🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පොරොන්දම් පරික්‍ෂාව 👰🤵

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,126
    21,672
    113
    විවාහයක් සිදු කිරීමට ප්‍රථම විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින දෙපළගේ නැකැත් සීහුම හෙවත් පොරොන්දම් පරීක්‍ෂා කිරීම බොහෝ කාලයක සිට අද දක්වාම අප රටේ පාරම්පරික චාරිත්‍රයක් හා සමානව පවත්වාගෙන එන්නකි. අට පොරොන්දම, දස පොරොන්දම හා විසි පොරොන්දම යනුවෙන් පොරොන්දම් පරික්ෂාවේ විවිධ ක්‍රමවේද තිබේ. වඩාත් ප්‍රචලිත ක්‍රමය වන්නේ මෙහි පසුව කී විසි පොරොන්දම බැලීම ය. මේවාට අතිරේඛව වර්ග, යෝගිනි, චන්ද්‍ර යෝග, නක්‍ෂත්‍රාධිපති හා අය-වැය කියා අමතර පොරොන්දම් පහක් ද බලති.
    මේ සියල්ල පදනම් වන්නේ චන්ද්‍රයාගේ උපත් පිහිටීම මත බව කිවයුතුය. යමෙකු උපදින විට චන්ද්‍රයා සිටි නැකත ජන්මියාගේ උපන් නැකත වශයෙන් සලකන බව මින් පෙර අවස්ථාවක දී අප කියා ඇත. පොරොන්දම් සීහීමේදී නැකැත් පිළිබඳ ඉතා හොඳ අවබෝධයක් තිබීම අත්‍යාවශ්‍ය කරුණකි. නැකැත් විසිහතේ ස්වභාව දැනගැනීමට අප මීට ඉහත ලියා ඇති ඒ ඒ නැකත පිළිබඳ ලිපි එකින් එක කියවන්න.
    එකී අස්විදාදී නැකැත් විසි හත , ශුභා'ශුභ සලකා ප්‍රධාන ඛාණ්ඩ නමයකට බෙදෙන බව තදුරත් කිවහැකියි. අදාළ විස්තර පහත වගුවේ දැක්වේ.
    --
    ඛාණ්ඩය ඛාණ්ඩයට අයත්වන නැකැත්
    1.ජම්මඅස්විද, මා, මූල
    2.සම්පත්බෙරණ, පුවපල්, පුවසල
    3.විපත්කැති, උතුරුපල්, උතුරුසල
    4.ක්‍ෂේමරෙහෙන, හත, සුවන
    5.ප්‍රත්‍යාරීමුවසිරස, සිත, දෙණට
    6. සාධකඅද, සා, සියාවස
    7. වධපුනාවස, විසා, පුවපුටුප
    8. මෛත්‍රීපුස, අනුර, උතුරුපුටුප
    9. පරම මෛත්‍රීඅස්ලිස, දෙට, රේවතී
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    බැඳලා අවුරුදු තුන හතරක් වෙනවා. දැං ඕක හැදුවොත් මොනවද තියන වාසි? මට තවම ඔය පොරොන්දම හරි මොකක් හරි ඒ තියෙන්න ඕන එක නෑ හැබැයි. හදන්න බැරිද දන්නෑ නේද් දැං? 😒
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,126
    21,672
    113
    Ela ela meka ගැඹුරු widiyata kiyala denna පොරොන්දම් gelapima , kendare ගැලපීම , මල්වර වීම, kalu kumara , kalu yak amanusya dos mohini dosa handuna ganima
    හරි ඉදිරියේදී දාන්නම්

    බැඳලා අවුරුදු තුන හතරක් වෙනවා. දැං ඕක හැදුවොත් මොනවද තියන වාසි? මට තවම ඔය පොරොන්දම හරි මොකක් හරි ඒ තියෙන්න ඕන එක නෑ හැබැයි. හදන්න බැරිද දන්නෑ නේද් දැං? 😒
    පොරොන්දම් බලන එක බොහෝ දුරට චාරිත්‍රයක් විදියට කරගෙන එන බවක් තමයි පේන්න තියෙන්නේ. මගේ දැනුමට අනුව පොරොන්දම් ගැලපීම කියන දේට ඒ තරම් ශාස්ත්‍රිය වැදගත් කමක් නෑ. වඩාත්ම වැදගත් වෙන්නේ කේන්දර දෙකේ ග්‍රහ බල පරික්‍ෂාව යි, ග්‍රහ බල වලට අනුකුලව දෙදෙනෙක් ගැලපිලා තියෙනවා නම් පොරොන්දම් නොගැලපුනා කියලා ලොකු වැරද්දක් වෙන්නේ නැහැ. ග්‍රහ බල ගැලපීම අඩු මට්ටක තියෙද්දී පොරොන්දම් නොගැලපෙනවා නම් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒක බොහෝ විට බලපාන්නේ දරු ඵල වලට නිසා බැඳලා අවුරුදු දෙක තුනක් ගතවෙලා දරුවොත් ඉන්නවා නම් ආයේ පොරොන්දම් බලලා තේරුමක් නැහැ.
    ------ Post added on Apr 4, 2023 at 10:20 PM