නම් තියන්නේ කොහොමද? 2

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    නම් තියන්නේ කොහොමද? 2

    ජ්‍යෝතිෂය විෂයක් ලෙස ඉගෙන ගන්නා හා එහි නිරත වන අයවලුන් හටයි, අන් අයට කාලය නාස්ති විමක් විය හැක. එවැන්නන් තමාගේ කාලයත් හුයෙහි සිටින්නන්ගේ කාලයත් කා දැමීමෙන් වලකින ලෙස ඉල්ලා සිටිමි..

    ඔන්න ඊයේ දාපු ලිපියෙන් අපි ආරම්භයක් ගත්තා නමක් තියන විදිහ ඉගෙන ගන්න ඒක කියෙව්වේ නැත්තන් මෙතනින් ගිහින් ඒක කියවලා එන්නකෝ. ඉතින් අපි ඊයේ ඒ ඒ නැකත් වලට අදාළ අකුරු මොනවද කියලා හොයාගත්තනේ දැන් බලන්න ඕන ගැලපෙන අකුර තෝරාගන්න විදිහ. ඒක කරන්නේ මෙහෙමයි.

    UseYourPlatformforGood_thumb.jpg

    ඕනෑම නැකතක් ගත්තම ඒ නැකතට සුභ හා අසුභ නැකත් තියනවා. ඒ අසුභ නැකත් මග ඇරලා සුභ නැකතකට අදාළ අකුර තෝරාගන්න ඕනේ. එක කරන්නේ මෙහෙමයි අපි උපන්න නැකත ජන්ම නැකත කියලනේ හඳුන්වන්නේ එකන ඉඳලා ජන්ම, සම්පත්, විපත්, ක්ෂේම, ප්‍රත්යාරි, සාධක, වධ, මෛත්‍රී, පරම මෛත්‍රී කියලා ගැනගෙන යන්න ඕන. ඉවර වුනාම එතන ඉඳලා ආයෙත් ඒ විදිහටම ගනින්න ඕන. එතකොට ජන්ම නැකත් තුනක් සම්පත් නැකත් තුනක් විපත් නැකත් තුනක් විදිහට මේ නැකත් විසිහත බෙදෙනවා. ආධුනිකයාට මේක තේරුම් ගන්න අමාරු නිසා මම චාර්ට් එකක් දාන්නම්

    Presentation1.jpg

    මෙන්න මේ විදිහට ජන්ම නැකත තියන පේලියෙන් අදාළ නැකත තෝරාගෙන එයට සම්පත් ක්ෂේම සාධක මෛත්‍රී හා පරම මෛත්‍රී කියන කොටස් වලට අදාළ නැකතකින් අකුරක් තෝරා ගන්න එක තමයි නිවැරදිම ක්‍රමය. (ජන්ම නැකතට අදාළ අකුර තේරීම වරදක් නොවුනත් වඩාත් සුදුසු ඉහත ක්‍රමයට තෝරා ගැනීමයි)

    හරි දැන් අපි දරුවට ගැලපෙන අකුරු තෝරාගත්තා. ඊළඟට කරන්නේ දරුවාගේ නම පියාටත් යහපත් වෙන විදිහට අකුරක් තෝරාගන්න එක. අපි එකට සිද්ධි චක්‍රය කියලා එකක් භාවිතා කරනවා.බොහෝ ජ්‍යෝතිර් වේදීන් පවා මේ පියවරට යන්නේ නැ. උපන් නැකත බලලා නැකත්පාදයට අදාළ අකුර දීලා නිකන් ඉන්නවා. නමුත් කරන දේ හරියට කරන එකනේ හොඳ. එහෙනම් සිද්ධි චක්‍රය පාවිච්චි කරන විදිහ ඊළඟ ලිපියෙන් කතා කරමු.. එතකන් ජය ශ්‍රී

    ජ්‍යොතිෂ හා ගුප්තවිද්‍යා පර්යේෂක
    වෛදික ජ්‍යොතිෂවෙදී
    ධනුෂ්ක අබේරත්න
    blog link
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නැකත්රාල ගුරු මුෂ්ටි නැතුවම මේ ශාස්ත්‍රය ගැන කියලා දීලා අන්තිමේ ඔය ක්ශේත්‍රයේ ඉන්න බොරු කාරයින් මරන්න හොයාගෙන එයිද දන්නෙත් නෑ නැකතාව......
     
    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    patta machan mata sorry welane mage nama dala tiyenne meke hetiyata වධ ne,
    eken mata monawage dewalda wenne

    anit eka machan mama ahala tiyenawa ehema weradiyata namak demmama nethnam name dosha tiyena unta shree kiyana kellak ekathu kalama namata e name dosha nethy wenawa kiyala ehema kalot harida

    excample sampath shree roshan wage nalu dial ekak inne
    e wage mageth tiye etakota ara doshe bangada

    tawa anka vidyawa anuwa english akurata adala anka walin kendare suba grahayekta adala anka walata nam tiyena kramayak tiye neda
    excample d akure age 4i 4 rahuge anke uge rahu balawat suba grahaya nisa e akuren nama tibba e krameta mage name dosha ne.e krame harida.me kramei ekei wenasa hoda eka mokakda.
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    නැකත්රාල ගුරු මුෂ්ටි නැතුවම මේ ශාස්ත්‍රය ගැන කියලා දීලා අන්තිමේ ඔය ක්ශේත්‍රයේ ඉන්න බොරු කාරයින් මරන්න හොයාගෙන එයිද දන්නෙත් නෑ නැකතාව......

    හේ හේ බොරු කාරයෝ නෙමෙයි පිනට වැඩ කරලා නුදුන්න උන් නම් එනවා..:lol:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    patta machan mata sorry welane mage nama dala tiyenne meke hetiyata වධ ne,
    eken mata monawage dewalda wenne

    anit eka machan mama ahala tiyenawa ehema weradiyata namak demmama nethnam name dosha tiyena unta shree kiyana kellak ekathu kalama namata e name dosha nethy wenawa kiyala ehema kalot harida

    excample sampath shree roshan wage nalu dial ekak inne
    e wage mageth tiye etakota ara doshe bangada

    tawa anka vidyawa anuwa english akurata adala anka walin kendare suba grahayekta adala anka walata nam tiyena kramayak tiye neda
    excample d akure age 4i 4 rahuge anke uge rahu balawat suba grahaya nisa e akuren nama tibba e krameta mage name dosha ne.e krame harida.me kramei ekei wenasa hoda eka mokakda.

    ඔයාගේ නම දාලා තියන්නේ නැකත් නොබලාද? වධ නැකතේ වුනාම කරදර ඇදිලා එන ස්වාභාවයක් තියන්නේ..

    ඔව් එහෙම ක්‍රමයක් තියනවා.. මම අංක විද්‍යාව නම් මහා පරිමාණයෙන් හදාරලා නැ සුළු අදහසක් තියන්නේ මේකෙදි කරන්නේ නමේ අකුරු වලට අගයන් දීලා ඒ අගයන් ගේ එකතුවෙන් නමේ ශක්තිය ගන්නවා එකට අදාළ ග්‍රහයාගේ බලවත්කම අනුව නම සුභ හෝ අසුභ වෙනවා. Kabala of Numbers කියලයි ඕක ඉස්සර හඳුන්වල තියෙන්නේ.. දෙකම හොඳ ක්‍රම දෙකක්.