වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    තව දෙයක් . . . මගේ ඩ්‍රයිවින් ගැන Complain කරන අය තමන්ගේ හදවතට පොඩ්ඩක් තට්ටු කරලා අහන්න තමන්,

    1. වාහනේ ඩ්‍රයිව් කරන්න කලින් අඩුම තරමේ ටයර් වල හුලං තියෙනවද කියල බලනවද?
    2. පොලිසිය දකින්න කලින්, වාහනේට නැග්ග ගමන් සීට් බෙල්ට් එක දාගන්න මතක් වෙනවද?
    3. බයික් එක පදින්න හොඳ Full Face Helmet එකක්, Riding Jacket එකක්, ගැලපෙන Shoe දෙකක් දානවද? නැත්තන් තාමත් පදින්නේ බාටා දෙකක් දාගෙනද? පොල්කටු Helmet එකක්ද දාන්නේ ?
    4. කවදා හරි සීට් බෙල්ට් එකේ ක්‍රියාකාරීත්වය චෙක් කරලා බලලා තියෙනවද නිවැරදිව වැඩ කරනවද කියලා?
    5. Air Bag තියෙන වාහන පාවිච්චි කරන අය අවුරුද්දකට සැරයක්වත් Airbag System එකේ Faults තියෙනවද කියලා Scan කරලා තියෙනවද? (දැන් කියන්න එපා Airbag light එකක් තියෙනවා, අවුලක් තිබ්බොත් ඒක පත්තු වෙනවා කියලා.. මොකද Airbag Control Module එකේ ප්‍රශ්නයක් තිබ්බොත් සමහර විට Fault Code පෙන්නන්නේ නැති වෙන්න පුළුවන්)
    6. අන්තිම වතාවට වාහනේ Brake System එක Flush කරලා අලුතින් ඔයිල් දැම්මේ කවද්ද කියලා. . (සාමාන්‍යයෙන් මාස 36කට සැරයක් Brake Oil Replace කරන්න ඕනි.)
    7. Minimum Thread Depth එකේදී ටයර් මාරු කරනවද? නැත්තන් කැන්වස් එනකල් දුවනවද?
    8. වාහනේට දාල තියෙන ටයර් වල වයස බැලුවද? (Manufactured Date එකේ ඉඳලා 5 Years තමා ටයර් එකක ආයු කාලය, එතනින් පස්සේ ටයර් එකේ පෙනුම මොන තත්වෙන් තිබ්බත් මාරු කල යුතුයි.)

    තව කියන්න දේවල් ගොඩක් ඇත... මුලින් ඔය ටික බලන්නකෝ . . .
     
    Last edited:
    • Like
    Reactions: Kalu_Banda

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    1) චැසි අංක කොටපුවා/ බට් කරපුවා

    De Silva එකෙන් වගේ පළපුරුදු ආයතනයකින් වැලිවේෂන් එකක් ගන්න. ගනිද්දී එයාලට කියන්න චැසි අංකය හරියට පරික්ෂා කරලා දෙන්න කියල.. 90% ක් විතර එයාල පළපුරුද්ද එක්ක චැසි අංකයේ වෙනසක් තියෙනවනම් කියනව .

    2) පොලිස් කේස් වලට හොයන එව්වා

    එව්වනම් ඉතින් සිතාසිය ගෙදරට එනකම් හෝ පොලිසියෙන් එනකම් කියන්න බැහැ .. වටපිටාව හොඳ කෙනෙකුගෙන් වාහනයක් ගත්තාම ටිකක් විශ්වාසයක් තියන්න පුළුවන්..

    3) හොරකං කරලා විකුණන එව්වා...

    විකුණුම්කරු ගේ වටපිටාව ගැන ටිකක් විමසිලිමත් උනාම හොර මගඩි වලට අහුවෙන එක උපරිමයෙන් වැළකෙනවා ..

    4) හරි අයිතිකාරයමද විකුණන්නෙ කියලා...
    වගේ දේවල්.

    මේ ගැන ඉතින් පොත RMV එකෙන් පරික්ෂා කරගන්න වෙයි.. විකුණුම්කරුගේ හැඳුනුම්පත් පරික්ෂා කරල බලන්න පුළුවනි.. සාක්ෂියට විකුණුම්කරුගේ ගෙදර කෙනෙක් හැඳුනුම්පත් අංක එක්ක ලියවිල්ලට දාගන්න පුළුවනි.. තාවකාලික පදිංචි ස්ථාන වල ඉන්න උදවියගෙන් වාහන ගන්න එක අවදානම්..වාහනේ ගන්න ගියාම වාහනේ පින්තුරයක් ගන්න විදිහට ශේප් එකේ විකුණන එකාගෙත් පින්තුරයක් ගන්න උත්සහ කරන්න ..පුළුවන් තරම් ස්ථාවර දුරකථන අක්නයක් තියෙනවනම් ඒක කොතනහරි ලියාගන්න.. එයාල වෙනත් වාහන පදිනවානම් එව්වයේත් අංක හෙමිහිට ලියාගන්න.. . විකුණුම්කරු රැකියාව කරන තැන අහගෙන එතනට වෙන කෙනෙක් ලව්වා දුරකථන ඇමතුමක් දීල සම්භන්ධ කරගෙන මුට්ටියක් දාල බලන්න..ඒ වගේ පොඩි පොඩි ක්‍රම සහ විදි වලින් අමාරුවේ වැටෙන එක අවම කරගන්න.

    ලීසිං දානවනම් ඉතින් එයාල පොත්පත් අකුරටම පරික්ෂා කරලා බලනවා..විකුණුම්කරුට චෙක් එකක් දෙන නිසා ගනුදෙනුව බැංකුගත වෙනව . එත් චැසි අංකය හරියට පරික්ෂා කරගැනීම වැදගත්.. ලීසිං දාන්න දෙන්න බහ කියන වාහන ගැන ටිකක් සැලකිල්ලෙන් හොයල බලන්න..

    මේක නම් සෑහෙන්න වටිනව......තැන්කූ මාමේ
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේ වීඩියො එක දැකලාදාලා තියෙන කමෙන්ට් දැකලා ලියන්න හිතුනෙ..
    අද කාලෙ වාහනයක් පාරට දාන එකම අවධානමක්නෙ

    හැමෝම මේ අදහස් අනුමත කරන්නෙ නැතිවෙයි..ඒත් අත්දැකීමෙන් දැනුන දේවල් ලියුවෙ..
    මේ කියන කතාව 100% හරි මචන් මම නම් මේකට විවාදයක් නැතුවම පිලිගන්නවා :yes::yes:

    :yes::yes::yes::yes: . . . .මන් කොයිවෙලාවකවත් කියන්නේ නෑ වේගෙන් යන්න කියල.. මන් කියන්නේ වේගෙන් ඩ්‍රයිව් කරන්න පුරුදු වෙන්න කියල.. කලිනුත් කිව්වා වගේ වේගෙන් ඩ්‍රයිව් කරනවා කියන්නේ කෙලින්, ක්ලියර් පාරක 180ට යන එක නෙමෙයි . . වේගෙන් ඩ්‍රයිව් කරනවා කියන්නේ ඉක්මන් තීරණ, ඉක්මන් ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වගේ දේවල් ප්‍රගුණ කරන්න ඕනි. .
    එතනට යන්න

    1. Throttle Control
    2. Braking
    3. Shifting
    4. Steering
    5. Clutch Control

    වගේ දේවල් එක්ක,

    Vehicle Dynamics, Road Conditions වගේ දේවල් අධ්‍යයනය කරන්න ඕනි...

    Brake කියන්නේ Accident නවත්තන්න තියෙන දෙයක් නෙමෙයි. . . Brake තියෙන්නේ වේගය පාලනය කරන්න . . . සමහර වෙලාවට Brake කරලා වාහනයක් Control කරනවට වඩා ලේසියි, ආරක්ශාකාරීයි Throttle එකෙන් Control කරන එක.. හිම වැටෙන පැතිවල Drive කරලා අත්දැකීම් තියෙන ඇය (රත්තරන්, පොල්මාමා) වගේ අය මට වඩා ඕක හොඳට දන්නවා ඇති.. ඒ වගේම බඩා මාමිගෙන් ඇහුවත් කියයි Leyland එකක් උනත් Brake එකට වඩා Throttle එකෙන් Control කරන්න ලේසි කියලා... ඒත් අපේ අය පුරුදු වෙලා තියෙන්නේ හැම වෙලාවේම Brake ගහන්න... Slippery Surface එකකදී බ්රේක් කියන්නේ මිතුරෙක් නෙමෙයි . . :yes::yes:

    Handbrake Turn එකක් ගහන්න, Drift කරන්න පොඩ්ඩක් හරි ඉගෙන ගන්න කියන්නේ මහපාරේ පිස්සු නටන්න නෙමෙයි. . . සමහර අවස්ථාවකදී ඒ දේවල් උදව් වෙන්න පුළුවන් Accident එකක් නවත්ත ගන්න. .
    මේ වීඩියෝ එක හරියට අධ්‍යයනය කරොත් මන් කියන දේ පැහැදිලි වෙයි . . Wet Surface & High Speed . . . ඔය තත්වෙට කවද හරි එන්නයි මම ඉගෙන ගන්නේ . .
    Speed Kills කියන එක වැරදියි. . . Careless Driving Kills කියලයි කියන්න ඕනි. .
    මේක මගේ අදහස . . .

    උබට විහිලුවට එක එක එවා කිව්වාට උබ කියන කතාව සහතික ඇත්ත පිස්සා වගේ පාගන එක නෙවේ වැඩේ මොලෙන් යන්න ඹනේ
    මේ විඩියො එකේ වගේ ටර්න් එකක් ගත්තා දිනුෂ අයියා එදා එහේම ගත්තේ නැත්තම් අපි 2න්නාම නැ බොහොදුරට :dull:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    තව දෙයක් . . . මගේ ඩ්‍රයිවින් ගැන Complain කරන අය තමන්ගේ හදවතට පොඩ්ඩක් තට්ටු කරලා අහන්න තමන්,

    තව කියන්න දේවල් ගොඩක් ඇත... මුලින් ඔය ටික බලන්නකෝ . . .
    මෙව්වා දැන්ම දාන්න එපා බොල රැට රෙඩියො එකට දාමු :D
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කෝච්චි ගැන තමයි මගේ ලොකුම පිස්සුව තියෙන්නේ. ඩැයිවර් කෙනෙක්නං ඉන්නවා කෝච්චියක් මග කැඩුනොත් ලේසියෙන් දාලා එන්නේ නැහැ. කෙහොම හරි හදාගෙනම තමා එන්නේ
    . පොර දවසක් ඉස්සරහ ලෑම්ප් එකයි ඩයිනමික් බ්රේකුයි නැතුව ඔහියෙ ඉඳන් බදුල්ලටම කෝච්චියක් අරන් ගියා. :D

    ඒ විස්තර අහල දාපන්කො මචෝ
    උඩරට දුම්රිය මාර්ගෙට තමයි ආසම
    :love:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    ඒ මේක උඹද ලියන්නෙ මචෝ..දැනට අවුරුද්දකට විතර කලින් අහුවෙලා මුල ඉඳලම කියෙව්ව අවසානෙට යනකම් ම:love:...

    මේක අප්ඩෙට් කරන එක නැවතිල තිබුන නේද කාලයක්..ආයෙත් පටන් ගත්තද?:cool::cool:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    අද රෑට ඔටෝමොබයිල් ෂෝ එක වරද්ද ගන්න එපා.

    රේඩියෝ අහන්නේ කොහොමද?
    ඩේටා කැපෙනවද?‍
    අපිටත් රේඩියෝ කරන්න බැරිද?
    ඔක්කොම ප්‍රශ්න වලට උත්තර මේ ලිංක් එකෙන්
    http://www.elakiri.com/forum/showthread.php?t=1682597

    එකෙන්ම..දැනුත් සිංදු අහන ගමන් ඉන්නෙ...:love:

    ශොප් එකේ ඉද්දි වෙනද තියන මානසික ආතතිය නැතිවෙලාම ගිහින් දැන්... බැංකුවට යන්න, චෙක් වලට සල්ලි දාන්න එහෙම තියන ඒව අමතකම වෙලා යනව
    :lol::lol:
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    Full Face Helmet එකක්, Riding Jacket එකක්, ගැලපෙන Shoe දෙකක් දානවද? නැත්තන් තාමත් පදින්නේ බාටා දෙකක් දාගෙනද? පොල්කටු Helmet එකක්ද දාන්නේ ?

    Meaka Lankawa Ayubowanda... Mehe Full Face bee.. Direct Face witharai...:rofl::rofl::P:P:rolleyes::rolleyes:

    6. අන්තිම වතාවට වාහනේ Brake System එක Flush කරලා අලුතින් ඔයිල් දැම්මේ කවද්ද කියලා. . (සාමාන්‍යයෙන් මාස 36කට සැරයක් Brake Oil Replace කරන්න ඕනි.)

    Meka Sirada ban...?? Gattu dawase idan Replace karala nee Yako... 5 Years wenna Lagai 100,000 duwala...:sorry::sorry::sorry::sorry::sorry:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    මෙව්වා දැන්ම දාන්න එපා බොල රැට රෙඩියො එකට දාමු :D

    අපිව කුලප්පු කරලා කරලා තියෙන්න තමා ඔය වගේ ඒවා දන්නේ. අනේ මට පොටෝ ටික දන්නා තේරෙන්නේ න බන්. පිකාසා අප්ලොඩ් කලාම ඒවා යන්නේ ගූගල් ප්ලස් එකට. එකෙන් දෙන ලින්ක් එක දැම්මම පොටෝ පෙන්නන්නේ න බන්. ලින්ක් එක වැඩ නෑ වගේ පෙන්නන්නේ :oo::oo:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    තව දෙයක් . . . මගේ ඩ්‍රයිවින් ගැන Complain කරන අය තමන්ගේ හදවතට පොඩ්ඩක් තට්ටු කරලා අහන්න තමන්,

    1. වාහනේ ඩ්‍රයිව් කරන්න කලින් අඩුම තරමේ ටයර් වල හුලං තියෙනවද කියල බලනවද?
    2. පොලිසිය දකින්න කලින්, වාහනේට නැග්ග ගමන් සීට් බෙල්ට් එක දාගන්න මතක් වෙනවද?
    3. බයික් එක පදින්න හොඳ Full Face Helmet එකක්, Riding Jacket එකක්, ගැලපෙන Shoe දෙකක් දානවද? නැත්තන් තාමත් පදින්නේ බාටා දෙකක් දාගෙනද? පොල්කටු Helmet එකක්ද දාන්නේ ?
    4. කවදා හරි සීට් බෙල්ට් එකේ ක්‍රියාකාරීත්වය චෙක් කරලා බලලා තියෙනවද නිවැරදිව වැඩ කරනවද කියලා?
    5. Air Bag තියෙන වාහන පාවිච්චි කරන අය අවුරුද්දකට සැරයක්වත් Airbag System එකේ Faults තියෙනවද කියලා Scan කරලා තියෙනවද? (දැන් කියන්න එපා Airbag light එකක් තියෙනවා, අවුලක් තිබ්බොත් ඒක පත්තු වෙනවා කියලා.. මොකද Airbag Control Module එකේ ප්‍රශ්නයක් තිබ්බොත් සමහර විට Fault Code පෙන්නන්නේ නැති වෙන්න පුළුවන්)
    6. අන්තිම වතාවට වාහනේ Brake System එක Flush කරලා අලුතින් ඔයිල් දැම්මේ කවද්ද කියලා. . (සාමාන්‍යයෙන් මාස 36කට සැරයක් Brake Oil Replace කරන්න ඕනි.)
    7. Minimum Thread Depth එකේදී ටයර් මාරු කරනවද? නැත්තන් කැන්වස් එනකල් දුවනවද?
    8. වාහනේට දාල තියෙන ටයර් වල වයස බැලුවද? (Manufactured Date එකේ ඉඳලා 5 Years තමා ටයර් එකක ආයු කාලය, එතනින් පස්සේ ටයර් එකේ පෙනුම මොන තත්වෙන් තිබ්බත් මාරු කල යුතුයි.)

    තව කියන්න දේවල් ගොඩක් ඇත... මුලින් ඔය ටික බලන්නකෝ . . .

    1. වාහනේ ඩ්‍රයිව් කරන්න කලින් අඩුම තරමේ ටයර් වල හුලං තියෙනවද කියල බලනවද? ඔව්
    2. පොලිසිය දකින්න කලින්, වාහනේට නැග්ග ගමන් සීට් බෙල්ට් එක දාගන්න මතක් වෙනවද?
    ඔව්. දුරක යනවනම් අනිවාරෙන් පසුපස සීට් බෙල්ට් දාගන්න කියනවා
    3. බයික් එක පදින්න හොඳ Full Face Helmet එකක්, Riding Jacket එකක්, ගැලපෙන Shoe දෙකක් දානවද? නැත්තන් තාමත් පදින්නේ බාටා දෙකක් දාගෙනද? පොල්කටු Helmet එකක්ද දාන්නේ ? බයික් සමග ආස්සරයක් නොමැත
    4. කවදා හරි සීට් බෙල්ට් එකේ ක්‍රියාකාරීත්වය චෙක් කරලා බලලා තියෙනවද නිවැරදිව වැඩ කරනවද කියලා? ඔව්.
    5. Air Bag තියෙන වාහන පාවිච්චි කරන අය අවුරුද්දකට සැරයක්වත් Airbag System එකේ Faults තියෙනවද කියලා Scan කරලා තියෙනවද? (දැන් කියන්න එපා Airbag light එකක් තියෙනවා, අවුලක් තිබ්බොත් ඒක පත්තු වෙනවා කියලා.. මොකද Airbag Control Module එකේ ප්‍රශ්නයක් තිබ්බොත් සමහර විට Fault Code පෙන්නන්නේ නැති වෙන්න පුළුවන්) - OBD2 හරහා කොහොමත් වාහනය නිතරම ගෙදරදිම චෙක් කරනවා
    6. අන්තිම වතාවට වාහනේ Brake System එක Flush කරලා අලුතින් ඔයිල් දැම්මේ කවද්ද කියලා. . (සාමාන්‍යයෙන් මාස 36කට සැරයක් Brake Oil Replace කරන්න ඕනි.) කාර් එකේනම් තවම බ්‍රෑන්ඩ් නිව් නිසා කලේ නෑ. සර්විස් බුක් එක අනුගමනය කරන නිසා නිසාන් එකෙන් කරල දායි. 120 එක ගෙනාපු ගමන් ඇන්ජින් ඔයිල් මාරු කරලා ගියර් ඔයිල් මාරු කරලා රෝද හතර ගලවලා බ්‍රේක් තත්වය බැලුවා. ඩිස්ක් පේස්ට් කලා. එදාම බ්‍රේක් ඔයිල් වල අවර්න පාටක් තිබූ නිසා ෆ්ලශ් කලා. කෲසරේ සිලින්ඩර් වල හිටන් ඔයිල් දක්වා අලුත්
    7. Minimum Thread Depth එකේදී ටයර් මාරු කරනවද? නැත්තන් කැන්වස් එනකල් දුවනවද? - මුදල් අපහසුතාවයක් තිබූ නිසා
    120 එක ලග ලග ටික දවසක් දිව්වා ගෙවිල තියෙද්දි.කැන්වස් මතු වෙලා නොතිබ්බට ඇතුලින් (වාහනේ පැත්තේ බිත්තිය ) ක්‍රැක් වෙලා තිබ්බා. ඒත් හැකි ඉක්මනින් ටයර් හතර දැම්මා දුර යන වෙලාවක කඩුගන්නාව විස්තාපනයෙන් බස්සන්න අකමැති නිසා:P. අනික්වගේ ටයර් අලුත්
    8. වාහනේට දාල තියෙන ටයර් වල වයස බැලුවද? (Manufactured Date එකේ ඉඳලා 5 Years තමා ටයර් එකක ආයු කාලය, එතනින් පස්සේ ටයර් එකේ පෙනුම මොන තත්වෙන් තිබ්බත් මාරු කල යුතුයි.) - ඔව්, කබ්බි කැඩිලා වට්ටක්කා මැස්ස වගේ පැද්දෙනකන් දුවන්නේ නෑ කිසිම දවසක. කොහොමත් මට එක ටයර් සෙට් එකක් අව්රුදු 5ක් දුවන්න බෑ.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    තව දෙයක් . . . මගේ ඩ්‍රයිවින් ගැන Complain කරන අය තමන්ගේ හදවතට පොඩ්ඩක් තට්ටු කරලා අහන්න තමන්,

    1. වාහනේ ඩ්‍රයිව් කරන්න කලින් අඩුම තරමේ ටයර් වල හුලං තියෙනවද කියල බලනවද?
    2. පොලිසිය දකින්න කලින්, වාහනේට නැග්ග ගමන් සීට් බෙල්ට් එක දාගන්න මතක් වෙනවද?
    3. බයික් එක පදින්න හොඳ Full Face Helmet එකක්, Riding Jacket එකක්, ගැලපෙන Shoe දෙකක් දානවද? නැත්තන් තාමත් පදින්නේ බාටා දෙකක් දාගෙනද? පොල්කටු Helmet එකක්ද දාන්නේ ?
    4. කවදා හරි සීට් බෙල්ට් එකේ ක්‍රියාකාරීත්වය චෙක් කරලා බලලා තියෙනවද නිවැරදිව වැඩ කරනවද කියලා?
    5. Air Bag තියෙන වාහන පාවිච්චි කරන අය අවුරුද්දකට සැරයක්වත් Airbag System එකේ Faults තියෙනවද කියලා Scan කරලා තියෙනවද? (දැන් කියන්න එපා Airbag light එකක් තියෙනවා, අවුලක් තිබ්බොත් ඒක පත්තු වෙනවා කියලා.. මොකද Airbag Control Module එකේ ප්‍රශ්නයක් තිබ්බොත් සමහර විට Fault Code පෙන්නන්නේ නැති වෙන්න පුළුවන්)
    6. අන්තිම වතාවට වාහනේ Brake System එක Flush කරලා අලුතින් ඔයිල් දැම්මේ කවද්ද කියලා. . (සාමාන්‍යයෙන් මාස 36කට සැරයක් Brake Oil Replace කරන්න ඕනි.)
    7. Minimum Thread Depth එකේදී ටයර් මාරු කරනවද? නැත්තන් කැන්වස් එනකල් දුවනවද?
    8. වාහනේට දාල තියෙන ටයර් වල වයස බැලුවද? (Manufactured Date එකේ ඉඳලා 5 Years තමා ටයර් එකක ආයු කාලය, එතනින් පස්සේ ටයර් එකේ පෙනුම මොන තත්වෙන් තිබ්බත් මාරු කල යුතුයි.)

    තව කියන්න දේවල් ගොඩක් ඇත... මුලින් ඔය ටික බලන්නකෝ . . .

    1. ටයර් වලට තට්ටු දාලා බලන්නේ නම් නෑ..... දෙපැත්තෙන් බැලුවා..... අඩුවක් නෑ කියලා පෙනුනා නම් ගියා..... පැත්තට ඈදිල්ලක් වගේ සෙට් උනොත් ටයර් කඩේකට අල්ලලා හුලං චෙක් කරනවා..... :D

    2. සීට් බෙල්ට් එක දැන් මුලින්ම දාගන්නවා..... :yes:

    3. ෆුල් ෆේස් / අත් වලට ඈගිලිත් වැහෙන ග්ලවුස් / ජැකට් / සපත්තු දාගෙන තමා එලියට බහින්නේ..... :yes: සෙරෙප්පු දාගෙන පදින්නේ නෑ...... :no:

    4. ඈදලා බලලා ලොක් වෙනවා වගේ වෙනවද කියන එක නේහ්.... බලලා තිබේ..... :yes:

    5. එයාර් බෑග් ලයිට් එක නිවෙන එක විතරයි බලන්නේ..... :baffled:

    6. ලගදි ඔයිල් මාරු කරා පිටිපස්සේ බ්‍රේක් වොෂර් දානකොට...... හැබැයි ෆ්ලශ් කරේ නම් නෑ..... :no:

    7. අපෝ මාරු කරනවා..... ටයර් ගෙවිලා නෙවේ ටයර් දිරනවනේ අපේ කාර් එකේ නම් නිකන් තිබිලම...... :P

    8. :yes: :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    රත්තරන් මාමේ..... මොකක්ද අර OBD2 කතාව.....?? ඊබේ තියෙන බාණ්ඩයක් නේහ්..... ඕකක් ගෙනාවොත් FB15 ලෙඩ තනියම චෙක් කරගතහැකිදෝ.....?? :D
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    තව දෙයක් . . . මගේ ඩ්‍රයිවින් ගැන Complain කරන අය තමන්ගේ හදවතට පොඩ්ඩක් තට්ටු කරලා අහන්න තමන්,

    1. වාහනේ ඩ්‍රයිව් කරන්න කලින් අඩුම තරමේ ටයර් වල හුලං තියෙනවද කියල බලනවද?
    2. පොලිසිය දකින්න කලින්, වාහනේට නැග්ග ගමන් සීට් බෙල්ට් එක දාගන්න මතක් වෙනවද?
    3. බයික් එක පදින්න හොඳ Full Face Helmet එකක්, Riding Jacket එකක්, ගැලපෙන Shoe දෙකක් දානවද? නැත්තන් තාමත් පදින්නේ බාටා දෙකක් දාගෙනද? පොල්කටු Helmet එකක්ද දාන්නේ ?
    4. කවදා හරි සීට් බෙල්ට් එකේ ක්‍රියාකාරීත්වය චෙක් කරලා බලලා තියෙනවද නිවැරදිව වැඩ කරනවද කියලා?
    5. Air Bag තියෙන වාහන පාවිච්චි කරන අය අවුරුද්දකට සැරයක්වත් Airbag System එකේ Faults තියෙනවද කියලා Scan කරලා තියෙනවද? (දැන් කියන්න එපා Airbag light එකක් තියෙනවා, අවුලක් තිබ්බොත් ඒක පත්තු වෙනවා කියලා.. මොකද Airbag Control Module එකේ ප්‍රශ්නයක් තිබ්බොත් සමහර විට Fault Code පෙන්නන්නේ නැති වෙන්න පුළුවන්)
    6. අන්තිම වතාවට වාහනේ Brake System එක Flush කරලා අලුතින් ඔයිල් දැම්මේ කවද්ද කියලා. . (සාමාන්‍යයෙන් මාස 36කට සැරයක් Brake Oil Replace කරන්න ඕනි.)
    7. Minimum Thread Depth එකේදී ටයර් මාරු කරනවද? නැත්තන් කැන්වස් එනකල් දුවනවද?
    8. වාහනේට දාල තියෙන ටයර් වල වයස බැලුවද? (Manufactured Date එකේ ඉඳලා 5 Years තමා ටයර් එකක ආයු කාලය, එතනින් පස්සේ ටයර් එකේ පෙනුම මොන තත්වෙන් තිබ්බත් මාරු කල යුතුයි.)

    තව කියන්න දේවල් ගොඩක් ඇත... මුලින් ඔය ටික බලන්නකෝ . . .
    ඔව් මම මේ හැමදෙයක්ම බලනවා මොකද මගේ ගාව තියෙන්නේ සාමාන්යෙන් පරණ වාහනයක් නිසා. උබ මේක දාපු එක හොදයි අනිත් අයට දැනුවත් වෙන්න නමුත් උබ එක දාලා තියන්නේ උබේ පොඩි හරි වැරද්දක් කිව්වා කියලා තරහට. මචං මම නම් ඔය උබ කියලා තියෙන ටික බලන්නනේ නිතරම මම මම හරි මම හුගක් ආදරේ කරන කෙනෙක් වාහනේ ඉන්න පුළුවන් නිසා. මම දන්නවා මගේ වාහනේ coolant අඩුවෙන්නේ නැ කියලා. මම දන්නවා engine oil අඩු වෙන්නේ නැ කියලා එත් මම අනිවාරෙන් කොහේ හරි යන්න ඉස්සර වෙලා ඕව බලනවා. සතිකට සැරයක් break oilවල තත්වය බලනවා. අනිත් බලන්න ඕනි තැනක්ම සේර්විස් එකට අරන් ගියාම බලනවා.

    උබ හිතපන් උබ මොකක් හරි gear එකක rev limit එකේ up shift කරන්න ලෑස්ති වෙලා ඉන්නවා කියලා. උබ යන්නේ හොදටම crowdy පාරක එකපාරම අම්මා කෙනෙක් අල්ලාගෙන ඉන්න ළමයෙක් අම්මගෙන් අත ගලවා ගෙන එක පාරට පනිනවා උබේ කර එක ලගින්ම උබ මොකද කරන්නේ?town area එකේ speed limit එක 50 කරලා තියෙන්නේ නිකන් නෙවෙයි.

    උබ F1 බලනවා නේ. එහෙනම් උබ දන්නවා නේ Ayrton Senna කියන්නේ කව්ද කියලා. මැරුණේ කොහොමද කියලත්? හුගක් කට්ටිය කිව්වා Ayrton Sennaට grip එක පිලිබදව 6th sense එකක් තියෙනවා කියලා. අන්තිමෙන්ට මොකද උනේ. අනිත් එක Ayrton Senna spun උන ට්‍රැක් එකත් උබ දන්නවා නේ. ඔය ට්‍රැක් හදලා තියන්නේ ලංකාවේ පාරවල් හදනවට වඩා හොදට.
    අනිත් එක තාමාඋබ උබෙගේ කාර් එක සුවෙර් කිව්වා නේ. එතකොට මචං F1 වල le mans උබ දැකලම නැද්ද වාහන කැඩෙනවා? ඒවා මෙන්ටින් කරන්නේ highly skilled engineersල නේ. එහෙම කියලා ඒවගේ මොකුත්ම faults එන්නේ නැද්ද?
    මම උබට උබේ ඔය පැත්තෙන් තියෙන දැනුම ගැන ප්‍රසංසා කරනවා. එත් මේකේ ඉන්න හුගක් වැඩිමල් කට්ටිය උබේ වැරද්දක් පෙන්නලා දුන්නම උබ ඒ මිනිස්සුගේ වැරදි හොයන්නට දේවල් කියන හැටි දැක්කම අවුල් ගියා එකයි මේක දැම්මේ. මටත් උබට ගොඩක් දේවල් කියන්න ලොකු වයසක් නැ තාම 26යි නමුත් මට තේරෙන දේ කිව්වේ. උබ තරහා වෙන්නේ නැති වෙයි කියලා හිතනවා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    :yes::yes::yes::yes: . . . .මන් කොයිවෙලාවකවත් කියන්නේ නෑ වේගෙන් යන්න කියල.. මන් කියන්නේ වේගෙන් ඩ්‍රයිව් කරන්න පුරුදු වෙන්න කියල.. කලිනුත් කිව්වා වගේ වේගෙන් ඩ්‍රයිව් කරනවා කියන්නේ කෙලින්, ක්ලියර් පාරක 180ට යන එක නෙමෙයි . . වේගෙන් ඩ්‍රයිව් කරනවා කියන්නේ ඉක්මන් තීරණ, ඉක්මන් ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වගේ දේවල් ප්‍රගුණ කරන්න ඕනි. .
    එතනට යන්න

    1. Throttle Control
    2. Braking
    3. Shifting
    4. Steering
    5. Clutch Control

    වගේ දේවල් එක්ක,

    Vehicle Dynamics, Road Conditions වගේ දේවල් අධ්‍යයනය කරන්න ඕනි...

    Brake කියන්නේ Accident නවත්තන්න තියෙන දෙයක් නෙමෙයි. . . Brake තියෙන්නේ වේගය පාලනය කරන්න . . . සමහර වෙලාවට Brake කරලා වාහනයක් Control කරනවට වඩා ලේසියි, ආරක්ශාකාරීයි Throttle එකෙන් Control කරන එක.. හිම වැටෙන පැතිවල Drive කරලා අත්දැකීම් තියෙන ඇය (රත්තරන්, පොල්මාමා) වගේ අය මට වඩා ඕක හොඳට දන්නවා ඇති.. ඒ වගේම බඩා මාමිගෙන් ඇහුවත් කියයි Leyland එකක් උනත් Brake එකට වඩා Throttle එකෙන් Control කරන්න ලේසි කියලා... ඒත් අපේ අය පුරුදු වෙලා තියෙන්නේ හැම වෙලාවේම Brake ගහන්න... Slippery Surface එකකදී බ්රේක් කියන්නේ මිතුරෙක් නෙමෙයි . . :yes::yes:

    Handbrake Turn එකක් ගහන්න, Drift කරන්න පොඩ්ඩක් හරි ඉගෙන ගන්න කියන්නේ මහපාරේ පිස්සු නටන්න නෙමෙයි. . . සමහර අවස්ථාවකදී ඒ දේවල් උදව් වෙන්න පුළුවන් Accident එකක් නවත්ත ගන්න. .

    මේ වීඩියෝ එක හරියට අධ්‍යයනය කරොත් මන් කියන දේ පැහැදිලි වෙයි . . Wet Surface & High Speed . . . ඔය තත්වෙට කවද හරි එන්නයි මම ඉගෙන ගන්නේ . .

    Speed Kills කියන එක වැරදියි. . . Careless Driving Kills කියලයි කියන්න ඕනි. .

    මේක මගේ අදහස . . .

    මේකට සම්පූර්න එකගයි මචන්

    ලන්කාවේ ඩ්‍රයිවින් ස්කිල්ස් ඇතුව වාහනයක් පදින උන් කීයෙන් කීයද බන් ඉන්නේ. හුගක් එවුන්ට මැනුවල් පැදින්නත් බෑ. ඔහේ ඩී එකේ දාගෙන හැප්පෙනකන් හරව හරව යනවා

    මේ ලගදිත් මම මේ ත්‍රෙඩ් එකේම සති කිහිපයකට කලින් දැම්මා. ඇක්සිලේට් කිරිල්ලයි කන්නාඩි බැලිල්ලයි නිසා මගේ පන බේරිච්ච හැටි. පිස්සුවෙන් වගේ එදා බ්‍රේක් කලානම් අද අනිවාරෙන් අල්ලා ලග රටඉදි කනවා

    උබ කිව්ව වගේ බ්‍රේක් කරද්දි වාහනේ කැරකෙන්න ගත්තොත් ඉතින් සොරිම තමා. කොහෙන් කෙලවර වෙයිද දන්නේ නෑ. හිමේදි නිකන් ග්‍රීස් උඩ බටර් කෑල්ලක් තල්ලු කලා වගේ ලිස්සන්නේ

    මම කියන්නේ බන් ලන්කාවේ පාරවලුයි ඉන්න බූරුවොයි එක්ක උබ රහත් උනත් හරියන්නේ නෑ කියන එකයි
     
    Last edited:

    hk2008

    Member
    Apr 27, 2015
    25
    2
    0
    තව දෙයක් . . . මගේ ඩ්‍රයිවින් ගැන Complain කරන අය තමන්ගේ හදවතට පොඩ්ඩක් තට්ටු කරලා අහන්න තමන්,

    1. වාහනේ ඩ්‍රයිව් කරන්න කලින් අඩුම තරමේ ටයර් වල හුලං තියෙනවද කියල බලනවද?
    2. පොලිසිය දකින්න කලින්, වාහනේට නැග්ග ගමන් සීට් බෙල්ට් එක දාගන්න මතක් වෙනවද?
    3. බයික් එක පදින්න හොඳ Full Face Helmet එකක්, Riding Jacket එකක්, ගැලපෙන Shoe දෙකක් දානවද? නැත්තන් තාමත් පදින්නේ බාටා දෙකක් දාගෙනද? පොල්කටු Helmet එකක්ද දාන්නේ ?
    4. කවදා හරි සීට් බෙල්ට් එකේ ක්‍රියාකාරීත්වය චෙක් කරලා බලලා තියෙනවද නිවැරදිව වැඩ කරනවද කියලා?
    5. Air Bag තියෙන වාහන පාවිච්චි කරන අය අවුරුද්දකට සැරයක්වත් Airbag System එකේ Faults තියෙනවද කියලා Scan කරලා තියෙනවද? (දැන් කියන්න එපා Airbag light එකක් තියෙනවා, අවුලක් තිබ්බොත් ඒක පත්තු වෙනවා කියලා.. මොකද Airbag Control Module එකේ ප්‍රශ්නයක් තිබ්බොත් සමහර විට Fault Code පෙන්නන්නේ නැති වෙන්න පුළුවන්)
    6. අන්තිම වතාවට වාහනේ Brake System එක Flush කරලා අලුතින් ඔයිල් දැම්මේ කවද්ද කියලා. . (සාමාන්‍යයෙන් මාස 36කට සැරයක් Brake Oil Replace කරන්න ඕනි.)
    7. Minimum Thread Depth එකේදී ටයර් මාරු කරනවද? නැත්තන් කැන්වස් එනකල් දුවනවද?
    8. වාහනේට දාල තියෙන ටයර් වල වයස බැලුවද? (Manufactured Date එකේ ඉඳලා 5 Years තමා ටයර් එකක ආයු කාලය, එතනින් පස්සේ ටයර් එකේ පෙනුම මොන තත්වෙන් තිබ්බත් මාරු කල යුතුයි.)

    තව කියන්න දේවල් ගොඩක් ඇත... මුලින් ඔය ටික බලන්නකෝ . . .

    සරල උත්තරය නම් ඔය ඔක්කොම මම බලනවා. සමහර දේවල් දන්නේ නැති වුනාම අහල හරි බලනවා.
    එත් අපි මේ කියන්නේ ඔයත් එක්ක තරහට නෙමේ. ඔය මොනවා කිව්වත් ඔයාට බෑ city limit එක ට වඩා වැඩියෙන් යන්න. ඔයා කරලා තියෙන වරද ගැන කිව්වේ. seems like you don't want to accept it. Be careful.
     
    • Like
    Reactions: sika2

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරන් මාමේ..... මොකක්ද අර OBD2 කතාව.....?? ඊබේ තියෙන බාණ්ඩයක් නේහ්..... ඕකක් ගෙනාවොත් FB15 ලෙඩ තනියම චෙක් කරගතහැකිදෝ.....?? :D

    යේක ශේරම ඔද ප්‍රශ්නයක්

    ඉශ්ශෙල්ලාම අපිලා බලන්න ඕනේ මොකක්ද OBD2 මේ කියන්නේ කියලා

    OBD2 = On-board diagnostics (OBD)

    මේ ඉන්ටෆේස් එක 2001 එකෙන් පශ්ශේ ආපු ශේරම වාහනවල තමා තියෙනවා. මේකෙන් අපිලට පුලුවන් වාහනේ තියෙන යෙක යෙක ශිශ්ටම් ශේරම ඇක්ශස් කොරලා චෙක් කොරන්න

    එතකොට මොකක්ද මේ "දෙක"... OBD2

    ආ යේක තමා වෙඩ්දගත්ම යෙක. ඔය ඕබීඩී ටූ කියන්නේ ස්ටෑන්ඩඩ් එකක්. යෙක යෙකා උන්ට ඕනේ විදිහට ශොකට් හැදුවනම් කනෙක්ට් කොරන්න ගියාම ප්‍රශ්න තමා. දෙන් බලන්න ජපන් ගේනි මේක අරාබිගේනි මේක ඉන්දියන් ගේනි මේක ලන්කා ගේනි කියල නේ. බඩා අයියගේ ජැක් එක ඕනේ ශොකට් යෙකකට ගහන්න පුලුවන්. ආන්න යේකයි එකම ස්ටෑන්ඩඩ් එකකට හදලා තියෙන්නේ.

    යේ උනාට තාම ශමහර කුප්ප ඇමෙරිකන් වාහන වල ඕබීඩී 2 නේ.. උන්ගේ තියෙන්නේ ALDL (Assembly Line Diagnostic Link) කියලා හුටස්පරයක්

    ඔය ඊබේ එකේ තියෙන මෙන්න මේ කේල්ල ගෙනත් ගහලා ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් කටුවකට එප්ලිකේශන් ශේරම දෙම්මා කියලා ෆෝල්ට් කෝඩ් කියවන්න බේ. ඕකෙන් ශේරම පුලුවන් ත්‍රොටල්, ඉශ්පීඩ් වගේ යේක ශේරම ලපටි ශිපටි රීඩින් කියවන්න විතරයි.

    $(KGrHqF,!qUFB,Dn+!HMBQlHzjLt1g~~60_35.JPG

    යේක හරියට කෝඩ් එකක් කියෝගන්න ඕනේනම් අපිලට ශිද්ද වෙනවා කොම්පෝර්ට් ඕබීඩී 2 කනෙක්ටරේ ගෙන්න ගන්න, ආන්න ගෙනල්ලා ඉශ්කෑන් මාශ්ටොර් ක්‍රැක්ඩ් ඇප්ලිකේශන් යෙක (ඕනේනම් අපිලට කියන්න අපිල ගාව ඇති ) PC දාගත්තනම් අම්මා තාත්තා හිටන් අල්ලා දෙවියෝ වෙනකන් තමා පෙන්නනවා

    නානා යේක ගත්තේ උගාක් කාලෙකට කලින්. යේ උනාට දෙන් ලෙප් ටොප් අරන් ඇප්ලිකේශන් දාන් කනෙක්ටර් ගහන් වාත වෙන්න ඕනේ නේ. මෙන්න මේ වගේ යෙකක් ගත්තනම් හරි

    obd-ii-eobd-code-reader-scanner-professional-grade.jpg

    යේ වල් බඩා කෙල්ල නෙමේ ඕබීඩී 2 රීඩරේ බලන්න දෙම්මේ:frown::frown:

    අපිල ගාව ඔය වගේ යෙකක් නේ. අපිල ගාව තියෙන්නේ කොම් පෝර්ට් එකට ගහලා අනික් කෙලවර ඕබෝඩී 2 යෙකට ගහන කේබලේ. යේකේ මර්ශිඩීස් බී එම් වලට වෙනම ඇප්ලිකේශන් තමා ඕනේ ෆෝල්ට් කෝඩ් රීඩ් කරන්න

    ඔය ඕනේ කෝඩ් යෙකක් අරන් ගූගල් දෙයියගේ ගැහුවහම ලෙඩේ හදාගන්න හැටි ලේශියෙන්ම හොයාගන්න අපිලට පුලුවන්

    අපිල ගාව තියෙන බ්ලූටූත් යෙක පීසී එකට කනෙක්ට් වෙන්නේ නේ. යේක තමා ලොකුම අව්ල. ටැබ් යෙකට තමා කනෙක්ට් වෙනවා. ඒ නිශා බඩයියා මෙන්න මේකක් ගෙනත් ට්‍රයි කොරල බලන්න නිකමට වගේ
    http://www.aliexpress.com/item/Auto...-Interface-USB-OBD2-OBDII-CAN/1069586486.html

    ඔය මොන රීඩර් ගැජට් එකටත් වඩා වැඩිපුර විශ්තර ඕනේ නම් ශහ ශුවර්ම කරන්න ඕනේනම් ලැප්ටොප් යෙකට කොම්පොර්ට් යෙකෙන් කනෙක්ට් කොරන එක තමා අපිලගේ අද්දැකීම් අනුව ඔදම වෙඩේ..

    පොලයියේ, මහේශ් මල්ලි.. මම වෙරදිනම් වෙරදි ශේරම හදලා අපිලට කියල දෙන්න

    Last edited:
    Status
    Not open for further replies.