මහින්ද_චන්දෙට එනවා
ඉදිරි මහ මැතිවරණයේදී තමන් තරග කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට නොබෝ වේලාවකට පෙර පැවසුවා. මැදමුලනේ පිහිටි සිය නිවසේදී විශේෂ ප්රකාශයක් කරමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
මේ අනුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මැදමුලනේ සිට කළ විශේෂ ප්රකාශය පහතින්...
රට යළි භාරගන්නැයි මේ සියලු දෙනා කරන ඉල්ලීම මම ප්රතික්ෂේප කරන්නේ නෑ. රට වෙනුවෙන් මාතෘ භූමිය වෙනුවෙන් මහා මැතිවරණයට තරග කළ යුතුයැයි කරන ඉල්ලීම මම එක සිතින් පිළිගන්නවා. ඒ අනුව අප ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරනවා. පසුගිය ජනවාරි 8 වැනිදා ජනපතිවරණ ප්රතිඵලවලින් පසුව බොහෝ දෙනා හඬා වැලපුණා. ලිප පත්තු කළෙත් නෑ. එදා අඩකුඹු වුණු ජාතික කොඩිය මේ පොළවේ යළි කෙළින් කර ඔසවන බව මා කියන්න කැමති. ‘මෙම වෙහෙසකර ගමනේදී මා හැර නොගොස් ආශිර්වාදය ආරක්ෂාව දුන් හැමටම මගේ හිස නමනවා. ප්රණාමය පුද කරනවා. අප අතින් සිදුවූ අඩුපාඩු නිවැරදි කරගෙන අද මේ ඇසල පෝ දිනයේ නායක සංඝයාවහන්සේලාගේ ආරාධනය පිළිගෙන ඉදිරියට යනවා. ශ්රී ලංකාවේ සියලු ජන කොටස් සමග අත්වැල් බැඳගෙන ඉදිරියට යන්න පියවර ගන්න ඕනෑ. එක්සත් ජාතික පක්ෂයෙන් ජනතා විමුක්ති පෙරමුණෙන් ඇතුළු දේශපාලන පක්ෂවල සහෝදරත්වයෙන් ඉල්ලා සිටිනවා අප සමග එක්වන්න, ඔබගේ සහයෝගය ලබාදන්න කියලා ‘

Last edited:
කමක් නෑ ඉතින් මිනිහගේ ආසාවනේ..