පොඩි අකරතැබ්බයක්....

Silentmind_001

Well-known member
  • Dec 20, 2020
    1,104
    2,339
    113
    පොඩි අකරතැබ්බයක්.... මුලින්ම කියන්න ඕනේ මම මේ post එකේ දාන තැන් දාන්නේ මම හරියටම ගියපු තැන් ටික කියන්න මිසක් ඒ තැන් වලට කිසිම විදිහකින් චෝදනාවක් කරන්න නෙවෙයි.මේකයි වුනේ.

    මගේ වාහනේ ඉස්සරහ Tyers දෙකම මාරු කරලා. මාරු කරලා කියන්නේ මගේ වාහනේ tyers දෙක ගලවලා වෙන පරණ tyers දෙකක් දාලත් ගිහිල්ලා. (හොරා මොකා උනත් ටිකක් විතර සාධාරණ විදිහට හොරකම කරලා තියෙනවා 😂) මගේ වාහනේ tyers 4ම තිබුනේ එකම brand එකෙන් අලුත් 4ක්. එතකොට මේ මාරු කරලා තියෙන්නේ වෙන පරණ tyers දෙකක් ඒකෙත් මගෙ වාහනේ tyer size එක 50. දාල ගිහින් තියෙන්නේ 55 tyers දෙකක්. Tyer එකේ හුලං බහින්න ගත්‍ත නිසා පොඩ්ඩක් check කරනකන් වැඩේ වෙලා කියලා මට මීටර් උනේ නෑ. මම දෙසැම්බර් 27 වාහනේ service කලා බියගම Halford care එකෙන්. ඒක මම ඉස්සර ඉදලම service එක කරන තැන. අනිත් එක වාහනේ service කරලා wheel nuts check කරන video එකකුත් හැමදාම වගේ මට එවලා තිබ්බා. එතනින් ගේනකොට මුකුත් අවුලක් තිබ්බේ නෑ.ඊට පස්සේ shooting location වලට ගියත් මට පේන මානේ වාහනේ තිබ්බ නිසා ඒ තැන් වලදී අවුලක් උනා කියලා හිතන්න අමාරුයි. කෝකටත් ඒ ගියපු තැන් ටිකත් කියන්නන්. පන්නිපිටිය, පානදුර. 14 වෙනිදා මම Waters edge hotel එකට ගියා. එතන මම park කලේ වෙනදට outdoor events තියෙන ලොකු area එකේ. එතන මම පැය 5ක් වගේ හිටියා. ඊට පස්සේ මම හලාවත ගියා 15 වෙනිදා(එතනදී මේක වෙන්න විදිහක් නෑ වාහනේ මට පේන තැනක තිබ්බ නිසා. 16 වෙනිදා Cinamon lakeside එකට ගියා එතනත් මම පැය 6ක් වගේ හිටියා. එතනදී මම valet parking දුන්නේ වාහනේ. වාහනේ ඉස්සරහ tyers වල හුලං යනවා කියලා දැන ගත්තේ 19 වෙනිදා. Tyers check කරපු මනුස්සයා කිව්වා highway එකේවත් යන්න එපා කියලා ඒ tyers දෙකේ පොතු ගිහින් තියෙන්නේ කියලා. ඉතින් දෙයියනේ කියලා ආපහු අලුත් tyers දෙකකුත් දාගන්න වුනා. කොහොම හරි කොහෙදි හරි මේ වැඩේ වෙලා තියෙනවා හොදටම.

    මේ post එක මම දාන්නේ තවත් කාටම හරි මෙහෙම දෙයක් මේ ආසන්න ප්‍රදේශ වල වෙලා තියෙනවද කියලා දැනගන්න. ආපහු කියනවා ඉස්සෙල්ලා මම සදහන් කරපු තැන් ටික මම දාන්නේ මම ගියා කියලා සදහන් කරන්න විතරයි. කිසිම විදිහකින් කාටවත් චෝදනා කරන්නේ නෑ මම සාක්ෂි නැති නිසා.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,994
    1
    15,777
    113
    අඩො,
    ටයර් දෙකද? කෙලින්ම රෝද දෙක පිටින් මාරු කරලද?

    ටයර් 2ක් මාරු කරනො කියන්නෙ ටිකක් ගේමක් නෙහ්..
    පවර් ටුල් නැතිනම්.
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,898
    11,924
    113
    🌎
    100% ක් ශුවර් ගේම දීලා තියෙන්නේ සර්විස් එකෙන්..
    වාහනේ සර්විස් එකට දාලා උඹ පස්සේ නේද ගන්නේ වාහනේ..
    සර්විස් එකෙන් අහපන් මෙහෙම දෙයක් වුනා පොඩ්ඩක් සෙකියුරිටි කැමරා බලමුද එහෙම.
    මේ මූ Facebook එකෙන් උස්සලා අත අරින පෝස්ට් 😄
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    අඩො,
    ටයර් දෙකද? කෙලින්ම රෝද දෙක පිටින් මාරු කරලද?

    ටයර් 2ක් මාරු කරනො කියන්නෙ ටිකක් ගේමක් නෙහ්..
    පවර් ටුල් නැතිනම්.
    power tool thibbath tyre 2 witarak maru karanna bane
    kiyala thiyenne tyre size ekat wenas kiyala, rods 2ma maru karala wage

    car ekaka nam road deka swap karanna 15min yai ona nam.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,169
    1
    100,962
    113
    34
    Kalutara
    කවුද බන් පෝස්ට් එක දාලා තියෙන්නේ? නළුවෙක්ද නිලියෙක්ද? ශුටින් වලට ගියා කියන්නේ. නැත්තන් ස්නයිපර් කෙනෙක්ද?
     
    • Haha
    Reactions: rumesh.fbi

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,994
    1
    15,777
    113
    power tool thibbath tyre 2 witarak maru karanna bane
    kiyala thiyenne tyre size ekat wenas kiyala, rods 2ma maru karala wage

    car ekaka nam road deka swap karanna 15min yai ona nam.
    50n 55 kiyanne උස නේද? Sidewall එකේ
    225/50
    225/55
     

    Silentmind_001

    Well-known member
  • Dec 20, 2020
    1,104
    2,339
    113
    කවුද බන් පෝස්ට් එක දාලා තියෙන්නේ? නළුවෙක්ද නිලියෙක්ද? ශුටින් වලට ගියා කියන්නේ. නැත්තන් ස්නයිපර් කෙනෙක්ද?
    නිලියක් සුදු. ඔයා imo ඉන්නවද?
     
    • Wow
    Reactions: Heshan Daminda