නමෝ බුද්ධාය...

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙයට සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර මනුලොව පහළවූ දීපංකරනම් බුදුරජාණන්වහන්සේගේ හමුවේදී ලබාගත් නියත විවරණයෙන් ඒකාන්තයෙන් “මමද මතු කලෙක ලොව්තුරා බුදුබව ලබා අනන්ත සත්වයන් සසර දුකින් මුදවන්නෙමියි තිර සර අදිටනින් සූවිසි විවරණ ලබා දානාදී සමතිස් පෙරුම්දම් පුරා දඹදිව ගයා ප්‍රදේශයේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස වැඩසිට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කොට ලොව්තුරා බුද්ධත්වයට පත්වී වදාළ සේක.
008.JPG
සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝ දපනං
එතං බුද්ධානුසාසනං

සියලු පව්නොකරන්න – කුසල් කරන්න
සිත දමනය කර ගන්න – ඒ බුදුවරුන්ගේ අනුශාසනයයි.


z_p02-guna.jpg

බුද්ධං සරණං ගච්ඡාමි!
ධම්මං සරණං ගච්ඡාමි!
සංඝං සරණං ගච්ඡාමි!

මෙය හුදෙක් ධර්ම දානය උදෙසා හැකි පමණින් පවත්වා ගෙන යාමට මා උත්සහ දරන්නෙමි..එමෙන්ම ඔබ සියල්ලන්ටම මෙම ධර්ම දනයට දායක විය හැකියි…
ඔබට බුදු සරණයි..
 
Last edited:

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
බුදු දහම

බුදු දහම යනු විශ්ව දහමකි. එය කිසිම ආගමකට හෝ ජාතියකට හෝ පමණක් අයත් නොවන මුළු විශ්වයටම පොදුවූ ධර්මයකි. අප ජීවත් වන මේ මහා භද්‍ර කල්පයේදී මෙම විශ්ව සත්‍යය සතර වන වරට විශ්වයට හෙළි කල බුදුරජාණන් වහන්සේ අප ගෞතම බුදුරජාණන් වහන්සේය. (සියළුම බුදුවරුන් දේශනා කරන්නේ එකම ධර්මය (බුදුදහම) වන අතර එක් බුදුවරයෙකු පහළ වූ කාලය හා තවත් බුදුවරයෙකු පහළ වන කාලය අතර කාල පරතරය අවුරුදු වලින් මැනිය නොහැකි තරම් දීර්ඝය)

ලෝකයේ පවතින අන් ප්‍රධාන ආගම් දෙස බැලූවිට බහුතරයක් ආගම් ගොඩනැගී ඇත්තේ යම් "සර්වබලධාරී"යැයි කියා ගන්නා දෙවියෙකු හා ඔහුගේ පුරාජේරු මතය. මෙම මැවුම්වාදී ආගම් වල පොදු ලක්ෂණය වන්නේ ඒවායේ දේව භාෂිතයන් තමාගේම ශ්‍රේෂ්ඨත්වය වර නඟන, තමා මහා විශ්ව ශක්තිය බවත්, තමාට යටත් වෙන ලෙසත්, එසේ යටත් වූවන්ට මෝක්ෂය ලැබෙන බවත්, නො එසේ නම් සදාකාළික අන්ධකාරයකින් ආත්මය වෙලා ගනු ඇති බවත් දන්වන ලඳ බොලඳ දේව පණිවිඩ වලින් යුක්ත වීමය.

"දෙවියන් සර්ව සම්පූර්ණය, සර්වබලධාරීය, දෙවියන්ගේ නිර්මාණ සර්ව සම්පූර්ණය, අති ශ්‍රේෂ්ඨය, අප ඉතා කුඩාය, දෙවියන්ට යටත් වී වහලුන්සේ සිටිනවා හැර අපට කළ හැකි කිසිවක් නෝවේ" ආදී කරුණු වලින් මෙම ආගම් සමන්විත වන අතර එමගින් මිනිසාගේ බුද්ධිය ගල් යුගයට රැගෙන යනවා මිස නිදහස් චින්තනයකට කිසිසේත්ම මෙම ආගම් වලින් රුකුලක් නොලැබේ. මධ්‍ය කාලීන යුරෝපයේ පල්ලි විසින් සිය ගණනක් චින්තකයන්, දාර්ශණිකයන්, විද්‍යාඥයන් මරා දැම්මේද, අදටත් ඉස්ලාම් මැද පෙරදිග කලා කරුවන්, ක්‍රීඩකයන්, චින්තකයන්, ලේඛකයන් මරා දමන්නේද "දෙවියන් යදිමින් සිටීම" හැර වෙනත් කිසිවක් ප්‍රගුණ නොකළ යුතු බවට ඔවුන්ගේ ආගමික පඬිවරුන් ඔවුන්ට දේශනා කර ඇති බැවිනි. එම ආගම්වල කිසිඳු කරුණක් බුද්ධියෙන් විමසා පිළිගැනීමට කිසිඳු අවස්ථාවකදී එම ආගමික ශාස්තෘවරුන් දේශනා කර නොමැති අතර එම ආගම්වල ජනයා රඳවා තබා ඇත්තේ කුඩා කල සිටම එම ආගම කෙරෙහි ඇතිකල බිය බැතිය හෙවත් අන්ද භක්තියම පමණකි. එසේ අන්ද භක්තිකයන් වූ පසු තව දුරටත් ඔවුන්ට තම ආගමේ රාමුව තුල හැර ඉන් බාහිර කිසිවක් ගැන බුද්ධියෙන් සිතා බලා තේරුම් ගැනීමට ඇති චින්තන ශක්තිය පවා හීනවීම නොවැලැක්විය හැකි ඛේදවාචිකයකි.

බුදු දහම අහම්බෙන් පහළ වූ දෙවියෙකු හෝ බාහිර බලවේගයක් විසින් මෙහෙයවනු ලැබූ ශාස්තෘ වරයෙකු දේශනා කරන ලද්දක් නොවේ. එය බුද්ධත්වය නම්වූ විශ්වයේ ඇති උත්තම පදවිය උදෙසා කල්ප ගණනාවක් ආත්ම ගණනාවක් තිස්සේ බෝසත්වරයෙකු ලෙස මහත් දුකසේ රැස්කරගත් දැනුම හා අත්දැකීම් සම්භාරයක සාධාරණ ප්‍රතිඵලයකි.
සාම්ප්‍රදායික ආගම් මිනිසා සහ පරිසරය හා බැඳුනු සියලු දේ යම් සචේතනික දෙවියකු සමඟ බද්ද කර විග්‍රහ කිරීමට වෙර දැරීමේදී බුදු දහම ඒ සාම්ප්‍රදායික මිත්‍යා මත දුරු කරමින් ඒ සියල්ල නූතන විද්‍යාවට සමාන්තර ව හා ඉන් ඔබ්බට දිවෙන පරිදි මේ සියල්ල අචේතනික බලවේගයන් ගේ ප්‍රතික්‍රියා මත පූර්වයෙහි පැවති “හේතුවක” ඵලයක් නිසා හට ගැන්ම, නැසීම, යළි හට ගැන්ම හා මේ අන්තරය ආදී වශයෙන් විශ්ව ක්‍රියාකාරීත්වයෙහි “චක්‍ර” ස්වරූපය ගෙන හැර දැක්වීම නිසා, එම ධර්මය භෞතික ගෝචරත්වය අතින් සෙසු ආගම් ගව් ගණනකින් අබිබවා සිටින්නේය.

යල් පැනගිය මැවුම්වාදී දේව සංකල්පය බුදු දහම මගින් සම්පූර්ණයෙන්ම බැහැර කරනුයේ "දෙවියන්" යන වචනය අප පෘථිවි තලය ඇසුරු කර ගනිමින් හා පෘථිවි තලයෙන් ඔබ්බට ඇති සූක්ශම තල වල ජීවත්වන අපට වඩා කුසල් ශක්තියෙන් ඉදිරියෙන් සිටින අපේ පියව් ඇසට නොපෙනෙන තන්මාත්‍ර, අර්ධ තන්මාත්‍ර ආදී සූක්ශම ශරීර දරන ජීවීන් කොට්ඨාශයක් හැඳින්වීමට යොදා ගනිමිනි. එමෙන්ම අපගේ මනුෂ්‍ය ලොවේදී යහපත් හා අයහපත් මිනිසුන් සිටින්නාක් මෙන් මෙම දෙවියන් අතරද ඔවුන්ගේ දෘෂ්ඨි අනූව සම්‍යක් දෘෂ්ඨික හා මිත්‍යා දෘෂ්ඨික දෙවියන් සිටිම හා එම දෙවිවරුන්ගේ දෘෂ්ඨි වලින් මනුෂ්‍ය ලෝකයට සිදුවන බලපෑම් ආදියද බුදු දහමේ මනාව විස්තර කර ඇති බැවින් සාම්ප්‍රදායික ආගම් බිහිවීට හේතුවද බුදු දහම නම් වූ විශ්ව ධර්මය තුලින් පැහැදිලි කළ හැක.
අනෙකුත් ආගම් සමඟ සැසඳීමට නොහැකි තරම් හා එම ආගම් අහලකටවත් ලඟාවිය නොහැකි තරම් වූ දහම් කරුනු සම්භාරයකින් බුදු දහම සමන්විත වන්නේ එය දේව නිර්මාණයක් හෝ මනුෂ්‍ය නිර්මාණයක් නොවන බැවිනි. පංචමහා වාදය (පානදුරාවාදය) ආදී ලෝ සුපතල වාද තුලින් මතවාදීව බුදු දහම ජය ලැබීම හා එහිදී දේවවාදී ආගම් අන්ත පරාජයකට පත්වීම මෙයට කදිම නිදසුනකි. යමක් බුද්ධියෙන් විමසා බලා අවබෝධ කර ගැනීමේ පූර්ණ නිදහස බුදු දහම ලබා දී ඇත්තේ අනෙකුත් ආගම්වල මෙන් අන්ධ භක්තිකයන් හට බුදු දහමේ ඉඩක් නොමැති බැවිනි.

මෙතරම් විශාල ධර්මස්කන්දයක් සහිත බුදු දහම බාහිරින් බලා විවේචනය කරන්නෝ ඕනෑ තරම් සිටිති. ඔවුන්ගේ එම විවේචන දුටුවිට බුදු දහම පිළිබඳ සාමාන්‍ය දැනීමක් ඇති අයෙකුට පවා එම විවේචකයන්ගේ බුද්ධි මට්ටම තේරුම් ගැනීමට අපහසු නොවනු ඇත. එසේ විවේචනය කරන්න්නෝ අතපත ගා බලා අලියා කුල්ලක් සේය, අලියා වංගෙඩියක් සේය, අලියා මෝල් ගහක් සේය ආදී ලෙස පැවසූ අන්ධයන්ගෙන් වෙනස් නොවෙති.
මෙම විශ්ව සත්‍යය මෙලොවෙන් හා විශ්වයෙන් අතුගා දැමීමට වෙර දරන මාර පාර්ශවයන් හා මිත්‍යා දෘෂ්ඨික දේව පාර්ශවයන් පිළිබඳ හෙලිදරව් කිරීම, එම මාර බලවේග වල විවිධ වූ ස්වරූපයන් පිළිබඳ ඔබව දැනුවත් කිරීම හා එම බලවේග වලින් මිදීමට ඔබට මග පෙන්වීම අපගේ අරමුණයි.
 
Last edited:

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
ත්‍රිශික්ෂාව හික්මීමේ පිළිවෙළයි


ඉගෙනීමත්, හික්මීමත් යන කරුණු දෙක බුදුදහමේදී දෙකක් නොව එකකි. ඉගෙනීම හෙවත් හික්මීමේ මඟ ශික්ෂණ මාර්ග යනුවෙන්ද හැඳින්වේ. මෙසේ හඳුන්වන ශික්ෂණ මාර්ගය ශීල, සමාධි, ප්‍රඥා යනුවෙන් පියවර තුනකි. එම පියවර තුන ත්‍රිශික්ෂා යනුවෙන් හඳුන්වනු ලැබෙන අතර හික්මෙන්නා වූ පුද්ගලයා ත්‍රිශික්ෂාව පිළිවෙළින් සම්පූර්ණ කළ යුතුය.
ශීලය යන්නෙහි අදහස නම් සංවරයයි. සංවර බවත් දෙකොටසකි. එනම් පළමුවැන්න කාය සංවරය සහ දෙවැන්න වාචසික සංවරය වශයෙනි.මෙම දෙකොටස ශීල ශික්ෂාව සම්පූර්ණයට අත්‍යවශ්‍යම ක්‍රමවේද දෙකයි.
සමාජයේ ඇතැම් පුද්ගලයෝ දරුණු මිනී මැරුම්, මහා පරිමාණ මංකොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ හා ළමා අපචාර සිදු කරති. අයුතු ලෙස කම් සැප විඳීම සහ විවිධ වර්ගයේ මත්පැන් , මත්ද්‍රව්‍ය භාවිතා කර සුරාමතින් විවිධ අපරාධ සිදු කිරීම පිළිබඳ ජනමාධ්‍ය හා පුවත්පත් මඟින් අපට දැනගන්නට ලැබෙයි. මෙවැනි ක්‍රියා කාය සංවරය හෙවත් කය සංවර කර ගැනීම අතිශයින් වියවුල් කරන මහා අකුසල කර්මයයි. මෙවැනි දෑ සිදු කිරීම තුළින් ශීල ශික්ෂාව සම්පූර්ණ කිරීමේ මඟ වැසී යනු ඇත. පංච ශීල ප්‍රතිපදාවට අනුව, ප්‍රාණ ඝාතයෙන්, අදත්තාදානයෙන්, කාමමිථ්‍යාචාරයෙන් හා සුරාපානයෙන් වැළකී සිල් ආරක්ෂා කර ගැනීම තුළින්ම කාය සංවරය ඇති කර ගත හැකිය.
එමෙන්ම වාචසික සංවරය ද ශීල ශික්ෂාව සම්පූර්ණය සඳහා අත්‍යවශ්‍ය සාධකයකි. වාචසික සංවරය යනුවෙන් ප්‍රකාශ කිරීමත් සමඟ ඔබේ සිතට දැනෙන්නේ වචනයේ සංවරය යන සරල අදහසයි. වාචසික සංවරය යනු නිවැරැදි වචන හැසිරවීමයි. විවිධාකාරයේ බොරු ප්‍රකාශ කිරීම, සමාජයේ පුද්ගලයන් භේද කිරීමේ අදහසෙන් වචන ප්‍රකාශ කිරීම, අපි‍්‍රය වචන හෙවත් අසන්නට අකැමැති පරුෂ වචන පැවසීම. කිසිම හරයක් සහ පරමාර්ථයක් නොමැතිව හිස්වචන ප්‍රකාශ කිරීම තුළින් වාචසික සංවරය බිඳ වැටේ. මුසාවාදා, පිසුනාවාචා, සම්ප්‍රඵලාපා, පරුෂා වාචා ආදියෙන් වැළැකීමේ සික පද නිසි ලෙස ආරක්ෂා කිරීම තුළින්ම වාචසික සංවරය ඇති කරගත හැකි වේ. මෙසේ පංච ශීලය නිසි ආකාරයට ආරක්ෂා කිරීමෙන් ත්‍රිශික්ෂාවේ පළමුවැනි පියවර හෙවත් ශීල ශික්ෂාව සම්පූර්ණ කරගැනීමට සමත්කම ලැබේ.
සමාධිය යනු හික්මීමේ දෙවැනි පියවරයි.මෙය වටහා ගැනීම සඳහා සිතේ ස්වභාවය තේරුම් ගත යුතුය.
අතිශයින් කෙලෙස් බරින් ලෝකයක ජීවත්වන පෘථග්ජන පුද්ගලයාගේ ඇස, කන, නාසය, දිව, ශරීරය යන පංච ඉන්ද්‍රියන්ට නිතර රූප ශබ්ද, ගන්ධ,රස, ස්පර්ශ යන පංචකාම වස්තූන් අරමුණ වෙයි. මෙසේ සිදු වූ විට චංචල සිතකින් යුතු පුද්ගලයා ඉතාමත් පහසුවෙන් වැරැදි ක්‍රියාවලට පෙළඹෙයි. සමාධිය යනු මෙය නොවේ. චංචලවීමට සිතට ඉඩ නොදී එක අරමුණක සිත පිහිටා ගෙන සිටීම සමාධියයි. අනාපානසති මෙත්තානුස්සති සහ බුද්ධානුස්සති ආදි භාවනා සිදු කිරීම තුළින් සිත් සමාධිගතකර ගත හැකිය. මෙසේ සිත සමාධිගත කිරීමෙන්, එනම් තැන්පත් කර ගැනීමෙන් සමාධි ශික්ෂාව සම්පූර්ණ කර ගත හැකි වනු ඇත.
‘ප්‍රඥානරානං රතනං ප්‍රඥාව මිනිසුන්ගේ මැණිකයි. ප්‍රඥාව යනු ත්‍රිශික්ෂාවේ අවසන් ශික්ෂාවයි.ඇත්ත ඇති සැටියෙන් දැකීම ප්‍රඥාවයි. බොහෝ දෙනා තම තමන්ගේ සුඛ විහරණය උදෙසා බොරුවද ඇත්ත කර ගනිති. එය ප්‍රඥාවට අතිශයින් පටහැනිය.ඇත්ත ඇති සැටියෙන් දැකීමේදී සියලු සංස්කාරයන්ට පොදු ලක්ෂණ තුනක් අවබෝධ කර ගනී. අනිත්‍ය , දුක්ඛ, අනාත්ම යනාදි වශයෙන් ද ත්‍රිලක්ෂණ වශයෙන්ද හදුන්වන්නේ එම කරුණූ තුනයි. ලෝකයේ පවත්නා සජීවි, අජීවි සියලු සංස්කාර ධර්ම ඇති වූ අවස්ථාවේ පටන් මොහොතක් පාසාම ටිකින් ටික වෙනස්වේ. ස්ථිරව පවත්නා කිසිම පීවියෙකු හෝ වස්තුවක් නොමැති බව හෙවත් අනිත්‍ය තාව තේරුම් ගැනීම ප්‍රඥාව දියුණු කරගැනීමේ පළමු වැනි පියවරයි.
දෙවැනි පියවර ‘දුක්ඛ ලක්‍ෂණය තේරුම් ගැනීමයි. උදාහරණයක් මෙසේ දැක්විය හැකිය. ඔබේ ගෙමිදුල උදෑසන රටා යොදමින් හොඳින් පිරිසුදු කළත් එම අවස්ථාවේ පටන් නැවත පිරිසුදු කරන තෙක්ම ටිකින් ටික අපිරිසුදු වේ. අප ජීවිතයද එසේමය. වෙනස්වීමටත් ඒ ඔස්සේ දුකටත් භාජනය වේ. මෙසේ වෙනසට පත්වන සෑමදේම දුකක් බව නුවණැත්තා වටහා ගනියි.
මෙසේ වෙනස්වෙමින් පවත්නේ වුවද සත්වයන්, පුද්ගලයන් හා සම්බන්ධව දිගින් දිගටම පවත්නා ආත්මයක් ඇතැයි සමහරුන් වරදවා තේරුම්ගෙන ඇත. එහෙත් සත්වයකු පුද්ගලයකු හෝ ආත්මයක් නොමැති බව බුදුරජාණන් වහනසේ සිය සර්වඥතා ඥානයෙන් අවබෝධ කරගෙන ලෝක සත්වයාට පෙන්වා දුන් සේක. මේ අනාත්ම ලක්‍ෂණය නුවණින් දැකිය හැකිසේ සිය ප්‍රඥාව දියුණු කිරීම ලෝකෝත්තර මගඵල අපේක්‍ෂා කරන තැනැත්තා විසින් සිදුකරනු ලැබේ.මෙසේ සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණයට යටත් බව තේරුම් ගැනීම මඟින් බලාපොරොත්තු වන ප්‍රඥාව සම්පූර්ණ කර ගත හැකිය.
හික්මීමේ මාර්ගය යනු පිළිවෙළින් ත්‍රිශික්ෂාව සම්පූර්ණ කිරීමයි. ශීල ශික්ෂාව අසම්පූර්ණ තැනැත්තකුට සමාධි ශික්ෂාව සම්පූර්ණ කළ නොහැකිය. සමාධිය අසම්පූර්ණ නම් ප්‍රඥාව පරිපූර්ණ කර ගත හැකි නොවේ. එබැවින් ශීල, සමාධි, ප්‍රඥා යන ආකාරයට පිළිවෙළින් ත්‍රිශික්ෂා සම්පූර්ණ කිරීම නිවන් අවබෝධයට අත්‍යවශ්‍ය සාධකයකි.
 
Last edited:

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
සීලය

සීලය නම් කිම? කවර අර්ථයකින් ‘සීල’ යැයි කියනු ලැබෙත් ද? සීලයාගේ ලක්ෂණ, රස, පච්චුපට්ඨාන, පදට්ඨාන කවරහු ද? සීලයෙහි ආනිසංස කිම? සීලය කී වැදෑරුම් ද? සීලය කිලිටිවන්නේ කෙසේ ද? සීලය පිරිසිඳු වන්නේ කෙසේ ද? යනාදිය පිළිබඳ ක‍්‍රමයෙන් විසඳනු ලබන අගනා ධර්ම ශාස්ත්‍රීය විග‍්‍රහයක් මෙහි පැනෙයි.
පටිසම්භිදායෙහි ‘කිං සීලං ති’ “චේතනා සීලං, චේතසික සීලං, සංවරෝ සීලං, අවීතික්ක මො සීලං” යි ප‍්‍රාණඝාතාදියෙන් වැළකෙන්නහුගේ හෝ වත්පිළිවෙත් පුරන්නහුගේ හෝ චේතනා, චෛතසික, සංවර, අව්‍යතික‍්‍රිම යන මේවා සීලය යි දක්වා තිබේ.
ප‍්‍රාණඝාතාදියෙන් වැළකෙන්නහුගේ හෝ වත්පිළිවෙත් පුරන්නහුගේ හෝ ඒ වේලායෙහි සිත්හි යෙදෙන චෛතසිකයන් අතුරෙන් චේතනා චෛතසිකය සීල නම් වෙයි. තව ද, ප‍්‍රාණඝාතාදිය හැර පියන්නකුගේ පාණාතිපාත, අදින්නාදාන, කාමමිථ්‍යාචාර, මුසාවාද, පිසුණාවාච, ඵරුසාවාච, සම්ඵප්පලාප යන මේ සප්ත කර්මපථ චේතනාවෝ ද සීල නම් වෙයි. මේ චේතනා සීල නමි. ප‍්‍රාණඝාතාදියෙන් වැළකෙන්නහුගේ ඒ වේලායෙහි සිත්හි යෙදෙන සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන විරති චෛතසිකත‍්‍රය ද, අනභිධ්‍යා, අව්‍යාපාද, සම්මාදිට්ඨි යන ධර්මයෝ ද චෛතසික සීල නම් වෙත්. පාතිමොක්ඛසංවරය, සතිසංවරය, ඤාණසංවරය, ඛන්තිසංවරය, වීරියසංවරය යි පංචවිධ සංවරයෝ ද, පාපභීරුක කුුලපුත‍්‍රයන්ගේ සම්පත්ත විරතිය ද යන මේ සියල්ල සංවර ශීලයෙහි ගිණිය හෙයි. තව ද, මෙහි ඤාණ සංවරයෙහි ලා ප‍්‍රත්‍යසන්නීශ‍්‍රීතය ද, වීරිය සංවරයෙහි ලා ආජීව පාරිශුද්ධිය ද ඇතුළති.
සීලයෙහි අර්ථ විමසන ඇතැම්හු ශිරස් අර්ථයෙන් ද, ශීතලාර්ථයෙන් ද යනාදියෙන් සීලය ප‍්‍රපඤ්ච කෙරෙත්. කෙසේ වෙතත්, සීලන අර්ථයෙන් සීල යැයි කියයි. කුසල කායකර්මාදීනට විසිර යන්නට ඉඩ නො දීම හෙවත්, සමාධානය හෝ කුසල ධර්මයන් ප‍්‍රතිෂ්ඨා වශයෙන් ධැරීම යන උපධාරණය, සීලන නම් වෙත්. සීලයෙහි සමාධානාර්ථය ඇති හෙයින් සීලවන්තයා විපිළිසර නො වෙයි. උපධාරණාර්ථය හැති හෙයින් ධ්‍යාන මාර්ගඵල සංඛ්‍යාත බීජයන් වැපිරීමට සීලය භූමිය වෙයි. මේ සීලනය ම සීලයාගේ ලක්ෂණය වෙයි.
කෘත්‍ය රස ය, සම්පත්ති රස ය යි සීලය රස වශයෙන් ද්විවිධ ය. මෙහි දුශ්ශීලත්වය විනාශ කිරීම කෘත්‍ය රසය යි. නිරවද්‍ය ගුණයෝ සම්පත්ති රසය යි. දුශ්ශීලත්වය වනසනු ලබන බැවින් ද, ධ්‍යානාදී ගුණ උපදවනු ලබන බැවින් ද කෘත්‍ය හා සම්පත්ති යැයි සීල රසය හඳුනා ගැනේ. සිත – කය – වචන යන ත‍්‍රිවිධද්වාරයාගේ සොචෙය්‍යභාවය (=සුවිභාවය) හෙවත් පරිශුද්ධභාවය, එනම් පිරිසිඳු බව සීලයාගේ පච්චුපට්ඨානය නම් වෙයි. දේවධර්මය වූ හිරි – ඔතප් දෙක පදට්ඨානභාවයෙහි ලා ගැනෙයි. හිරි – ඔතප් ඇති කල්හි ම සීලය උපදනේත්, පවත්නේත් වෙයි. මේ ලෝකපාලක ධර්මයෝ නො මැති කල්හි සීලය කෙසේවත් නූපදනේ යි; නො පවත්නේ යි.
අවිප්පටිසාරාදී නොයෙක් ගුණ ලැබීම සීලයාගේ ආනිසංස වශයෙන් දක්වා තිබේ. මහත් වූ භෝගස්කන්‍ධ ලැබීම ය (මහන්නං භොගක්ඛන්‍ධා අධිගච්ඡති), කල්‍යාණ කීර්තිශබ්ද නැගීම ය (කල්‍යාණො කිත්ති සද්දො අබ්භුග්ගච්ඡති), ක්‍ෂත‍්‍රියාදී පිරිස් කරා විශාරද වැ එළැඹීම ය (ඛත්තිය පරිසං….විසාරදො උපසඞ්කමති අමංකුභුතො), අසම්මූඪ ව කාලක‍්‍රියා කිරීම ය (අසම්මූළෙහා කාලං කරොති), මරණින් මතු දෙව් ලෝ ඉපැදීම (කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උප්පජ්ජති) යන මේ ආනිසංස පඤ්චකයෝ ද සිල්වත්හුගේ සීලසම්පත්තියෙහි වේ.
මජ්ඣිම නිකායේ ආකංඛෙය්‍ය සූත‍්‍රයෙහි “ආකංඛෙය්‍ය චෙ භික්ඛවෙ භික්ඛු සබ‍්‍රහ්මචාරීනා පියොචස්සං මනාපො ගරු භාවනීයො සීලෙසේවවස්ස පරිපූරකාරී….” සෙයින් සබ‍්‍රහ්මසරුන්ට ප‍්‍රියත්, මනාපත්, ගරු සම්භාවනීයත් වෙත්මැ යි…. සිව්පසය සපුරා ලබන්නෙක් වෙත් මැ යි…. අරති රති මැඬලත් මැ යි… රූපඅරූපධ්‍යානාදියෙන් වසත් මැ යි… නානාඍද්ධි ඇත් මැ යි…. දිබ්බචක්ඛුදිබ්බසෝතාදී ඤාණයෝ ලබත් මැ යි… ආසවක්ඛය සහිත චෙතොවිමුත්තියත්, පඤ්ඤාවිමුත්තියත් මෙලොව දී ම ලබත් මැ යි ආදී වශයෙනු ද සීලයාගේ අනේක ආනිසංසයෝ දක්වන ලදහ.
සීල පාරමිතාව පුරන බෝසත්හු බාහිර වස්තු සියල්ල නැති ව ගිය ද, සීලය නො කඩ කොට සීල පාරමිතාව සම්පූර්ණ කරති. ශරීරයේ අඟපසඟ සිඳ දමද්දීත්, සීල උපපාරමිතාව ඒ උතුමෝ සපුරති. ජීවිතය ගිලිහී යද්දීත් සීලය ම රකිමින් සීල පරමත්ථ පාරමිතාව සපුරති. තමන් මැරීමට ගෙන ගිය සොරුන් නසාලීමේ බලය හා ශක්තිය තිබිය දී සංඛපාර නා රජ තෙමේ සමාදන් වූ සීලය නො බිඳ රක්ෂා කළ ආකාරය සංඛපාල ජාතකයෙන් විශද වේ. සාධුසීල, සීලවනාගරාජ, සීලානිසංස, සීලවීමංසාදී ජාතකයන්හි ද සීලයාගේ උත්කෘෂ්ටභාවය මැනැවින් විස්තර කෙරෙත්.
දෙවැදෑරුම්, තෙවැදෑරුම් වශයෙන් සීලයාගේ ප‍්‍රභේද විශුද්ධි මාර්ගය විස්තර කරයි. යටකී සීලන ලක්ෂණයෙන් යුතු ව සීලය එක්වැදෑරුම් වේ. ද්විවිධ සීලයාගේ ප‍්‍රභේද සප්තකයකි. මේ මේ දෙය කළ යුතු යැයි යම් විනය නියමයෙක් පනවන ලද්දේ වී නම් එකී චාරිත‍්‍ර සීලය ද, මේ මේ දෙය නො කළ යුතු යැයි යම් විනය නියමයෙක් පනවන ලද්දේ වී නම් එකී වාරිත‍්‍ර සීලය ද සීල ප‍්‍රභේදයෙහි ප‍්‍රථම ද්විකයෙහි ලා ගැනෙයි.
ආජීවට්ඨමක සීලය හැර උතුම් හැසිරීම පිණිස හේතු වන්නා වූ සෙසු සියලූ සීලයෝ ආභිසමාචාරික සීල යැ යි ද, මාර්ග බ්‍රහ්මචර්යාවට ආදියෙහි වූ ආජීවට්ඨමක සීලය ඇතුළත් ආදිබ‍්‍රහ්මචරික සීලය යැයි ද සීල ප‍්‍රභේදයාගේ ද්වීතීය ද්විකය විස්තර වෙයි.
විරති හා අවිරති සීලයෝ තෘතීය ද්විකයෙහි වෙත්. ප‍්‍රාණඝාතාදියෙන් වැළකීමේ දී එම කුසල චිත්තවීථියෙහි උපදනා සම්මාවාචා, සම්මාකම්මන්ත, සම්මාආජීව යන විරති චෛතසිකත‍්‍රය විරති සීලය යි. එම කුසල චිත්ත වීථියෙහි ම පහළ වන සෙසු චේතනාදී සියලූ චේතසිකයෝ අවිරති සීලය යි.
චතුර්ථ ද්විකයෙහි නිස්සීත සීලය හා අනිස්සිත සීලය යැයි තවදුරටත් සීලයෙහි දෙවැදෑරුම් ප‍්‍රභේදයක් වේ. මෙහි නිස්සීත සීලය, භව සම්පත් ප‍්‍රාර්ථනා කිරීම සඳහා වූ තණ්හා නිස්සය හා සීලයෙන් ම සුද්ධය වන්නේ යි දෘෂ්ටි වශයෙන් ගන්නා දිට්ඨි නිස්සය යැයි දෙවැදෑරුම් කොට දැක්වේ. මේ තණ්හා, දිට්ඨි නිස්සයෙන් වෙන්ව පුරනා යම් ලෞකික ලෝකෝත්තර සීලයෙක් වේ ද එය අනිස්සිත සීල නම් වෙයි.
කාලපරියන්ත සීලය හා ආපාණකෝටික සීලය වශයෙනුදු සීලයෙහි පඤ්චම ද්විකයක් දැක්වෙයි. අෂ්ටාඞ්ග සීලයේ දී මෙන් කාලපරිච්ඡේදය නියම කොට ගෙන සමාදන් ව රක්නා සීලය කාලපරියන්ත සීලය යි. පඤ්චසීලය මෙන් දිව්හිම් කොට රක්නා සීලය ආපාණකෝටික සීලය යි.
ෂෂ්ඨ ද්විකය වශයෙන් සප්පරියන්ත සීලය හා අපරියන්ත සීලය පෙන්වා දිය හැකි යි. ලාභ – කීර්ති -ඤාති – අඞ්ග – ජීවිත යන මෙයින් එකක් හෝ කීපයක් ලබන්නෙමි’යි අපේක්ෂා ඇති ව රක්නා සීලය සප්පරියන්ත සීලය යි. එවැනි ලාභාපේක්ෂා කිසිවකින් තොර ව රක්නා සීලය අපරියන්ත සීලය යි. අපේක්ෂාවෝ මුදුන්පත් වූ කල්හි සිල් බිඳගනු ලබන බැවින් සප්පරියන්ත සීලය කිසි විටෙකත් නිවන් පිණිස නො පවතී’; ලාභාපේක්ෂා නො මැති බැවින් ලාභ ලද ද සීලවන්තයා ස්වකීය සීලය කිළිටි කර නො ගනී. එහෙයින්, මේ කියන ලද ෂෂ්ඨ ද්විකයෙන් අපරියන්ත සීලය ම නිවන් පිණිස පවතී.
ලෞකික සීලය හා ලෝකෝත්තර සීලය යැයි ද සීලය ද්විප‍්‍රකාර වෙයි. භවසම්පත් එළවන, භවනිස්සරණයට ද ප‍්‍රත්‍යය වන ආශ‍්‍රව සහිත වූ පෘථග්ජනයන්ගේ සියලූ සීල ලෞකික ය. භවනිස්සරණය එළවන, ප‍්‍රත්‍යවේක්‍ෂණ ඥානයට ද භූමි වන ආශ‍්‍රව රහිත වූ සෝවන් ආදි ආර්යයන්ගේ සීල ලෝකෝත්තර ය. මේ සීලයාගේ ද්වි ප‍්‍රභේද පිළිබඳ සත්තම ද්විකය යි.
හීන සීල – මධ්‍යම සීල – ප‍්‍රණිත සීල වශයෙන් සීලය තෙවැදෑරුම් වේ. එසේ ම, අත්තාධිපතෙය්‍ය සීල – ලොකාධිපතෙය්‍ය සීල – ධම්මාධිපතෙය්‍ය සීල වශයෙන් ද, පරාමට්ඨ සීල – අපරාමට්ඨ සීල – පටිප්පස්සධි සීල වශයෙන් ද, විශුද්ධි සිල – අවිසුද්ධි සීල – වෙමතික සීල වශයෙන් ද, සෙඛ සීල – අසෙඛ සීල – නෙවසෙඛනාසෙඛ සීල වශයෙන් ද සීල ප‍්‍රභේදයෝ තෙවැදෑරුම් තෙවැදෑරුම් වෙත්. මේ ආදී වශයෙන් ලඝුවෙන් දක්වන ලද්දා වූ ත‍්‍රිවිධ සීල ප‍්‍රභේදයාගේ විස්තර කථනය මෙසේ යි. හීන වූ, මධ්‍යම වූ, ප‍්‍රණිත වූ ඡුන්දයෙන් – චිත්තයෙන් – වීර්යයෙන් – ප‍්‍රඥාවෙන් පවත්වන ලද සීලයෝ පිළිවෙලින් හීන සීල, මජ්ක්‍ධිම සීල හා ප‍්‍රණිත සීල නම් වෙත්. මේ ප‍්‍රථම සීල ත‍්‍රිකයෙහි තවත් අර්ථ වෙයි. ඒ කෙසේ ද යත්? කීර්ති ප‍්‍රශංසා කැමති වන්නා වූ ද, අත්තුක්කංසන පරවම්භනයෙන් යුක්ත වූවා වූ ද, ධනධාන්‍යාදී භවභෝග සම්පත් කෙරෙහි ආශා සහිත වූ ද සීලය, ‘හීන සීල’ යි. මතු දෙව් මිනිස් සැප පතන්නා වූ ද, අත්තුක්කංසන පරවම්භනයෙන් නො කිළිටි වූ ද, තමා පමණක් සසරින් මිදෙනු සඳහා රකින්නා වූ ද සීලය, ‘මජ්ඣිම සීලය’ යි. නිවන් සැප කැමැති වූ ද, ලෝකෝත්තර වූ ද, සියලූ සත්ත්වයෝ සසර දුකින් මුදවනු කැමති බෝසතුනට බුද්ධකාරක ධර්මය වූ ද සීලය, ‘ප‍්‍රණිත සීලය’ යි. තමා පිළිබඳ ගෞරවයෙන් රකින්නා වූ අත්තාධිපතෙය්‍ය සීලය ය, ලෝකාපවාදයට බියෙන් රක්නා වූ ලෝකාධිපතෙය්‍ය සීලය ය, ධර්මමහත්‍වයෙන් රකිනු ලබන්නා වූ ධම්මාධිපතෙය්‍ය සීලය ය යි සීල ප‍්‍රභේද පිළිබඳ ද්විතීය ත‍්‍රිකයෙන් දැක්වේ. පරාමට්ඨ – අපරාමට්ඨ – පටිප්පස්සද්ධි යනුවෙන් දැක්වෙනුයේ තෘතීය සීල ත‍්‍රිකය යි. ද්විවිධ සීලයන්හි දක්වන ලද තෘෂ්ණා – දෘෂ්ටි සහිත නිස්සිත සීලය ම මෙහි පරාමට්ඨ සීල යැ යි ගැනෙයි. සෝවන් මග – ඵල, සකෘදාගාමී මග – ඵල, අනාගාමී මග – ඵල, අර්හත් මග යන සප්තශෛක්‍ෂයන්ගේ මාර්ග චිත්තයන්හි ලැබෙන විරති චේතනාදිය, පරාමට්ඨ සීලයෙහි මෙන් තෘෂ්ණා – දෘෂ්ටි වශයෙන් පරාමර්ශනය නො කොට පෘථග්ජන සීලවන්තයා විසින් ආර්ය මාර්ගය උදෙසා ම රකිනු ලබන හෙයින් අපරාමට්ඨ සීලය එනමින් පැනෙයි. ඒ සප්තශෛක්‍ෂයන්ගේ හා අර්හත් ඵලස්ථ යන අශෛක්‍ෂයාගේ ඵල චිත්තයන්හි ලැබෙන විරති චේතනා ආදීහු කෙලෙස් විඩා සන්හිඳුවාලීම පිණිස හේතු භූත වන්හ’යි පටිප්පස්සද්ධි සීලය විස්තර වෙයි. විසුද්ධ – අවිසුද්ධ – වේමතික යනු චතුර්ථ සීල ත‍්‍රිකය යි. ඇවැතට නො පැමිණ පාරිශුද්ධිය රැකීම ය, ඇවැත් දෙසා පාරිශුද්ධියට පැමිණීම ය යන දෙයාකාරයෙන් එක්ආකාරයකින් හෝ පාරිශුද්ධභාවයට පැමිණියාහුගේ සීලය විසුද්ධ සීලය යි. ඇවැතට පැමිණියේ ඉන් මිදෙනු පිණිස පිළියම් වශයෙන් ඇවැත් නො දෙසා සිටිනුයේ, පාරිශුද්ධියට නො පැමිණි එවැන්නහුගේ සීලය අවිසුද්ධ නමි. වස්තුවෙහි හෝ ආපත්තියෙහි හෝ අජ්ඣාචාරයෙහි හෝ විමති ඇත්තහුගේ සීලය යි වේමතික සීල වනුයේ. සීල ප‍්‍රභේදයාගේ පඤ්චම ත‍්‍රිකය සේඛ – අසේඛ – නේවසේඛානාසේඛ නමි. යට දක්වන ලද සප්තශෛක්‍ෂයන්ගේ චිත්තයන්හි යෙදුණු විරති චේතනා ආදීහු සේඛ සීල යි. අශෛක්‍ෂයා හෙවත් අර්හත්ඵලස්ථයාගේ ඵල චිත්තයන්හි යෙදුණු විරති චේතනා ආදීහු අසේඛ සීල යි. සෙසු පෘථග්ජනයන්ගේ සීලය නේවසේඛානාසේඛ නමි.
භානභාගිය – ඨිතිභාගිය – විසේසභාගිය – නිබ්බේධභාගිය යැයි සීලයාගේ ප‍්‍රභේද සතරෙකි. සීලවන්තයන් කෙරෙන් වෙන් ව, දුස්සීලයන් කෙරෙහි වෙසෙමින්, වරදෙහි දොස් නො දකින අඥානයෙක් වෙයි. මිථ්‍යාවන්හි ගැලූණු ඉන්ද්‍රිය සංවරයෙන් තොර වූ ඔහු තුළ පිහිටි සීලය භානභාගිය යි. යමෙක් සීලයට පැමිණියේ ඔහුගේ සීලයෙහි සංවර්ධනයක් නො වෙයි. පිරිහීමෙක් ද නො වෙයි. එවැන්නහුගේ සීලය ඨිතිභාගිය නමි. සීල සම්පන්න වූ යමෙක් මතු සමාධිය පිණිස උත්සාහ කෙරෙත් ද, සමාධි සඞ්ඛ්‍යාත විශේෂය පිණිස නැමීගත් සීලය විසේසභාගිය සීලය යි. ඉඳින් යමෙක් තමා ලත් සීල මාත‍්‍රයෙන් පමණක් සෑහීමකට නො පැමිණ, විවසුන් වඩා නිවන් පිණිස උත්සාහ කෙරේ ද, නිබ්බේධ සඞ්ඛ්‍යාත විදර්ශනා පිණිස නැමීගත් සීලය නිබ්බේධභාගිය සීල නම් වෙයි. මේ ආකාරයෙන් සීලයාගේ ප‍්‍රභේද පිළිබඳ ප‍්‍රථම චතුෂ්කය විස්තර වෙයි.
යම් විනය නියමයෙක් භික්ෂූන් උදෙසා පනවන ලද්දේ වී නමුත්, එය භික්ෂුණීන් උදෙසා ද අනන්‍යසාධාරණ වෙයි. එබඳු ම යම් විනය නියමයෙක් භික්ෂුණීන් උදෙසා පනවන ලද්දේ ද එය භික්ෂූන් උදෙසාත් අනන්‍යසාධාරණ වෙයි. එබඳු ශික්ෂාපදයෝ ද සහිත ව භික්ෂූන් හා භික්ෂුණීන් උදෙසා පනවන ලද ශික්ෂාපදයෝ පිළිවෙලින් භික්ඛු සීල හා – භික්ඛුණී සීල නම් වෙත්. සාමණේර සාමණේරියන් සඳහා වූ දසසීලය අනුපසම්පන්න සීල යි. පඤ්චශීලාදී ගිහියන් උදෙසා පනවන ලද යම් සීලයෙක් වේ ද එය ගහට්ඨ සීල යි. පිළිවෙලින් විස්තර කරන ලද මේ භික්ඛු – භික්ඛුණී – අනුපසම්පන්න – ගහට්ඨ යන චතුර්විධ ප‍්‍රභේදයෝ සීලයාගේ ද්විතීය චතුෂ්කය යැයි දත යුතු.
පකති – ආචාර – ධම්මතා – පුබ්බහේතු යැයි සීලයාගේ තෘතීය චතුෂ්කයකි. උතුරු කුරු දිවයින් වැසියන්ට පඤ්චසීලය, පකති සීලයකි. සමාදන් වීමෙක් නැති ව ස්වභාවයෙන් ම රක්නා හෙයින් පකති සීල නමි. යම් කුලයෙක්හි පුරාතනයන් විසින් අනාචාර යැයි සම්මත කොට තහනම් කරන ලද්දා වූ යමක් වේ ද, යම් දේශයෙහි දේශාධිපතීන් විසින් අනර්ථකර යැයි පනවා වදාළ යමක් වේ ද, තීර්ථකයන් අතරෙහිත් යම – නියමයක් වේ ද එකී ආචාරධර්මයෝ නො බිඳ රැක ගැන්ම ආචාර සීල නමි. යම් දිනෙක බෝසතුන් මව් කුසයෙහි පිළිසිඳ ගත්තේ වේ ද, එවක් පටන් ඒ මාතාවන්ට පුරුෂයන් කෙරෙහි කාමචේතනා පහළ නො නො වේ යන මේ ධර්මතාව දීඝ නිකායෙහි මහාවග්ගයෙහි පැනේ. එබඳු බෝසත් මාතාවන් විසින් රැකෙන්නා වූ සීලය යි ධම්මතා සීලය. පූර්ව හේතුවෙන් මැ ජනිත සීලය පුබ්බහේතු නමි. පිප්ඵලීමානවක – භද්දාකාපිලානි දෙදෙන ස්වකීය මධුයාමයෙහි පවා වීතිරාගී ව යෙදුණේ ය. බෝසත් සීලව රජ තෙමේ පරපණ නො නසා තෙමේ ජීවග‍්‍රහයෙන් අසු වූයේ ය. මේ පූර්ව හේතූන් මත ජනිත සීලය යි.
සතර සීල ප‍්‍රභේදයාගේ වැදගත්ම අංශය චතුර්ථ සීල චතුෂ්කය වශයෙන් විස්තර වෙයි. ඒ පාතිමොක්ඛය – ඉන්ද්‍රිය සංවරය – ආජීව පාරිසුද්ධිය – පච්චයසන්නිස්සිතය යන චතුපාරිශුද්ධිය යි. පාතිමොක්ඛයෙහි වදාළ ශික්‍ෂාපද ව්‍යතික‍්‍රම නො කොට රැකගැන්ම පාතිමොක්ඛ සංවරය යි. අපායාදී දුකින් මිදෙනු පිණිස උපකාරවත් වන බැවින් ‘පාතිමොක්ඛ’ යැයි කියන ලදි. කය – වචන දෙකේහි වැසීම ‘සංවරය’ යි. කායික හා වාචසික අනාචාරයෙන් වැළක විනය නය නො ඉක්මැ වීම ය යන ආචාරයෙන් ද, උපනිස්සය – ආරක්ඛය – උපනිබන්ධය යන ත‍්‍රිවිධ ගෝචරයෙන් ද යන ආචාරගෝචරසම්පන්නභාවයෙන් යුතු ව සුළු වරදෙහි පවා දොස් දකිමින් ශික්‍ෂාපදයාගේ බිඳීමක් නො කොට රැක ගන්නේ ද එබඳු භික්ෂුව පාතිමොක්ඛ සංවරයෙන් යුක්ත වූයේ වෙයි. ප‍්‍රකීර්ණ කථායෙහි දැක්වෙන පරිදි මහාවත්තනි වෙනෙහි විසූ තෙරුන් වහන්සේ මෙනි. බිජුවට රක්නා කිරළකු මෙන් ද, වලිගය රක්නා සෙමරකු මෙන් ද, එක ම පුතු රක්නා මවක මෙන් ද සැදැහැයෙන් සමාදන් ව ජීවිතාශා හැර පියා මනා ව පාතිමොක්ඛය රැක්ක යුතු ය යන අවධාරිතයෙන් ම එහි ඇති බරපතලකම පහදා දෙයි. චක්ඛු – සෝත – ඝාණ – ජීව්හා – කාය – මන යන ෂට්ඉන්ද්‍රියයන් සංවර කර ගැන්ම ඉන්ද්‍රිය සංවරය යි. එය රැක්ම සිහියෙන් කට යුතු ය. ඉන්ද්‍රිය සංවරය රැකුණොත් පාතිමොක්ඛ සංවරය ද රැකෙයි. එසේ නො වුණු කල සීලය ක්ලේෂ චෞරයන් විසින් පැහැර ගනු ලැබෙත්. පිඬු පිණිස වඩනා වංගීස තෙරණුවනට ස්ත‍්‍රියක දැක්මෙන් රාගය උපන්නාක් මෙනි. එහෙයින්, මහදොරටු වසා මුරකාවල් තරකළ කල්හි සොරුනට නුවරට ඇතුළු විය නො හැක්කා සේ ජවන් අවස්ථාවට පැමිණීමට පූර්වයෙහි ම ඉන්ද්‍රිය සංවර කර ගත යුතු ය. සෑගිරියෙහි මහාතිස්ස තෙරණුවෝ දිව යන ස්ත‍්‍රියකගේ සුදුවන් දත් දෙපළ දැක ‘අට්ඨික’ යැයි සිහි කොට රහත් වූවාක් මෙනි. ආජීවය හේතු කොට ගෙන පනවා ඇති පාරාජිකා – සංඝාදිසේස – ථුල්ලච්චය – පාචිත්තිය – පාටිදේසනීය – දුක්කට යන සවැදෑරුම් ශික්‍ෂාපදයන් ව්‍යතික‍්‍රමණය කිරීම් වශයෙන් ද, කුහනා – ලපනා – නෙමිත්තිකතා – නිප්පේසිකතා – ලාභෙන ලාභං නිජිගිංසන්තාදි පාප ධර්මයන්ගේ වශයෙන් පවත්නා වූ මිච්චාජීවයෙන් වැළකීම ආජීව පාරිශුද්ධිය යි. මෙයින් කුහනාවෙහි පච්චයපටිසේධන – සාමන්තජප්පන – ඉරියාපථසන්නිස්සත යැයි ත‍්‍රිවිධ කුහක වස්තු ප‍්‍රකාශිත යි. ආලපනාව – ලපනාව – සල්ලපනාව – උල්ලපනාව – සමුල්ලපනාව – උන්නහනාව – සමුන්නහනාව – උක්කාචනාව – සමුක්කාචනාව – අනුප්පියභාණිතාව – චාටුකම්‍යතාව – මුග්ගසුප්‍යතාව – පාරිහට්ටතාව යැයි ලපනා පදයෙහි විස්තර දක්වයි. නිමිත්ත – නිමිත්තකම්ම - ඕභාස - ඕභාසකම්ම – සාමන්තජප්පා – පරිකථා යි නේමිත්තිකාදීන්ගේ විවරණය දක්වයි. ලාභසත්කාර කීර්තකාමී වූ පාපෙච්ඡ භික්ෂුහුගේ පරහට යම් අක්කොසනාවෙක්, වමහනාවෙක්, ගරහණාවෙක්, උක්ඛෙපණාවෙක්, සමුක්ඛේපණාවෙක්, ඛිපනාවෙක්, සංඛිපනාවෙක්, පාපනාවෙක්, සම්පාපනාවෙක්, අවණ්ණහාරිතාවෙක්, පරපිට්ඨිමංසිකතාවෙක් වන්නේ ද එය නිප්පේසිකතා යි විස්තර කරන ලද්දේ ය. එක් ගෙයකින් ලත් ආමිෂය තවත් ගෙයකට දීමෙන් හා තිරශ්චීන විද්‍යාවන්හි නිමග්න වීමෙන් ලාභයෙන් ලාභය සෙවීම ලාභෙන ලාභං නිජිගිංසන්තාදී වශයෙන් පැනේ. ආජීවය අපරිශුද්ධ වන මේ කාරණයන් දුරැලීම වීර්යයෙන් ම කට යුතු ය. පිරිසිඳු ලෙස උපන් සිව්පසය ම වැළඳිය යුතු ය. ධුතාඞ්ගධර නුවූ භික්ෂුව අපිරිසිඳු ලෙස උපන් ප‍්‍රත්‍යය විෂඝෝර සර්පයන් මෙන් දුර කළ යුතු ය. ධූතාඞ්ගධරයන් අතුරෙන් රෝගයකට බෙහෙත් වශයෙන් ගෝ මුත‍්‍ර යෙදූ අරළු ද, චතුමධුර ද ලදොත් චතුමධුර වෙනත් භික්ක්‍ෂුවකට දී අරළු පමණක් වළඳන ධූතාංගධරයා නියම ආර්ය ශ‍්‍රාවකයෙක් වෙයි. චීවරගුම්බක වැසි අම්බඛාදක මහාතිස්ස තෙරුන් මෙන් වැරදි ලෙස ලැබූ සිව්පසය ප‍්‍රතික්‍ෂ්ප කට යුතු ය. ධූතාඞ්ගධර වූව ද, නො වූව ද ආජීවය පිරිසිඳු කරගන්නා භික්ෂු හට චීවර – පිණ්ඩපාත පිළිබඳ ව නිමිත්ත - ඕභාස – පරිකථා – විඤ්ඤත්ති නො වටනේ ය. ධූතාඞ්ගධර නො වූ හට සේනාසන පිළිබඳ ව නිමිත්ත - ඕභාස – පරිකථා පමණක් වටනේ ය. විඤ්ඤත්ති නො වටනේ ය. ආජීව පාරිශුද්ධයෙන් ලබන චීවරපිණ්ඩපාතාදී සිව්පසය ම නුවණින් සලකා ගෙන ප‍්‍රඥායෙන් (ප‍්‍රත්‍යවේක්‍ෂණයෙන්) පරිභෝග කිරීම ප‍්‍රත්‍යසන්නිස්සීත සීල යැ යි දත යුතු. ප‍්‍රත්‍යය ලත් කල කරන ප‍්‍රත්‍යවේක්‍ෂාය, ප‍්‍රත්‍යය පරිභෝග කරන කල කරන ප‍්‍රත්‍යවේක්‍ෂාය යි ප‍්‍රත්‍යවේක්‍ෂණය ද්විවිධ වේ. ප‍්‍රත්‍ය ලත් මොහොතේ ප‍්‍රත්‍යවේක්‍ෂා නො කළ ද, ප‍්‍රත්‍ය පරිභෝගයෙහි දී ප‍්‍රත්‍යවේක්‍ෂා කිරීම නිරවද්‍ය ය. එහෙත්, ලත් මොහොතෙහි ධාතු වශයෙන් හෝ පිළිකුල් වශයෙන් හෝ ප‍්‍රත්‍යවේක්‍ෂා කොට තබා, වළඳන වේලෙහිත් ප‍්‍රත්‍යවේක්‍ෂා කොට වළඳන්නහුගේ පරිභෝගය ම නිවැරදි පරිභෝගය ම වෙයි. එබඳ පරිභෝග කරන අවස්ථායෙහි ප‍්‍රත්‍යවේක්‍ෂාව පිළිබඳ පරිභෝග විනිශ්චයෙක් ථෙය්‍යපරිභෝගය – ඉණපරිභෝගය – දායජ්ජපරිභෝගය – සාමිපරිභෝගය යි චතුර්විධ ව දැක්වෙයි. මේ චතුර්විධ පරිභෝගයන් අතුරෙන් සාමිපරිභෝගය හා දායජ්ජපරිභෝගය සියල්ලන්ට ම වටනේ ය. ඉණපරිභෝගය හා ථෙය්‍යපරිභෝගය කිසිවෙකුට නො වටනේ ය. තව ද, මෙයින් ඉණපරිභෝගයෙහි ලා දේසනාසුද්ධිය, – සංවරසුද්ධිය – පරියෙට්ඨිසුද්ධිය හා පච්චවෙක්ඛනසුද්ධිය යි චතුර්විධ ශුද්ධියක් දැක්වේ. චතුර්විධ සීල විභාගය මෙතෙකින් නිමියේ යි.
අනුපසම්පන්නයන්ගේ සීල ගණන් වශයෙන් මෙතෙකැ යි කෙළවර සහිත බැවින් පරියන්ත පාරිසුද්ධි සීල යැයි ද, උපසම්පන්නයන්ගේ සීල මෙතෙකැ යි කෙළවරක් නැති බැවින් අපරීයන්ත පාරිසුද්ධි සීල යැයි ද, මාර්ගඵලාදියට පත් නො වූයේ නමුදු සීලෝත්පන්න උතුමන්ගේ පරිපුණ්ණාපාරිසුද්ධි සීල යැයි ද, දෘෂ්ටි වශයෙන් පරාමර්ශනය නො කරන ලද්දා වූ ශෛක්‍ෂයන්ගේ අපරාමට්ඨ පාරිසුද්ධි සීල යැයි ද, සියලු කෙලෙස් විඩා සංසිඳුවන රහතුන්ගේ – පසේබුදුන්ගේ – සම්මාසම්බුදුන්ගේ සීලය පටිප්පස්සද්ධි පාරිසුද්ධි සීල යැයි ද සීල ප‍්‍රභේදයාගේ ප‍්‍රථම පඤ්චකයක් වෙයි.
එසේ මැ අදින්නාදාන, කාමමිච්ඡාචාර, මුසාවාද, පිසුණාවාච, ඵරුසාවාච, සම්ඵප්පලාප, අභිජ්ඣා, ව්‍යාපාද, මිච්ඡාදිට්ඨි යන මොවුන් පිළිබඳ පහාණ – විරමණ – චේතනා – සංවර – අවීතික්කම යි සීලයාගේ ප‍්‍රභේද පිළිබඳ තවත් බෙදීමත් වෙයි. ලෝකපාලක ධර්මයන් නිසා හෝ මෛත‍්‍රීකරුණාමුදිතෝපේක්‍ෂායාදී කුසල චේතනාවන් නිසා හෝ ප‍්‍රාණඝාතාදී පව් නො කිරීම නම් වූ පහාණ සීලය ය, ප‍්‍රාණඝාතාදියෙන් වැළැක්ම නම් වූ වේරමණී සීලය ය, ප‍්‍රාණඝාතාදියට ප‍්‍රතිපක්‍ෂ චේතනාව නම් වූ චේතනා සීලය ය, ප‍්‍රාණඝාතාදිය සිද්ධ විය හැකි මාර්ග වසාලමින්, ප‍්‍රාණඝාතාදියෙන් සංවර වීම නම් වූ සංවර සීලය ය, සමාදන් වූ සිකපද නො බිඳී ප‍්‍රාණඝාතාදීන්ගේ අව්‍යතික‍්‍රමණය නම් වූ අවීතික්කම සීලය යැයි ඒ ද්විතීය පඤ්චකය විස්තර කරන ලද්දේ ය.

මෙතෙකින් දක්වන ලද සීලයාගේ පාරිශුද්ධභාවයේ කෙළෙසීම සිද්ධ වන්නේ කෙසේ ද? ඛණ්ඩ – ජිද්‍ර – සබල – කල්මාෂ යන අකාර සතරතික් සීලයේ අපිරිසිඳු වීම සිදු වේ. සමාදන් වූ සීලයෙහි මුල හෝ අග සිල්පද බිඳ ගැන්ම ඛණ්ඩ නමි. ජිද්‍ර නම් අග සිල්පද බිඳීම යි. සබල යනු තැනින් තැන සිල්පද බිඳීම යි. කල්මාස යනු එකක් හැර එකක් වශයෙන් සිල්පද බිඳීම යි. සීලය ඛණ්ඩ – ජිද්‍ර – සබල – කල්මාෂ වන්නේ කවර හෙයින් ද? ලාභ – යස – ඤාති – අඞග – ජීවිත අපේක්ෂා කොට සීල සමාදානයෙන් හා සප්තවිධ මෛථූන සංයෝගයෙන් ද යන මෙයිනි.
ශීලය අඛණ්ඩ – අච්ජිද්‍ර – අසබල – අකල්මාෂ වන්නේ කවර හේතුවලින් ද? සර්වාකාරයෙන් සිකපද නො බිඳ ගැන්ම ය; බිඳුණු, එහෙත් ප‍්‍රතිකර්ම කළ හැකි සිකපදයන්ට ප‍්‍රතිකර්ම කර ගැන්ම ය; සප්තවිධ මෛථූනයෙන් වියුක්ත වීම ය; ක්‍රෝධ – උපනාහ – මක්ඛ – පලාස – ඉස්සා – මච්ඡරිය – මායා – සාඨෙය්‍ය – ථමහ – සාරම්හ – මාන – අතිමාන – මද – පමාදාදී පාපධර්මයන් නො ඉපදවීම ය; අප්පිච්ඡතා – සන්තුට්ඨිතා – සල්ලේඛතාදී ගුණ උපදවීම ය යන මේ හේතු සීලයාගේ අඛණ්ඩ – අච්ජිද්‍ර – අසබල – අකල්මාෂ භාවය පිණිස වන්නේ ය. එබඳු සීලයෝ ම තෘෂ්ණාදාසත්‍වයෙන් මුදව යි. එහෙයින්, භුජිස්ස යි කියන ලදී. නුවණැතියන් විසින් පසස්නා ලදි. එහෙයින් විඤ්ඤූප්පසත්‍ථ යි කියන ලදි. තෘෂ්ණා දෘෂ්ටි විසින් ස්පර්ශ කළ නො හේ. එහෙයින් අපරාමට්ඨ නමි. උපචාර අපර්ණා සමාධි උපදවයි. එහෙයින් සමාධි සංවත්තනික නම් වෙයි. මේ අඛණ්ඩාදීභාවය ම සීලයාගේ වෝදානය හෙවත් පිරිසිඳු වීම පිණිස හේතු වෙයි.
 
Last edited:

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
සීල වෝදානය ද්විවිධ ය. සීල විපත්තියෙහි ආදීනව දැක්ම ය; සීලසම්පත්තියෙහි ආනිසංස දැක්ම වශයෙනි. දුස්සීලයාගේ සීලවිපත්තියෙහි ආදීනව පසෙකි. මහත් වූ භෝග විනාශ වෙයි; කීර්තිය විනාශ වෙයි; නිරතම මුළු ගැන්වෙයි; මුළා ව කළුරිය කරයි; මරණින් මතු දුගතිගාමී වෙයි. එමතු ද නො ව, දුස්සීලයා දෙව්මිනිසුන් ඉදිරියේ අප‍්‍රිය ඇත්තෙක් වෙයි. සබ‍්‍රහ්මසරුන් විසින් පිළිකුල් කටයුතු බැවින් අනුශාසනා නො කළ යුත්තෙක් වෙයි. දුශ්ශීලයන්ට ගර්හා කරන කල්හි තෙමේත් පසුතැවෙන්නෙක් වෙයි. සීලවන්තයන්ට ප‍්‍රශංසා කරන කල්හි විපිළිසර වෙයි. හණවස්ත‍්‍රයක් මෙන් ගුණයෙන් ද, ශරීරයෙන් ද දුර්වර්ණ වෙයි. අපාය දුක් එළවන බැවින් දුඃස්පර්ශ වෙයි. සිව්පසය ඉදිරියේ නුසුදුස්සෙකු වෙයි. මහත් දුර්ගන්‍ධයට පැමිණියා වූ අසූචි වළක් මෙන් දුඃශෝධ්‍ය වෙයි. සොහොන් පෙනහෙල්ලක් මෙන් ගිහිකමින් ද, ගද්‍රභයෙකු මෙන් මහණුවමින් ද බැහැර වූයෙක් වෙයි. වෛරී පුරුෂයෙකු මෙන් නිති උද්වේග වෙයි. මළමිනියක් මෙන් සංවාසයට සුදුසු නො වෙයි. බහුශ‍්‍රැතභාවයෙන් යුක්ත නමුදු සබ‍්‍රහ්මසරුන් විසින් නො පිදිය යුත්තෙක් වෙයි. රූ දැක්මෙහි අන්‍ධයා මෙන් විශේෂාධිගමයෙහි අභව්‍ය වෙයි. රාජ්‍යයෙහි සැඬොල් කොලු මෙන් සද්ධර්මයෙහි නීරස වෙයි. අග්ගික්ඛෙන්‍ධාපම සූත‍්‍රයෙහි වදාළ දුකට හිමි වැ සිටින බැවින් තෙමේ සුඛිත යැයි සිතත් දුක්ඛිත ම වන්නේ යි. මේ සීලයාගේ ආදීනව යැයි දත යුතු.
සිල් රැක්මෙහි ආනිසංස ද අනේකවිධ යි. සිල්වත්හුගේ දර්ශනය ප‍්‍රියජනක ය. හිරු කරා අන්‍ධකාරය මෙන් හෘදය කරා අත්තානුවාදාදී භය නො එළැඹෙයි. ගුවනෙහි ප‍්‍රභාවත් චන්‍ද්‍රයා මෙන් සීලසම්පත්තියෙන් බබළයි. සිල්වත්හුගේ කායගන්‍ධය දෙවියනට පවා ප‍්‍රිය වෙයි. එහුගේ සීල සුගන්‍ධය සියලූ දික්හි අප‍්‍රතිහත ව හමා යෙයි. කළා වූ ස්වල්ප ක‍්‍රියාවෙනුදු මහත්ඵල මහානිසංස වෙයි. එහෙයින් ම, නිසි සේ පුදනු කැමතියනගේ පූජාසත්කාරයනට සුදුසු වෙයි. මෙලොව දී වන වධබන්‍ධනාදී සියලු උපද්‍රවයන්ගේ ද, පරලොව දුඃඛයන්ගේ ද මූල කණන්නේ ය. සියලු මනුෂ්‍ය සම්පත්තීන් හෝ සියලු දිව්‍යසම්පත්තීන් පතන්නේ නමුඳු ලැබ්මෙහි දුර්ලභ නො වෙයි. ශාන්ත වූ නිවන් සැප කරා ම සිත දිවෙයි. මේ ආදිය සීලවිපත්තියෙහි ආදීනව දැක්මෙන් සීලවෝදානය සිද්ධ වෙයි. මෙයට ප‍්‍රතිපක්‍ෂ වශයෙන් සීල සම්පත්තියෙහි ආනිසංස දැක්මෙන් සීලවෝදානය සිද්ධ වෙයි.
අප්පිච්ඡතා සන්තුට්ඨිතාදී ගුණයෙන් සීලවෝදානය සිද්ධ වන්හ යි යට දක්වන ලදි. එහෙයින්, සමාදන් වූ සිලය මනා ව රැක ගැන්මෙහි වැදගත්කම අවධාරණය කෙරෙයි. ලෝකාමිෂය හැර පියා කාය ජීවිත දෙකේහි නිරපේක්‍ෂ ව අනුලෝම ප‍්‍රතිපදාව ලබනු කැමැතියවුන් උදෙසා භාග්‍යවතුන් වහන්සේ විසින් සීලය රැක ගැන්ම පිණිස උපකාරවත් වන්නා වූ ධුතාඞ්ග තෙළෙසක් අනුදන්නා ලද්දේ ය.
01. පංසුකූලිකඞ්ගය
02. තෙවීචරිකඞ්ගය
03. පිණ්ඩපාතිකඞ්ගය
04. සපදානවාරිකඞ්ගය
05. එකාසනිකඞ්ගය
06. පත්තපිණ්ඩිකඞ්ගය
07. ඛලුපච්ඡාභත්තිකඞ්ගය
08. ආරඤ්ඤිකඞ්ගය
09. රුක්ඛමූලිකඞ්ගය

10. අබ්භොකාසිකඞ්ගය
11. සොසානිකඞ්ගය
12. යථාසන්‍ථතිකඞ්ගය
13. නෙසජ්ජිකඞගය යන මොහු යි.
මේ එක් එක් එකක් ධුතයෝ සමාදානය – විධානය – ප‍්‍රභේද – භේද – ආනිසංස යැයි විනිශ්චය කෙරෙත්. ධුතඞ්ග ශබ්දයාගේ අර්ථ පරීක්ක්‍ෂා කෙරෙනුයේ කෙලෙස් කම්පා කර හරින හෙයින් ධුත යැයි කියනු ලැබේ. ධුතාඞග ප‍්‍රඥානුගත වූයේ යි. ඒ ඒ අඞග සමාදානයෙන් කෙලෙස් කම්පා කර හරින භික්ෂු තෙමේ ධුතයා නමි. සියලු ධුතඞ්ග වනාහි සමාදාන වශයෙන් පැවැති චේතනාව ලක්ෂණ (ස්වභාවය) කොට පවත්නේ ය; ලොලුප්ප විද්ධවංසනය (තෘෂ්ණාචාර නැති කිරීම) රස (කෘත්‍ය හා සම්පත්) කොට ඇත්තේ ය; නිලේලාලුප්පභාවය (තෘෂ්ණාචාර සඞ්ඛ්‍යාත ලොලුප්පභාවයක් නැති බව) පච්චුපට්ඨාන (වැටහෙන ආකාරය) කොට ඇත්තේ ය; අප්පිච්ඡතාදී ආර්ය ධර්ම පදට්ඨාන (ආසන්න කාරණය) කොට ඇත්තේ ය.
එසේ ම, සියලු ධුතඞග බුදුන් වහන්සේ ජීවමාන කල්හි උන්වහන්සේ වෙතින් ම සමාදන් විය යුත්තේ ය. බුදුන් පිරිනිවි කල්හි මහාශ‍්‍රාවකයන් වෙතින් ද, මහා ශ‍්‍රාවකයන් පිරිනිවි කල්හි රහතුන්ගෙන් ද, රහතුන් පිරිනිවි කල්හි අනාගාමීන්ගෙන් ද, අනාගාමීන් නැති කල්හි සකෘදාගාමීන්ගෙන් ද, සකෘදාගාමීන් නැති කල්හි සෝවන්හු වෙතින් ද, සෝවන්හු නැති කල්හි ත‍්‍රිපිටකධරයන් වෙතින් ද, ත‍්‍රිපිටකධරයන් නැති කල්හි ද්විපිටකධරයන් වෙතින් ද, ද්විපිටකධරයන් ද නැති කල්හි ඒකපිටකධරයන් වෙතින් ද, ඒකපිටකධරයන් නැති කල්හි අර්ථකථාචාර්යයන් වෙතින් ද, අර්ථකථාචාර්යයන් නැති කල්හි ධුතඞ්ගධරයන් වෙතින් ද, ධුතාඞ්ගධරයන් ද නැති කල්හි චෛත්‍ය මලුව හැමද උක්කුටිකයෙන් හිඳැ බුදුන් සම්මුඛයෙහි මෙන් තෙමේ ම සමාදන් විය යුත්තේ ය. ඉබේ ම සමාදන් වුව ද සාවද්‍ය නො වේ. ධුතාඞ්ග පිළිබඳ ව ම වූ කුසල ත‍්‍රිකය – ධූතාදි විභාගය – සමාසය – ව්‍යාසය යන මොවුන්ගේ විනිශ්චය මෙසේ දත යුතු. සියලු ධුතාඞ්ග පෘථග්ජනයන්ගේ හා ශෛක්‍ෂ්‍යයන්ගේ වශයෙන් කුසල් ය; අශෛක්‍ෂ්‍යයාගේ වශයෙන් අව්‍යාකෘත ය යන මෙය කුසල ත‍්‍රිකයෙහි විස්තර වේ. ධුතාය – ධුත වාදය – ධුත ධර්මය – ධුතාඞ්ගය – කවරෙකු හට ධුතාඞ්ග සප්පාය වන්නේ ද යන මෙකී විස්තරය ධුතාදීන්ගේ විභාග වශයෙන් දැක්වේ. එහි ධුත යනු ක්‍ෂීණාශ‍්‍රවයන් වහන්සේ ය. (කෙලෙස් කම්පා කරන ධර්ම ධුත නමැ යි යට දක්වන ලදි. එහි ම ධුතයා යන්න මෙහිලා ගත යුතු) ධුතවාද නම් ධුතාඞ්ගයෙන් අවවාද දෙන පුද්ගලයා යි. ධුතවාද නො වූ ධුත පුද්ගලයා (බක්කුල තෙරුන් මෙන්), ධුතවාද වූ ධුත නො වන පුද්ගලයා (උපනන්ද තෙරුන් මෙන්), ධුතවාදත් නො වූ, ධුතත් නො වූ පුද්ගලයා (ලාලූදායී තෙරුන් මෙන්), ධුතවාදත් වූ ධුතත් වූ පුද්ගලයා (සැරියුත් තෙරුන් මෙන්) යි ධුතවාදීහු සතර දෙනෙකි. අප්පිච්ඡතා (ස්වල්පයක් කැමති වන අපිස්ගුණ ඇති) – සන්තුට්ඨිතා (ලද දෙයින් සතුටු වන) – සල්ලේඛතා (කෙලෙස් කපාහරින) – පවිවේකතා (උතුම් විවේකය) – ඉදමට්ඨිතා (නුවණ) යන මේ පඤ්චධර්මයෝ ධුතාඞ්ග චේතනාවට පිරිවර වන බැවින් ධුත ධර්මයෝ යි කියනු ලැබේ. මුලින් දැක්වූ තෙළෙස් වැදෑරුම් ධුතාඞ්ගයෝ ධුතාඞ්ග නම් වෙයි.
අරඤ්ඤික, රුක්ඛමූලිකඞ්ගය යන දෙක ද්වේෂ චරිතයාට සප්පාය වේ ය; ඉතුරු සියල්ල රාග චරිතයාට හා මෝහ චරිතයාට සප්පාය වේ ය යන මෙය ධුතසප්පාය යටතේ දක්වන ලදි. සමාස හෙවත් සංක්‍ෂ්ප වශයෙන් ධුතාඞ්ගයෝ අටෙකි. ත‍්‍රිවිධ උත්තමාඞ්ග හා පඤ්ච අසම්භින්නාඞ්ග වශයෙනි. සපදානචාරිකඞ්ග – ඒකාසනිකඞ්ග – අබ්භොකාසිකඞ්ග යන මේ තුන උත්තමාඞ්ග යැයි දත යුතු. මේ ත‍්‍රිවිධ ධුතාඞ්ග රැකෙන විට පිණ්ඩපාතික – පත්තපිණ්ඩික – ඛලුපච්චාභත්තික – රුක්ඛමූලික – යථාසන්ථතික යන අඕග ලෙහෙසියෙන් රැක ගත හැකි හෙයින් උත්තමාඞ්ග නමි. ආරඤ්ඤිකඞ්ග – පංසුකූලිකඕග – තෙචීවරිකඞ්ග – නෙසජ්ජිකඞ්ග – සොසානිකඞ්ග යන මේ පස (අන්‍ය ධුතාඞ්ගයන් හා අමිශ‍්‍ර වන බැවින්) අබ්භොකාසිකඞ්ග යි දත යුතු. තව ද, චීවර පිළිබඳ දෙකෙක (පංසුකූලික – තේචීවරික වශයෙනි), පිණ්ඩපාත පිළිබඳ පසෙක (පිණ්ඩපාතික – සපදානචාරිකඞ්ග – ඒකාසනිකඞ්ග – පත්තපිණ්ඩිකඞ්ග – ඛලුපච්ඡාභත්තිකඞ්ග වශයෙනි), සේනාසන පිළිබඳ පසෙක (ආරඤ්ඤිකඞ්ග – රුක්ඛමූලිකඞ්ග – අබ්භොකාසිකඞ්ග – සොසානිකඞ්ග – යථාසත්‍ථතිකඕග වශයෙනි), වීර්යය පිළිබඳ එකෙක (නේසජ්ජිකඞ්ගය) යි සිව්පසය කරණ කොට තෙළෙස් ධුතාඞ්ගයෝ සතකරට බෙදේ.එසේ ම, පච්චයසන්නිස්සිත දොළොසෙක, වීරියසන්නිස්සිත එකෙකැ යි ධුතාඞ්ග නිස්සය වශයෙන් දෙවැදෑරුම් ය. එසේ ම සේවනය කළ යුතු, නො කළ යුතු වශයෙනුදු දෙවැදෑරුම. සේවනය කළ යුත්තේ කවර හෙයින් ද යත්, ධුතඞ්ග සෙවුනා කල්හි කර්මස්ථාන වැඩෙත් නම් සේවනය කළ යුතු. ධුතාඞ්ග සේවනය කළ ද, නො කළ ද යමෙකුගේ කර්මස්ථාන වැඩෙත් නම්, නො පිරිහෙත් නම් ඔහු විසින් පශ්චිම ජනතාවට අනුකම්පායෙන් සේවනය කළ යුතු. ධුතාඞ්ග සේවනය කළ ද, නො කළ ද යමෙකුගේ කර්මස්ථාන නො වැඩෙත් නම් ඔහු විසිනුදු මතු වාසනා පිණිස සේවනය කළ යුතු. එහෙත්, කර්මස්ථාන පිරිහෙත් නම් සේවනය නො කළ යුතු.භික්ෂූන්ට ධුතාඞ්ග තෙළෙසම ද, භික්‍ෂුණීන්ට අටක් ද (ආරඤ්ඤික – ඛලුපච්ඡාභත්තික – අබ්භෝකාසක – රුක්ඛමූලික – සෝසානික යන පස රැක්ක නො හැකි ය.), සාමණේරයන්ට දොළසක් ද (තෙචීවරිකඞ්ගය හැර), සික්ඛාමානාවන්ට හා සාමණේරියන්ට සතක් ද (භික්‍ෂුණීන්ට අකැප අඞ්ග පස සහ තේචීවරිකඞ්ගය හැර), උපාසක උපාසිකාවන්ට දෙකක් (ඒකාසනික – පත්තපිණ්ඩික දෙක පමණි) ද ආදී වශයෙන් ධුත ව්‍යාසය (විස්තර) දක්වන ලද්දේ ය.
 
Last edited:

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
සමාධි

සමාධි නම් කිම? කවර අර්ථයකින් ‘සමාධිය’ යි කියනු ලැබෙත් ද? සමාධි පිළිබඳ ලක්ෂණ, රස, පච්චුපට්ඨාන, පදට්ඨාන කවරේ ද? සමාධි කී වැදෑරුම් ද? සමාධියෙහි කිලිටි බව කිමෙක් ද? සමාධියෙහි පිරිසිඳු බව කිමෙක් ද? සමාධි වැඩිය යුතු කෙසේ ද? සමාධි භාවනායෙහි ආනිසංස කවරේ ද? යනාදිය පිළිබඳ ක‍්‍රමයෙන් විසඳනු ලබන අගනා ධර්ම ශාස්ත්‍රීය විග‍්‍රහයක් මෙහි පැනෙයි.

ධුතාඞ්ග පරිහරණයෙන් ලත් අප්පිච්ඡතාදී ගුණයෙන් ඔප ලා ගත් සීලයෙන් යුක්ත වූ සිල්වත්හු විසින් මතු කුමක් කළ යුත්තේ ද? “චිත්තං භාවයං” යි වදාළ පරිදි චිත්ත ශීර්ෂයෙන් සමාධි වැඩිය යුතු ය. ‘සමාධි’ යන්නෙහි නා නා අර්ථ ඇතත්, කුසල් සිත්හි ඒකාග‍්‍රතාව සමාධිය යැයි ලුහුඬින් දැක්විය යුතු. (යම් ධර්මයෙක බලයෙන්) චිත්ත – චෛතසික එක අමුණෙහි සම ව, මනා ව, අවික්‍ෂේප ව, අවිප‍්‍රකී ර්‍ණ ව පවත්නේ ද, ඒ සමාධානාර්ථයෙනුදු ‘සමාධි’ යැයි කියන ලදී. අවික්‍ෂේපය හෙවත් නා නා ලම්බනයෙහි නො විසිරෙන බව සමාධියෙහි ලක්ෂණය (ස්වභාවය) යි. වික්‍ෂේප විධ්වංසනය හෙවත්, නො සන්සුන් බව නැති කිරීම සමාධි රසය (කෘත්‍ය හෝ සම්පත්ත) යි. අවිකම්පනය හෙවත් උද්ධච්ච හේතුයෙන් කම්පා නැති බව පච්චුපට්ඨානය (වැටහෙන ආකාරය) යි. සුඛය පදට්ඨානය (ආසන්න කාරණය) යි.

මෙසේ දක්වන ලද සමාධිය අවික්‍ෂ්ප ලක්‍ෂණයෙන් එක් වැදෑරුම් යැයි දැක්වීම සුගම ය; එහි විශේෂයෙන් වර්ණනා කළ යුත්තක් නැත. එතෙකුදු වුවත්, උපචාරසමාධි – අපර්ණාසමාධි යැයි ද, ලෞකිකසමාධි – ලෝකෝත්තරසමාධි යැයි ද, සප්පීතිකසමාධි – නිප්පීතිකසමාධි යැයි ද, සුඛසහගතසමාධි – උපේක්ඛාසහගතසමාධි යැයි ද සමාධිය දෙවැදෑරුම් දෙවැදෑරුම් කොට දැක්වේ. සමාධිය පිළිබඳ ව මේ ප‍්‍රථම – ද්විතීය – තෘතීය – චතුර්ථ ද්විකයෙන් ඉක්බිති, හීන – මධ්‍යම – ප‍්‍රණිත යැයි ප‍්‍රථම ත‍්‍රිකයක් ද, සවිතක්කසවිචාර – අවිතක්කවිචාරමත්ත – අවිතක්කඅවිචාර යැයි ද්විතීය ත‍්‍රිකයක් ද, පීති – සුඛ – උපේක්ඛා සහගත යැයි තෘතීය ත‍්‍රිකයක් ද, පරිත්ත – මහග්ගත – අප්පමාණ යැයි චතුර්ථ ත‍්‍රිකයක් ද සමාධියෙහි විස්තර වේ. එසේ ම, දුක්ඛාපටිපදාදන්‍ධාභිඤ්ඤා – දුක්ඛාපටිපදාඛිප්පාභිඤ්ඤා – සුඛාපටිපදාදන්‍ධාභිඤ්ඤා – සුඛාපටිපදාඛිප්පාභිඤ්ඤා වශයෙන් ද, පරිත්තපරිත්තාරම්මණ – පරිත්තඅප්පමාණාරම්මණ – අප්පමාණපරිත්තාරම්මණ – අප්පමාණඅප්පමාණාරම්මණ වශයෙන් ද, චතුර්ථධ්‍යාන වශයෙන් ද, හානභාගිය – ඨිතිභාගිය – විසේසභාගිය – නිබ්බේධභාගිය වශයෙන් ද, කාමාවචර – රූපාවචර – අරූපාවාචර – අපරියාපන්න වශයෙන් ද, ඡන්‍ද – චිත්ත – වීරිය – වීමංසා වශයෙන් ද සමාධිය සිව්වැදෑරුම් සිව්වැදෑරුම් කොට දැක්වේ. පඤ්චධ්‍යානාඞ්ග වශයෙන් පස්වැදෑරුම් වේ.

සමාධියෙහි කිලිටි බව කිමෙක් ද? පිරිසිඳු බල කිමෙක් ද? සමාධිය නිසා ධ්‍යාන ලැබූ කෙනෙකු කම් සැපයෙහි ලොල් වීමෙන් සමාධිය කිලිටි වේ. සමාධිය නිසා ධ්‍යාන ලැබූවෙකු ඊටත් උසස් ධ්‍යානයන්ට පැමිණීමට උත්සාහවත් වන්නේ ද ඔහුගේ සමාධිය පිරිසිඳු වේ.

සමාධිය වැඩිය යුත්තේ කෙසේ ද? සීලයෙහි විස්තර කරන ලද පරිදි සිල් පිරිසිඳු කොට ගෙන, සුපරිශුද්ධ සීලයෙහි පිහිටි යෝගාවචරයා ආවාස – කුල – ලාභ – ගණ – නවකර්ම – අද්ධාන – ඤාති – ආබාධ – ග‍්‍රන්‍ථ – ඍද්ධි යන මේ දශ පලිබෝධ අතුරෙන් එක් පලිබෝධයක් හෝ ඇත්නම් එද දුරු කොට, කර්මස්ථානදායක කල්‍යාණමිත‍්‍රයන් වහන්සේ නමක් කරා එළැඹ, සතලිස් කර්මස්ථාන අතුරෙන් ස්වකීය චරිතානුකුල වූ කර්මස්ථානයක් ලබා ගෙන, සමාධි භාවනාවට අයෝග්‍ය ස්ථාන හැර පියා යෝග්‍ය ස්ථානයෙක වසමින්, සුළු පලිබෝධ පවා දුරු කොට, භාවනාවට නියම විධි එකකුදු නො පිරිහෙලමින් භාවනා කළ යුත්තේ ය. මෙහි කර්මස්ථානදායක කල්‍යාණමිත‍්‍රයා වෙත එළැඹ යන්නෙහි විස්තර කථනය මෙසේ දත යුතු.

සබ්බත්‍ථක කම්මට්ඨානය, පාරිහාරිය කම්මට්ඨානය යි කර්මස්ථානය දෙවැදෑරුම් ය. හැම තන්හි දී ම වැඩිය යුතු කම්මට්ඨානයෝ සබ්බත්‍ථක කම්මට්ඨාන නමි. භික්‍ෂුසඞ්ඝාදීන් කෙරෙහි පතුරන මෛත‍්‍රිය හා මරණ සතිය සබ්බත්‍ථක ය. ඒ වඩන ක‍්‍රමය මෙසේ යි. යෝගාවචරයා පළමු කොට පරිච්ඡේදය වශයෙන් සීමායෙහි වැසි භික්‍ෂු සඞ්ඝයාගේ පටන් පිළිවෙලින් සකල සත්ත්වයන් කෙරෙහි “සුවපත් වෙත්වා! නිදුක් වෙත්වා!” යි මෛත‍්‍රී වැඩිය යුත්තේ ය. සියල්ලන්ගේ සිත්හි මෘදුත්‍වය ඇතිවන හෙයින් යෝගාවචරයාට එහි උපද්‍රව රහිත ව සුවසේ විසිය හැකි වන්නේ ය.

මරණ සති වැඞීමෙන් මරණය සලකා අයෝග්‍ය ප‍්‍රත්‍ය සෙවීම් හැරපියා මතු මතු ද සංවේග වඩන්නේ නො පසු බස්නා පැවැතුම් ඇත්තෙක් වන්නේ ය. ඇතැම්හු අසුභ සඤ්ඤාව ද සබ්බත්‍ථක යි කියත්. අසුභ සඤ්ඤා පුරුදු කළහුගේ සිත දිව්‍ය අරමුණු පවා ලෝභ වශයෙන් ඇදගන්නට සමර්ථ නො වෙත්. මෙසේ “සබ්බත්‍ථ අත්‍ථයිතබ්බා ඉච්ඡිතබ්බංති ච අධිප්පේතස්ස යොගානුයොග කම්මස්සඨානංචාති සබ්බත්‍ථක කම්මට්ඨානං” යි දක්වන ලද පරිදි මේ කර්මස්ථානත‍්‍රය යෝගාවචරයනට බොහෝ උපකාර වන බැවින් සියලූ කර්මස්ථාන විෂයෙහි කැමැති විය යුතු බැවින් ද, අභිමත භාවනායෙහි යෙදීමට කාරණ වන බැවින් ද සබ්බත්‍ථක යි කියනු ලැබේ. සමසතලිස් කර්මස්ථාන අතුරෙන් යම් කමටහනෙක් යමෙකුගේ චරිතයට අනුකුල වන්නේ නම්, එය ඔහු විසින් නිතර පරිහරණය කළ යුතු බැවින්, එසේ ම මතු මතු භාවනා කර්මයට උපකාරවත් වන බැවින් පාරිහාරිය කම්මට්ඨානය යි කියනු ලැබේ.
මේ විවිධ වූ කර්මස්ථාන දෙන කම්මට්ඨානදායකයා කල්‍යාණ මිත‍්‍රයෙකු වන්නේ කවර හෙයින් ද යත්…? යමෙක් ස්වකීය සීලසම්පත්තියෙන් ආශ‍්‍රිතයන්ට ප‍්‍රිය වන්නේ ද, පාෂාණච්ඡත‍්‍රයක් මෙන් ගරු වන්නේ ද, ගුණ වශයෙන් සම්භාවනා කටයුතු වන්නේ ද, ආශ‍්‍රිතයන්ට අවවාද කියන්නේ ද, චෝද්‍ය වශයෙන් විචාළ ප‍්‍රශ්න ඉවසන සුලු වන්නේ ද, සත්‍ය – ප‍්‍රතීත්‍යසමුත්පාදාදී ගැඹුරු ධර්ම කියා දෙන්නේ ද, ස්වකීය ආශ‍්‍රිතයන් අස්ථානයෙහි නො යොදන්නේ සුදුසු තන්හි ම යොදන්නේ ද, හේ කල්‍යාණමිත‍්‍ර වේ. සංයුත් සඟියෙහි කෝසල සංයුක්තයෙහි පැනෙන පරිදි “මමං හි ආනන්‍ද කල්‍යාණමිත්තං සත්තා ජාතියා පරිමුච්චන්ති” ජාතිස්වභාව කොට ඇති සත්ත්‍වයෝ ජාතියෙන් මුදවනු ලබන බැවින් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ ම සර්වාකාරකල්‍යාණමිත‍්‍ර වන සේක.
උන්වහන්සේ ධරමාන කල්හි උන්වහන්සේ වෙතින් ම ගත් කර්මස්ථානය ම සුගෘහිත වන්නේ ය. උන්වහන්සේ පිරිනිවි කල්හි චතුෂ්ක – පඤ්චක ධ්‍යාන උපදවා ඒ ධ්‍යාන පදස්ථාන කොට විදර්ශනා වඩා රහත් වූ ක්‍ෂීණාශ‍්‍රවයන් වහන්සේ වෙතින් ගත යුතු. ඉඳින් ක්‍ෂීණාශ‍්‍රවයෙකු නො ලද නම් අනාගාමීන් වෙතින් ද, පිළිවෙලින් සකෘදාගාමී, සෝවන්, ධ්‍යාන ලාභී, පෘථග්ජන ති‍්‍රපිටකධර, ද්වි – ඒකපිටකධරයන් වෙතින් ද ගත යුතු. ඒකපිටධරයෙකුදු නැති කල්හි ලජ්ජිතන්තිධර වූ බුද්ධවංශාරක්‍ෂක වූ ආචරිය මතික ලජ්ජිකයෙකු වෙතින් ගත යුත්තේ ය. පොරාණ මතයෙහි ලජ්ජියාම ශාසනාරක්‍ෂකයා (ලජ්ජිරක්ඛිස්සති) වන හෙයිනි.
යට දක්වන ලද “ස්වකීය චරිතානුකුල වූ කර්මස්ථානයක් ලබා ගෙන” යන මෙහි චරිත වනාහි රාග චරිත – ද්වේෂ චරිත – මෝහ චරිත – ශ‍්‍රද්ධා චරිත – බුද්ධි චරිත – විතක්ක චරිත යි සවැදෑරුම් වේ. මේ චරිතයන්ගේ වශයෙන් පුද්ගලයෝ ද සදෙනෙක් වෙයි. ඔවුන් අතුරෙන් රාග චරිතයා හට වනාහි (ශ‍්‍රද්ධාව රාගයට ආසන්න ගුණ ඇති බැවින්) කුසල ප‍්‍රවෘත්ති සමයෙහි ශ‍්‍රද්ධාව බලවත් වේ. එහෙයින්, රාග චරිතයා හට ශ‍්‍රද්ධා චරිතයා සභාග යි. බුද්ධිය ද්වේෂයට ආසන් ගුණ ඇති බැවින් ද්වේෂ චරිතයා හට කුසල ප‍්‍රවෘත්තී සමයෙහි බුද්ධිය බලවත් වේ. එබැවින් ද්වේෂ චරිතයා හට බුද්ධි චරිතයා සභාග යි. මෝහ චරිතයා හට නූපන් කුසල් උපදවන්නට වෑයම් කරත් ම, බොහෝ සෙයින් අන්තරායකර විතර්ක උපදී. විතර්කය මෝහයට ආසන්න ලක්‍ෂණ ඇති බැවිනි. එහෙයින් මෝහ චරිතයාට විතර්ක චරිතයා සභාග යි.
මේ සවැදෑරුම් චරිතයන්ගේ නිදාන කිමෙක් ද? මේ රාග චරිතයා ය; මේ ද්වේෂ චරිතයා ය යනාදීන් කෙසේ දත හැකි ද? සවැදෑරුම් චරිතයන්ගේ නිදානය සම්බන්‍ධවැ අත්‍ථකථාචාර්ය මතානුසාරයෙන් නිශ්චිත විනිශ්චයෙක් දිය නො හැක්කේ ය. විමුක්තිමග්ග කර්තෘවර උපතිස්ස ස්ථවිරයෝ ද, විශුද්ධිමග්ග කර්තෘවර බුද්ධඝෝෂ ස්ථවිරයෝ ද මේ චරිත නිදානය අරභයා විවිධ මත දක්වති. ඒ ඒ වාදයන්හි සාධනීයභාවය කවරක් වෙතත්, ඉරියව් වශයෙන් ද, කෘත්‍ය වශයෙන් ද, වැළඳීම් වශයෙන් ද, දර්ශනාදී වශයෙන් ද, ධර්මප‍්‍රවෘත්ති වශයෙන් ද මේ රාගචරිතයා ය; මේ ද්වේශ චරිතයා ය යනාදීන් නිශ්චය කොට හෙයි. එසේ විනිශ්චය කළ හැක්කා වූ නිර්ණායකයෝ ද, කවර චරිතයක් ඇති පුද්ගලයෙකුට කිමෙක් සප්පායදාදීන් ද එහි ම දක්වා ඇත්තේ ය. මේ චරිත විභාග විස්තරය හුදෙක් ආචාර්යවාදය පමණකැ යි දත යුතු. විවිධ චරිත ලක්‍ෂණ පුද්ගලයන් තුළ මිශ‍්‍ර ව දක්නා ලැබෙත්. එහෙයින් ම, සාර වශයෙන් නො ගෙන අටුවායෙහි කියන පරිදි පරචිත්තවිජානනය ඇති ආචාර්යවරයෙකුගෙන් ම නිශ්චිත ව දත යුත්තේ ය.

  • සංඛ්‍යා නිර්දේශ වශයෙන්
  • උපචාර – අපර්ණාවහ වශයෙන්
  • ධ්‍යාන ප‍්‍රභේද වශයෙන්
  • සමතික‍්‍රම වශයෙන්
  • වර්ධන – අවර්ධන වශයෙන්
  • ආරම්මණ වශයෙන්
  • භූමි වශයෙන්
  • ග‍්‍රහණ වශයෙන්
  • ප‍්‍රත්‍යය වශයෙන්
  • චරියානුකුල වශයෙන්
සමථය පිළිබඳ දශ ආකාර කර්මස්ථාන විනිශ්චයෙකි. මේවා එකක් එකක් මෙසේ විස්තර වෙයි.

එයින් සංඛ්‍යා නිර්දේශයෙහි: පඨවි – ආපෝ – තේජෝ – වායෝ – නීල – පීත – ලෝහිත - ඕදාත – ආලෝක – පරිච්ඡින්නාකාස යි කසිණ දහයකි. උද්ධුමානක – විනීලක – විපුබ්බක – විච්ඡිද්දක – වික්ඛායිතක – වික්ඛිත්තක – හතවික්ඛිත්තක – ලෝහිතක – පුලවක – අට්ඨික යි අසුභ දහයකි. බුද්ධානුස්සති – ධම්මානුස්සති – සඞ්ඝානුස්සති – සීලානුස්සති – චාගානුස්සති – දේවතානුස්සති – මරණානුස්සති – කායාගතාසති – ආනාපාණසති – උපසමානුස්සති යි අනුස්සති දහයකි. මෙත්තා කරුණා මුදිතෝපේක්‍ෂායාදී වශයෙන් බ‍්‍රහ්ම විහාර සතරෙකි. ආකාසානඤ්චායතනය – විඤ්ඤාණඤ්චායතනය – ආකිඤ්චඤ්ඤායතනය – නේවසඤ්ඤානාසඤ්ඤායතනය වශයෙන් ආරුප්ප සතරකි. ආහාරේ පටික්කුල වශයෙන් සඤ්ඤා එකකි. චතුධාතුවවත්‍ථාන යි වවත්‍ථාන එකකි.

මේ සංඛ්‍යා නිර්දේශයෙහි දැක්වෙන්නා වූ සමසතළිස්කර්මස්ථානයෝ ම ඒ ඒ විනිශ්චයට යෝග්‍ය වශයෙන් සෙසු උපචාර – අපර්ණාවහ, ධ්‍යානාදී විනිශ්චයන්හි ද පැනෙතැ යි දත යුතු. භාවනාවට සිත් ඇති පුද්ගලයා චූළ පිණ්ඩපාතික තිස්ස තෙරුන් අතවැසි තිදෙනා මෙන් ස්වකීය භාවනාව සාර්ථක කර ගැන්මෙහි ලා උත්සුක විය යුත්තාහ. අලෝභාදී සය ආකාරයකින් පිරිපුන් අදහස් ඇත්තන් විසින් ම කමටහන් වැඩිය යුතු ය. ඔවුහු ම ත‍්‍රිවිධ බෝධීන් අතුරෙන් එක්තරා බෝධියකට පැමිණෙන්නෝ වෙති. පරසිත් දන්නා ආචාර්යවරයා විසින් අතවැසියා කවර චරිතයක් ඇත්තෙක් දැ යි විමසා ඔහුට සුදුසු කමටහනක් ද, කසිණභාවනාදී නවවිධ උපදෙස් ද දිය යුත්තේ ය. කමටහන් ලද යෝගාවචරයා ඒ සියලූ උපදෙස් මනා ව ධාරණය කොට ගැනීමෙනි භාවනාව සර්වප‍්‍රකාරයෙන් ම සාර්ථක වන්නේ…
මෙපරිද්දෙන් කර්මස්ථානයන්ට අනුගත වැ සමාධි භාවනාව වඩන කල්හි එහි ඵල වශයෙන් නා නා ආනිසංස අත්පත් කර දෙයි. ඒ මෙසේ යි. රහතන් වහන්සේ සමාපත්තියට සමවැද එකඟ සිත් ඇති ව දවස් යවම් හ’යි සමවදනා කල ඒ සමාධිය මෙලොව සැප විහරණය පිණිස වෙයි. රහත් නො වූ පෘථග්ජනයෝ සමාධි භාවනාව නිසා විදර්ශනා වඩා නිවන් දකිනු ලැබෙත්. අෂ්ට සමාපත්ති උපදවා අභිඥා පාදක කොට ධ්‍යානයට සමවැදී නොයෙක් පෙළහර පෑමට හැකි වෙයි. සමාධියෙන් නො පිරිහී කාලක‍්‍රියා කෙළේ නම් බඹලොව උපදී. අෂ්ට සමාපත්තිය උපදවා ගත් අනාගාමී රහත් යන දෙපක්ෂයට සත් දවසක් අචිත්තක ව නිරෝධ සමාපත්තියට සමවැදී වාසය කළ හැකි වෙයි. මෙසේ සමාධි භාවනාවෙහි මෙලොව දී ම ලද හැකි ආනිසංස පහක් වෙයි.

යෝගාවචර භික්ෂු තෙමේ සිත එකඟ කොට පිරිසිඳු ව සියලූ පාපධර්මයන්ගෙන් මිදී කෙලෙසුන් කෙරෙන් දුරු ව උපක්ලේෂයන්ගෙන් දුරු ව, මොළොක් ව ඍද්ධිවිධකර්මයට සුදුසු ව කෙලෙසුන් නිසා නො සැලෙන බවට පැමිණි කල්හි ඉද්ධිවිධ ඥානය ලබයි. අධිට්ඨාන – විකුබ්බන – මනෝමය – ඤාණවිප්ඵාර – සමාධිවිප්ඵාර – සමාධිවිප්ඵාර – අරිය – කම්මවිපාකජ – පුඤ්ඤවතෝ – විජ්ජාමය – සම්මාපයෝගපච්චය යි දස වැදෑරුම් ප‍්‍රභේදයන්ගෙන් ඉද්ධිය විස්තර වේ.

එක් අයෙක් බොහෝ දෙනෙකු වීම ය, එක් අයෙක් විවිධ ඉරියව් පවත්වන බොහෝ දෙනෙක් වීම ය, බොහෝ දෙනෙක් එක් අයෙක් වීම ය, ආවිභාව ය, තිරෝභාව ය, අහසෙහි ද, ජලයෙහි මතුපිට ද ඇවිදීම, සඳහිරු අතින් ඇල්ලීම ආදී වශයෙන් විවිධ ඍද්ධිප‍්‍රාතිහාර්යයන් ද පෑමෙහි සමත් වන්නේ ය. එමතු ද නො ව, දෙවියන්ට මෙන් ඉතා දුර වූ ද, ඉතා සියුම් වූ ද ශබ්ද ඇසීමට හැකි දිබ්බසෝත ඤාණය උපදවා ගන්නේ ය. සරාග – වීතරාග – සදෝස – වීතදෝස – සමෝහ – වීතමෝහ – සංඛිත්ත – වික්ඛිත්ත – මහග්ගත – අමහග්ගත – සඋත්තර – අනුත්තර – සමාහිත – අසමාහිත – විමුත්ත – අවිමුත්ත යන සියලූ සිත් දත හැකි චේතෝපරිය ඤාණය ද උපදනේ ය. පෙර ජාතීන්හි කාම රූප අරූප භවයන්හි පැවැති ස්කන්ධ පරම්පරාව සිහි කිරීමට හැකි ස්මෘතිය හා එක් ව පැවැති ඤාණය පුබ්බේනිවාසානුස්සති ඤාණය ද උපදනේ ය.

මේ ශාසනයෙන් බැහැර තීර්ථකයෝ පූර්වානුස්මෘති වශයෙන් සතලිස් කල්පයක් කල් සිහි කිරීමට තරම් ශක්තිය ලබති. මේ සස්නෙහි ප‍්‍රකෘති ශ‍්‍රාවකයෝ කල්ප සියයක් දහසක් සිහි කිරීමට සමත් වෙති. අසූමහ ශ‍්‍රාවකයෝ කල්ප ලක්ෂයක්, අග‍්‍ර ශ‍්‍රාවකයෝ ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ද, පසේබුදුවරයෝ දෙයාසංඛ්‍ය කල්පලක්ෂයක් ද, සම්මාසම්බුදුවරයෝ සීමාරහිත කාලයක් ද සිහි කිරීමට සමර්ථ වන්නාහ. එහෙයින් ම තීර්ථකයන්ගේ දැක්ම කදෝපැණි එලියෙන් දකින්නා සේ ද, ප‍්‍රකෘති ශ‍්‍රාවකයන්ගේ දැක්ම පහන් එලියකින් දැකීමක් සේ ද, අසූමහාශ‍්‍රාවකයන්ගේ දැක්ම ගිනි සුලකින් දැකීමක් සේ ද, අග‍්‍රශ‍්‍රාවකයන්ගේ දැක්ම ඕසධී තාරකා එලියකින් දැක්මක් සේ ද, පසේ බුදුවරයන්ගේ දැක්ම සඳ එළියෙන් දැක්මක් සේ ද, සම්මාසම්බුදුවරයන්ගේ දැක්ම සූර්යාලෝකයෙන් දැක්මක් සේ යැ යි කියන ලදී. එමතු ද නො ව, සත්ත්වයන්ගේ මරණයත් උත්පත්තිය දැන ගන්නා චුතූපපාත ඤාණය ද ලැබගත හැකි වෙයි. නමුදු මේ ලෞකික ලාභයෝ ලැබීමෙන් පමණක් සසර දුක් කෙළවර නො වෙයි. එහෙයින් සමාධියෙන් නැගී උත්තරීතර ප‍්‍රඥාව කරා සිත මෙහෙයැවිය යුතු වෙයි.
 
Last edited:

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
ප්‍රඥාව

ප්‍රඥාව නම් කිම? කවර අර්ථයෙන් ‘ප්‍රඥා’ නම් වේ ද? ඒ ප්‍රඥාවගේ ලක්ෂණ, රස, ප්‍රත්‍යුපස්ථාන, පදස්ථානයෝ කවරහු ද? ප්‍රඥාව කී වැදෑරැම් ද? කෙසේ ප්‍රඥා භාවනා වැඩිය යුතු ද? ප්‍රඥා භාවනානිසංස කවරේ ද? යනාදිය පිළිබඳ ක‍්‍රමයෙන් විසඳනු ලබන අගනා ධර්ම ශාස්ත්‍රීය විග‍්‍රහයක් මෙහි පැනෙයි.
පූර්වයෙන් විස්තර කරන ලද පරිදි පඤ්චාභිඤ්ඤා වශයෙන් ලබන ලද අනුසස් ඇති අතිශයින් ස්ථිර වූ සමාධි භාවනාවෙන් යුක්ත වූ යෝගාවචර භික්‍ෂුව විසින් “සීලේපතිට්ඨාය නරොසපඤ්ඤා – චිත්තං පඤ්ඤංච භාවං” යි චිත්ත ශීර්ෂයෙන් දැක්වූ සමාධිය සර්වාකාරයෙන් වඩනා ලද්දේ ය. ඉක්බිති “පඤ්ඤං භාවයං” යි දක්වන ලද පරිදි ප‍්‍රඥා භාවනාවට ප‍්‍රවිශ්ට විය යුත්තේ ය. මෙහි දැක්වෙනුයේ එකී ප‍්‍රඥාව පිළිබඳ විස්තර කථනය යි.
ප‍්‍රඥාව යනු කුමක් දැ යි යන පැනයට එක එල්ලේ ම පිළිතුරු දිය නො හැකි මුත්, කුසල් සිත්හි යෙදුණු විදර්ශනා ඤාණය මෙහිලා ප‍්‍රඥා යැයි ගනු ලැබේ. නා නා ප‍්‍රකාරයෙන් ප‍්‍රභේද වශයෙන් දැන ගැනීම ය, අරමුණු වශයෙන් හැඳින ගැනීම ය, විශේෂ දැනගැනිම ය යන අර්ථයෙන් ප‍්‍රඥා යැයි කියන ලදි.
රන්කරුවාගේ රන්පෝරුව මත තැබූ කහවණු රැසක් දැක හටගත් නුවණ නැති බාල දරුවෙක් ඒ කහවණුයෙහි වර්ණය, සලකුණු ය යන මේ ආදී වශයෙන් දැන ගනී. එහෙත්, ගනුදෙනු ආදිය පිණිස මෙතෙක් අගනා වස්තුවෙකැ යි නො දනී. එහි පැමිණෙන පිටිසර ගම්වැසි පුරුෂයෙක් ඒ කහවණුවෙහි වර්ණ – සටහන් ආදිය ද, ගනු දෙනු පිණිස මෙතෙකැ යි උපකාර වන්නේ ද ආදිය දනී. එහෙත්, මෙය තඹ ආදියෙන් කළ බාල කහවණුවෙකැ යි ද යනාදීන් විශේෂ කොට නො දනී. එනමුදු, ඒ කහවණුව සන්තකයෙහි තබා ගෙන සිටින රන්කරු තෙමේ බාලදරුවාගේ හැඳිනීම් ආකාරය ද, පිටිසර වැසියාගේ හැඳිනීම් ආකාරය ද මනා ව දන්නේ වෙයි. එමතු ද නො ව, ඇසින් බැලීමෙන් ද, ගටා කනින් හඬ ඇසීමෙන් ද, සිඹ නැහැයෙන් ගඳ දැනීමෙන් ද, දිව ගා රස බැලීමෙන් ද, අතින් කිරා බර දැනීමෙන් ද මේ කහවණුව අසුවල් ගම හෝ නියම්ගම හෝ නුවර කරවන ලදැ යි හෝ අසුවල් පර්වතයෙහි උපනැ යි හෝ අසුවල් ශිල්පියා විසින් කරන ලදැ යි හෝ සැක හැර දැන ගනී.
එපරිද්දෙන් සංඥා – විඥාන – ප‍්‍රඥාවන්ගේ දැනීම සමාන යැයි පෙනුන ද, රන්කරුවාගේ කහවණු හැඳිනීම මෙන් විවිධාකාරයෙන් ප‍්‍රකට කොට දැකීම් වශයෙන් ප‍්‍රඥාව විස්තර වෙයි. නීලාදී වශයෙන් අරමුණු ආකාර දැනීමට ද, අනිත්‍යාදී වශයෙන් ප‍්‍රතිවේධයට පමුණුවා මත්තෙහි ද සෝවන් ආදී මාර්ගයන්ට පමුණුවාලීමට සමත් හෙයිනි. ළදරුවාගේ කහවණු හැඳිනීම මෙන් සංඥාව නීලාදී වශයෙන් අරමුණු වැටහුණු ආකාර මාත‍්‍රයක් ම වෙයි. පිටිසර වැසියාගේ කහවණු හැඳිනීම මෙන් විඥානය නීලාදී වශයෙන් වණ්ණ – ඝණ්ඨානාදිය හැඳිනීමට හා මත්තෙහි අනිත්‍යාදී වශයෙන් ලක්‍ෂණ ප‍්‍රතිවේධයට පමුණුව යි. එහෙත්, ප‍්‍රකර්ශයෙන් දැක්ක නො හෙයි.
එහෙයින් මැ නාගසේන ස්ථවිරයෝ මිලිඳු රජුට, “එක් අරමුණෙක පවත්නා අරූපී වූ චිත්ත – චෛතසික ධර්මයන් අතුරින් මේ ඵස්සය, මෝ වේදනාය, මෝ සංඥාය, මෝ චේතනාය, මේ චිත්තයැ” යි මෙසේ වෙනස් ආකාර දේශනා කිරීමෙන් අනෙකකු විසින් නො කට හැකි දුෂ්කරයක් කළ සේකැ යි භාග්‍යවතුන් වහන්සේ විසින් කරන ලදැ යි කීයේ යි. පෘථිවි ආදී රූපධර්මයන්ගේ තද බැව් ආදිය හා ස්පර්ශාදී අරූප ධර්මයන්ගේ අරමුණෙහි වැදගැනීම් ස්වභාවාදී එකිනෙකෙහි පවත්නා විශේෂ ස්වභාවය හෝ අනිත්‍යාදි සියල්ලට සාධාරණ ස්වභාවය හෝ අවිපරිත අවබෝධය ප‍්‍රඥාවේ ලක්ෂණය (ස්වභාවය) යි. නාම – රූප ධර්මයන්ගේ ස්වභාවික ලක්‍ෂණය මුවහ කරන්නා වූ මෝහාන්‍ධකාරය දුරැලීම ප‍්‍රඥාවේ රසය (කෘත්‍ය හෝ සම්පත්ති) යි. නාම – රූප ධර්මයන්හි නුමුළාවීම් සඞ්ඛ්‍යාත ඵලය පච්චුපට්ඨාන (වැටහෙන ආකාරය) යි. මෙහිලා විදර්ශනා ප‍්‍රඥාව අභිපේ‍්‍රත හෙයින් සමාධිය පදට්ඨානය (ආසන්න කාරණය) යි දත යුතු.
නාම – රූප ධර්මයන්ගේ සාමාන්‍ය විශේෂ ස්වභාවය ප‍්‍රතිවේධ කිරීම් වශයෙන් ප‍්‍රඥාව ආවේණික ස්වභාවයෙන් ඒකවිධ ය. කාමාවචර – රූපාවචර – අරූපාවචර කුසල චිත්තයෙහි හෝ දිට්ඨි ආදී විසුද්ධීන්හි යෙදෙන ලෞකික ප‍්‍රඥා ය, මාර්ග සිත්හි යෙදෙන ලෝකෝත්තර ප‍්‍රඥා ය යි ප‍්‍රඥාවෙහි ප‍්‍රථම ද්විකය යි. කාමාදී ආශ‍්‍රවයනට හෝ තත් සම්ප‍්‍රයුක්තයනට අරමුණු වූ සාශ‍්‍රව ප‍්‍රඥා ය, කාමාදී ආශ‍්‍රවයනට අරමුණු නො වූ හෝ ආශ‍්‍රව සම්ප‍්‍රයුක්ත නො වූ අනාශ‍්‍රව ප‍්‍රඥා ය යි ද්විතීය ප‍්‍රඥා ද්විකය යි. විදර්ශනා වඩන්නහුගේ සතර නාම ධර්ම විභාග වශයෙන් නාම ව්‍යවස්ථාන ප‍්‍රඥා ය, රූප විභාග කිරීම් වශයෙන් රූප ව්‍යවස්ථාපන ප‍්‍රඥා ය යි තෘතීය ද්විකය දැක්වෙයි.
ප‍්‍රඥාව පිළිබඳ චතුර්ථ ද්විකය මෙසේ යි. සෝමනස්ස සහගත ඤාණසම්පයුක්ත කුසල් දෙ සිතෙහි හා රූපාවාචර ප‍්‍රථම – ද්විතීය – තෘතීය – චතුර්ථ ධ්‍යානයෙන් සම්බන්‍ධ වූ සොළොස් මාර්ග චිත්තයෙහි යෙදුණු සෝමනස්ස සහගත ප‍්‍රඥාව ය, උපෙක්ඛා සහගත ඤාණසම්පයුක්ත කාමාවචර කුසල දෙ සිතෙහි හා පඤ්චමඣානික සතර මාර්ග චිත්තයෙහි යෙදුණු උපේක්ඛා සහගත ප‍්‍රඥාව වශයෙනි. සෝවන් මාර්ගය හා යෙදුණු ප‍්‍රඥාව ප‍්‍රථම කොට නිර්වාණය දක්නා හෙයින් දර්ශනභූමික ය. අවශේෂ මාර්ගත‍්‍රය හා යෙදුණු ප‍්‍රඥාව භාවනා භූමික ය. මේ අවසාන ප‍්‍රඥා ද්විකය යි.
ශ‍්‍රැතාදින් තොර ව තමා සිතා උපදවන ලද බැවින් ද, අනුන්ගේ උපදෙසින් උපදවන ලද බැවින් ද, අසා හෝ නො අසා හෝ භාවනාවෙන් උපදවන ලද බැවින් ද පිළිවෙලින් චිත්තාම ය, ශ‍්‍රැතමය, භාවනාමය යි ප‍්‍රඥායෙහි ත‍්‍රිප‍්‍රභේදයක් දැක්වෙයි. කාමාවචර ධර්මයන් අරභයා පැවැති පරිත්තාරම්මණ ය, රූපාවචර – අරූපාවචර ධර්මයන් අරභයා පැවැති මහග්ගතාරම්මණ ය, නිර්වාණය අරභයා පැවැති අප්පමාණාලම්බන ය යි ප‍්‍රඥාවේ ද්විතීය ත‍්‍රිකය යි. ආය – අපාය – උපායකොසල්ල වශයෙන් තෘතීය ත‍්‍රිකයකි. අනර්ථ නැසීම ය, අර්ථ ඉපැදවීම යි දෙවැදෑරුම් වූ වැඞීම ආය නමි. එහි කුසලභාවය ආයකොසල්ල යි. අර්ථය පිරිහීම, අනර්ථය ඉපදීම යන දෙකින් පිරිහීම අපාය නමි. ඒ ඒ කටයුත්තෙහි උපාය කෞශල්‍යය වූ යම් ප‍්‍රඥාවෙක් වේ නම් උපාය කෞශල්‍යය නමි. එසේ ම, තමා සතන්හි පිළිපැදීම කරන්නා වූ අජ්ඣත්තාභිනිවෙසය විදර්ශනා ප‍්‍රඥාව ය, බාහිර සන්තානයෙහි නුවණ පිහිටුවීමෙන් පිළිපදනා බහිද්ධාභිනිවේශ විදර්ශනා ප‍්‍රඥාව ය, අධ්‍යාත්ම – බාහිර දෙපක්‍ෂය ම නුවණින් ගෙන පිහිටුවන ලද්දේ අධ්‍යාත්ම – බාහිරාභිනිවේශප‍්‍රඥාය යි අධ්‍යාත්මාභිනිවේශාදී වශයෙන් ප‍්‍රඥාව ත‍්‍රිවිධ ව දැක්වෙයි.
දුඃඛාර්ය සත්‍යය – දුඃඛ සමුදාර්ය සත්‍යය – දුඃඛ නිරෝධාර්ය සත්‍යය – දුඃඛ නිරෝධගාමිණී පටිපදාර්ය සත්‍යය යි ප‍්‍රඥාව සිව්වැදෑරුම් ය. අර්ථ – ධර්ම – නිරුක්ති – ප‍්‍රතිභාන යන සතරෙහි ප‍්‍රභේදගත ප‍්‍රඥාව සතරප‍්‍රතිසම්භිදා ප‍්‍රඥා නම් වෙයි. අර්ථ නම් සැකෙවින් හේතුඵලය යි. ධර්ම නම් සඞ්ක්‍ෂ්පභාවයෙන් ප‍්‍රත්‍යයට නමි. මේ ස්වභාවය නිරුක්තිය නො වේ ය යි ඒ ස්වභාව නිරුක්තිය වූ මාගධ භාෂායෙහි ප‍්‍රභේදගත ඤාණය නිරුක්ති නමි. මේ අර්ථ – ධර්ම – නිරුක්ති ත‍්‍රිවිධ ඥාන විෂයෙහි මේ ඤාණයට මෙ නම් ගෝචර කෘත්‍යාදියක් ඇතැ යි විස්තර වශයෙන් දැකීම පටිභාන නමි. මේ සිව්පිළිසිඹියාවෝ ශෛක්‍ෂභූමියෙහි හා අශෛක්‍ෂභූමියෙහි ම ප‍්‍රභේදගත වෙයි. අග‍්‍රශ‍්‍රාවක මහාශ‍්‍රාවකයන්ගේ සිව්පිළිසිඹියාවෝ අශෛක්‍ෂභූමියෙහි ම ප‍්‍රභේදගත වෙති. ආනන්‍ද ස්ථවිර – චිත්තගහපති – ධම්මික උපාසක – ඛුජ්ජුත්තරා උපාසිකා ආදීන්ගේ සිවුපිළිසිඹියාවෝ ශෛක්‍ෂභූමියෙහි ප‍්‍රභේදගත වෙති.
මෙසේ මේ ද්විභූමියෙහි ප‍්‍රභේදගත වන්නාහු ද, අර්හත්‍වයට පැමිණීම යන අධිගමය ද, බුද්ධවචනය ප‍්‍රගුණ කිරීම යන පර්යාප්තිය ද, මනා ව අර්ථවත් කොට සද්ධර්මශ‍්‍රවණය යන ශ‍්‍රවණය ද, පෙළ අටුවාදාදීන්හි ගැටපද – අර්ථපද ආදිය පිළිබඳ විනිශ්චය කථාව විචාරීම යන පරිපුච්ඡාය, පෙර බුදුවරයන්ගේ ශාසනයන්හි ගත – පච්චාගතාදි වශයෙන් භාවනා වඩා අනුලෝම – ගෝත‍්‍රභු ඤාණයෙන් සමීපයෙහි වූ මුඤ්චිතුකම්‍යතා – පටිසඞ්ඛාණ – සඞ්ඛාරුපෙක්ඛා ඤාණය තෙක් විදර්ශනාවෙහි උත්සාහවත් වීම යන පූර්වයෝගය යන පස් ආකාරයෙන් මේ සිව්පිළිසිඹියාවෝ විසද වෙති. තව ද, ආචාර්ය මතයෙහි පූර්වයෝගය – බහුශ‍්‍රැතභාවය – දේශභාෂා දැනීම ය – ත‍්‍රිපිටකය දැනීම ය – ත‍්‍රිපිටකාර්ථ විචාරීම ය – සතර ඵලය – බහුශ‍්‍රැත ගුරුවරුන් සෙවීම ය – තියුණු ප‍්‍රතිභාග ඇති කල්‍යාණ මිත‍්‍රයන් ඇසුරු කිරීම ය යන මේ කරුණු අට ප‍්‍රතිසම්භිදාවට උපකාර ධර්මයෝ යි.

පෙර කී පස්ආකාරයන් හෝ මේ අටාකාරයන් අතුරින් බුදුවරයෝ ද, පසේබුදුවරයෝ ද පුබ්බයෝග අධිගමයන් නිසා සිව්පිළිසිඹියාවන්ට පැමිණෙති. බුද්ධශ‍්‍රාවකයෝ මේ සියලූ කාරණයන් සිමා ම පැමිණෙත්. වෙන ම ම විශේෂ කමටහනක් මේ සඳහා නැති. ශෛක්‍ෂයන්ගේ ශෛක්‍ෂඵල අවසානයෙහි ද, අශෛක්‍ෂයන්ගේ අර්හත්ඵල අවසානයෙහි ද පිළිසිඹියා පැමිණීම වේ. බුදුවරයන්ට දශබල ඤාණය අර්හත්‍වය නිසා සමෘද්ධවන්නා සේ සිව්පිළිසිඹියාවෝ ද සමෘද්ධ වෙති.

‘භූමි’ වූ ස්කන්‍ධාදී ධර්මයන්ගේ අර්ථ හා පාළිය ඉගෙන නුවණින් පුරුදු කොට ‘මූල’ වූ ධර්ම සම්පූ ර්‍ණ කොට ‘ශරීර’ වූ පඤ්ච විශුද්ධීන් වඩා ප‍්‍රඥා භාවනාව සිද්ධ කළ යුතු වේ. සෙසු පඤ්ච විශුද්ධීන්ගේ පිහිටීමට උපකාරවත් වන හෙයින් සීල – චිත්ත විශුද්ධි දෙක මූලයෝ යි කියන ලදි. දිට්ඨිවිසුද්ධි – කඞ්ඛාවිතරණවිසුද්ධි – මග්ගාමග්ගඤාණදස්සනවිසුද්ධි – පටිපදාඤාණදස්සනවිසුද්ධි – ඤාණදස්සනවිසුද්ධි යන භාවනා වශයෙන් වඩන ලද මේ පස ප‍්‍රඥා පරම්පරාවෙන් පවත්වන කල හස්ත – පාද ශීර්ෂස්ථාන වශයෙන් උපමා කොට අවයවයෙන් යුත් ශරිරය යැ යි කියනු ලැබෙති. මේ ප‍්‍රඥාව වැඩිය යුතු ආකාරය යි.
මෙහි ස්කන්‍ධ – ධාතු – ආයතන – ඉන්‍ද්‍රිය – සත්‍ය – ප‍්‍රතීත්‍යසමුත්පාදාදී ධර්ම භූමිය යි කී තන්හි විස්තර කථනය මෙසේ දත යුතු. ස්කන්‍ධ නම් රූපස්කන්‍ධය – වේදනාස්කන්‍ධය – සඤ්ඤාස්කන්‍ධය – සඕඛාරස්කන්‍ධය – විඤ්ඤාණස්කන්‍ධය යන මේ පස යි. චක්ඛු – රූප – සෝත – සද්ද – ඝාණ – ගන්‍ධ – ජීව්හා – රස – කාය – ඵොට්ඨබ්බ – මන – ධම්ම යැයි ආයතන දොළොසකි. එහි එකක් එකක් පාසා අර්ථය, ලක්‍ෂණය, අනූන – අනධිකතාය, ක‍්‍රමය, සංක්‍ෂ්පවිස්තාරය, දතයුතු බව ය යන මොවුන්ගේ වශයෙන් විනිශ්චය වෙයි.
ආයතන කථාවට අනතුරු ව, ධාතු කථාව දක්වනු ලැබේ. ධාතු කථායෙහි චක්ඛු – රූප – චක්ඛුවිඤ්ඤාණ – සොත – සද්ද – සොතවිඤ්ඤාණ – ඝාණ – ගන්‍ධ – ඝාණවිඤ්ඤාණ – ජීව්හා – රස – ජීව්හාවිඤ්ඤාණ – කාය – ඵොට්ඨබ්බ – කායවිඤ්ඤාණ – මනො – ධම්ම – මනොවිඤ්ඤාණ ධාතුය යි ධාතූහු අටළොසෙකි. මෙහි අර්ථ වශයෙන් ද, ලක්‍ෂණාදීන් වශයෙන් ද, ක‍්‍රම වශයෙන් ද, තාවත් ප‍්‍රමාණ වශයෙන් ද, සංඛ්‍යා වශයෙන් ද, ප‍්‍රත්‍ය වශයෙන් ද, දතයුතු බැවින් ද විනිශ්චය වෙයි. ධාතූන්ට අනතුරු ව දක්වන ලද ඉන්‍ද්‍රියයෝ චක්ඛු – සොත – ඝාණ – ජීව්හා – කාය – ඉත්‍ථි – පුරිස – ජීවිත – මන – සුඛ – දුක්ඛ – සොමනස්ස – දොමනස්ස – උපෙක්ඛා – සද්ධා – විරිය – සති – සමාධි – පඤ්ඤා – අනඤ්ඤාතඤ්ඤාස්සාමීති – අඤ්ඤි – අඤ්ඤාතාවි යැයි ද්වාවිසති විධ ය.
එහි විභාගය අර්ථ වශයෙන්, භේද – අභේද වශයෙන්, ලක්‍ෂණාදි වශයෙන්, කෘත්‍යය වශයෙන්, ක‍්‍රම වශයෙන්, භූමි වශයෙන් යැයි සයාකාරයකි. “සච්චානීති චත්තාරි අරියසච්චානි” යි සත්‍ය ශබ්දයෙන් දක්වන ලද ආර්ය සත්‍යය ම සත්‍ය නිර්දේශ වශයෙන් දක්වනු ලැබේ. දුඃඛාර්ය සච්ච – දුඃඛ සමුදාර්ය සච්ච – දුඃඛ නිරෝධාර්ය සච්ච – දුඃඛ නිරෝධගාමිණී පටිපදාර්ය සච්ච යි චතුර්විධ වේ. විදර්ශනාවට භූමි වූ හෙයින් ම ආර්ය සත්‍යය යි කියනු ලැබේ.
මේ සත්‍ය සතර, අර්ථ විභාග වශයෙන් ද, නිර්වචන වශයෙන් ද, ලක්‍ෂණාදීන්ගේ ප‍්‍රභේද වශයෙන් ද, සාමාන්‍ය අර්ථ වශයෙන් ද, අර්ථ උදුරා දැක්වීම් වශයෙන් ද, අඩු වැඩි නො වීම් වශයෙන් ද, ක‍්‍රම වශයෙන් ද, ජාති ආදීන්ගේ නිශ්චය වශයෙන් ද, ආර්ය සත්‍යාගත ඥාන කෘත්‍ය වශයෙන් ද, ධර්මයන්ගේ ප‍්‍රභේද වශයෙන් ද, උපමා වශයෙන් ද, චතුෂ්ක වශයෙන් ද, ශූන්‍යතා වශයෙන් ද, එකවිධාදීන්ගේ ප‍්‍රභේද වශයෙන් ද, සභාග වශයෙන් ද, විසභාග වශයෙන් දැ යි මෙසේ සොළොස් ආකාරයකින් විනිශ්චය වෙයි. හේතුඵලය විග‍්‍රහ කෙරෙන අවිද්‍යාදී පටිච්චසමුප්පාද ධර්මය ද දේශනා භේද වශයෙන්, අර්ථ වශයෙන්, ලක්‍ෂණ වශයෙන්, එකවිධාදී වශයෙන්, අංග පිරිසිඳීම් වශයෙන් විස්තර කෙරෙනු ලැබේ.
නාම – රූප ධර්මයන්හි යථා ස්වභාවය වශයෙන් විනිශ්චය කොට මනා සේ සත්ත්වයා ය, පුද්ගලයා ය යන මුලාව දුරු කරනු පිණිස නුමුලා ව සිත පිහිටුවීම පිණිස සත්ත්වයෙක්, පුද්ගලයෙක් නැතැ යි විනිශ්චයට බැස ගනී. මේ දිට්ඨි විසුද්ධි යැයි කියන ලදි. නාම – රූප දෙකේහි හේතුව පරීක්ෂා කිරීමෙන් සැක දුරුකර ගැනීම කඕඛාවිතරණ විසුද්ධි නමි.
විදර්ශනා භාවනාව ප‍්‍රගුණ කරන ආධුනික යෝගාවචරයාට ඇති වන වැරදි වැටහීම් නැති කරගනු පිණිස, නියම මාර්ගය මේ යැයි දැනගනු පිණිස වන ඤාණය මග්ගාමග්ග ඤාණ දස්සන විසුද්ධිය යි. ඒ සඳහා ඒ ඒ ස්කන්ධ ධාතු ආයතනාදීන්ට අයත් බිඳීම් ආදී ලක්ෂණ මෙනෙහි කිරීම යන ඥාතපරිඥාව ද, ඒ ඒ ස්කන්ධ ධාතු ආයතනාදි අනිත්‍ය – දුක්ඛ – අනාත්ම වශයෙන් මෙනෙහි කිරීම යන තීරණ පරිඥාව ද, එම ස්කන්ධ ධාතු ආයතනාදිය නිත්‍ය නො වන හෙයින් අත්හැරීම යන ප‍්‍රහාණ පරිඥාව ද යන ඤාණ තුනෙන් යුතු ව, අනිත්‍ය – දුඃඛ – අනාත්ම සංඛ්‍යාත ත‍්‍රිලක්ෂණය මෙනෙහි කළ යුතු ය.
ආධුනික වශයෙන් විදර්ශනාවෙහි යෙදුණු යෝගියා හට අවභාසය – ඤාණය – ප‍්‍රීතිය – පස්සද්ධිය – සුඛය – අධිමොක්ෂය – ප‍්‍රග‍්‍රහ – උපට්ඨාන – උපේක්‍ෂාව – නිකන්ති යන මේ දශවිධ උපක්ලේෂයෝ පහළ වෙති. එම නිසා එබඳු උපක්ලේෂයන්ගෙන් නුමුලා ව, නිවැරදි මාර්ගය ම අනුගමනය කළ යුතු ය. මේ උපක්ලේෂයෝ යැයි හැඳින ඉන් මිදීමට උත්සාහ කට යුතු ය. මෙසේ නිවනට මග නො මග වශයෙන් නිවැරදි ව අවබෝධ කොට ගෙන විදර්ශනා ඥානය ඉදිරියට මෙහෙයැවිය යුතු ය. මෙසේ මෙහෙයවනු ලබන ප‍්‍රඥායෙහි මීළඟ පියවර වශයෙන් පටිපදා ඤාණදස්සන විසුද්ධිය විස්තර වෙයි. ප‍්‍රතිපක්‍ෂ ධර්මයන්ගේ පිරිසිඳු බවට පත් ආර්ය මාර්ගයට පමුණුවන ඤාණ සමූහය පටිපදා ඤාණ දස්සන විසුද්ධිය යි. උදය – ව්‍යායානු ඤාණය, භඞ්ගානුදර්ශන ඤාණය, භයතුපස්ථා ඤාණය, ආදීනවානුදර්ශන ඤාණය, නිර්විදානුදර්ශන ඤාණය, මුඤ්චිතුකම්‍යතා ඤාණය, පටිසංඛානුපස්සනා ඤාණය, සංඛාරෝපෙක්ෂා ඤාණය, සත්‍යානුලෝමක ඤාණය යි එබඳු ඤාණ නවයකි.
මේ නවවිධ පටිපදා ඤාණදස්සන ඤාණය විස්තර කරනු පිණිස වවුලී යැ, කෘෂ්ණා සර්ප යැ, ගෘහ යැ, ගව යැ, යකිනි යැ, ළදරු යැ, ක්‍ෂුධා යැ, පිපාසා යැ, ශිත යැ, උෂ්ණ යැ, අන්‍ධකාර යැ, විෂය යි දොළොස් අකාර උපමාවෝ දක්වන ලදී. එහි ගෘහ උපමාව මෙසේ යි. ගෙහිමියා රෑ අහර කිස නිමවා යහනට නැගී නිදි ගත් කලැ ගෙය ගිනි ගත්තේ ය. හේ පිබිදී ගිනි දැක බිය වී මේ ගින්නෙන් නො දැවී නික්ම යෙම් නම් මැනැවැ යි බලන්නේ මගක් දැක නික්ම වේගයෙන් නිර්භය ස්ථානයකට ගොස් සිටියේ ය. එහි ගෙහිමියා අහර ගෙන යහනට නැගි නිදීම සේ බාල පුහුදුනාගේ පස්කඳෙහි “මම ය, මාගේ ය” යි මමායනය ද, පිබිද ගිනි දැක බියපත් කල මෙන් සම්‍යක් ප‍්‍රතිපත්තියට පිළිපැද තිලකුණු දැකි භයතුපට්ඨාන ඤාණය ද නික්මෙන මග සෙවීම මෙන් මුඤ්චිතුකම්‍යතා ඤාණය ද, මග දැකීම මෙන් අනුලෝම ඤාණය ද, නික්ම යාම සේ ගෝත‍්‍රභු ඤාණය ද, වේගයෙන් යාම සේ මාර්ග ඤාණය ද, අභය ස්ථානයෙහි සිටීම සේ ඵල ඤාණය ද දත යුතු යැයි භයතුපට්ඨාන ඤාණයෙහි පටන් ඵල ඤාණය දක්වා සියලූ ඤාණකෘත්‍යය ප‍්‍රකට වේ.
මේ ප‍්‍රතිපදා ඥාන දර්ශන විශුද්ධියෙන් අනතුරු ව, ඥානදර්ශනවිශුද්ධිය සෝවාන් – සකෘදාගාමී – අනාගාමී – අර්හත් යන මාර්ග සතරක් ඔස්සේ විස්තර වේ. එයින් ප‍්‍රථම මාර්ග ඤාණය ලබනු වස් වීර්ය වඩන්නා වූ යෝගාවචර තෙමේ පරිකර්ම – උපචාර – අනුලෝම නාමයෙන් ඇතිවන විදර්ශනා චිත්තයන්ට අනතුරු ව, ඤාණසම්ප‍්‍රයුක්ත කාමාවචර කුසලයන් අතුරෙන් යම් කිසිවක් නිර්වාණය අරමුණු කරමින් පෘථග්ජන භූමිය ඉක්ම වන්නා වූ, ආර්ය භාවයට පමුණුවන විදර්ශනාවගේ මස්තකය බඳු ගෝත‍්‍රභු ඥානය ඉපැදවිය යුතු ය. අනතුරු ව ප‍්‍රථම අනුලෝම චිත්තය නිරෝධයත් සමග ම සෝවාන් මාර්ග සිත පහළ වෙයි. එයින් ම සංසාර දුඃඛ සාගරය වියලව යි. සියලු අපා දොර වසයි. ආර්ය ධනයට අභිමුඛ වෙයි. කෙලෙස් සතුරු බිය නසයි. තවත් බොහෝ ආනිසංස ද ලබයි. ඉක්බිත්තෙන් සෝවාන් ඵලයට පැමිණේ.
සෝවාන් ඵලභාවයට පැමිණි ආර්යශ‍්‍රාවක තෙමේ කාමරාග – ව්‍යාපාද තුනී කිරීමෙන් දෙවන මාර්ගඵල ලාභය පිණිස භාවනා කෙරේ. හෙතෙම ශ‍්‍රද්ධාදී පඤ්චේන්‍ද්‍රියන් ද, ශ‍්‍රද්ධාදී බලයන් ද, සති ආදී බොජ්ඣඞ්ගයන් ද රැස් කොට රූප – වේදනා – සඤ්ඤා – සංඛාර – විඤ්ඤාණ යන භේද ඇති සංස්කාර සමූහය ත‍්‍රිලක්‍ෂණයෙන් මෙනෙහි කොට උයද – ව්‍යායානු දර්ශනයෙහි පටන් විදර්ශනා වීථියට බැස ගනී. අනතුරු ව, එක් ආවර්ජනයෙන් අනුලෝම ගෝත‍්‍රභු වූ ඤාණය උපන් කළ ඊට අනතුරු ව සකදාගාමී මාර්ග චිත්තය පහළ වෙයි. ඵලයට ද පැමිණේ.
මේ ද්විතීය මාර්ගඵලාදියට පැමිණියවුන් අතර, මෙලොව දී සකදාගාමී ඵලයට පැමිණ මෙහි දී ම රහත් ව පිරිනිවන් පානා ආර්යශ‍්‍රාවකයා ය, මෙලොව සකදාගාමී වී දෙව්ලොව දී පිරිනිවන් පානා ආර්යශ‍්‍රාවකයා ය, දෙව්ලොව දී සකදාගාමී ව දෙව්ලොව දී ම පිරිනිවන් පානා ආර්යශ‍්‍රාවකයා ය, දෙව්ලොව දී සකදාගාමී ව මෙලොව පැමිණ පිරිනිවන් පානා ආර්යශ‍්‍රාවකයා ය, මෙලොව දී සකදාගාමී ව දෙව්ලොව ඉපිද ආයු ඇතිතාක් සිට මිනිස් ලොව ඉපදී මෙහි දී පිරිනිවන් පානා ආර්යශ‍්‍රාවකයා ය යි පස්දෙනෙකි.
සකෘදාගාමී ඵලයට පැමිණි ආර්යශ‍්‍රාවක තෙමේ එයින් නො නැවතී කාමරාග – ව්‍යාපාද දෙක සහමුලින් ම නැති කර දමනු කැමැත්තේ තෘතීය මාර්ග ඤාණය පිණිස වීර්ය වඩයි. ඒ ආර්ය තෙම ඉන්‍ද්‍රිය – බල – බොජ්ඣඕගයන්හි ඒකාග‍්‍රතාවයෙන් එක් රැස් කොට ත‍්‍රිලක්‍ෂණ ධර්මයන් විදර්ශනා ඥානයෙන් මෙනෙහි කරමින් විදර්ශනා වීථියට බැස ගනී. මෙසේ පිළිපන් යෝගියා හට අනුලෝම ගෝත‍්‍රභු සිත් උපදනේ, අනතරු ව අනාගාමී මාර්ගය උපදී. ඵලයට ද පැමිණේ.
මෙපරිද්දෙන් පිළිවෙලින් සක්කායදිට්ඨි – විචිකිච්චා – සීලබ්බතපරාමාස – කාමරාග – ව්‍යාපාද යන ඕරම්භාගිය පඤ්චසංයෝජනයන් සහමුලින් ප‍්‍රහීණ කොට වදාළ ආර්යශ‍්‍රාවකයා ඉතිරි රූප – අරූප රාග, මාන – උද්ධච්ච – අවිජ්ජා යන උද්ධම්භාගිය පඤ්චසංයෝජනයන් ද සහමුලින් ම වනසා දමනු පිණිස විදර්ශනා භූමියට පිවිසේ. හේ දැන් ක‍්‍රමක‍්‍රමයෙන් නිවන් රස අඳුන යි. නිවන් සුව කරා පැමිණෙ යි. එකල්හි ත‍්‍රිලක්‍ෂණ ධර්මයන් විදර්ශනා ඥානයෙන් පිරිමදිමින් විදර්ශනා වීථියට බැසගත් කල්හි අනුලෝම ගෝත‍්‍රභු ඤාණයන් සමග අර්හත් මග්ග චිත්තය පහළ කර ගනී. ඉක්බිති අර්හත්ඵලයට ද පැමිණේ. මෙසේ සකල පාප ක්ලේෂ ධර්මයන් නසා අර්හත්වයට පැමිණි උත්තම තෙමේ මහාඛීණාශ‍්‍රව, අන්තිම දේහය දරන බහා තබන බර ඇති, ක්‍ෂය කළ භව සංයෝජන ඇති, සදේවක ලෝකයාගේ අග‍්‍ර දක්‍ෂිණාවට සුදුසු වූ ආර්ය පුද්ගලයා වේ.
මේ කියන ලද සතර වැදෑරුම් මාර්ග ඥානයෙන් ඥානදර්ශන විශුද්ධියේ ආනුභාවය දැන ගනු පිණිස පරිපූර්ණ බෝධිපාක්‍ෂිකභාවය, වුට්ඨානයෙන් ද බලයෙන් ද යුතු බව, ඒ ඒ මාර්ගයෙන් ද ප‍්‍රහීණ වන සංයෝජනාදිය, පරිඥදී වශයෙන් කියන ලද කෘත්‍ය දැනීම යන මේවා ගැන විස්තර දැනීම අවශ්‍යය වෙයි. සතර සතිපට්ඨානය – සතරසම්‍යක්ප‍්‍රධානය – සතර ඍද්ධිපාදය – පඤ්චේන්‍ද්‍රිය – පඤ්චබල – සප්තබෝධ්‍යංග – ආර්යඅෂ්ටාංගික මාර්ගය යි බෝධිපාක්‍ෂික ධර්මතිස්හතකි. ආර්යමාර්ගයාගේ පක්ෂයෙහි වූ බැවින් බෝධිපක්ඛිය නම් වෙති. සංස්කාර නිමිත්තෙන් නැගීම හා සමථ – විදර්ශනා බලයෙන් සම්ප‍්‍රයුක්ත බව වුට්ඨාන – බල වශයෙන් විස්තර වේ. දස සංයෝජනයෝ ය, දසක්ලේෂධර්මයෝ ය, අෂ්ට ලෝක ධර්මයෝ ය, පඤ්ච මච්ඡරියෝ ය, අෂ්ට මිච්ඡත්තයෝ ය, ත‍්‍රිවිධ විපල්ලාසයෝ ය, චතුර්විධ ග‍්‍රන්ථයෝ ය, සතර අගතියෝ ය, චතුආශ‍්‍රවයෝ ද, චතු ඕඝයෝ ද, චතුයෝගයෝ ද, පඤ්චනීවරණයෝ ද, පරාමාසය ද, සතර උපදානයෝ ද, සප්ත අනුසයෝ ද, ත‍්‍රිවිධ මලයෝ ය, දස අකුසලකම්මපථයෝ ය, දොළොස් අකුසල චිත්තෝත්පාදයෝ ය යි සංයෝග ධර්මයෝ ඒ ඒ මාර්ග ඤාණයෙන් ප‍්‍රහීණත්වයට පැමිණේ.
පහනක් දැල්වීමේ දී එක්විට ම වැටිය දැවීම, අඳුර දුරු කිරීම, ආලෝකය පැතිර වීම, තෙල් ක්ෂය කිරීම සිද්ධ වන්නාක් මෙන් චතුරාර්ය සත්‍යය අවබෝධ කරන කාලයෙහි මේ සතර ඥානයන් අතුරෙන් එක් එක් ඥානයේ පරිඤ්ඤ – පහාණ – සච්ඡිකිරිය – භාවනා යි කියන ලද මේ සතර කෘත්‍යය ම සිදු වේ. ඤතපරිඤ්ඤා – තීරණ පරිඤ්ඤා – පහාණ පරිඤ්ඤා යි මෙහි පරිඤ්ඤතය ද ත‍්‍රිවිධ වේ. වික්ඛම්භණ – තදඞ්ග – සමුච්ඡේද වශයෙන් ප‍්‍රහාණය ද ත‍්‍රිවිධ වේ. දස්සන සච්ඡිකිරියා ය, භාවනා සච්ඡිකිරියා ය යි භාවනාව ද දෙයාකාර වේ. සීලාදී විශුද්ධි සය ලෞකික යි. ඤාණදස්සන විශුද්ධිය ලෝකෝත්තර යි.
සක්කාය දිට්ඨි ආදී කෙලෙස් නැසීම, ආර්යඵල රස අනුභව කිරීම, නිරෝධ සමාපත්තියට සමවැදීම, පූජා ලැබීමට සුදුස්සෙක් වීම ආදී නා නා ආනිසංසයෝ ප‍්‍රඥාභාවනායෙහි වෙති. සෝවාන් ආදී කොට දක්වන ලද මාර්ගඵල ලාභය ආර්යඵල යැයි කියනු ලැබේ. ආර්ය ඵලයාගේ නිරෝධයෙහි පිහිටීම ඵලසමාපත්තිය නමි. සියලු ආර්යයෝ ආත්ම කෙලෙස් සංසිඳුවා ගනු පිණිසත්, නිවණ අරමුණු කොටත් තමන් ලැබූ ඒ ඒ ඵලසමවතට සමවදිති.
එහි නිරෝධ සමාපත්තියට සමවැදීම පිළිබඳ විස්තරය මෙසේ යි. විදර්ශනා මගින් පිළිවෙලින් අෂ්ට සමාපත්තීනට සමවැද අනතුරු ව කායාදී සංස්කාර පිළිවෙලින් නිරුද්ධ කිරීමෙන් චිත්ත චෛතසික ධර්මයන්ගේ නො පැවැත්ම නිරෝධ සමාපත්තිය වශයෙන් හැඳින්වේ. මෙයට සමවැදිය හැකි වන්නේ අෂ්ට සමාපත්ති ලාභී – අනාගාමී – රහත් යන මාර්ගඵලලාභීන්ට පමණි. සෙස්සන්ට සමවැදිය නො හැකි ය. පිළිවෙලින් චතුර්ථධ්‍යානයට සමවැදීමෙන් ආශ්වාස ප‍්‍රශ්වාස දෙක නවතී. සඤ්ඤාවේදයිත නිරෝධයට සමවැදීමෙන් සංඥාව ද නවතී. අනතුරු වේදනාව ද නවතී. මෙසේ ත‍්‍රිවිධ සංස්කාරයෝ ම අකර්මණ්‍ය වන් කල්හි නිරෝධ සමාපත්තියට සමවැදීම වන්නේ ය. ඒ සඳහා පළමු කොට නා නා බද්ධ අවිකෝපනය – සංඝ පතිමානනය – සත්ථුපක්කෝසනය – අද්ධාන පරිච්ඡේදය යන පූර්වකෘත්‍යය සම්පූර්ණ කළ යුතු ය. අනතුරු ව නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවදී. එකල සිත එක්වරක් හෝ දෙවරක් ඉක්ම අචිත්තක බවට පත්වේ. නිරෝධ සමාපත්තියට සමවැදීම යනු එය යි. නිරෝධ සමාපත්තිය යනු සිත නිවනට නැමීම යි.
මෘත දේහයක හා නිරෝධ සමාපත්තියට වන් ආර්යශ‍්‍රාවකයෙකු අතර වෙනස කුමක් ද? මෘත දේහයෙහි ආයුෂය අවසන් ය. කර්මජ තේජෝ ධාතුව ද නැත එහෙත්, සමාපත්තිලාභියාගේ ආයුෂත්, උෂ්ණයත්, ඉන්ද්‍රියයන්ගේ ප‍්‍රාණවත් බවත් ඇත. මෙසේ වූ ආර්ය පුද්ගල තෙමේ ආහුණෙය්‍ය පාහුණෙය්‍යාදී නොයෙක් ගුණයන් ගෙන් යුක්ත වෙති. අඤ්ජලීකරණීය වෙති. නිරෝධ සමාපත්තියට සමවැද සතියක් වැඩහුන් ආර්යයන් වහන්සේට මුල්ම පිණ්ඩපාතය පිළිගන්වන තැනැත්තහුට එහි පුණ්‍ය විපාකය මෙලොව දී ම ඵල දෙයි. එහෙයින්, ආර්යයන් වහන්සේලාගේ පහළ වීම අතිශයින් ඓශ්වර්යජනක ය. සියල්ලන්ට ම වැඩ පිණිස වෙයි.
සෝවාන් ඵලයට පැමිණි පුද්ගලයා ඉදිරි භව සතක් සුගතියෙහි ඉපිද දුක් කෙළවර කරන හෙයින් සත්තක්ඛත්තුපරම යයි ද, දෙතුන් වතාවක් සුගතියෙහි ඉපිද දුක් කෙළවර කරන හෙයින් කෝලංකෝල යයි ද, එක ම උපතකින් සසර දුක් කෙළවර කරන හෙයින් ඒකබීජ යැයි ද කියනු ලැබෙත්. සකෘදාගාමී ආර්යයන් වහන්සේ (සකෘදාගාමී උත්තමයන් අතුරෙන් පස්වැනි ආර්යයන් වහන්සේ පිළිබඳ ව පමණක් මෙහි කියන ලදි) එක්වරක් මිනිස් ලොව උත්පත්තිය ලබා දුක් කෙළවර කෙරෙයි. අනාගාමී පුද්ගලයා නැවත මිනිස් ලොවට නො එයි. බඹලොවෙහි දී ම පිරිනිවන් පායි. අනාගාමී පුද්ගලයාගේ එකී පරිනිර්වාණය අන්තරා පරිනිබ්බායි, උපහච්චපරිනිබ්බායි, අසංඛාර පරිනිබ්බායි, සසංකාර පරිනිබ්බායි, උද්ධංසෝත අකණිට්ඨගාමී යි ක‍්‍රම පසෙකින් සිදු වේ.

අර්හත්මාර්ග ඵලලාභී මහරහතුන් අතරිනිදු කිසිවෙක් ප‍්‍රඥාවිමුක්ත වෙති. කිසිවෙක් උභතෝභාග විමුක්ත වෙති. කිසිවෙක් ප‍්‍රතිසම්භිදාප‍්‍රාප්ත මහා ක්‍ෂීණාශ‍්‍රව වෙති. තව ද, සෝවාන් උත්තමයෝ විසි හතර දෙනෙකි, සකෘදාගාමීහු දොළොසකි, අනාගාමීහු සතලිස් අටෙකි, රහත්හු සැටකි, පසේබුදු – සම්මා සම්බුදු දෙදෙනෙකි යි ආර්යපුද්ගල භේද වශයෙන් එක්සිය සතලිස් සයකි. මේ එකසිය සතලිස් සයක් වූ සියලූ ආර්යයයෝ සදේවක ලෝකයාට අග‍්‍රදක්‍ෂිණාහි වෙති.
 
Last edited:

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
ලෝකයේ ආරම්භය සහ විනාශය ගැන බුදුරජාණන් වහන්සේ වදාළ දේ


බුදුන් වහන්සේ ජීවමානව වැඩ වසන කාලයේදී පවා ලෝකය හා විශ්වය ගැන දැන ගැනීමට උනන්දු වූ භික්‍ෂූන් වහන්සේලා හා බ‍්‍රාහ්මණ ආදී විවිධ පුද්ගලයන්, ලෝකයේ ආරම්භය හා විනාශය ගැනත්, මෙවැනි තවත් ග‍්‍රහලෝක විශ්වයේ ඇද්ද යන්න ගැනත් බුදුන්වහන්සේගෙන් කරුණු විමසා තිබේ.
බුද්ධ කාලයේදී විශ්වයේ ගුප්තභාවය සෙවීමට උනන්දු වූ එක් බලසම්පන්න ඍෂිවරයෙකු ඍද්ධිබලයෙන් වසර සියයක් පමණ විශ්වයේ සැරිසරා විශ්වයේදීම මිය ගිය බවත්, ඍද්ධි බලයෙන් අගතැන්පත් මුගලන් මහ රහතන් වහන්සේ විශ්වය ගැන සෙවීමට විශ්වයේ සැරිසරන විට බුදුන්වහන්සේ, මුගලන් මහ රහතන් වහන්සේ ගෙන්වා, -විශ්වයේ කෙළවරක් නොමැති බවත් විශ්වය ගැන සෙවීම අගක් මුලක් නැති නිශ්ඵල කි‍්‍රයාවක් බවත්” වදාළහ.
විශ්වය හා සත්වයා ගැන අපරිමිත දැනුමක් බුදුන්වහන්සේට තිබුණත් එවැනි අවස්ථාවල උන්වහන්සේ ඒ ගැන කරුණු කියාදීමට එතරම් කැමැත්තක් නොදැක්වූහ. එහිදී උන්වහන්සේ වදාළේ, -බුදුවරයෙකු ලොව පහළවන්නේ විශ්වය ගැන සෙවීමට නොව, අනන්ත අපරිමිත සංසාර භවයන්හි ඉපිද ඉපිද, මැරී මැරී දුක්විඳින සත්වයා මේ සංසාර කතරින් එතෙර වීමට මග පෙන්වීමට” බවයි.
බුදුන්වහන්සේ අසංඛ්‍ය අපරිමිත භවයන්හි ඉපදී ප‍්‍රඥාව දියුණු කරගත් අසමසම ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙකි. එහි උත්තරීතර තත්ත්වය සම්මා සම්බුද්ධත්වයයි. බුදුවරයෙකුට මසැස, දිවැස, පැණැස, බුදු ඇස, සමතැස යන පස් ඇසක් ඇතැයි බුදු දහමේ සඳහන්වේ. ඉන් ‘සමතැස’ යනුවෙන් හැඳින්වෙන්නේ සංසාරය හා විශ්වය පිළිබඳ උන්වහන්සේ තුළ තිබූ මහා ප‍්‍රඥාවයි.
බුදුන් වහන්සේ ලෝක විෂය ගැන කරුණු දැක්වීමට එතරම් උනන්දුවක් නොදැක්වුවත් යම් යම් පුද්ගලයන්, යම් යම් අවස්ථාවල ඇසූ ප‍්‍රශ්න වලට කරුණු දැක්වීමේදී ඒ තුළ ලෝකයේ ආරම්භය, විනාශය හා විශ්වය ගැන කරුණු සඳහන් වී තිබේ. බෞද්ධ සාහිත්‍යයේ එන ‘අග්ගඤ්ඤ’ සූත‍්‍රයේ හා ‘සීහනාද’ සූත‍්‍රයේ ලෝකයේ ආරම්භය ගැනත් ‘සප්ත සූර්යෝද්ගමන’ සූත‍්‍රයේ ලෝකයේ විනාශය ගැනත් කරුණු අන්තර්ගත වී තිබේ.
එක් අවස්ථාවක ආනන්ද හිමියෝ, ලෝකය හා වෙනත් ග‍්‍රහලෝක තිබේදැයි බුදුන් වහන්සේගෙන් ඇසූ පැනයට උන්වහන්්සේ කරුණු දැක්වීමේදී,
1. සහස්සි චූලනිකා ලෝක ධාතු
2. ද්විසහස්සි මජ්ඣිමා ලෝක ධාතු
3. තිසහස්සි මහා සහස්සි ලෝක ධාතු වශයෙන් තවත් ලෝක ධාතු මේ මහා විශ්වය තුළ ඇතැයි උන්වහන්සේ වදාළ බව බුදු දහමේ සඳහන්වේ. තවත් අවස්ථාවකදී ආනන්ද හිමියන්ට ලෝකය ගැන කරුණු දැක්වීමේදී, -මේ ලෝකය විෂමය. සක්වලවල් අන්නතය. එක් තැනක හිරු නැගෙන කල තවත් තැනෙක මධ්‍යහ්නයයි. අන් තැනෙක හිරු අවරට ගොස්ය. එක් තැනෙක පූර්වයාමයයි, තවත් තැනෙක මධ්‍යහ්නයද, වෙනත් තැනක පශ්චිම යාමයද වේ.” යනුවෙන් කරුණු දක්වා තිබේ.
දීඝ නිකායෙහි ‘අග්ගඤ්ඤ’ සූත‍්‍රයෙහි සහ අංගුත්තර නිකායෙහි ‘සප්ත සූද්යෝද්ගමන’ සූත‍්‍රයෙහි බුදුන්වහන්සේ දක්වා ඇති ආකාරයට, ලෝකයේ ආරම්භක කි‍්‍රයාවලිය කවදා සිදුවූවාදැයි කිවනොහැකි බවත් ලෝකයේ ආරම්භය හා විනාශවීම සංස්කාර ධර්මතාවයන්ට අනුව සිදුවන බවත් දක්වා ඇත. ලෝක සත්වයන්, කර්මශක්තිය අනුව පේ‍්‍රත, මනුෂ්‍ය, දේව, බ‍්‍රහ්ම ආදී භවයන්හි උපදින බවත් -ලෝකයට කර්මශක්තියක් නැතත් සංස්කාර ධර්මතාවය අනුව ලෝකයේ හටගැනීම හා විනාශවීම සිදුවන බවත්” බුදු දහමෙහි දක්වා ඇත.
ලෝකය විනාශවන කි‍්‍රයාවලිය සංවට්ට කප්ප යනුවෙන්ද, නැවත ඇතිවීම විවට්ට කප්ප යනුවෙන්ද හැඳින්වේ.
බුදු දහමෙහි සඳහන් මහා කල්පයකට සංවර්ත කල්පය, සංවර්තස්ථායි කල්පය, විවර්ථ කල්පය, විවර්තස්ථායි කල්පය යනුවෙන් අසංඛ්‍ය කල්ප සතරකි. මහා කල්පයක අවසාන අසංඛ්‍ය කල්පයේදී පෘතුවිය ඇතුළු ග‍්‍රහ ලෝකයන්ගේ හා ජීවීන්ගේ විනාශය සිදුවන බව බුදු දහමෙහි සඳහන්වේ.
බෞද්ධ සාහිත්‍යයෙහි දැක්වෙන ආකාරයට මීට අසංඛ්‍ය කල්ප ලක්‍ෂ ගණනට පෙර (කල්පය යනු කාලය දක්වන අති දීර්ඝ කාලමානයකි.) තණ්හංකර බුදුන්වහන්සේ සිට ගෞතම බුදුන් වහන්සේ දක්වා බුදුවරු විසිඅට නමක් මේ ලොව පහළ වී ඇත. සාර මණ්ඩ කල්පයේ සිට මහා මණ්ඩ කල්පය දක්වා මහා කල්ප 11ක් ගෙවී ඇත. අප දැන් ජීවත්වන කාලය මහා භද්‍ර කල්පයයි. මේ මහා භද්‍ර කල්පයේ, කකුසඳ, කෝණාගමන, කාශ්‍යප හා ගෞතම යන බුදුවරු සිව්නමක් මේ ලොව පහළවී ඇත. මේ මහා භද්‍ර කල්පයේ ඉදිරියට බුදුවීමට ඇත්තේ මෛතී‍්‍ර බුදුන් වහන්සේය. බුදු දහමේ දැක්වෙන පරිදි මෛතී‍්‍ර බුදුන් වහන්සේගෙන් පසුව මෙම මහා භද්‍ර කල්පය අවසන් වේ.
අප දැන් ජීවත්වන්නේ ගෞතම බුදුන් වහන්සේගේ ශාසන කාලයේය. මෙම ශාසන කාලය අවුරුදු 5000ක් දක්වා පවතින බවත්, ඉන්පසු ලෝකයේ මිනිසුන් පංචශීල ප‍්‍රතිපත්තියෙහි පිරිහී, අධර්මිෂ්ටවීමෙන් බුද්ධ ශාසනය පිරිහෙන බවත්, මිනිසුන්ගේ ආයුෂ පිරිහී ආයුෂ දස වසර දක්වා කෙටිවන බවත්, දෙවියන්ගේ පෙළඹවීමෙන් මිනිසුන් නැවත පංචශීල ප‍්‍රතිපත්තියෙහි පිහිටා ධාර්මික වීමෙන් ආයුෂ අවුරුදු 80,000 දක්වා වර්ධනය වන බවත් ඒ කාලයෙහි මෛතී‍්‍ර බුදුන්වහන්සේගේ පහළවීම සිදුවන බවත් බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වේ.
බුදු දහමෙහි සඳහන් කල්පය යනු කාලය මනින අති දීර්ඝ කාලමානයකි. -යොදුනක් දිග, යොදුනක් පළල, යොදුනක් උස ලෝහ බලකොටුවක් අබ ඇටවලින් පුරවා, එක අබ ඇටය බැගින් වසරක් පාසා ගැනීමෙන් එම බලකොටුව හිස් වන්නේද කෙදිනකද ඊටත් වැඩි කාලයක් කල්පයකට ගත වන්නේය.” බුදු දහමෙහි දක්වා ඇත.
මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 10ක් දක්වා අඩුවීමට ගතවන කාලය ඉතා දීර්ඝ කාලයකි. ඉන්පසු යහධර්මයෙහි ඇලීමෙන් මිනිසුන් යළි දීර්ඝායුෂ ලැබීමද, එම කාලයෙහි මෛතී‍්‍ර බුදුන්වහන්සේගේ පහළවීම සිදුවන බවද, මෛතී‍්‍ර බුදුන්වහන්සේ අවුරුදු 80,000ක් ආයු වළඳා පිරිනිවන් පා දීර්ඝ කාලයකට පසු බුද්ධ ශාසනය නැවත වරක් පිරිහීමෙන් පසු ලෝ වැසියන් පංච ශීලයෙහි පිරිහී, අධර්මයට යොමුවීමෙන් මිනිසුන් ආගමික හා සමාජයීය වශයෙන් පිරිහෙන කාලයක් උදාවන්නේය. එම කාලය මෙම මහා භද්‍ර කල්පයේ අවසාන කාලයයි. ඒ දක්වා ගතවන කාලය කොතරම් දීර්ඝ විය හැකිද?
මහා කල්පයක අවසානයේදී ලෝකය හා සියලූ ජීවීන්ගේ විනාශය මහා ගින්නෙන්ද, මහා මේඝයෙන්ද, මහා වාතයෙන්ද විනාශ වන බවද, -ගිතෙල් පිඬක් ගිනිගත් විට යම් දෙයක් ශේෂ නොවන්නේද, ඒ් ආකාරයට ගින්නෙන් වන විනාශයේදී ලෝකයේ අළුවත් ඉතිරි නොවන බව” ‘සප්ත සූත‍්‍රයෝද්ගමන’ සූත‍්‍රයෙහි සඳහන්ව ඇත.
බුදු දහමෙහි සඳහන් ආකාරයට බුදුන්වහන්සේ අසංඛ්‍ය කල්ප ගණනාවක කාලයක් පෙරුම් පුරා, මහා ප‍්‍රඥාවක් ලබාගත්තෙකි. ඒ උත්තරීතර තත්ත්වය සම්මා සම්බුද්ධත්වයි. ‘ලෝකවිදූ’ යන නාමයෙන් උන්වහන්සේ හඳුන්වන්නේ එහෙයිනි. -සංස්කාර ධර්මතාවයට අනුව හටගන්නා සියලූ දෙයෙහි විනාශවීම සිදුවෙන බව” බුදුන්වහන්සේ දේශනා කර ඇත. ඒ ධර්මතාවයට අනුව ‘ලෝකයේ ආරම්භයත් ලෝකයේ විනාශයත්’ සිදුවේ.
ඈත ඉතිහාසයට අපේ මතකය යොමු කළහොත් නොයෙක් යුගයන්හි, ලෝකයේ නොයෙක් රාජ්‍යය, නොයෙක් දේශ-දේශාන්තරවල ආගමික හා සමාජයීය වශයෙන් ජනතාව පිරිහීමත්, යුධ කෝලාහල ඇතිවීමෙන්, වසංගත රෝග ඇතිවීමෙන් හා ජල ගැලීම්, මුහුදු ගොඩගැලීම්, සුළි සුළංවලින්, ගිනි කඳු පිපිරීමෙන් හා භූමිකම්පා ආදී භයංකර ස්වභාවික ව්‍යසන ඇතිවීමෙන් මිනිස් ශිෂ්ටාචාර මුළුමනින්ම පවා මේ මිහිතලයෙන් වඳවී ගොස් ඇති අවස්ථා තිබේ. දකුණු ඇමරිකාවේ හා කාම්බෝජයේ තිබූ පුරාණ ශිෂ්ටාචාර විනාශවී යාම නිදසුන් වශයෙන් දැක්විය හැකිය. ඒවා ලෝක විනාශ නොවේ. අතීතයේදී එම ව්‍යසන ඇතිවූවා සේම අනාගතයේදීද එවැනි ව්‍යසන ඇතිවිය හැකිය. බුද්ධ සාහිත්‍යයේ සඳහන් ආකාරයට මෙම ලෝකය විනාශ වීමට කල්ප ගණනාවක් ගත වන්නේය. බුදු දහමට අනුව මෙම මහා භද්‍ර කල්පයේ අවසානයේදී මෙම ලෝකයේ විනාශය සිදුවන්නේය. ඒ -හටගැනීමත් විනාශවීමත් යන සංස්කාර ධර්මතාවයට” අනුවය. එය වර්ෂ ගණනින් ගතහොත් වර්ෂ දශ ලක්‍ෂ ගණනින් ගතවන අති දීර්ඝ කාලයකි.
http://www.elakiri.com/forum/posthistory.php?p=18502983
 
Last edited:

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
චතුරාර්ය සත්‍ය බුදුදහමේ අනන්‍යතාවයයි

මම ඇතුලු බොහෝ දෙනා පවසන දෙයක් තමයි විශ්වයේ පරම ඇත්ත අත්දැකිය යුතු බව. ඒත් ඔබට හිතුනේ නැත්ද මේ විශ්වයේ පරම ඇත්ත මොකක්ද කියලා? අපි කියනවා එකම එක පරම ඇත්තයිලු තියෙන්නේ කියලා... ඒත් සම්මා සම්බුදු පියාණන් වහන්සේ පෙන්වා දුන්න පරම ඇත්ත 4ක්.

  1. දුක්ඛ ආර්ය සත්‍ය
  2. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය
  3. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය
  4. දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍ය
මේ කියන කරුණු 4 තමයි කරුණු වශයෙන් ගතහොත් ආර්ය සත්‍ය කියලා කියන්නේ.
සම්මා සම්බුදුරජාණන්වහන්සේලා මේ ලෝකයට පහල වෙන්නේම මේ කියන මහා සත්‍යය ලෝකයට මතු කර දෙන්නටයි කියලා අපි දැනටමත් බොහෝ කරුණු ඔස්සේ දන්නවා. ඉතින් මේ කියන විශ්වයේ පරම ඇත්තයි බුදු පියාණන්වහන්සේ පෙන්වා දුන්න පරම ඇත්ත හතරයි කියන්නේ දෙකක්ද? ගැලපෙන්නේ නැතිද? එසේ විය හැකිද? එසේ නම් ඒ විශ්වයේ පරම සත්‍යය චතුරාර්ය සත්‍යය වන්නේ කෙසේද කියලා අපි සිතා බැලිය යුතුයි නේද?
සම්මා සම්බුදු පියාණන්වහන්සේ දේශනා කලා දුක්ඛ ආර්ය සත්‍යයක් - අපි පිලිගත්තත් නැතතත් මේ ලොකයේ මේ කියන ඇත්ත තියෙනවා. අපි පිලිගන්නවාද නැත්ද කියලා මේ ඇත්තට අදාල නැහැ... අපේ පිලිගැනීම මත මෙය නැති වෙන්නේ හෝ ඇතිවෙන්නේ නැහැ... දුක්ඛ ආර්ය සත්‍යය කියන පරම ඇත්ත මේ විශ්වයේ පවතිනවා, සම්මා සම්බුදු පියාණන්වහන්සේ කෙනෙක් මතු කරලා පෙන්වා දෙනවා, ඉතින් කව්රු කොහොම ඔලුවෙන් හිටගෙන කිව්වත් මේ ඇත්ත වෙනස් කරන්න බැහැ. විශ්වයේ පරම සත්‍යය මෙයයි.
සම්මා සම්බුදු පියාණන්වහන්සේ දේශනා කලා දුක්ඛ සමුදය ආර්ය සත්‍යයක් - ඒ කියන්නේ ලෝකයේ දුක තියෙනවා ඒ දුකට හේතුවක් තියෙනවා කියලයි. අපි පිලිගත්තත් නැතතත් මේ ලොකයේ මේ කියන ඇත්ත තියෙනවා. අපි පිලිගන්නවාද නැත්ද කියලා මේ ඇත්තට අදාල නැහැ... අපේ පිලිගැනීම මත මෙය නැති වෙන්නේ හෝ ඇතිවෙන්නේ නැහැ... දුක්ඛ සමුදය ආර්ය සත්‍යය කියන පරම ඇත්ත මේ විශ්වයේ පවතිනවා, සම්මා සම්බුදු පියාණන්වහන්සේ කෙනෙක් මතු කරලා පෙන්වා දෙනවා, ඉතින් කව්රු කොහොම ඔලුවෙන් හිටගෙන කිව්වත් මේ ඇත්ත වෙනස් කරන්න බැහැ. විශ්වයේ පරම සත්‍යය මෙයයි.
සම්මා සම්බුදු පියාණන්වහන්සේ දේශනා කලා දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයක් - ඒ කියන්නේ දුක නිරෝධ කල හැකි බවයි... දුකට හේතුව නැති කලොත් අපිට හැකිවෙනවා දුක කියන ඵලය නැති කරන්න... ඉතින් අපි පිලිගත්තත් නැතතත් මේ ලොකයේ මේ කියන ඇත්ත තියෙනවා. අපි පිලිගන්නවාද නැත්ද කියලා මේ ඇත්තට අදාල නැහැ... අපේ පිලිගැනීම මත මෙය නැති වෙන්නේ හෝ ඇතිවෙන්නේ නැහැ... දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය කියන පරම ඇත්ත මේ විශ්වයේ පවතිනවා, සම්මා සම්බුදු පියාණන්වහන්සේ කෙනෙක් මතු කරලා පෙන්වා දෙනවා, ඉතින් කව්රු කොහොම ඔලුවෙන් හිටගෙන කිව්වත් මේ ඇත්ත වෙනස් කරන්න බැහැ. විශ්වයේ පරම සත්‍යය මෙයයි.
සම්මා සම්බුදු පියාණන්වහන්සේ දේශනා කලා දුක්ඛ නිරෝධ ගාමිනි පටිපදා ආර්ය සත්‍යයක් - ඒ කියන්නේ දුක ඇතිකරන හේතු නිරෝධ කරන්න මාර්ගයක් තියෙනවා කියලයි... ඒ මාර්ගය තුලින් අපට දුක කියන දේ නිරෝධ කරන්න පුළුවන් කියලයි. ඉතින් අපි පිලිගත්තත් නැතතත් මේ ලොකයේ මේ කියන ඇත්ත තියෙනවා. අපි පිලිගන්නවාද නැත්ද කියලා මේ ඇත්තට අදාල නැහැ... අපේ පිලිගැනීම මත මෙය නැති වෙන්නේ හෝ ඇතිවෙන්නේ නැහැ... දුක්ඛ නිරෝධගාමිනිපටිපදා ආර්ය සත්‍යය කියන පරම ඇත්ත මේ විශ්වයේ පවතිනවා, සම්මා සම්බුදු පියාණන්වහන්සේ කෙනෙක් මතු කරලා පෙන්වා දෙනවා, ඉතින් කව්රු කොහොම ඔලුවෙන් හිටගෙන කිව්වත් මේ ඇත්ත වෙනස් කරන්න බැහැ. විශ්වයේ පරම සත්‍යය මෙයයි
 
Last edited:

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
දුක්ඛ ආර්ය සත්‍ය


සත්වයාගේ හටගැනීම ලෙස සළකන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස යන ස්ඵර්ශ ආයතනයන්ගේ පහළවීම ය. ජීවත්වීම යනු මේ ස්ඵර්ශ ආයතනයන්ගේ පැවැත්මය. මරණය යනු මෙම ස්පර්ශ ආයතනයන්ගේ නැතිවීමය. ඒ අනුව ස්පර්ශ ආයතනයන්ගේ ඇතිවීම, පැවතීම, නැතිවීම තුළ රඳාපවතින සත්ත්වයාට දුක් නොවේ’යැයි පැවසිය නොහැක. මක්නිසා ද ස්ඵර්ශ ආයතනයන් තුළ දුක රඳා පවතින නිසාය

ලොව පහළ වූ ශාස්තෘන් අතුරෙන් බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨ වනුයේ අකාලික දහමක් දේශනා කළ නිසාය. චතුරාර්ය සත්‍ය, ත්‍රිලක්ෂණය, පටිච්චසමුප්පාදය, කර්මය, පුනර්භවය වැනි ගැඹුරු ධර්ම සිද්ධාන්තයන් තුළින් උන්වහන්සේ පැහැදිලි කරන ලද්දේ පුද්ගලයා සසරෙහි ඇදබැඳ ගන්නා ආකාරයත් ඉන් මිදී නිර්වාණාවබෝධය ලබාගන්නා ආකාරයත්ය. මෙයින් බුදු දහමේ සාරය ලෙස සැළකෙන චතුරාර්ය සත්‍යය උන්වහන්සේ ප්‍රථම ධර්ම දේශනාවේ දී ම එනම් දම්සක් පැවතුම් සූත්‍රය තුළින් පළමුව ලොවට දේශනා කරන ලදහ. චතු+ආර්ය+සච්ච යනු උතුම් සත්‍යය හතර යන්නයි.

එනම් දුක්ඛාර්ය සත්‍යයය, දුක්ඛ සමුදයාර්යය සත්‍යය, දුක්ඛ නිරෝධාර්ය සත්‍යය, දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාර්ය සත්‍යය, මෙම ලිපියෙන් අදහස් කරනුයේ දුක්ඛ සත්‍ය පිළිබඳව පෙළ දහම ඇසුරෙන් සරල විග්‍රහයක් ඉදිරිපත් කිරීමයි. දුකෙහි විරුද්ධාර්ථ පදය සැපය යන්නයි. සැප විඳීමට පුුහුදුන් මිනිසුන් තුළ ඇත්තේ අපරිමිත ආශාවකි. ලොව ජීවත්වන සෑම පුද්ගලයෙකුම සැප විඳීම සඳහා දුක් සහගත දේවල් ළඟා කරගනී. මක්නිසාද ? දුක පිරිසිඳ දකින නුවණක් පුහුදුන් සත්වයාට නොමැති නිසාවෙන්ය. බුදුන් වහන්සේලා ලොව පහළ වන්නේ මේ දුක් සහගත ස්වභාවයෙන් සත්වයා මුදවාලන්නට ය. බුදුරජාණන් වහන්සේලාගේ ලොව පහළ වීම දුර්ලභ ලෙස දේශනා කොට වදාරන ලද්දේ එනිසාවෙනි. (දුල්ලභො බුද්ධුත්පාදෝ ලෝකස්මිං)

සත්වයාගේ හටගැනීම ලෙස සළකන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස යන ස්ඵර්ශ ආයතනයන්ගේ පහළවීම ය. ජීවත්වීම යනු මේ ස්ඵර්ශ ආයතනයන්ගේ පැවැත්මය. මරණය යනු මෙම ස්පර්ශ ආයතනයන්ගේ නැතිවීමය. ඒ අනුව ස්පර්ශ ආයතනයන්ගේ ඇතිවීම, පැවතීම, නැතිවීම තුළ රඳාපවතින සත්ත්වයාට දුක් නොවේ’යැයි පැවසිය නොහැක. මක්නිසා ද ස්ඵර්ශ ආයතනයන් තුළ දුක රඳා පවතින නිසාය. බුදුන් වහන්සේ වරෙක භික්ෂූන්ට දේශනා කරන්නේ “මහණෙනි, මේ ස්පර්ශ ආයතන හම නැති එළදෙනක් දේ සළකන ලෙසය.” හම නැති එළදෙන කිනම් හෝ ඉරියව්වකින් සිටියත් ඌට මහ වේදනාවක් ඇති වේ. එසේම මේ ස්පර්ශ ආයතනයන්ගේ පැවැත්මම දුකක් ලෙස උන්වහන්සේ දේශනා කොට ඇත. එයට හේතු සමුදායක් ද පවතින්නේ ය. යම් කුෂ්ඨ රෝගියෙක් කැසීම තුළත් සැපයක් බලාපොරොත්තු වේ නම් ඔහුට එයම මහ දුකක් වේ. එයින් වන්නේ රෝගය තවතවත් උත්සන්න වීම පමණි. ඒ නිසාවෙන්ම අප සැප යැයි කියන සෑම දෙයක්ම දුක් සහගත ස්වභාවයෙන් යුක්ත යැයි උන්වහන්සේගේ දේශනාවන්හි දක්නට ලැබේ.

බුදුන්වහන්සේ අවබෝධ කරගත්තේ ලෙඩවෙන, මහලුවෙන, මැරෙන, නින්දා අපහාස ලැබෙන මැසි මදුරු, අව්වැසි ආදීන්ගෙන් දුක් විඳින කයක් හදාගෙන එබඳු කයට ලැබෙන මේ සැපය සැපයක් නොවන ලෙසය. වරෙක බුදුන් වහන්සේ අනඳ හිමියන්ට පවසන්නේ “දුක්ඛෙ ලෝකෝ පතිට්ඨිතො” ලෝකය දුකමත රඳා පවතින බවයි. ඒ බව උන්වහන්සේ දම්සක් පැවතුම් සූත්‍රයේ දී ගැඹුරුව දේශනා කොට ඇත. එම විග්‍රහයට අනුව “ඉදං ඛො පන භික්ඛවෙ දුක්ඛං අරිය සච්චං, ජාතිපි දුක්ඛා, “මහණෙනි, ඉපදීම, ජරාවට පත්වීම, ලෙඩවීම, මරණයට පත්වීම, අප්‍රිය පුද්ගලයන්ගේ එක්වීම, පි‍්‍රය පුද්ගලයන්ගේ වෙන්වීම, තමන් කැමති කැමති දෑ නොලැබීම හා සහමුලින්ම පඤ්චස්ඛන්ධයම දුකක් ලෙසය. මේ වනාහි දුක්ඛ ආර්ය සත්‍යයයි.” මෙහි අර්ථ විග්‍රහ කිරීමේ දී කොටස් තුනක් යටතේ කරුණු අවබෝධ කරගත හැකිය. දුක්ඛ දුක්ඛ, විපරිණාම දුක්ඛ, සංඛාර දුක්ඛ,දුක්ඛ දුක්ඛ යනු මෙලොව දී ඇතිවන කායික හා මානසික වේදනාවන්ය. විපරිණාම දුක්ඛ ලෙස අර්ථ දක්වන්නේ සංස්කාරයන්ගෙන් හටගත් සියලු සජීවී හා අජීවී වස්තුන්ගේ වෙනස්වීම නිසා ඇතිවන දුක් සහගත ස්වභාවයයි. සංඛාර දුක යනු එක් රැස් කරලීම තුළින් ලබනා දුකකි.

බුදුන් වහන්සේ සරලව දුක විග්‍රහ කොට උන්වහන්සේ පඤ්චස්කන්ධයම මහා දුකක් ලෙස අවසානයට පෙන්වා දෙයි. මෙහි දී දත යුත්තේ පඤ්චස්කන්ධ කෙසේ නම් සත්වයාට දුකක් වන්නේ ද යන්නය. සතර මහා භූතයන්ගේ එකතුව වූ රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන ස්ඛන්ධ පහ සත්ව යන සම්මුතිය ලෙස බුදුන් වහන්සේ පෙන්වා දෙයි. ඇස, කන, නාසයය, දිව, ශරීරය යන පඤ්ච ඉන්ද්‍රියන් තුළින් ලබා ගන්නා අරමුණු හේතුවෙන් ඉහත දක්වන ලද ස්කන්ධයන් ආස්‍රවයන් දක්වා වර්ධනය වීම සිදුවන අතර “චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තාග්ගාහී හෝතී” ආදී ලෙසින් ඉන්ද්‍රිය සංවරය ඇතිකොට ගත යුත්තේ යැයි දක්වා ඇත. පුහුදුන් සත්වයා තුළ ඇත්තේ මේ සියලු දේ මමය, මගේය ආදී ලෙසින් ආත්මීය වශයෙන් අල්ලා ගැනීමය. එය දහමේ විස්තර වන්නේ උපාදානය ලෙසය. උන් වහන්සේ සංයුත්ත නිකායේ ‍ෙඒණපිණ්ඩූපම සූත්‍රයේ දී

“‍ෙඒණපිණ්ඩූපමා රූපා - වේදනා බුබ්බුලූපමා
මරිචි තුපමා සංඥා - සංඛා කදලූපමා
මායුපමඤ් ව විඤ්ඤාණං - දීපිතාදිච්ච බන්ධුතා”


යනුවෙන් දේශනා කරන්නේ රූපය පෙණ පිඬක් ලෙස ගත යුතු අතර වේදනාව දිය බුබුලක් හා සමානව ද සංඥාව මිරිඟුවක් මෙන් ද සංස්කාරයෝ කෙසෙල් කඳක් වැනි යැයි ද විඤ්ඤාණය මායාවක් ලෙස ද ප්‍රත්‍යක්ෂ කටයුතු බවයි.
මෙහි දී පුහුදුන් මනසට ප්‍රත්‍යක්ෂ නොවුව ද ධර්මය කෙරෙහි අවබෝධයෙන්ම මේ උපමාවන් දතයුතු බව බුදුරජාණන් වහන්සේ වදාළ සේක. සැකෙවින් කියතොත් මෙයින් කියැවෙන්නේ අවබෝධාත්මකව පඤ්චස්කන්ධයදෙස බැලිය යුතු බවයි. එනම් “යදනිච්චං තං දුක්ඛං යං දුක්ඛං තදනත්තා යදනත්තා තං නේතං මම” “ලෙසින් ත්‍රිලක්ෂණයට අනුව යමක් අනිත්‍ය වේද එය දුක් පිණිස පවතින්නේ ය. යමක් දුක් පිණිස පවතින්නේ ද එය අනාත්ම ස්වභාවයෙන් යුක්ත වේ. එසේ නම් මම ය මාගේය කියා ගතයුතු කිසිවක් නැත්තේය.” ආදී වශයෙන් අවබෝධ කර ගැනීමයි.

පුහුදුන් මිනිසුන් දුක නැති කිරීමට උත්සාහ කරන්නේ දුක් සහගත දේවල් තුළම ගැලී සිටීමෙනි. උපන් සැම කෙනෙක්ම වෙහෙස වන්නේ සැප විඳීමටය. නමුත් මෙම සැපයම දුකක් ලෙස පිරිසිඳ දැනීමට නුවණක් පුහුදුන් මනසට නොවේ. සත්වයා ගෙවල් දොරවල්, යාන වාහන ලබාගෙන බලාපොරොත්තු වන්නේ දුක නැති කිරීමට ය. නමුත් මේ හරහා සිදුවන්නේ නැවත නැවත දුකටම පත්වීමකි. බුදුන් වහන්සේ දුක නැතිකිරීම ගැන දේශනා කොට නැත. උන්වහන්සේ දුක ඇති වීමේ හේතුව සිඳලීමට ලෝකයාට උපදෙස් දුන්හ. හේතුඵල දහමමත රඳා පවතින බුදු දහම අනුව දුක ඇතිවීමට හේතුව වනුයේ ක්ලේශන්ය. මෙහි දී දුක අවබෝධ කටයුතු අතර කෙලෙස් ප්‍රහාණයට බුදුන් වහන්සේ උපදෙස් දුන්හ. වරෙක උන්වහන්සේ “දුක්ඛ සත්‍යය” තමන් තුළින්ම දතයුතු බව පෙන්වා දෙන්නේ ද එ නිසාවෙනි.

නිවැරැදි බෞද්ධයන් දුක නැති කිරීම සඳහා ගෙවල් දොරවල් ඉදි කළේ නැත. රැකී රක්ෂා කළේ ද නැත. ඔවුන් ජීවිතය ජීවත් කිරීම සඳහා යුතුකම් ඉටු කිරීම සඳහා ගෙවල් දොරවල් රැකී රක්ෂා කළහ. සසර දුක ඇති කරන නිවන් මඟ අහුරන මේ දුක් සහගත ලෝකය පිළිබඳව බුදුන් වහන්සේගේ ප්‍රත්‍යක්ෂ ඤාණයන් දේශනා කොට වදාළ දුක්ඛාර්ය සත්‍යය සැබවින්ම සාක්ෂාත් කොට දත යුතුය.
 

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
දුක්ඛ සමුදය ආර්ය සත්‍ය

ලෝකය දුක මත පිහිටා ඇති බව සුගතාවවාදයයි. දුක වනාහි ඉබේ හටගන්නා දෙයක් නොවේ. තෘෂ්ණාව එයට හේතුවයි. තෘෂ්ණාව හටගැනීමට හේතුව අවිද්‍යාව හෙවත් චතුරාර්ය සත්‍යය නොදැනීමයි. සත්ත්වයා සසර අනාදිමත් කාලයක් සැරි සරන්නේ තෘෂ්ණාව නිසාය. ‘නි+ වාණ= නිර්වාණ’ යන වචනයෙහි තේරුම තෘෂ්ණාව සම්පූර්ණයෙන්ම නැවත හටනොගන්නා පරිදි නැති කර දැමීමයි. සිව්සස් හෙවත් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම යනු උතුම් වූ අර්හත්වය සාක්ෂාත් කර ගැනීමයි



“ඉදං ඛො පන භික්ඛවෙ දුක්ඛ සමුදයං අරිය සච්චං. යායං තණ්හා පොනොභවිකා නන්දිරාග සහගතා තත්‍රතත්‍රාභිනන්දිනී, සෙය්‍යථිදං? කාමතණ්හා භවතණ්හා විභවතණ්හා” ‘ මහණෙනි, මේ වනාහි දුක්ඛ සමුදය ආර්ය සත්‍යයයි. යම්කිසි තෘෂ්ණාවක් සත්ත්වයා ගේ පුනර්භවය හෙවත් නැවැත ඉපදීම ගෙන දෙන ස්වභාව ඇත්තේ වේද උපන් ඒ ඒ භවය සතුටින් පිළිගන්නා ස්වභාව ඇත්තේ වේද ඒ තෘෂ්ණාව කවරේද? කාමතණ්හාව, භවතණ්හාව, විභවතණ්හාව, යනුයි. පෙර වැඩ විසූ සියලු උතුම් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සෙයින් ම අප සිද්ධාර්ථ ගෞතම ශාක්‍යමුනීන්ද්‍රයාණන් වහන්සේ දඹදිව, බරණැස්නුවර ඉසිපතන මිගදාය නම් වූ උත්තරීතර පුණ්‍ය භූමියේ දී අද වැනි ඇසළ පුනු පොහෝ දිනයක පස්වග මහණුන් ප්‍රධාන සදේවක ලෝකයාට දේශනා කොට වදාළ උදාන සංඛ්‍යාත මංගල දම්දෙසුම වූ ධම්මචක්කප්පවත්තන සූත්‍රයෙහි දුකට හේතුව පිළිබඳ වූ දෙවැනි ආර්ය සත්‍යය පිළිබඳ අදහසක් මතු කර ගැනීම මේ ලිපියෙහි අරමුණයි.
"දුක්ඛෙ ලොකො පතිට්ඨිතො "ලෝකය දුක මත පිහිටා ඇති බව සුගතාවවාදයයි. දුක වනාහි ඉබේ හටගන්නා දෙයක් නොවේ. තෘෂ්ණාව එයට හේතුවයි. තෘෂ්ණාව හටගැනීමට හේතුව අවිද්‍යාව හෙවත් චතුරාර්ය සත්‍යය නොදැනීමයි. සත්ත්වයා සසර අනාදිමත් කාලයක් සැරි සරන්නේ තෘෂ්ණාව නිසාය. ‘නි+ වාණ= නිර්වාණ’ යන වචනයෙහි තේරුම තෘෂ්ණාව සම්පූර්ණයෙන්ම නැවත හටනොගන්නා පරිදි නැති කර දැමීමයි. සිව්සස් හෙවත් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම යනු උතුම් වූ අර්හත්වය සාක්ෂාත් කර ගැනීමයි. භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේ විසි අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙහෙවී වීර්ය කැර අවබෝධ කැර ගත් දුක පිළිබඳව උන්වහන්සේගේ ප්‍රථම ධර්මදේශනාව වූ දම්සක් පැවැතුම් සුතුරෙහි දී පස්වග මහණුන් වහන්සේලාට පැහැදිලි කොට වදාළ සේක. එහි දී දුක්ඛ ආර්ය සත්‍යයෙන් දුක පිළිබඳවත් දුක්ඛ සමුදය ආර්ය සත්‍යයෙන් දුක හට ගැනීමට හේතුව පිළිබඳවත් දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයෙන් දුක නැති කැරගැනීම පිළිබඳවත් දුක්ඛ නිරෝධගාමිණී පටිපදා ආර්ය සත්‍යයෙන් දුක නැති කර ගැනීමේ මාර්ගය පිළිබඳවත් පැහැදිලි කර දුන් සේක.
මෙහි දී පළමු කොට ‘සමුදය’ යන වචනයෙහි අර්ථය වටහා ගත යුතුයි. ගැඹුරින් විමසතොත් විසුද්ධිමග්ගඉන්ද්‍රිසච්චනිර්දේශ විවරණයට අනුව ‘සං’ යන ශබ්දය සමාගමය, එකතුවීමය යන අර්ථ ඇත්තේ වේ. (සං ඉති අයං සද්දො සමාගමො) ‘උ’ යන ශබ්දය උප්පත්තිය, හටගැනීම යන අර්ථ ඇත්තේ වේ. (උ ඉති උප්පත්තිං) ‘අය’ යන ශබ්දය හේතුව, කාරණය යන අර්ථ ඇත්තේ වේ. (අය සද්දො කාරණං දීපෙති) කැර දැමීමයි. එනම්, සමුදය යන වචනයෙහි අදහස මෙසේ සත්ත්ව සන්තානය තෘණ්ණාව සමඟ එකතු වූ කල්හි එය පඤ්චස්කන්ධයාගේ යළි ඉපදීමට කාරණය’ යන්නයි. (ඉති දුක්ඛස්ස සංයොගෙ උප්පත්තිකාරනත්තා දුක්ඛ සමුදයන්ති) මෙහි සරල අදහස දුක ඇති වීමට හේතුව යන්නයි.
බුදුරජාණන් වහන්සේ දුක්ඛ සමුදය ආර්ය සත්‍යයෙන් දුක ඇතිවීමට හේතුව තණ්හාව බව වදාළ සේක. ‘තෘෂ්ණව ‘ යන වචනයෙහි අර්ථය ඇලීම යන්නයි. මේ ඇලීම නිසා සත්ත්වයා සසර නැවැත නැවැත උපදින බවත් (යායං තණ්හපොනොභවිකා) එසේ උපන් ඒ ඒ භවය සතුටින් පිළිගන්නා බවත් (නන්දිරාග සහගතා) උපන් ඒ ඒ භවයෙහි අතිශයින් සතුටුවන බවත් (තත්‍රතත්‍රාභිනන්දිනී) පැහැදිලි කැර ඇත. බුදුරජාණන් වහන්සේ කාමතණ්හාව, භවතණ්හාව, විභවතණ්හා යනුවෙන් තණ්හාවේ ප්‍රභේද තුනක් දුක්ඛ සමුදය ආර්ය සත්‍යයෙහි දී වදාළ සේක. අභිධාර්මික විවරණයන්ට අනුව තෘෂ්ණාව 108 වැදෑරුම් ය.
කාමය යන වචනයෙහි අර්ථය කැමැත්ත යන්නයි. ‘තණ්හාව ‘ යනු ඇලීමයි. කැමැත්තෙහි ඇලීම කාමතණ්හාවයි. කාමතෘෂ්ණාව යනු මනසින් චක්ඛු, සොත, ඝාණ, ජිව්හා, කාය යන පසිඳුරන් මඟින් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන පඤ්චකාම සම්පත් ලබා ගෙන ඒවායෙහි අතිශයින් ඇලීමයි. බුදුසමයට අනුව පෘථග්ජන ගිහියාට කාම සම්පත් අනුභව කිරීමට තහනමක් නොමැත. එහෙත් ඒවායේ ඇලීම නිසා සත්ත්වයා ගැටීම ඇති කැර ගනියි. බුදුරජාණන් වහන්සේ කාම සම්පත් වල ආශ්වාදය හෙවත් රසවිඳීමක් ඇති බවත් ඒ නිසා ඒවායේ බොහෝ ආදීනව ඇති බවත් එහෙයින් ඒවායින් අත්මිදීමට හෙවත් සම්පූර්ණයෙන් ම ඉවත් වීමට උත්සුක විය යුතු බවත් පැහැදිලි කොට වදාළ සේක.
භව යනු වචනයෙහි අර්ථය ආත්මභාවය යන්නයි. ‘භව තෘෂ්ණාව ‘ යනු නැවැත නැවැත භවයන්හි සැරි සැරීමට හෙවත් ඉපදීමට ඇති ඇලීමයි. ධර්මය නොදැනීම නිසා ඇතැම් අන්ධබාල පෘථග්ජන සත්වයෝ දිව්‍ය, බ්‍රහ්ම, මනුෂ්‍ය ආත්මභාවයන්හි ඉපදෙමින් ඒවාහි පවත්නා සුළු සුළු ආශ්වාද පරම සැප ලෙස සලකා ඒ ඒ භවවල ඉපදීමට කල්පනා කරති. ඒ වෙනුවෙන් අතිශයින් වෙහෙසෙති. එය සසර තව තවත් දීර්ඝවීමට හේතුවකි. භාග්‍යවතුන් වහන්සේ අසුරුසැනක් ගසන මොහොතක්වත් භවය වර්ණනා නොකරමි. (අච්ඡරාසංගහමත්තම්පි ඛො භවං න වණ්ණෙමි) යනුවෙන් වදාළ සේක. භව තෘෂ්ණාව නිසා මුහුණපෑමට සිදුවන ආදීනව සලකා භව තෘෂ්ණාව ක්ෂය කර ගැනීමට උත්සුක විය යුතු ය.
විභව යන වචනයෙහි අර්ථය ආත්මභාවයක් නොමැත යන්නයි. විභව තෘෂ්ණාව යනු නැවැත සැරි සැරීමට හෙවත් ඉපදීමට භවයක් නැතැයි සිතා මේ භවයෙහි උපරිම ලෙස පඤ්චකාම සම්පත් භුක්ති විඳීමට ඇති ඇලීමයි. ඇතැමෙක් උච්ඡේද දෘෂ්ටිගත වී නැවැත ඉපදීම හෙවත් පුනර්භවය පිළිනොගනියි. එහෙයින් දිවි ඇති තෙක් පසිඳුරන් මඟින් රූපාදී පඤ්චකාම අසීමාන්තිකව සම්පත් භුක්ති විඳියි. එහෙයින් බොහෝ අකුසල් රැස්කර ගනිති. එබඳු අන්ධබාල පෘථග්ජනයෝ මරණින් මතු බොහෝ විට නරකාදී සතර අපායට වැටෙති. එහෙයින් විභව තෘෂ්ණාව නිසා මුහුණපෑමට සිදුවන ආදීනව සලකා විභව තෘෂ්ණාව ක්ෂය කරගැනීමට උත්සුක විය යුතු ය.
දුක්ධ සමුදය ආර්ය සත්‍යය පිළිබඳ වූ තණ්හාවේ ස්වභාව සතර වන්නේ සූත්‍ර පිටකයෙහි පටිසම්භිදාමග්ග පාලියෙහි ආයුහනට්ඨය, නිදානට්ඨය, සංයොගට්ඨය, පළිබොධට්ඨයයි. දුක්ඛ සමුදය ආර්ය සත්‍යය පිළිබඳ වූ තෘෂ්ණාවේ ස්වභාව සතරක් විවරණය කැර ඇත. එනම්, ආයුහයනට්ඨය යනු නැවැත නැවැත දුක් රැස් කිරීමයි. නිදානට්ඨය යනු නැවැත නැවැත දුක් ගෙන දීමයි. සංයොගට්ඨය යනු නැවැත නැවැත දුකෙහි තදින් බැඳීමයි. පළිබොධට්ඨය යනු දුකින් මිඳීමේ ප්‍රතිපත්තියට බාධා කිරීමයි. යනුවෙනි.,

“යථාපි මූලෙ අනුපද්වෙ දළ්හේ – ඡින්නොපි රුක්ඛො පුනරෙව රූහති, එවම්පි තණ්හානුසයෙ අනුහතෙ – නිබ්බත්තතී දුක්ඛමිදං පුනප්පුනං” යනුවෙන් සම්බුද්ධ දේශනාවේ බොහෝ තැන්වල සඳහන් පරිදි මුදුන් මුල අනතුරක් නැතිව සවිමත් ව තිබෙන කල්හි නැවැත නැවැත ගස කපා දැමූවත් එගස නැවැත නැවැත ලියලයි. එමෙන් තෘෂ්ණාව සහමුලින් උදුරා නොදැමූ කල්හි තෘෂ්ණාව නැවැත නැවැත සිතෙහි හටගනියි යනුයි. එහෙයින් චතුරාර්ය සත්‍යයේ දුක්ඛ සමුදය ආර්ය සත්‍යයෙන් පැහැදිලි කැර ඇති දුකට හේතුව මැනැවින් වටහා ගැනීමට උත්සුක විය යුතු යි.

සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලෝකයෙහි පහළවීමේ මුඛ්‍ය පරමාර්ථය දුක්විඳින අනන්ත සත්ත්වයන්ට චතුරාර්ය සත්‍ය දේශනා කර අවබෝධ කර සසරින් එතෙර කැරැ වීමයි. එහෙයින් නරකයෙහි උපන් කාලය, තිරිසන්ව උපන් කාලය, ප්‍රේතව උපන් කාලය, අසඤ්ඤතල හෙවත් දීර්ඝායුෂ්ක දිව්‍ය, බ්‍රහ්ම ලෝකයන්හි උපන් කාලය, බුද්ධ ධර්මය නැති ප්‍රත්‍යන්ත දේශයන්හි උපන් කාලය, මිථ්‍යා දෘෂ්ටිකව උපන් කාලය, මන්ද බුද්ධිකව උපන් කාලය, බුදුවරුන් ලොව පහළව නොමැති කාලයක උපන් කාලය යන අෂ්ට දුෂ්ටක්ෂණයෙන් විනිර්මුක්ත නවවන උතුම් දුර්ලභ මනුෂ්‍ය ජන්මභාවය හෙවත් ක්ෂණ සම්පත්ති ලද ඤණවන්ත ඔබ ඒ උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කැර ගැනීමට නොපමා විය යුතු ය. ඒ බව මැනැවින් වටහා ගෙන සීල, සමාධි, පඤ්ඤා යන ත්‍රිශික්ෂාවන් සම්පූර්ණ කරගෙන සසර ගමන කෙටි කර ගැනීමට පින්වත් ඔබ සැමට ඥාන ශක්තිය උදාපත් වේවායි මෙත් සිතින් යුතුව සෙත් පතමි.
 

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය

තෘෂ්ණාව ප්‍රහීණ කිරීම නිර්වාණය ලෙස කෙටියෙන් දැක්වුව ද අවිජ්ජා, සංඛාර ආදි හේතු ප්‍රත්‍යයන් ගේ නිරෝධය ද ඊට අදාළ වන බව සැලකිය යුතුය. නිර්වාණය නම් කුමක්දැයි පරිබ්‍රාජකයකු සැරියුත් හිමියන්ගෙන් විමසූ විට උන්වහන්සේගේ පිළිතුර වූයේ බුදුරදුන් පැවසු පරිදි ‘රාගය නැතිවීම, ද්වේශය නැතිවීම හා මෝහය නැතිවීම නිර්වාණයයි’ යනුවෙනි

චතුරාර්ය සත්‍යයේ තෙවැනි සත්‍ය දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයි. අනන්ත කාලයක් සසර දුක්විඳින සත්වයාට සසර දුකෙන් මිදීමට හැකියාවක් ද සසර දුකෙන් මිදීමේ ක්‍රමයක්ද ඇති බව පෙන්වා දුන් බැවින් බුදුන් වහන්සේ මිනිසා අනාථ අසරණ තත්ත්වයෙන් මුදාගෙන ඇත. ලෝකයේ දුක්ඛ ස්වභාව ගැන හෙළිකිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමුකොට ඇති නිසා බුදුදහම කෙනකු සර්ව අශුභවාදයක් ලෙස හැඳින්වුවද දුක්ඛ නිරෝධයක් හෙවත් දුක නැතිකිරීමක් ඇති බව පෙන්වා දෙන බැවින්, බුදුදහම සර්ව අශුභවාදයක් නොවන බව වටහාගත යුතුය.
චතුරාර්ය සත්‍ය හෙවත් සත්වයාගේ සංසාර දුක පිළිබඳ සත්‍යය ලොවට පැහැදිලි කෙරෙන්නේ පටිච්ච සමුප්පාදය නම් වූ, බෞද්ධ දර්ශනයේ කේන්ද්‍රීය ඉගැන්වීම වන හේතුඵලවාදය පදනම් කරගනිමිනි.
ඒ අනුව, සියල්ල පවතින්නේද බිහිවන්නේද පවතින දෙය වෙනස් වන්නේද හේතු ප්‍රත්‍ය ධර්මයන්ට අනුකූලව නිසා මිනිසාට එය වටහාගැනීමට ද ඒ ගැන ක්‍රියාත්මක වීමටද හැකියාවක් ඇත්තේය. දුක පිළිබඳ ගැටලුව විසඳා ගැනීමේ හැකියාවක් මිනිසාට ඇත්තේ දුක ප්‍රතීත්‍ය සමුත්පන්න නිසාය. එනම් හේතුඵල ධර්මයට අනුව පවත්නා නිසාය.
මෙසේ මිනිසාට හේතු ප්‍රත්‍ය ධර්ම අනුව දුක්ඛ නිරෝධයක්ද ඇති බව පනවන බැවින් මිනිසා අනාථ අසරණ සත්වයෙකු නොවන බවත්, දුකෙන් නිදහස් වන්නේ මිනිසා තුළින්ම හටගත් හේතු මිනිසා විසින්ම වටහාගනු ලැබ ඒ හේතු ඉවත්කිරීමෙන් පමණක් බවත් බුදුදහම අවධාරණය කරයි.
“අත්තාහි අත්තනො නාථො” යන ප්‍රසිද්ධ දේශනා පාඨයෙන් පැහැදිලි කෙරෙන්නේ මිනිසාගේ ගැලවුම්කරුවා මිනිසාම බවයි. එමඟින් මිනිසාට ඉහළින් සිටින, මිනිසා මෙහෙයවන ඊශ්වරයෙකු හෝ සර්ව බලධාරි දෙවියකු නොමැති බවත් පැහැදිලි කරයි. එසේම අහේතුවාදී ඉගැන්වීම් මෙන්ම සියල්ල නියත කර්මයකට අනුව සිදුවේ යන කර්ම නියතිවාදය පිළිබඳ ඉගැන්වීම්ද ප්‍රතික්ෂේප වේ.
මේ අනුව, මිනිසා වෙත ස්වාමිත්වයත් වගකීමත් නිදහසත් පැවැරේ. මිනිසාට සසර දුකෙන් මිදීමට හැකිවන්නේ සංසාර දුක්ඛයන් හේතු ප්‍රත්‍ය ධර්මයන්ට අනුව පවතින දේවල් නිසාය. දුකට හේතු ඉවත්කිරීමෙන් දුක්ඛ නිරෝධය සිදුවේ.
චතුරාර්ය සත්‍යයේ දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග සත්‍යයන්ගේ හේතු-ඵල ලක්ෂණ මෙලෙස දැක්විය හැකිය.

1. දුක්ඛ සත්‍යය – (ජාති, ජරා, ව්‍යාධි, මරණ) ඵල
2. සමුදය සත්‍යය – (තෘෂ්ණාව) හේතුන්
3. නිරෝධ සත්‍යය – (තෘෂ්ණාව ප්‍රහීණය) ඵල
4. මාර්ග සත්‍යය – (ආර්ය අෂ්ඨාංගික මාර්ගය) හේතුන්


මෙහිලා පටිච්ච සමුප්පාද ධර්මයේ දොළොස් වැදෑරුම් අනුලෝම ක්‍රමයට අනුව තෘෂ්ණාව හා අදාළ සෙසු අවිජ්ජා, සංඛාර ආදි හේතු සාධක සියල්ලම දුක්ඛ සමුදය හෙවත් දුක හටගැනීමට හේතුන් වන බව වටහාගත යුතුය. චතුරාර්ය සත්‍යයේ දුක්ඛ නිරෝධය තෘෂ්ණාවේ ප්‍රහීණයෙන් සිදුවන බව පැවසුවත් අවිද්‍යා, සංඛාර, විඤ්ඤාණ, නාම - රූප යන්ගේ නිරෝධයෙන්ද එය සිදුවන බව වටහාගත යුතුය. අනුලෝම පටිච්චසමුප්පාද දේශනයෙන් දැක්වෙන්නේ සංසාර දුක්ඛ සම්භවය පිළිබඳ චක්‍රයයි. ප්‍රතිලෝම ප්‍රතිත්‍යසමුප්පාද දේශනයෙන් දැක්වෙන්නේ සංසාර දුක්ඛයාගේ නිරෝධය වූ නිර්වාණයයි.
පස්වග තවුසන් හමුවේ ප්‍රථම ධර්ම දේශනාවේදී දුක්ඛ නිරෝධ සත්‍යය පිළිබඳව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ මෙසේය.
‘ඉදං ඛො පන භික්ඛවෙ දුක්ඛ නිරොධං අරිය සච්චං යො තස්සායෙව තණ්හාය අසෙස විරාග නිරොධො චාගො පටිනිස්සග්ගො මුත්ති අනාලයො ‘
“මහණෙනි, දුක්ඛ නිරෝධ අරිය සච්ච යනු දුකට හේතුවන තෘෂ්ණාව ඉතිරි නොකොට ප්‍රහීණ කිරීමයි. ඉවත දැමීමයි. තණ්හාවෙන් මිදීමයි. එයට කිසිදු ඉඩකඩක් නොදීමයි “
සංයුත්ත නිකායේ, රාධයන්ට නිරෝධ සත්‍ය ගැන දේශනා කළේ ‘තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානං” තෘෂ්ණාව ක්ෂය කිරීම, විරාගය, නිරෝධය නිවනයි යනුවෙනි. නිරෝධ සත්‍යය වශයෙන් දැක්වෙන්නේ නිවන අවබෝධ කර ගැනීමයි.
තෘෂ්ණාව ප්‍රහීණ කිරීම නිර්වාණය ලෙස කෙටියෙන් දැක්වුවද ඉහතින් දැක්වූ පරිදි අවිජ්ජා, සංඛාර ආදි හේතු ප්‍රත්‍යයන් ගේ නිරෝධයද ඊට අදාළ වන බව සැලකිය යුතුය. නිර්වාණය නම් කුමක්දැයි පරිබ්‍රාජකයෙකු සැරියුත් හිමියන්ගෙන් විමසූ විට උන්වහන්සේගේ පිළිතුර වූයේ බුදුරදුන් පැවසු පරිදි ‘රාගය නැතිවීම, ද්වේශය නැතිවීම හා මෝහය නැතිවීම නිර්වාණයයි’ යනුවෙනි. රූප,වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යනුවෙන් දැක්වූ පංචස්කන්ධය පිළිබඳ ඡන්දරාගය හෙවත් උපාදාන වශයෙන් දැඩිව අල්වාගැනීම අත්හැර දැමීමත් දුක්ඛ නිරෝධයයි.
එසේනම් තෘෂ්ණාවේ නිරෝධය දුක්ඛ නිරෝධය ලෙස සැලකීමේදී එය සංක්‍ෂිප්තව දක්වන ලද්දක් බව සැලකිය යුතුය. තෘෂ්ණාව ප්‍රතිඝය, අවිද්‍යාව, මානය, දෘෂ්ටි ආදි සියලු ක්ලේශයන්ගෙන් නිදහස් වූ දුක්ඛ නිරෝධයට පත්වු තැනැත්තා කරුණා මෛත්‍රියෙන් සම්පූර්ණ කෙනෙකි. ඔහු තුළ ආත්ම දෘෂ්ටියක් තමාය යන හැඟීමක් නැති බැවින් ඔහුගේ පරාර්ථ චර්යාව නිර්මලය.
සක්කාය දෘෂ්ටියෙන් තොරය. තෘෂ්ණාවෙන් නිදහස්ය. තමන් සසර දුකෙන් එතෙරව,දුක්විඳින සත්වයන් එතෙර කරවීමට එබඳු උතුමෝ කැපවෙති. නිරෝධය යනු නිර්වාණයයි. එය සංසාර දුකෙහි නිවීයෑමයි. තර්කයට හසුනොවන නිවන ප්‍රත්‍යක්‍ෂ කරගත යුතු ධර්මයකි.
 

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍ය

ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් සොයා ගන්නා ලද මැදුම් පිළිවෙත එකල පැවැති වෙනත් දර්ශනයක නොඉගැන්වෙන බැවින් පෙර නොඇසු විරූ ප්‍රතිපදාවක් ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. එමෙන් ම පිරිනිවන් පානා අවස්ථාවේ පැමිණි සුභද්ද පිරිවැජියා අමතා දේශනා කළේ ආර්ය අෂ්ටාංගික මාර්ගය බුදුසසුනෙහි පමණක් දක්නට ලැබෙන බව ය. මේ අනුව බලනවිට මැදුම් පිළිවෙත නිවනෙහි දොරටුව වන චතුරාර්ය සත්‍යයෙහි හතරවන සත්‍ය වන දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා සත්‍ය ලෙස නම් කළ හැකිය.

පෙර ඉන්දියාවේ බොහෝ දෙනා දුකින් නිදහස්වීම පිණිස අනුගමනය කළ ප්‍රධාන අන්තවාදී මාර්ග දෙකක් තිබිණි. එනම් 1 කාමසුඛල්ලිකානුයෝගය හෙවත් සැපයෙහි දැඩිසේ ඇලී ගැලී වාසය කිරීම, 2 අත්තකිලමථානුයෝගය හෙවත් ශරීරයට දැඩි දුක් ගෙන දෙන පිළිවෙත් පිරීම යනුවෙනි. මෙම අන්තවාදී මාර්ග දෙකම පළමු දෙසුම වන ධම්මචක්කප්පවත්න සූත්‍ර දේශනයේ දී අත්හළ යුතු අන්තයන් ලෙස අවධාරණය කරමින් මධ්‍යම ප්‍රතිපදාව දේශනා කළහ. ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ මෙම මැදුම් පිළිවෙතෙහි අගය දම්සක් පැවතුම් සූත්‍රයේ දී දක්වන්නේ කෙලෙස් මල සංසිඳවන නුවණැස පිණිස සත්‍යාවබෝධය පිණිස උපකාරී වන බවයි.
ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් සොයා ගන්නා ලද මැදුම් පිළිවෙත එකල පැවැති වෙනත් දර්ශනයක නොඉගැන්වෙන බැවින් පෙර නොඇසු විරූ ප්‍රතිපදාවක් ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. එමෙන් ම පිරිනිවන් පානා අවස්ථාවේ පැමිණි සුභද්ද පිරිවැජියා අමතා දේශනා කළේ ආර්ය අෂ්ටාංගික මාර්ගය බුදුසසුනෙහි පමණක් දක්නට ලැබෙන බව ය. මේ අනුව බලනවිට මැදුම් පිළිවෙත නිවනෙහි දොරටුව වන චතුරාර්ය සත්‍යයෙහි හතරවන සත්‍ය වන දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා සත්‍ය ලෙස නම් කළ හැකිය. මෙම ගාමිණී පටිපදාව හඳුනා ගනිමු. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යනුවෙන් එය දැක්විය හැකිය.
ම. නි චූලවේදල්ල සූත්‍රයේ දී විශාඛා උපාසකයා විසින් ධම්ම දින්නා රහත් මෙහෙණින් වහන්සේගෙන් විමසන ලද ප්‍රශ්නයක් වූයේ අරිඅටඟ මග හේතුඵල දහමින් සකස් වූ එකක් ද නැතිනම් හේතුඵල දහමින් සකස් නොවුණ එකක් ද යන්නයි. එනම් සංඛතයක් ද අසංඛතයක් ද යන්නයි. එවිට ධම්ම දින්නා මෙහෙණියගේ පිළිතුර වුයේ මෙය සකස් වුණු එකක් මෙන්ම සකස් කරගන්නා එකක් යනුවෙනි. එසේනම් ප්‍රතිපදාව සකස් වූ දෙයක් බැවින් අප ජීවිතය තුළ සකස් කරගෙන සසරින් නිදහස් වීමට හැකිය. චුලවේදල්ල සූත්‍රයේදීම විශාඛා ගෘහපතියා මෙහෙණින් වහන්සේගෙන් විමසන්නේ සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිවිධ ස්කන්ධ (ත්‍රිශික්ෂා) ආර්ය අෂ්ටාංගික මාර්ගය විසින් සකස් කරන ලද්දක් ද? නැතිනම් ත්‍රිවිධ ස්කන්ධ විසින් ආර්ය අෂ්ටාංගික මාර්ගය සකස් කරන ලද්දක්ද? යනුවෙනි. එවිට මෙහෙණින් වහන්සේගේ පිළිතුර වූයේ සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්ෂා මඟින් ආර්ය අෂ්ටාංගික මාර්ගය සකස් වූ බවය. තවද ධම්ම දින්නා තෙරණිය දේශනා කරන්නේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන අංග තුන සීලයටත්, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන අංග තුන සමාධියටත්, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප යන අංග දෙක ප්‍රඥාවටත් අයත් වන බවය. මෙම ධර්ම සාකච්ඡාවේදී සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්ෂා ආර්ය අෂ්ටාංගික මාර්ගයට වඩා පෘථූල වන බව පැහැදිලිය.
මෙහිදී ඉහත වර්ගීකරණයට අනුව ප්‍රඥාව සමාධියට අනතුරුව වැඩෙන අයුරු සිතෙන්නට හැකිවූවත් එය එසේ නොවන අතර ආර්යඅෂ්ටාංගික මාර්ගය ප්‍රඥාවෙන් ඇරැඹී සමාධියෙන් කෙළවර වන්නක් ද නොවේ. සීල, සමාධි, ප්‍රඥා යන පිළිවෙළ නිවැරැදිය. මෙයින් සිදුවන්නේ ප්‍රඥා ස්කන්ධය වැඩීමෙන් ආර්ය මාර්ගය නිමවන බවය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, මැදුම් පිළිවෙතෙහි පූර්වාංගම කොටසට, අයත් වූවත් එය පරිපූර්ණ ප්‍රඥා අවස්ථාවට නොවැටේ. ප්‍රඥාව පරිපූර්ණ වන්නේ සම්මා ඥානා, සම්මා විමුක්ති අංග දෙක ද සම්පුර්ණ වීමෙනි. මේ බව ම නි. මහාචත්තාරිසක සූත්‍රයේ සඳහන් ය. එසේම අරිඅටඟ මඟ පුද්ගලයා තුළ වඩන අයුරු ම නි. මහාචත්තාරිසක සුත්‍රයේදී දේශනා කර ඇත.ආර්ය මාර්ගයේ මුල් අංග පහ ආස්‍රව හා අනාස්‍රව වශයෙන් කොටස් දෙකකට බෙදා ඇත. ආස්‍රව අංශයෙන් අර්ථවත් වන්නේ කෙලෙස් සහිත ව පිනට නැඹුරුව නැවත උපතකට හේතුවන ක්‍රියාකලාපයයි. (සාසවා පුඤ්ඤභාගියා උපධිවෙපක්කා) අනාස්‍රව යනු ආර්ය වූ කෙලෙස් නැති ලෝකෝත්තර වූ නිවනට හේතුවන අංශයයි. (අරියා අනාස්‍රව, ලෝකෝත්තර මග්ගවා) උක්ත සාස්‍රව හා අනාස්‍රව ප්‍රභේදය ආර්ය අෂ්ටාංගික මඟ ඔස්සේ වෙන වෙනම පැහැදිලි කරගැනීමට උත්සාහ දරමු.
1. සම්මා දිට්ඨි
චත්තාරිසක සූත්‍රයට අනුව සම්මා දිට්ඨිය සාස්‍රව හා අනාස්‍රව වශයෙන් දෙපරිදි ය. සාස්‍රව සම්මා දිට්ඨිය වන්නේ දුන්දෙයෙහි විපාක ඇත. පූජාවෙහි විපාක ඇත. හොඳ නරක ක්‍රියාවන්ගේ විපාක ඇත. මෙලොව පරලොව ඇත. මව පියා ඇත. ඕපපාතික සත්වයෝ ඇත. දහම් මග පිළිපන් ශ්‍රමණ බමුණන් ඇත යන පිළිගැනීමයි. එම පුද්ගලයන්ට සුගතිගාමී වීමට හැකි අතර නැවත උපතකින් මිදීමට නොහැකිය. අනාස්‍රව සම්මා දිට්ඨිය වන්නේ ලෝකය ඇති සැටියෙන් ලෝකෝත්තර ලෙස දැකීමයි. එනම් චතුරාර්ය සත්‍ය ධර්මය දක්නා නුවණයි. මෙය විදර්ශනා ප්‍රඥාවයි. මෙමඟින් භවයෙන් මිදීම සිදුවේ.
2. සම්මා සංකප්ප
කාම ව්‍යාපාද විහිංසා යන ත්‍රිවිධ සංකල්පයන්ගෙන් වෙන්විය යුතුය යන කල්පනාව සම්මා සංකප්ප යැයි මෙලෙස නෙක්ඛම්ම අව්‍යපාද අවිහිංසා යන සංකල්ප වැඩිය යුතු යැයි සිතීම ආස්‍රව සහිතව පිනට නැඹුරු උපධි විපාක සහිතවීම ආස්‍රව සමඟ සංකප්ප නම් වන නමුත් එය ලෝකෝත්තර මාර්ගාංගයක් බවට පත්වන්නේ එම යහපත් කල්පනා කෙරෙහි සිත පිහිටුවීමක් විශේෂයෙන් පිහිටුවීමත් සමඟය. සරලව පැවසුවහොත් එම සංකල්ප පිළිබඳ අරමුණ සිතට වහා නංවන සුළු විතර්කයයි.
3. සම්මා වාචා
බොරු කීමෙන්, කේලම් කීමෙන්, පරුෂ වචන කීමෙන් හිස් වචන කීමෙන් වෙන්වීම සම්මා වාචා නම් වේ. මෙම සතර වැදෑරුම් වාග් දුෂ්චරිතයෙන් වෙන්වීම සාස්‍රව සහිතව පින්පැත්තට නැඹුරු උපධිවිපාක සහිත සම්මා වචනයි. නමුත් මෙය ලෝකෝත්තර මාර්ගාංගයක් වන්නේ ආර්ය වූ අනාස්‍රව මාර්ගය වඩන විට බව ම. නි. මහචත්තාරිසක සූත්‍රයේ සඳහන් කරයි.
4. සම්මා කම්මන්න
ප්‍රාණඝාතය, සොරකම් කිරීම, කාමයෙහි වරදවා හැසිරීම යන තුන කායදුශ්චරිත හෙවත් වැරැදි ක්‍රියා ලෙස දක්වයි. මෙම වැරැදි ක්‍රියාවලින් මිදීම ආස්‍රව සහිතව පිනට නැඹුරුව උපධිවිපාක සහිත සම්මා කම්මන්තය සසර ගමන් කරයි. මෙය ලෝකෝත්තර මාර්ගංගයක් වන්නේ ආර්ය වූ අනාස්‍රව මාර්ගය වඩන පුද්ගලයාගේ කායදුස්චරිතයෙන් වෙන්වීමක් නැවැත්මක් ඇද්ද එම ස්වභාවයෙන් වැඩෙන විටයි. එය භව පැවැත්ම පිණිස හේතු නොවේ.
5. සම්මා ආජීව
වැරැදි දිවි පැවැත්මෙන් මිදීම සම්මා ආජීව නම් වේ. නැති ගුණ පෙන්වීම, විස්මය දනවන වචන කීම, ලාභය පිණිස ඇඟවීම් කිරීම, ලාභයෙන් ලාභය සෙවීම මිච්ඡා ආජීව බව ම.නි. 3 මහාචත්තාරිසක සූත්‍රයේ දක්වයි. සම්මා ආජීවය වන්නේ ඉහත ලක්ෂණයන්ගෙන් මිදීමයි. එසේ මිදීම ආස්‍රව සහිතව පිනට නැඹුරුව උපධිවිපාක සහිත සම්මා ආජීවයයි. නමුත් ලෝකෝත්තර මාර්ගාංගයක් වන්නේ ආර්ය වූ අනාස්‍රව ආර්ය මාර්ගය වැඩීමට ක්‍රියාකරන පුද්ගලයාගේ මිත්‍යා ආජීවයෙන් වෙන්වීමක් නැවැත්මක් ඇද්ද ඒ ස්වභාවයෙන් වැඩෙනවිටයි. (ම. නි. මහාචත්තාරිසක සුත්‍රය) මෙහිලා ආර්ය මාර්ගයේ මුල් අංග පහ ආස්‍රව සහිතව පින් පැත්තට නැඹුරුව සසර ප්‍රතිවිපාක මට්ටමෙන් ක්‍රියාත්මකවීම නිවන් මග සඳහා ප්‍රමාණවත් නොවන බැවින් මෙය ලෝකෝත්තර අංගයක් ලෙස ගැඹුරින් වැඩීම කෙසේ කළ යුත්තේ ද යන්න පැහැදිලි කර ගැනීම යෝග්‍ය වේ. දිට්ඨි, සංකප්ප, වාචා, කම්මන්ත ආජීව යන අංග පහේ වැරැදි නිවැරැදි බව අවබෝධ කරගැනීමට මූලික වන්නේ සම්මා දිට්ඨියයි. මේ සඳහා සම්මා වායාම, සම්මා සති යන අංග දෙක ද උපකාරී වේ.
6. සම්මා වායාම
සතර සම්‍යග් ප්‍රධං වීර්ය වැඩීමට අවශ්‍ය උත්සාහය සම්මා වායාමයි. වැරැදි දැකීම ඉවත් කොට නිරවද්‍ය දැකීම ඉපදවා ගැනීමට ඇති උත්සාහය සම්මා වායාම නමින් ද හැඳින් වේ. සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන අංග වැඩීමට ද ඇති උත්සාහය සම්මා වායාමයි.
7. සම්මා සති
නිවැරදි සිහියෙන් යුක්ත වී මිත්‍යා දෘෂ්ටියෙන් බැහැර වීම සම්මා සතියයි. ආර්ය මාර්ගයේ මුල් අංග වන සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන අංගයන්හි එළැඹි සිහියෙන් යුක්තවීම සම්මා සතියයි. ම.නි. මහාචත්තාරික සූත්‍රයේ දක්වන්නේ සම්මා දිට්ඨියත්, සම්මා වායාමත්, සම්මා සතියත් මඟින් ආර්ය මාර්ගයේ මුල් අංග පහ වැඩීම සිදුවන බවයි.
8. සම්මා සමාධි
සම්මා සමාධි පිළිබඳ ම.නි. මහචත්තාරිසක සුත්‍ර දේශනාවේ දී සඳහන් කරන්නේ මෙසේය. සම්මා දිට්ඨිය ආදී කොට ඇති මුල් අංග සතින් සිතේ යම් එකඟ බවක්, පරිවාර බවක් වේද මහණෙනි එය සම්‍යග් සමාධි ප්‍රත්‍ය සහිත යැයි ද, පරිවාර සහිත යැයිද කියනු ලැබේ යනුවෙනි. සම්මා සමාධිය දක්වා ඇති අංග අට සේඛ ප්‍රතිපදාව ලෙස නම් කරයි. එනම් ප්‍රතිපදාවෙන් නික්මෙන අවස්ථාවක් ලෙසයි. එසේනම් සම්මාඤාණ, සම්මා විමුක්ති යන අංග දෙක පරිපූර්ණවීමෙන් ප්‍රඥාව උදාවේ. මෙම අංග දෙක සම්බන්ධ වන්නේ ප්‍රඥා ඉන්ද්‍රියට හා සමාධි ඉන්ද්‍රියට බව මෙයින් සිහිපත් කළ යුතු වේ.
 

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
ත්‍රිලක්ෂණ

බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා වදාළ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය ලොව පහල වූ වෙනත් කිසිදු ශාස්තෘවරයෙකු විසින් පෙන්වා නොදෙන ලද්දකි. මේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ත්‍රිලක්ෂණයම ලොව්තුරු බුදුරජාණන් වහන්සේලා දෙසත් දකින්නට හැකියාව පවතිනවා.


අනිත්‍ය නැමති බුදුරජාණන් වහන්සේ, දුක නැමති බුදුරජාණන් වහන්සේ, අනාත්ම නැමති බුදුරජාණන් වහන්සේ, නොමැති හිත, නොමැති ජීවිතය ඉර හඳ නොමැති ලෝකය වැනිය. එහි බිඳක් නොමැති පාළු කාන්තාරයකි.

අනිත්‍යය

මේ මුළු ලෝකයම ඇති වුනා සේම මෙම ඇතිවුන ලෝකය නැවත කවදා නමුත් නැතිවේ. මේ නැතිවන ස්වභාවය අපට හඳුනා ගන්න නොහැකිනම් අපේ හිත් දුකින් වේදනාවෙන් සෝකයෙන් පිරී පවතියි. අපේ බුදුරජාණන් වහන්සේ අපට උගන්වන්නේ මේ මුළු ලෝකයම අනිත්‍යය ලෙසිනි. එසේ නම් ලෝකය වෙනස් වන බව වටහා ගැනීම, වෙනස් වන ස්වභාවය වටහා දුන් බුදුරජාණන් වහන්සේ අපේ සිතෙහි වඩා හිඳුවා ගැනීමයි. අනිත්‍ය නැමති බුදුරජාණන් වහන්සේ නොමැති සිත සෝකවෙති, කණගාටුවෙති, හඬා වැලපෙති.විලාප නගති. අනිත්‍ය නැමති බුදුරජාණන් වහන්සේ ජීවත් වන හිතක් ඇති පුද්ගලයා මේ ලෝකය පෙරලිලා තමන් සතු සියළු දේ නැති වුවත් සෝක නොවෙති. හඬා නොවැලපෙති. මන්ද ඒ හිත තුළ අනිත්‍ය නැමති බුදුරජාණන් වහන්සේ මේ නැතිවීමේ ස්වභාවය උගන්වා ඇති හෙයිනි. යමෙකු අනිත්‍ය අවබෝධ කර ගැනීම යනු අපේ සිත් තුළ අනිත්‍ය නැමති බුදුරජාණන් වහන්සේ වඬා හිදුවා ගැනීමයි.

දුක්ඛ

දුක්ඛ නම් වෙනස් වීමයි. මේ වෙනස් වීම තේරුම්ගත නොහැකි නිසා අපි නිතර නිතර දුක්වෙයි. යමෙකුගේ හිත තුළ දුක්ඛ නැමැති බුදුරජාණන් වහන්සේ වැඩ හිඳියි නම්, ඔහු මොන මොන දේ වෙනස් වුවත් දුක නොගනියි.මන්ද මේ වෙනස් වීම යථා ස්වභාවයක් බව ඔහු පැහැදිලිව අවබෝධ කොට ඇති බැවිනි. අද ආදරයෙන් කතා කළ කෙනෙක් හෙට අපට බැන වැදිය හැකිය. එහෙත් දුක නැමැති බුදුරජාණන් වහන්සේ ඒ හිත තුළ වැඩ හිඳියි නම් ඒ හිතට බැනවැදීමත්, ප්‍රශංසා කිරීමත් එකක් මිස දෙකක් නොවන බව වැටහෙයි. දුක නැමැති බුදුරජාණන් වහන්සේ වඩා හිඳුවා නොගත් හිත මහා පාළු කාන්තාරයකි. ඉරක් හඳක් නොමැති ගණ අන්ධකාරයෙන් පිරි ලෝකයකි.

අනාත්ම

අනාත්මය නම් මම මගේ යැයි වරදවා වටහා ගැනීමෙන් මේ ලෝකය අල්ලා ගැනීමයි. නමුත් මේ අනාත්ම නැමැති බුදුරජාණන් වහන්සේ යමෙකුගේ සිත තුළ වැඩහිඳියිද ඒ සිත අල්ලා ගැනීම අත්හල සිතකි. මොනදේ අල්ලා ගත්තද මොන දේට ආදරය කලද ඒ සියල්ල කවදා හෝ අත්හල යුතු බව අනාත්ම නැමැති බුදුරජාණන් වහන්සේ වදාරණ සේක. මේ ස්වභාවය වෙනස් කළ හැකි කවරෙකුද මේ ලොව පහළ නොවනු ඇත. බුදු වදනට අනුව අපි මේ ආත්ම යැයි වරදවා වටහාගෙන මේ තාවකාලික ලෝකයේ අල්ලාගත් සියල්ලම මිට මොලවා ගත් එලගිතෙල් ගොඩකි. එලිගි තෙල් කුට්ටියක් මිට මොලවා ගත හැකිය. එහෙත් සුළු මොහොතකින් එය දියවී යයි. මේ ලොව සියළු දේ මේ තත්වයට පත්වේ. ඒ නිසා මේ වෙනස් වන ලෝකයේ සියළු දේ අපි නොවෙනස් යැයි වරදවා වටහාගෙන ආත්ම වශයෙන් අල්ලා ගෙන සිටියි. එහෙත් අනාත්ම නම් බුදුරජාණන් වහන්සේ යම් හිතක වැඩ හිඳියිද ඒ හිත සියල්ල අත් හැරීමට වෙහෙස ගනියි. එවිට දුක සෝකය ඒ හිතින් ඈත්වී යයි.

මෙම කරුණු නිතර නිතර මෙනෙහි කරමින් අනිත්‍ය, දුක්ඛ අනාත්ම යන ධර්මතාවයන් ඔබේ හිත තුළ රෝපණය කිරීම පිණිස, වර්ධනය කිරීම පිණිස නිතර නිතර වෙහෙස ගැනීම නිර්වාණ මාර්ගයට හොඳ පිටුවහලකි. එසේම යම් හිතක් මෙම ධර්මතා තුනෙන් පරිපූර්ණ වෙයිද ඒ හිත දුක් නොවෙයි. සෝක නොකරයි. මහා සහනයකින් පිරුණු ජීවිතයක් ගත කිරීම පිණිස ඒ හිත මහෝපකාරී වෙයි.

පුහුදුන් පුද්ගලයා නිර්වාණාවබෝධය ලබන තුරු වැවක් වැනිය. වැව වැවු බැම්ම නිසා ශක්තිමත් වී රැස් වන ජලය පුරවා ගනියි. ජලය ප්‍රමාණය ඉක්මවා යන්නේ නම් වැවු සොරොවු විවර කරමින් වැඩි ජලය ගලා යාමට සලස්වයි. නොමැති නම් වැව් බැම්ම දෙදරා ගොස් ජලය සියල්ලම මහා විනාශයක් කරමින් ගලා යා හැකිය. පුහුදුන් සත්වයාද එවැනිය. ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යාව, මදය, මානය වැවක රැස් වන්නා සේම පුහුදුන් සිතක් තුළ නිතර නිතර එක් රැස් වෙයි. මෙම කරුණු පිටාර ගැලුවොත් වැව විනාශ වන්නා සේම ඒ ජීවිතයද විනාශ වී යයි. එවිට වැවේ සොරොව්ව විවෘත කොට පිටාර ගැලීම වලක්වන්නාසේම හිත් ඇතුලේ වර්ධනය වන වෛරය, ක්‍රෝධය , ඊර්ෂ්‍යාව, ගුණමකුකම ආදියට එක තැනකින් පිටාර ගලා යාමට සැලැස්විය යුතුය. අපේ හිත් තුළ ඇති ආශාව නැමැති වැව පිටාර ගැලීම වැලැක්වීම පිණිස අනිත්‍ය, දුක්ඛ, අනාත්ම නැමැති කාණු පද්ධතිය හෝ සොරොව්ව සැකසිය යුතුය.

මේ කරුණු අවබෝධය පිණිස නිතර නිතර ඔබ භාවනාවට පෙළඹිය යුතුය. භාවනා කරන හිතට පමණයි මේ කරුණු ටිකෙන් ටික අවබෝධ වීම සිදුවන්නේ. ඒ නිසා ඔබත් මේ යථා ස්වභාවය අවබෝධ කරගනු පිණිස නිතර නිතර බවුන් වැඩීම පිණිස වෙහෙස ගත යුතුය.
 

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
මේ අනුව බුදු කෙනකු ලොව පහළ වන්නේ චතුරාර්ය සත්‍ය යනු කුමක්දැයි පැහැදිලි කිරීමට සහ ත්‍රිලක්‍ෂණ ධර්ම යනු මොනවාදැයි පැහැදිලි කිරීමට ය.

තථාගත බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ වන්නේ ඉතාම කලාතුරකිනි. සම්බුද්ධ සුදේශිත ශ්‍රී සද්ධර්මය අපට අසන්නට ලැබෙන්නේ ඉතාම කලාතුරකිනි. එසේම මිනිසත් බවක් ලැබෙන මිනිසකු වශයෙන් සමාජයේ දැහැමිව ජීවත්වීමට අවස්ථාව ලැබෙන්නේ ද ඉතාම කලාතුරකිනි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනය පවතින මේ වකවානුවේ මනුෂ්‍යයකු වශයෙන් මෙලොව ඉපදීමට, සදහම් ඇසීමට, සදහම් ප්‍රගුණ කිරීමට, අපටත් අවස්ථාව ලැබීම මොනතරම් භාග්‍යයක්ද? පින්වත්, අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මුල් සූත්‍ර දේශනාවලට අනුව අපගේ ශාස්තෘවරයාණන් වහන්සේ වන ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේ වනාහී කල්ප අනූ එකකින් මෙහා මෙලොව පහළ වූ බුදුරජාණන් වහන්සේගෙන් සත්වැනි බුදුරජාණන් වහන්සේ ය. මෙයට කල්ප අනූ එකකින් මෙහා, පිළිවෙලින් විපස්සී, සිඛ, වෙස්සභු, කකුසඳ, කෝනාගම, කාශ්‍යප යන බුදුවරු හය නමක් මෙලොව පහළ වී සදහම් දේශනා කළහ. එම බුදුරජාණන් වහන්සේ ලොව පහළ වී දේශනා කළේත් චතුරාර්ය සත්‍ය දේශනයයි. අපගේ තිලෝගුරු බුදුපියාණන් වහන්සේ ලොව පහළව දේශනා කළේ ද චතුරාර්ය සත්‍යය දේශනයමයි. මතු බුදුවරු දේශනා කරන්නේ ද චතුරාර්ය සත්‍යමය. ඒ අනුව සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මූලික දේශනය වන්නේ අන් කිසිවක් නොව චතුරාර්ය සත්‍ය දේශනයමය.
“නාහි සීලවතං හේතු උප්පජ්ජන්ති තථාගතා අටඨකඛරා තීණි පදා සම්බුද්ධෙන පකාසිතා” යනුවෙන් සද්ධම්මෝපායන නම් ග්‍රන්ථයෙහි සඳහන් පාඨයට අනුව තථාගත බුදුරජාණන් ලොව පහළ වන්නේ සීලය යනු කුමක්දැයි පැහැදිලි කිරීමට නොව අක්‍ෂර හෙවත් අකුරු අටක් සහ පද තුනක් පැහැදිලි කිරීමට ය. මෙම අකුරු අට නම් “චතු අරිය සච්ච” යන අකුරු අට ය. පද තුන යනු “අනිච්ච දුක්ඛ අනත්ත” යන තුනය. මේ අනුව බුදු කෙනකු ලොව පහළ වන්නේ චතුරාර්ය සත්‍ය යනු කුමක්දැයි පැහැදිලි කිරීමට සහ ත්‍රිලක්‍ෂණ ධර්ම යනු මොනවාදැයි පැහැදිලි කිරීමට ය.
යම් කෙනෙක් සෝවාන් තත්ත්වයට පත්වීමත් සමඟම චතුරාර්ය සත්‍ය යනු කුමක්ද, ත්‍රිලක්‍ෂණ යනු මොනවාදැයි අවබෝධ කරගනියි. එසේ අවබෝධ කර ගැනීම පිළිවෙළින් සකදාගාමී, අනාගාමී සහ අරහත් තත්ත්වයට පත්වන විට සම්පූර්ණ පඤ්චස්කන්ධ ලෝකයේ ඇති තතු මැනවින් අවබෝධ කර ගනිමින් හෙතෙම සියලු කෙලෙසුන් නැති කළ ලොව අපරාජිත වූ උතුම්ම තත්ත්වයට පත් ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයකු බවට පත් වෙයි. එවන් උතුමා සමාජයේ නොඇලෙන, ;නාගැටෙන කෙනෙකි. ධම්මපදයේ අරහන්ත වග්ගයේ සඳහන් වන පරිදි සියලු ආශ්‍රව නැති කළ, ආහාරයට ගිජු නැති, සුඤ්ඤත හා අනිමිත්ත ලක්‍ෂණයන්ගෙන් යුක්ත වූ, නිවන ස්පර්ශ කළ කෙනෙකි. එවන් උතුමෝ අහසෙහි පියාසර කළ පක්‍ෂීන් ගිය මඟ මෙන්, පිරිනිවන් පෑ කළ කොහේ වැඩම කළේ දැයි සොයන්නට කිසිවකුටත් නොහැකි ය.
යම් කෙනෙකුගේ ජීවිතයේ උතුම්ම වූ සැපත වන නිර්වාණ සැපත ලැබෙන්නේ පිරිනිවන් පෑමෙන් නොව, ජීවත්ව සිටින කාලය තුළමය. අප බුදුරජාණන් වහන්සේ එදා බුද්ධගයාවේ දී සම්බුද්ධත්වයට පත් තැන් පටන් ලැබුවේ ලොව වෙනත් කිසිම කෙනකු විසින් නොවිඳින සැපයකි. ඒ කෙලෙස් නැති කිරීමේ සැපයයි. එය ආවේදයිත සැපයකි.
එම උතුම් වූ සැපත ලබා ගැනීම බුදුදහමේ පරමාර්ථයයි. මිනිසා ලෝකයට මමය මාගේ ය මගේ ආත්මයය යනුවෙන් ඇලෙන තරමට නිවන් සැපත මිනිසාගෙන් ඈත්වෙයි. එහෙත් තමා තුළ මම වශයෙන් හෝ මගේ වශයෙන් හෝ මගේ ආත්මය වශයෙන් හෝ ගැනීමට කිසිවක් නැතිබව තේරුම් ගන්නා තරමට සත්‍යයට හෙවත් උතුම් වූ නිර්වාණ සැපයට ළංවනු ඇත.
නිවන යනු ස්ථානයක් නොව, අවබෝධයකි. එබැවින් එය තම තමා විසින්ම උත්සාහයෙන්, ප්‍රඥාවෙන් අවබෝධ කළ යුතු ය. (පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහී)
නිවන් සැප සාදා දෙන ආශ්චර්යවත් ශක්තිය ඇත්තේ අන් කිසිවකුට නොව තථාගතයාණන් වහන්සේ විසින් දේශනා කරන චතුරාර්ය සත්‍ය ධර්මයට සහ ත්‍රිලක්‍ෂණ ධර්මයට ය. යම් කෙනෙක් මේ ධර්ම අවබෝධ කර ගන්නා විට පට්ච්ච සමුප්පාද ධර්මය ද අවබෝධ කර ගනිමින් සමස්ත ධර්මයම අවබෝධ කරගනියි. ඒ අනුව මූලිකම දේශනය, ප්‍රධානතම දේශනය වන්නේ, අන් කිසිවක් නොව චතුරාර්ය සත්‍යය දේශනයයි.
යම් කෙනෙක් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගත්තේ නම්, හෙතෙම නිර්වාණ ධර්මය අවබෝධ කරගත් කෙනෙකි. බුදුරජාණන් වහන්සේ විසින් තම මංගල ධර්ම දේශනය වන ධම්මචක්ක පවත්තන සූත්‍ර දේශනයෙන් චතුරාර්ය සත්‍යය යනු කුමක්දැයි ඉතා පැහැදිලිව දේශනා කළහ. එදා පටන් දේශනා කළ සියලුම දේශනාවලම පාහේ මුඛ්‍ය අරමුණ වූයේ, චතුරාර්ය සත්‍ය අවබෝධ කරවීම ය.
එදා භාරතීය සමාජයේ තිබුණු විවිධ ආගම් හා දර්ශන වලින් විවිධ දේ ඉගැන්වූව ද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මනුෂ්‍යයා තුළ පවතින දුක නැති කිරීමේ ක්‍රමයයි. එදා මෙන්ම අදත් බුදුදහම අවශ්‍ය වන්නේ දිව්‍යලෝක සැප සම්පත් ලබාදීමට, මනුෂ්‍යලෝක සැප සම්පත් ලබා දීමට හෝ වෙනත් මොනම හෝ ලෞකික සැප සම්පත් සදාදීමට නොව, මිනිස් සිත තුළ ඇති අක් මුල් සොයා ගැනීමට අපහසු සංසාරේ, භවයෙන් භවයට එකතුවේවී.
කැකෑරෙමින් එන කෙලෙස් දුක් ගිනි නිවාලීමට ය. දිව්‍යලෝකාදී සැප සම්පත් සාදාදීම වෙනත් ආගම් වලින් උගන්වන්නේ බුදුදහමටත් වඩා හොඳට ය. එනම් සදාකාලික දිව්‍යලෝකයක් ගැන ය. ඒ අනුව බුදුදහම අවශ්‍ය වන්නේ නිවන් මඟ තේරුම් ගැනීමට ය. “ලාභ සත්කාරාදිය ලබන මඟ එකකි. නිවන් මඟ අනිකකි” (අඤ්ඤානි ලාභුපනිසා අඤ්ඤා නිබ්බාණ ගාමිනී) යනු සම්බුද්ධ දේශනයයි. බුදුදහමට අනුව දිව්‍යලෝක යනු ද මෙම මිනිස් ලෝකය වැනි තවත් තාවකාලික නවාතැන් පමණි.
බුදුරජාණන් වහන්සේ විසින් සුදේශිත ධර්මයේ සංයුක්ත නිකායේ සච්ච සංයුක්තය චතුරාර්ය සත්‍යය ධර්මය පිළිබඳ ඉතා පැහැදිලි සවිස්තර දේශනා ඇතුළත් සද්ධර්ම භාණ්ඩාගාරයකි.මෙම සදහම් භාණ්ඩාගාරයෙන් අපට පෙනෙන්නේ බුදු දහම කුමට ද යන්න ය. එනම් චතුරාර්ය සත්‍ය අවබෝධයට,හෙවත් නිර්වාණ ධර්මය අවබෝධ කර ගැනීමට බව ය.
අපි දැන් එම ධර්ම භාණ්ඩාගාරයේ දොර විවර කරමු. මෙහිදී මුලින්ම අපට හමුවන්නේ තථාගත බුදුපියාණන් වහන්සේගේ අභීත සිංහනාදයක් බඳු දේශනයකි. “මහණෙනි, භාවනා කරන්න, සමාධිය වඩන්න සමාධිය දියුණු කළ භික්‍ෂුව, යථාභූත වශයෙන් අවබෝධ කරගනියි. ඔහු යථාභූත වශයෙන් අවබෝධ කරගන්නේ කුමක්ද? මේ දුක යැයි හෙතෙම යථාභූත වශයෙන් අවබෝධ කරගනියි. මේ දුකෙහි ඇතිවීමය යනුවෙන් හෙතෙම යථාභූත වශයෙන් අවබෝධ කරගනියි. මේ දුක නැති කිරීම හෙවත් නිවන යනුවෙන් හෙතෙම යථාභූත වශයෙන් අවබෝධ කර ගනියි. මේ දුක නැති කිරීමේ මාර්ගය යනුවෙන් හෙතෙම යථාභූත වශයෙන් අවබෝධ කර ගනියි”.
දැන් අපි බුදු පියාණන්ට සවන් දෙමු. “පින්වත් මහණෙනි, පෙර යම් කුල පුත්‍රයෙක් ගිහිගෙයින් නික්ම පැවිදි වූයේ නම් ඒ සැමදෙනාම පැවිදි වූයේ චතුරාර්ය සත්‍යය යථාභූත වශයෙන් අවබෝධ කර ගැනීමට ය. අනාගතයේ දී යම් කුල පුත්‍රයෙක් ගිහිගෙයින් නික්ම පැවිදි වන්නේ නම් ඒ සැමදෙනාම පැවිදි වන්නේ ද, මේ චතුරාර්ය සත්‍ය යථාභූත වශයෙන් අවබෝධ කර ගැනීමට ය. වර්තමානයේ යම් කුල පුත්‍රයෙක් ගිහිගෙයින් නික්ම පැවිදි වන්නේ නම් ඒ සැම දෙනාම පැවිදි වන්නේ චතුරාර්ය සත්‍ය යථාභූත වශයෙන් අවබෝධ කර ගැනීමට ය”. (බුදු දහම අවශ්‍ය වන්නේ මෙයටයි) “පින්වත් මහණෙනි, දුක යනු කුමක්දැයි නොදැනීම, දුකට හේතුව කුමක්දැයි නොදැනීම, දුක නැතිකිරීම යනු කුමක්දැයි නොදැනීම, දුක නැතිකිරීමේ මාර්ගය කුමක්දැයි නොදැනීම, අවිද්‍යාවයි”
“පින්වත් මහණනි, ඔබත් මමත් මේ සසරේ සැරිසරමින් දීර්ඝ කාලයක් තිස්සේ ආවේ මේ චතුරාර්ය සත්‍යය නොදැනීම නිසයි”
“පින්වත් මහණෙනි, ඔබ යම්කිසි මිත්‍රයකුට, හිතවතකුට, නෑදෑයකුට, ඇත්තෙන්ම අනුකම්පාව දක්වන්නේ නම්, හිතවත් නම්, කළ යුත්තේ චතුරාර්ය සත්‍ය කියා දීමය. හෙතෙම චතුරාර්ය සත්‍ය ධර්මයෙහි පිහිටුවීම ය.”
“පින්වත් මහණෙනි, මේ චතුරාර්ය සත්‍ය අතරින් යම් කෙනෙක් දුක යනු කුමක්දැයි දැනගන්නේ නම්, හෙතෙම දුකට හේතුව ද දැනගනියි. දුක නැතිකිරීම ද දැනගනියි. දුක නැති කිරීමේ මාර්ගය ද හෙතෙම දැනගනියි. ඒ අනුව එකක් අවබෝධ කරගත් විට සතරම අවබෝධ කරගනියි.”
“ පින්වත් මහණෙනි, අහසට විසිකරපු කිසියම් ලී කැබැල්ලක් වරෙක එහි මුලින් පහළට ඇදීගෙන එයි. වරෙක එහි අගින් පහළට ඇදීගෙන එයි. එමෙන්ම චතුරාර්ය සත්‍ය නොදත් සත්වයා තණ්හාවෙන් බැඳෙමින් මේ සංසාරේ සැරි සරමින් වරෙක වෙනත් ලෝකයකින් මෙලොවට එයි. වරෙක මෙලොවින් එලොවට යයි”
“පින්වත් මහණෙනි, වයස අවුරුදු සියයක් ජීවත්වන කෙනෙක් ඉන්නවා කියලා හිතාගන්න. යම් කෙනෙක් එයාට කියනවා, පින්වත, ඔබට උදේට හෙල්ල පාර සීයක් ගහනවා. දවල්ට හෙල්ල පාර සියයක් ගහනවා. සවසට හෙල්ලපාර සීයක් ගහනවා. මෙසේ දවසට හෙල්ලපාර තුන්සියය ගණනේ කමින් ඔබට වසර සියයක් ජීවත්වීමට සිදුවනවා. ඒත් අවුරුදු සියයක් ගිය තැන ඔබට චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීමට හැකියාව ලැබෙනවා කියලා. පින්වත් මහණෙනි ඒ හෙල්ල පාර තුන් සියය ගණනේ කමින් වසර සියයක් ජීවත් වීමට ලැබෙන වරය ලබාගැනීම හොඳයි. ඒ වසර සියයකින් හෝ ඔහුට චතුරාර්ය සත්‍ය අවබෝධ වන නිසයි”
“ පින්වත් මහණනි, මේ ලෝකයේ මෙපමණ බලවත් වූ ආලෝකයක් ඇති මේ හිරු සඳු දෙදෙනාගේ ආලෝකයවත් නොලැබෙන මහා අන්ධකාර වූ තැන් ඇත. (අද විද්‍යාඥයන් කතාකරන බ්ලැක් හෝල්ස් යනු මේවාය) මේවාටත් වඩා භය උපදවන අන්ධකාර වූ දෙයක් ඇත. එනම් මේ දුක යනු කුමක්දැයි නොදැන, දුකට හේතුව යනු කුමක්දැයි නොදැන, දුක නැතිකිරීම යනු කුමක්දැයි නොදැන, දුක නැති කිරීමේ මාර්ගය යනු කුමක්දැයි නොදැන, සංස්කාරවල ඇලෙමින් ජාති ජරා මරණ සෝක පරිදේව දුක් දොම්නස් උපායාස නමැති අන්ධකාරයට වැටීමය”
පින්වත, මෙසේ තථාගත බුදුරජාණන් වහන්සේ විසින් අපට සදහම් දේශනා කර ඇත්තේ කාම ලෝක රූප ලෝක, අරූප ලෝක යන ලෝක තුනෙහි එහා මෙහා සැරිසරමින් සැප යැයි සිතා දුක පසුපස දිවීමට නොව, දුක දුක වශයෙන් ද, දුකෙහි හට ගැනීම නම් වූ දුක්ඛ සමුදය වශයෙන් ද, දුක්ඛ නිරෝධය නම් වූ නිර්වාණ ධර්මය අවබෝධය දුක්ඛ නිරෝධය වශයෙන් ද, ඒ සඳහා වූ මාර්ගය එනම් දුක්ඛ නිරෝධගාමිණී ප්‍රතිපදාව, දුක්ඛ නිරෝධය සඳහා වූ මාර්ගය හෙවත් ප්‍රතිපදාව වශයෙන්ද, අවබෝධ කර ගැනීමට ය. සියලු දුක් ගිනි නිවාලමින් නිවුණු සැනසුණ කෙනෙක් බවට පත්වීමට ය. ‘නිබ්බාණ’ යනු සියලු කෙලෙස් ගිනි නිවීමය. ඒ අනුව තථාගතයාණන් වහන්සේ විසින් දේශනා කළ සුපිරිසුදු බුදුදහම අන් කිසිවක් සඳහා නොව චතුරාර්ය සත්‍යය, ත්‍රිලක්‍ෂණය, පටිච්චසමුප්පාදය, යන ධර්මතා අවබෝධ කර ගනිමින් අමාමහ නිවන් සුවය අවබෝධ කර ගැනීමට දේශනා කොට ඇති බව අපට මැනවින් පැහැදිලි කර ගත හැකි ය.
 
Last edited:
  • Like
Reactions: sanoka

NUHIRU

Well-known member
  • Feb 14, 2015
    1,078
    205
    63
    😁
    සසර කළකිරිල ද දිල්?
    ඔය වගේ දේවල් දාපන්කෝ බන් මතුවටත්.
    උඹටත් පින් මටත් පින් එතකොට.
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    සසර කළකිරිල ද දිල්?
    ඔය වගේ දේවල් දාපන්කෝ බන් මතුවටත්.
    උඹටත් පින් මටත් පින් එතකොට.
    :D:D:D මේ ත්‍රෙඩ් එක දිගටම අරන් යනවා.. පුළුවන් තරමින් sup එකක් දියන්...:yes: