ලිංගික රෝග සැඟවීමේ භයානකකම

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ලිංගික රෝග සැඟවීමේ භයානකකම


    මිනිස් ජීවිත විටින් විට විවිධ රෝගවලට ගොදුරු වෙනවා.
    මින් ඇතැම් රෝග ගැන අපි නිතරම කතා කරන නමුත් ඇතැම් රෝග පිළිබඳ පවතින දුර්මත නිසාම ඒවා ගැන සමාජයට ඇත්තේ අඩු දැනුමක්.
    සමාජ රෝග කියන්නෙත් එලෙස සමාජයේ වැඩි කතාබහට ලක්නොවන එහෙත් සැලකිය යුතු පිරිසක් පීඩා විඳින රෝගී තත්ත්වයක්.

    විශේෂයෙන්ම කාන්තාවන්ට වැලඳෙන ලිංගාශ්‍රිත රෝග පිළිබඳ අවධානය යොමු කිරීම අපගේ අරමුණයි.

    images


    ලිංගාශ්‍රිත රෝග බෝ වන්නේ අවදානම් හා අනාරක්‍ෂිත ලිංගික සබඳතා හේතුවෙනි.
    මෙම රෝගවලින් සමහරක් ඉතා පීඩාකාරී වන අතර ශරීරයට බොහෝ හානි ඇති කිරීමට හැකිය. එමෙන්ම ඔබේ ලිංගික අවයව මෙන්ම ප්‍රජනන පද්ධතියටද හානි කිරීමට මෙම රෝග බලපෑ හැකිය. මෙහි විශේෂත්වය වන්නේ කාන්තාවන්ට මෙම රෝගය ශරීරගත වුවද කිසිම රෝග ලක්‍ෂණයක් පිටතට නොපෙන්වීමය.
    නමුත් ඔබ නිසි ලෙස පරීක්ෂණ හා ප්‍රතිකාර සඳහා යොමු වුවොහොත් බොහෝ රෝග සම්පූර්ණයෙන්ම සුව කරගත හැකිය.

    බෝවෙන්නේ මෙහෙමයි
    ලිංගාශ්‍රිත රෝග බෝවන ක්‍රම විවිධයි. එනම්,

    • රෝගයක් පවතින කෙනෙක් සමඟ අනාරක්‍ෂිත ලිංගික සබඳතා (කොන්ඩම් රහිත) මඟින්. යෝනි, ගුද මෙන්ම මුඛ සබඳතාවයෙන් වුවත් ඇතිවිය හැකිය.
    • ආසාදිත ගර්භණී මවකගෙන් දරුවාට කුස තුළදී හෝ දරු ප්‍රසූතියේදී
    • ආසාදිත පුද්ගලයකුගේ රුධිර පාරවිලයනයෙන්
    • මත්ද්‍රව්‍ය එන්නත් කිරීමට ජීවාණුහරණය නොකළ අන් අයකු භාවිත කළ ඉදිකටු යොදා ගැනීමෙන් ආදී වශයෙනි.


    වාහකයෝ

    මෙම ලිංගික රෝග විවිධ වාහකයන් මඟින් බෝවීමට හැකිය. එනම්,

    1. වෛරස්
    2. බැක්ටීරියා
    3. ප්‍රාග් න්‍යෂ්ටික ජීවීන් (Protozoa) යනාදියයි.


    වෛරස් මඟින් ඇති වන රෝග

    • HIV/ඒඩ්ස්
    • හෙපටයිටිස් B
    • හෙපටයිටිස් C
    • ලිංගික ඉන්නන්
    • හර්පීස්
    • ගොනෝරියා (සුදු බින්දුම)
    • ට්‍රයිකොමොනාස් වැජිනාලිස්
    • උපදංශය (සිෆිලිස්)


    අවදානම් චර්යා
    මෙවන් රෝගී තත්ත්ව මිනිස් ශරීරය තුළ තිබුණද එම රෝග ලක්‍ෂණ පහළ වන්නේ අඩු වශයෙනි. ක්ලැමිඩියා හා ගොනෝරියා නිසා හටගන්නා රෝග ලක්‍ෂණ 90% පමණ කාන්තාවන්ගෙන් මතුවන්නේ නැත.
    එම නිසා ඔබට දැනෙන යම් යම් අවදානම් චර්යා පවතින්නේ නම් වහාම වෛද්‍ය පරීක්‍ෂාවකට යොමුවීම සුදුසුය.


    කාන්තාවන්ට
    ලිංගාශ්‍රිත රෝග කාන්තාවන්ට ඇති වූ විට මෙවන් ලක්‍ෂණ ද මතුවීමට පුළුවන. එනම්,
    • යෝනි මාර්ගයෙන් අස්වාභාවිකව ශ්‍රාවයක් පිටවීම හා දුගඳක් දැනීම
    • යටි බඩේ ඇතිවන වේදනාව
    • යෝනි මාර්ගය හෝ ඒ අවට තුවාල ඇති වීම
    • ඔසප් නොවන දිනවලදී පවා යෝනි මාර්ගයෙන් රුධිරය ගැලීම
    • ලිංගික සංසර්ගයේදී යෝනි මාර්ගයේ වේදනාවක් ඇතිවීම


    ගැහැනු පිරිමි දෙපිරිසටම
    ගැහැනු පිරිමි දෙපාර්ශ්වයටම මතුවන රෝග ලක්‍ෂණ අතර,
    • මුත්‍රා පිටවීමේදී වේදනාවක් ඇතිවීම
    • නිතර මුත්‍රා පිටකිරීමේ අවශ්‍යතාව
    • ලිංගේන්ද්‍රියේ හෝ ඉකිළි ප්‍රදේශයේ ඉදිමුමක් ඇතිවීම

    රෝග ලක්ෂණ දැකගත හැකිය. නමුත් කාන්තාවන් වැඩි වශයෙන් ගොදුරු වන ලිංගාශ්‍රිත රෝග වන්නේ හර්පීස්, උපදංශය හා ක්ලැමීඩියාය, ට්‍රයිකොමොනාස් වැජිනාලිස්, ගොනෝරියා. නමුත් මෙවැනි රෝග ලක්ෂණ ලිංගික බෝ නොවන තත්ත්ව නිසා ද ඇති වීමට හැකිය. එබැවින් රෝග පරීක්ෂාවකින් පමණක් ඒ පිළිබඳ පරික්ෂා කරගත යුතුය.

    හර්පීස්
    වෛරසයක් මගින් ඇතිවේ. ලිංගේන්ද්‍රියේ වේදනාකාරී තුවාල පොකුරු වශයෙන් ඇතිවේ. මෙම රෝග ලක්‍ෂණ හඳුනා ගත් විගසම ප්‍රතිකාර කිරීම සුදුසුය. නැත්නම් ඉන් ඇතිවන තුවාල හා එහි වේදනාව නිසා සංකූලතා ඇතිවේ.
    images

    • මුත්‍රා අඩස්සිය
    • යෝනි ප්‍රදේශයේ දැඩි වේදනාව
    • යෝනි මාර්ගයේ තුවාල එකට ඇලීම

    උපදංශය (සිෆිලිස්)
    මෙම රෝගය ඇති වන්නේ බැක්ටීරියාවක් මඟිනි. මෙහිදී වේදනාවකින් තොරව තුවාල හටගනියි. මෙය නොසලකා සිටියහොත් සමේ ආසාත්මිකතාව ලෙස නැවත මතුවීමට හැකිය. නිසි ප්‍රතිකාර නොගතහොත් මෙම රෝගය හෘද කපාට, ස්නායුවලට මෙන්ම අස්ථිවලටද අහිතකර ලෙස බලපායි. ගර්භණී මවක් මෙම තත්ත්වයෙන් පසුවේ නම් ඇයගේ විෂබීජය කුස තුළ සිටින බිලිදාටද යා හැකිය. ඒ හේතුවෙන්,
    sifilis.png

    • ගබ්සාවක් වීම
    • මළදරු උපතක් සිදුවීම
    • දරුවාගේ වර්ධනයට බාධා පැමිණීම මෙන්ම ස්නායු ආබාධ මතුවන අවස්ථා ද ඇත.
    මේ හේතුව නිසා ශ්‍රී ලංකාවේ සියලු ගර්භනී මවුවරු සඳහා මෙම රෝගය කල් තියා VDRL නම් ලේ පරීක්ෂාව මාතෘ සායන වලදී සිදු කරයි.

    ගොනෝරියා හා ක්ලැමීඩියා

    dike-chiedozies-blog-gonorrhea.png


    images


    90%ක් පමණ කාන්තාවන්ට මෙහි රෝග ලක්‍ෂණ පහළ වන්නේ නැත. නිසි ප්‍රතිකාර නොගතහොත් කාන්තාවගේ සරු බව නැතිවීම, පැලෝපීය නාල තුළ ගැබ් ගැනීම් ඇතිවීම වැනි සංකූලතා පසුව ඇති වීමට පුළුවන.

    ඒඩ්ස්
    images

    HIV වෛරසය ශරීරගත වූ විට ප්‍රතිශක්තිකරණ පද්ධතියට හානි සිදුවේ. ටිකෙන් ටික ශරීරයේ ප්‍රතිශක්තිකරණය හීන කරයි. පසු කාලීනව එම නිසාම විවිධ රෝගාබාධ ලෙස කල්පවතින උණ, පිළිකා වැනි තත්ත්ව මතුවේ. සැලකිය යුතු කාලයක් මෙම වෛරසය රෝග ලක්ෂණ නොපෙන්වමින් කෙනෙකුගේ ශරීරයේ පැවතිය හැකිය. මෙය තහවුරු කර ගත හැකි වන්නේ රුධිර පරීක්‍ෂාවකිනි.

    ලිංගික ඉන්නන්

    genital.jpg


    6e117912baa54d958531bbb5f2c23e59.jpg

    වෛරසයක් මඟින් බෝවේ. ඇතැම් වෛරස් ප්‍රභේද නිසා ගැබ් ගෙල පිළිකා ඇතිවීමේ අවදානම වැඩි වීමට පුළුවන.
    ප්‍රතිකාර
    මෙම සියලු රෝග බොහෝ විට වළක්වා ගත හැකියි. වෛරස් මඟින් හටගන්නා රෝග පාලනය කිරීමට නොහැකි වුවද බැක්ටීරියා හා ප්‍රාග් න්‍යෂ්ටික ජීවීන් මඟින් ඇතිවන රෝග නිට්ටාවටම සුව කිරීමට හැකිය.
    එම නිසා මෙවන් රෝග ඇති වීමට ප්‍රථමයෙන් ඉන් වැළකී සිටීමට වඩා වැදගත්ය. ඒ සඳහා,

    • විවාහය තෙක් ලිංගික සබඳතා ප්‍රමාද කිරීම
    • විවාහවූ අය තම ලිංගික ඇසුර එක් විශ්වාසී සහකරුවකුට හෝ සහකාරියකට පමණක් සීමා කිරීම
    • ඒ හැර වෙනත් අයකු සමඟ ලිංගික සම්බන්ධතාවක යෙදීමට සිදුවුණහොත් සෑම විටම නිවැරැදි කොන්ඩමයක් පාවිච්චි කරන්න.


    ප්‍රතිකාර ගන්න
    මේ අයුරින් ලිංගාශ්‍රිත රෝග වැලඳීමේ අවදානම තුරන් කිරීමට හැකිය. නමුත් යම් අයුරකින් ඔබ එවන් රෝගයකට මුහුණපාන්නේ නම් එය නොසඟවා වහාම වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවන්න. එහෙත් බොහෝ දෙනා මෙවන් රෝග පිළිබඳ ඇති දුර්මත නිසාම ප්‍රතිකාර ගැනීමට නොපෙලඹෙයි.

    සායන හැම තැනම
    දැන් ලංකාව පුරාම ලිංගාශ්‍රිත රෝග සායන ව්‍යාප්ත කර ඇත. මෙහි ඇති විශේෂත්වය වන්නේ එහිදී ඔබේ පෞද්ගලිකත්වය ආරක්‍ෂා වන පරිදි ක්‍රමවේද අනුගමනය කරමින් සියලු ප්‍රතිකාර සිදුකිරීමයි. මෙම සායනවලදී රෝගියාගේ පෞද්ගලිකත්වය ආරක්‍ෂා වන පරිදි රෝග නිරීක්‍ෂණය හා ප්‍රතිකාර කිරීමට එම සායනවල සුදුසු කම් ලත් වෛද්‍යවරු වගබලා ගනියි.
     
    Last edited:

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113

    thanx buddy

    ado uba baya karanwane yakoooooo

    බය කරා නෙවෙයි බන් .අපි ගොඩක් දේවල් ගැන දන්නේ අඩුවෙන් .හැබැයි යමක් උනාම ප්‍රමාද වැඩිය්.
    මමත් ගොඩක් කල් හිතන් හිටියේ කොන්ඩෝම් දැම්මම ඔක්කොම හරි කියල .ලිංගික ඉන්නෝ ගැන දැන ගත්තම තමයි කෑ ගැස්සුනේ:confused::angry::baffled::oo: .


    thanx
    අම්මටහුඩු :dull: මේවා දැක්කම සර්වාන්ගේම රත් වෙනවා :baffled:
    :angry::angry::angry::angry:



    appe angath ekak monwada wela giya

    +8 Rep.
    මටත් එහෙමම්යි


    එහෙනම් මේකත් බලන්නකෝ .තුන සිල් පදේ කඩන උන්ට ගොඩක් වැදගත් වෙයි.


    ලිංගික ඉන්නන් ඇති වීම

    http://www.elakiri.com/forum/showthread.php?t=1685623