ සැරේනං වැඩේ අවුල් වගේ කියල හිතලා හෙමින් හෙමින් පොර අඩවන් වෙලා තියෙන දොර දිහා බැලුවලු.

    බලද්දි යාන්තමට දොර ඇරිලා තියෙන අඟලක විතර දාරෙ අසසෙන් ගෑණු කෙනෙක්ගේ මූණක් එයා දිහා බලාගෙන ඉන්නවලු ඇහැ ලොකු කරගෙන.

    එකපාරම ඒ අයියගේ ඇඟ හිරි වැටිලා උන් හිටි තැන් අමතක වෙලා බෙරිහන් දීගෙන අනික් පැත්ත බැලුවලු. බලලා හෙමින් හෙමින් ආයෙම දොර පැත්ත බැලුවම කවුරුත් නෑලු.

    ලැබුණු චාන්ස් එකෙන් දනී පනී ගාලා යන්තං තුවායත් පටලවාගෙන නානකාමරෙන් පැනලා දුවගෙන ගිහිල්ලා එළියටත් පැනලා වැලේ තිබ්බ ශෝටක් දාගෙන ඒ අයියා අනිත් එවුන් දෙන්නා වැඩ ඇරිලා එනකං පැය දෙකක් විතර එළියේ ගේට්ටුව ගාවම ඉඳලා.

    පස්සේ තුන් දෙනාම කොම්පැනියෙන් වෙන ගෙයක් හරි ට්‍රාන්සර් එකක් හරි ඉල්ලලා දෙකම නුදුන්න හින්දා ඒ මාසෙම ඉල්ලා අස් වුණා.

    පස්සෙ තමයි එයාල දැනගෙන තියෙන්නෙ ඒ ගෙදර කලින් හිටපු ජෝඩුවක් අතර ආරවුලක් ගිහින් ගෑණි එල්ලිලා මැරිලා. පස්සෙ මේ ගෙදර වෙන කාටවත් ඉන්න දීලා නෑ. බැරි තැන තමයි ගෙදර අයිතිකාරයෝ කුණු කොල්ලෙට මේ අයිය වැඩ කරපු කොම්පැනියට බද්දට දීලා තියෙන්නේ :no:

    ඔන්න ඕකයි පළවෙනි කතාව. :P:yes:

    තව සිද්ධි දෙක තුනක් තියෙනවා. උඹලගේ ප්‍රතිචාර වල හැටියට දාන්නං. :yes::)

    මීටත් සිරා ඇඟේ මයිල් ඉස්මයිල් වෙන සිද්ධි උඹලා දන්නව ඇතිනේ. පුලුවන්නං ඒවත් දාන්න. :yes:;)

    ඉඩක් හම්බුන ගමන් ඊළඟ සීන් ටිකත් එකින් එක දාන්නං. :P:D
    ජය වේවා !!!
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,696
    10,778
    113
    Sherwood වගේ තැනක
    මටත් හරි ආසයි ඔය හොල්මන් කියන ජාතිය එක්ක පොඩ්ඩක් කතා බහ කරලා බලන්න. කොහෙද ... ට්‍රයි කරා ට්‍රයි කරා එකෙක් හොයා ගන්න තාම එකෙක් වත් හම්බුනේ නෑ නේ :(
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,507
    113
    33
    Crynet Solutions
    bit.ly
    Geniyek Bula para dala wage :rofl: Thawa dapan machan patta kathawa machan baye bae :dull: kiyawanawa vitharak nisa hodai hebei :D hebei kiriye thawa thread ekak giya butha kotuwa kiyalath :yes:

    උබටත් වඩා මල හොල්මං ඉන්නවද බන් මේ ලෝකෙ
    නාකි හාල්ෆ් තට්ට බොයිලර් කුකුල
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,696
    10,778
    113
    Sherwood වගේ තැනක

    උබටත් වඩා මල හොල්මං ඉන්නවද බන් මේ ලෝකෙ
    නාකි හාල්ෆ් තට්ට බොයිලර් කුකුල

    මල් කුමාර එච්චරටම නාකිද බන් ? :eek: මම හිතුව ඉගෙන ගන්න රට ගියේ කොල්ලෙක් කියල :baffled::dull:
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    Geniyek Bula para dala wage :rofl: Thawa dapan machan patta kathawa machan baye bae :dull: kiyawanawa vitharak nisa hodai hebei :D hebei kiriye thawa thread ekak giya butha kotuwa kiyalath :yes:

    ඔව් බං මාත් ඒක ෆොලෝ කරා. කාලෙකිං ඒක update වුනේ නැති හින්ද මෙහෙම දැම්මා :D


    උඹට හිනා නේ. :D

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,078
    205
    63
    😁
    දවල්ට කියවන්න බුක්මාර්ක් කරගත්තා.
    තෑන්ක්ස් මචන් !!
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,507
    113
    33
    Crynet Solutions
    bit.ly
    මල් කුමාර එච්චරටම නාකිද බන් ? :eek: මම හිතුව ඉගෙන ගන්න රට ගියේ කොල්ලෙක් කියල :baffled::dull:

    :lol::lol:

    හද්ද නාකියෙක් බන්..
    පුත්තලම් බූරුවො හත් අට දෙනෙක් ගෙ වයස.

    ඔව් බං මාත් ඒක ෆොලෝ කරා. කාලෙකිං ඒක update වුනේ නැති හින්ද මෙහෙම දැම්මා :D
    උඹට හිනා නේ. :D

    :no::no:

    ඇහැට ග්‍රහණය වෙන්නෙ නැති හැම දේම බොරු නෙවේ මචං..
    සමහර කතා නම් ඉතින් හදපුව තමයි..
    එහෙමයි කියල හැමදේම බොරු නෙවේ


    3.gif


    අනිත් ඒව ටිකත් දාපං බලන්න..
    ආතල් එකක් තියනව රෑට තනියෙන් ඉදං කියවද්දිත්
    ඔය උන සෙට් එක උබ අදුරනවද ?
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    :lol::lol:

    හද්ද නාකියෙක් බන්..
    පුත්තලම් බූරුවො හත් අට දෙනෙක් ගෙ වයස.



    :no::no:

    ඇහැට ග්‍රහණය වෙන්නෙ නැති හැම දේම බොරු නෙවේ මචං..
    සමහර කතා නම් ඉතින් හදපුව තමයි..
    එහෙමයි කියල හැමදේම බොරු නෙවේ


    3.gif


    අනිත් ඒව ටිකත් දාපං බලන්න..
    ආතල් එකක් තියනව රෑට තනියෙන් ඉදං කියවද්දිත්
    ඔය උන සෙට් එක උබ අදුරනවද ?

    :D සෙට් එකම අඳුරන්නේ නෑ මචං ඔය බාත්රූම් එකේ සීන් එක වෙච්ච අයිය විතරයි.
    විශ්වාස කිරිල්ල නොකිරිල්ල කොහොම වෙතත් ආතල් එකටනෙ අහන්නෙ. නැද්ද බං :dull: ට්‍රිප් එකක් එහෙම ගියහම තමයි මාර ආතල් ඕව කියද්දි. කැම්පස් කාලෙ අපි බෝඩිමේ ඉන්දැද්දි කොල්ලො හත් අට දෙනාම එක කාමරේකට සෙට් වෙලා ඇඳන් සේරම එකට හේත්තු කරලා ඕකෙ එකට තද වෙලා ලයිට් ඕෆ් කරලා (වෙන අනං මනං නෙවේ හොඳේ :baffled:) එකා එකා හොල්මං සීන් කතා කරනවා. පට්ට බං ඒ කාලෙ :D:yes:

    දවසට එක ගානෙ වගේ ඉතුරු ටිකත් හෙමින් සැරේ දාන්නං.
    :P:D
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     

    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0
    කැම්පස් කාලෙ අපි බෝඩිමේ ඉන්දැද්දි කොල්ලො හත් අට දෙනාම එක කාමරේකට සෙට් වෙලා ඇඳන් සේරම එකට හේත්තු කරලා ඕකෙ එකට තද වෙලා ලයිට් ඕෆ් කරලා

    :shocked: හොල්මන් ඇවිත් පයියවල් අල්ලන්නවද ඒ කාලෙ? :lol:
     
    • Like
    Reactions: kaushala1988

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මේක හොල්මන් ගැන එළකිරියේ ගිය සිරාම ත්‍රෙඩ් එකක්. පොඩ්ඩක් ඔලුව දාගෙන යන්න. සිරා කතා ටිකක් තියනව.:yes:

    එළකිරි භූත කොටුව.........

    තෑන්ක්ස් මචං ඕක හොය හොය තමයි හිටියෙ
    ඉතුරු ටික කෙලින්ම ඕකෙම දාන්න පුළුවන් :)

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡

    උබටත් වඩා මල හොල්මං ඉන්නවද බන් මේ ලෝකෙ
    නාකි හාල්ෆ් තට්ට බොයිලර් කුකුල
    :lol:
    මල් කුමාර එච්චරටම නාකිද බන් ? :eek: මම හිතුව ඉගෙන ගන්න රට ගියේ කොල්ලෙක් කියල :baffled::dull:
    mama aruta wada 2year wedi mal una kiyala mata kiyana katha :lol: pinthura deka lagin thiyala beluwoth kiyai aru 1900 bara ganan wala ekek kiyala :lol:
    :lol::lol:

    හද්ද නාකියෙක් බන්..
    පුත්තලම් බූරුවො හත් අට දෙනෙක් ගෙ වයස.
    :lol:
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    තෑන්ක්ස් මචං ඕක හොය හොය තමයි හිටියෙ
    ඉතුරු ටික කෙලින්ම ඕකෙම දාන්න පුළුවන් :)

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/

    ඒක දැන් පොඩ්ඩක් යට ගිය thread එකක්. අනික ඒක දැන් දිග වැඩියි. මම හිතන්නෙ ඔයාගෙ කතා ටික මේ ත්‍රෙඩ් එකේ දාල, අර ත්‍රෙඩ් එකේ මේකෙ link එක දාන්න. නැත්නම් හුඟ දෙනෙක්ට ඔයාගෙ කතා ටික මග හැරෙයි.
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හොල්මන් කතාවල ඕඩියෝ නැද්ද බං රෑට අහන්න පට්ට ආසයි