me mokada me? pena widihata go around ekak wage
[/IMG]![]()
emergency ekak wage. fuel burn karala thiyanawa ne
VCBI Tower
Feed Status: DOWN
Last heard on: 2015-06-27 11:57:03 (0 days 0 hours 6 minutes ago)
VCBI Tower Audio Archives
Facility Frequency
Colombo Tower 118.700
![]()


na wenna be machan..eka parak land karanna awith..habai touchdown karala na..aye wata gahala awith..wata gahanna aththe e welawe traffic thiyenna athi..

Weather eka awul wenna athi BN issaraha![]()


source: http://archive2.sinhala.news.lk/2011-09-14-04-31-58/2011-09-14-04-32-15/17865-456නිලඹර ජයගත් ශ්‍රීලංකන් ගුවන් සේවයේ කාන්තාවෝ .....
නිමක් නොපෙනෙන නිල් අහස සේ නිමක් නොදකින වගකීම් කන්දරාවක් දරා සිටින කාන්තාවකගේ වටිනාකම වචනයෙන් කිව නොහැකි තරම්ය. ඈත අතීතයේ සිටම දේශපාලන, ආර්ථික,සමාජීය,සංස්කෘතික සහ සදාචාර සංවර්ධනය උදෙසා කාන්තාවගෙන් ලැබුනු දායකත්වය අතිමහත්ය. වර්තමානයේද අධ්‍යාපනය, කලාව,නීතිය,වෛද්‍ය ක්ෂේත්රය,ගුවන් සේවා, පරිපාලන,ඇඟලුම්, වෙළඳ ක්ෂේත්රය සහ දේශපාලනය පමණක් නොව ආරක්ෂක අංශයන්හීදී ද කාන්තාව ප්රමුඛව සිටියි. මේ අනුව පෙනීයන්නේ සෑම ක්ෂේත්රයක ම කාන්තා නියෝජනය ව්‍යාප්ත වී ඇති බවයි.
ශ්‍රී ලාංකිකත්වය හා කීර්තිනාමය ඉහළට ඔසවා තැබීමට ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගම සිදුකරන කාර්යභාරය සුළුපටු නොවේ.එම කාර්යභාරය පිටුපස විශාල පිටිවහලක් වන ගුවන් සේවයේ නියුතු කාන්තා සවිය අමතක නොකළ යුත්තේ ය.විවිධ පැතිකඩයන් ඔස්සේ කාන්තාවගේ සුන්දරත්වයත්, දැනුමත් ශක්තිය හා සහයෝගයත් ලබාගනිමින් ශ්‍රීලංකන් නිල් ගුවන සිසාරා පියාසැරියේ යෙදෙයි.
මෙරටට සංචාරකයින් පැමිණෙන විට පළමුවෙන්ම ඔවුන්ට හමුවනුයේ ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් සේවිකාවන්ය. ඔවුහු ඉතාමත් සුන්දරසිනහවකින් මුව සරසාගෙන දෑත එක්කර ආයුබෝවන්යැයි පිළිගනිමින් සංචාරකයන් ශ්‍රී ලංකාවට කැඳවා ගෙන එති. එහිදී ගුවන් සේවිකාවන් ගේ සේවා සත්කාරය හා ආචාරශීලී පිළිගැනීම සංචාරකයන්ගේ සිත් අමන්දානන්දයට පත්කරනවා නොඅනුමානයි. සැබවින්ම ගුවන් සේවිකාවක යනු ඉතා අලංකාර සාරියකින් සැරසී ගුවන් යානයේ ඔබ මොබ සැරිසරමින් දෙස් විදෙස් මගීන් සමඟ සුහදව ගනුදෙනු කරන පිරිසක් පමණක් ම නොවේ. ඔවුන් මනා පෞරුෂත්වයෙන් හා බුද්ධියෙන් පරිපූර්ණ පිරිසකි. ගුවන් යානයේ ඇතිවන කාර්මික දෝෂ,හදිසි ගොඩ බැස්සවීම් සහ වෙනත් හදිසි අවස්ථාවලදී මගීන් ව නිවැරදිව හා ආරක්ෂාකාරීව පාලනය කරමින් වැඩකටයුතු මෙහෙයවීමට ගුවන් සේවිකාවෝ කටයුතු කරති. වර්මානයේ ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් සේවිකාවෝ 758 දෙනෙක් සේවයේ නිරත වෙති.
එසේම ශ්‍රීලංකන් ගුවන් සමාගමේ භාරදූරතම රාජකාරියක් වන ගුවන් නියමු කාර්යයේද මේ වන විට කාන්තා නියෝජනය දකින්නට පුළුවන. සැබවින්ම එය අභියෝගාත්මක හා අවදානම් ක්ෂේත්රයක් බව අමුතුවෙන් සඳහන් කළ යුතුව නැත. මේ වන විට සියලු අභියෝගයන් ජයගෙන ගුවන් නියමු ක්ෂේත්රයට පා තැබූ කාන්තාවෝ 10 දෙනෙක් පමණ ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සේවයේ නිරත සිටිති. ඒ අතරින් ශානි ජිනසේන ප්‍රථම ගුවන් නියමු නිලධාරිනියකි. (First Officer) ව්‍යාපාර කළමණාකරණය පිළිබඳ උපාධිධාරිනියක ද වන ඇය වයස අවුරුදු 22 දී ගුවන්නියමු පුහුණුව සම්පූර්ණ කරමින් 2006 වර්ෂයේදී ශ්‍රීලංකන් ගුවන් සමාගමට සම්බන්ධ වී එදා සිට විවිධ අභියෝග ජයගනිමින් ගුවන් නියමුවරියක් ලෙස සේවා දායකත්වය ලබාදෙන ලදී. ඒ අනුව ඇය මෙසේ සිය අත්දැකීම් හෙළිකළාය.
![]()
“කුඩා කාලයේ සිටම මගේ එකම අරමුණ වුණේ ගුවන් නියමුවරියක් වෙන එක. ඒ හීනය සැබෑ වුනා. සාමාන්‍යයෙන් කාන්තාවක ලෙස මේ ක්ෂේත්රයට ඇතුළු වීමට පෙර හිතට ලොකු චකිතයක් දැනෙනවා. නමුත් මෙය කාන්තා පිරිමි භේදයකින් තොරව සිදු කළ හැකි ඉතා ගෞරවාන්විත සහ අභියෝගාත්මක රැකියාවක්. ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ආරක්ෂාකාරී පරිසරය හා සුහදශීලී කාර්ය මණ්ඩලය නිසා ඒ අභියෝග ජයගන්න මට හැකිවුණා. නිල් ගුවනේ පියාසර කිරීමට මට ඇත්තේ විශාල ආශාවක්. යුරෝපය වැනි දිගු ගමනාන්ත සඳහා පියාසර කිරීමට මා වඩාත් කැමතියි. මේ රැකියාව තුළින් කාන්තාවක් විදිහට ඉගෙන ගත යුතු ගොඩක් දේ ඉගෙන ගන්න මට අවස්ථාව ලැබුනා. ඒ වගේම ඕනෑම කාන්තාවකට අධිෂ්ඨානය හා ශක්තිය තියෙනවනම් අභියෝගාත්මක රැකියාවක් කරන්න හැකිවෙනවා. මේ වන විට ගුවන් නියමු පුහුණු පාසලේ කාන්තා නියෝජනය බොහොම හොඳ මට්ටමක තියෙනවා. එය සතුටට කරුණක්.”
මේ ආකාරයට ශ්‍රීලංකන් ගුවන් සමාගමේ පරිපාලන කටයුතු සඳහා ද කාන්තාවගෙන් ලැබෙන දායකත්වය පිළිබඳ ගුවන් සමාගමේ ජ්‍යෙෂ්ඨ මූල්‍ය හා ගිණුම් කළමණාකාරිනියක වන උපේඛා අබේසේකර මහත්මිය මෙසේ සිය අදහස් පැවසුවාය.
“මම ශ්‍රීලංකන් ගුවන් සමාගමට සම්බන්ධ වූයේ 2003 වර්ෂයේ. දැනට වසර 11 පුරා මාගේ සේවා දායකත්වය ලබාදෙනවා. ලංකාවේ වගේම විදේශීය රටවල අප ශාඛාවන් හි මූල්‍යමය කටයුතු පිළිබඳ වැඩකටයුතු මෙහෙයවනවා. මෙය ඉතාමත්ම වගකීම් සහගත රැකියාවක්. එවැනි රැකියාවක නිරත වන විට කාන්තාවක් විදිහට විවිධ පීඩනයන් හා අභියෝගයන්ට මුහුණ දෙන්න සිදුවෙනවා. නමුත් උත්සාහය සහ අපරිමිත ධෛර්යය ඇත්නම් ඕනෑම අමාරු තත්ත්වයක් ජය ගැනීමට හැකියි. ගුවන් සමාගමේ මා සමඟ කටයුතු කරන සියලු දෙනා ලබාදෙන සහයෝගය මෙන්ම කණ්ඩායම් සාමුහිකත්වය තුළින් සියලු අභියෝග දිනා ගැනීමට පුළුවන් .ඒ විතරක් නෙවෙයි කොයිතරම් අභියෝගාත්මක රැකියාවක් කළත් රාජකාරියට අමතරව පවුල් ජීවිතයද සමබරව ගෙනියන්න කාන්තාවක් විදියට අපි කටයුතු කළ යුතුයි .රැකියාව සහ පවුල් ජීවිතයට මෙන්ම තම අධ්‍යාපනය හා පෞරුෂ සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කිරීමට කාන්තාව කටයුතු කළ යුතුයි යන්න මාගේ හැඟීමයි.”
ගුවන් සමාගමේ තාක්ෂණවේදින් අතුරින් 12 දෙනෙක් කාන්තාවෝ ය. ගුවන් යානා නඩත්තු කිරීම් ,අලුත් වැඩියා සහ පිරිපහදු සේවා(MRO) සඳහා අනේක මෙහෙයක් ලබා දෙන මෙම කාන්තා තාක්ෂණවේදින් සඳහා වසර 2ක පුහුණු කාලසීමාවක් ද ඇතුළත් ය.
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ මානව සම්පත් අංශ ප්‍රධානි ප්‍රදීප කැකුළාවල මහතා ප්‍රකාශ කර සිටියේ “ ජාතික සංවර්ධනය සඳහා කැපවීමකින් යුතුව තම ශ්‍රමය, දැනුම මෙන්ම කාලය ඵලදායි ලෙස යොදා ගැනීමෙන් කටයුතු කරන කාන්තාවන් සැබැවින්ම ශ්‍රීලංකන් ගුවන් සමාගමට පමණක් නොව ජාතියටම මහත් අභිමානයක්. වර්තමානයේ ගුවන් සේවා ක්ෂේත්රයේ රැකියා අවස්ථා සඳහා කාන්තාවන්ට ඉඩකඩක් හිමිව ඇත්තේ ඔවුන් සතු බහුවිධ හැකියා සහ අධ්‍යාපන කුසලතා හේතුවෙන්. සැබැවින්ම ගුවන් සමාගමේ ඉංජිනේරු, ගුවන් මෙහෙයුම්, මූල්‍ය කටයුතු ඇතුළු සියලු ම අංශයන්හි කාන්තාවන්ගේ සුවිශේෂි නියෝජනයක් ඇත. සැබැවින්ම මෙය අපේ රටට විශාල ආඩම්බරයක්.”
තම අභිමානයත් රටේ අභිමානයත් සුරැකමින් ශ්‍රී ලංකාවට ගෞරවයක් අත්පත් කරදෙන දිරිය කාන්තාවන්ගේ සේවය කිසි විටෙකත් සුළුකොට තැකිය නොහැකිය. රටේ ආර්ථික සංවර්ධනය උදෙසා විශාල මෙහෙයක් සිදුකරන කාන්තාවගේ සමාජ මෙහෙවර පිළිබඳ මෙසේ ජාතික ගුවන් සේවය ඉතා අගය කර සිටියි. 104 වෙනි ජාත්‍යන්තර කාන්තා දිනය සමරන ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් එයාර්ලයින්ස් හෘදායංගම සුභපැතුම් මෙයින් එක්කර සිටියි.
එනූෂා බණ්ඩාර /ශ්‍රීලංකන් ගුවන් සමාගම
සම්පුර්ණ උපුටා ගැනීමකි..
source: http://archive2.sinhala.news.lk/2011-09-14-04-31-58/2011-09-14-04-32-15/17865-456

eth ban go around ekak wage neda..balapn runway eka udin land karanna awith..aye kelinma gihin![]()
moko danne na case eka 
අනේ සහෝ මට පහුගිය ටිකේ tread එක බලන්න බැරි වුනා අද උදේ 198 page එකේ ඉදන් බලන කොට මෙන්න බොලේ පොස්ට් වැටෙනව හිටු කියලා එක වෙලාවක උඹලට පිස්සුද කියලත් මට හිතුනා A380 වැස්සට තෙමුනත් උඹලට දුකයි වගේ
මම Srilankan එකේ ලොක්කානම් උඹලව රස්සාවට ගන්නවා අදම මොකද ඒකේ ඉන්න උන්ටත් වඩා උඹලා රටටයි Srilankan එකටයි ආදරේකියලයි මට හිතෙන්නේ
ලොග් වෙන්න බැරි වුනාට ඊයේ උදේ 380 එනවා කිව වෙලේ ඉඳල මං ත්‍රෙඩ් එකෙමයි හිටියේ.. මං නිසාම සැහෙන්න වීව්ස් එන්න ඇති.. ලොල්


mama nikamata kivemoko danne na case eka
![]()

Emirates ekata witharada ehema inne..man hithuwe normal maintenance karanne api kiyala
Ethakota airline baraganak enawan..e hama ekatama wena wenama company thiyenawada..naththam srilankan catering ekemada oya companies thiyenne![]()
මේවා නිකන් ගොන් ප්‍රශ්නද මන්ද අයියේඑමිරෙට්ස්(EK) සහ කැතෙ(CX) එකට ලංකාවෙ එයාලගෙම ඉන්ජිනියර් ඩිපාට්මන්ට් එකක් තියනව...
ලංකාවෙ තියන්නෙ ශ්‍රී ලංකන් කෙටරින් එක...ලංකාවට එන හැම එකකටම කෙටර් කරන්නෙ ශ්‍රී ලංකන් එකෙන්... එක එක රටවල් වලට එක එක එයාර් පොර්ට් වලට වෙනම කේටරින් කම්පැණි තියනව...





මේ ලොකෙ කිසිම ප්‍රශ්නයක් ගොන් ප්‍රශ්න නෙමෙ බන්... ලංකාවෙ අය තමා වැඩ කරන්න ඉන්නෙ...මේවා නිකන් ගොන් ප්‍රශ්නද මන්ද අයියේ
එතකොට ඒ ඉන්ජිනීර් ඩිපාට්මන්ට් වල වැඩ කරන්නේ ලංකාවේ එමිරේට්ස්/කැතේ employee ලද නැත්තම් වෙනත් ජාතිකයන්ද එහෙමත් නැත්තම් දෙගොල්ලොමද![]()
![]()


මේ ලොකෙ කිසිම ප්‍රශ්නයක් ගොන් ප්‍රශ්න නෙමෙ බන්... ලංකාවෙ අය තමා වැඩ කරන්න ඉන්නෙ...![]()


මේ ලොකෙ කිසිම ප්‍රශ්නයක් ගොන් ප්‍රශ්න නෙමෙ බන්... ලංකාවෙ අය තමා වැඩ කරන්න ඉන්නෙ...![]()
එල..තැන්ක්ස් විස්තර වලට![]()

man hithanne oka UL ekema technicians la. CX and emirates walata deela. nikan sub contract denawa wage. mama danna tharamin.![]()