කන්න බොන්න හොඳ තැන්

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,909
    5,491
    113
    කන්න බොන්න හොඳ තැන්

    යාලුවොත් එක්ක සෙට් වෙලා හරි තමන්ගෙ කෙල්ලත් එක්ක හරි එහෙමත් නැත්තං තනියම හරි, අපි හැමෝම එළියෙ තැනකින් කන්න යන අවස්ථා ඕන තරං තියනවා.එළියට කන්න යන වෙලාවට හැමදාම යන එකම තැනට නැතිව විවිද තැන් වලට යන්නත් හැමෝම කැමතියි. ඒ වගේ වෙලාවට මෙලෝ රහක් නැති චාටර් තැනක් සෙට් උනොත් ෆුල් අවුල් :angry: . කෑමත් රහ නැතිව බිලත් ලොකුවට එන තැන් ලංකාවෙ ඕන තරං තියනවා :yes: . මම ගොඩක් වෙලාවට එළියට යනකොට යන තැන ගැන පොඩ්ඩක් හොයලා තමයි යන්නේ. යමු සයිට් එකේ එහෙම බලලා. මේ ත්‍රෙඩ් එක දාන්නෙ කන්න බොන්න හොඳ සහ ගාණ අතට පහසු තැන් (පොඩි මාලු කෑල්ලකුයි චිප්ස් ටිකකුයි දීල රුපියල් දාහක් වගේ කඩන තැන් ගැන නෙවෙයි :D ) ගැන තම තමන්ගෙ පුද්ගලික අත්දැකීම් දාන්නයි. පර්සනල් රිවීව්ස්. එතකොට මේක දකින් කෙනෙකුට ඒ රිවීව්ස් කියවලා තමන්ට සෙට් වෙන තැනකට යන්න පුලුවනි දෙගිඩියාවක් නැතිව. :D .
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,909
    5,491
    113
    මැක්‍රීන් රෙස්ටුරන්ට් (උඩහමුල්ල, පරණ කොට&#3530

    මැක්‍රීන් කියන්නේ මම නිතරම වගේ යන තැනක්. කෙල්ලත් එක්ක හරි , යාලුවො ටිකක් එක්ක හරි ගිහිල්ලා පාඩුවේ කයියක් ගහලා ලාබෙට, රහට කෑම ටිකක් කාල එන්න පුලුවන් තැනක්.
    මේක තියෙන්නේ නුගේගොඩ මහරගම 119 පාරෙ මහරගම පැත්තට එද්දි අඹුල්දෙණිය හන්දිය පාස් කරලා ටික දුරක් ගියාම.

    කෑම

    1. රෙස්ටුරන්ට් එකක සාමාන්‍යෙයන් තියන කෑම සේරම වගේ තියනවා.
    2. මගෙ ෆේවරිට් නාසිගුරාන්ග්, බිරියානි,පැස්ටා,මීගුරාන්ග් හෙවත් ඉන්දුනීසියානු නූඩ්ල්ස්, කොත්තු සහ මොංගෝලියන් ෆ්රයිඩ් රයිස්.
    3. BBQ Chicken තියනවා හවසට. ඒක නං අවුල්.
    4. කොත්තු සහ මොංගෝලියන් ස්මෝල් පෝෂන් එක දෙන්නෙකුට ඇති.
    5. චීස් කොත්තු ඇත.
    තැන

    1. හොඳ කුෂන් කරපු පුටු එක්ක සුව පහසුවට කන්න පුලුවන්. කාල කතාකර කර හිටියා කියලා මුකුත් ප්‍රශ්නයක් නෑ.
    2. කෑම එන්න යන වෙලාව විනාඩි පහක් දහයක් වගේ.
    3. ස්ටාෆ් එක හොඳයි වරදක් නෑ.
    4. රෑ අට හමාර වගේ වෙද්දි කෑම ඉවර වෙනවා. ආයෙ රෑ නවය දහය වගේ වෙද්දි තියනවා
    ගාණ

    1. ගාන සාධාරනයි. ඔක්කොම 200 ~450 වගේ අතර.
    2. රුපියල් 1000 කින් දෙන්නෙකුට හොඳටම කන්න පුලුවනි ඩෙසර්ට් එමෙත් අරගන.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    ow eka nam atta bun

    KFC hari burger king hari ringuwot dennek ta aniwa 1500 or 2000 wage yanawa itin

    ita aduwen kala A/C eke kaiyak gahagena idala enna pulwan tanak nam shape
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පානදුරේ එහෙම යනවා නම් bus stand එක පහු කරලා චුට්ටක් ගාල්ල පැත්තට යද්දී beach side එකේ නෙමෙයි අනිත් පැත්තේ තියෙනවා "Juice World" කියලා තැනක්.

    Ice cream and Fruit Juice. පට්ටම quality. ඒ වගේම හෙන ගොඩක් දෙනවා. Rs. 100- 200 අතර තමයි prices. ගෙවන ගානට හොඳටම වටිනවා.
     
    • Like
    Reactions: rukshan0000

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මට නම් අත්දැකිම් නැ...but ඉස්සරටහ ඔන වෙනවා :yes::yes:

    නියම වැඩක් සහො :yes::yes:

    Rep+++
     
    janithjaya

    Active member
  • Mar 3, 2009
    302
    30
    28
    අපේ ගෙදර
    පානදුරේ එහෙම යනවා නම් bus stand එක පහු කරලා චුට්ටක් ගාල්ල පැත්තට යද්දී beach side එකේ නෙමෙයි අනිත් පැත්තේ තියෙනවා "Juice World" කියලා තැනක්.

    Ice cream and Fruit Juice. පට්ටම quality. ඒ වගේම හෙන ගොඩක් දෙනවා. Rs. 100- 200 අතර තමයි prices. ගෙවන ගානට හොඳටම වටිනවා.

    :yes::yes::yes::yes:
     
    gepa

    Well-known member
  • කිරුලපනින් නාරහෙන්පිට පාරෙ මීටර් සීයක් ගිහමත් තියනවා මරු කඩයක් ඇශියන් කිචන්,.. කොත්තුව දෙන්නෙක්ට ඇති.. 500ක් දෙනකොට කොත්තුවක් දෙන්නෙක් කාල ස්ප්‍රියිට් එකකුත් ගහන්න පුලුවන්..රසත් සුපිරි.. බිරියානිය 400 කජුත් ඇත
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    නුවර - සිරිරම්‍යා : නෙලුම් කොලෙ රයිස් ඇන්ඩ් කරි පට්ට රසයි
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,909
    5,491
    113
    කිරුලපනින් නාරහෙන්පිට පාරෙ මීටර් සීයක් ගිහමත් තියනවා මරු කඩයක් ඇශියන් කිචන්,.. කොත්තුව දෙන්නෙක්ට ඇති.. 500ක් දෙනකොට කොත්තුවක් දෙන්නෙක් කාල ස්ප්‍රියිට් එකකුත් ගහන්න පුලුවන්..රසත් සුපිරි.. බිරියානිය 400 කජුත් ඇත

    එතන කන්නත් පුලුවන්ද මචං. ඉඩ කඩ එහෙම කොහොමද ? පවුලකට වගේ ගිහිල්ලා කන්න පුලුවන් තැනක්ද ?
     
    ranjana disasekara

    Well-known member
  • machan wattala patte yanawanam pan resturant eka maru. eke uda tattuwe bar ekak tiyenawa(cocktail 500 upwards) rice eka 580 seafood chop suey dennekta hondatama ati tana patta descent. 1000k - 2000k ati dennekta kaala beela enna classy widiyata.
    upstairs yanna pahalanam chaa.
    kaama maru..
    one nam beer ekak ganna gaman kanna puluwan.
    family ekat ekkat yanna maru

    and thawa diyatha uyana broadway eka..
    eeket kaama loku ganan na ban
    mama nam etaninmai kanne giyot anit thana 350 deela weelichcha submarine kanawata wada atanin 700k deela nasiyak daaganna puluwan dennekta.
    anika kaama rahai ban
    habai putoo tikak salli aran palayan service charge eka menu eke naa hondee...
    dawasak gihilla try karapan hondanam gewana ganata reasonable wage nam palayan
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    නුවර - සිරිරම්‍යා : නෙලුම් කොලෙ රයිස් ඇන්ඩ් කරි පට්ට රසයි

    එල...
    මම cmb ඉන්නෙ.
    kandy ආව වෙලාවක ඔතනට යන්නෙ කොහොමද ?
    රුට් එක කියපන් මචන්
    .....:yes::yes:
     
    gepa

    Well-known member
  • එතන කන්නත් පුලුවන්ද මචං. ඉඩ කඩ එහෙම කොහොමද ? පවුලකට වගේ ගිහිල්ලා කන්න පුලුවන් තැනක්ද ?

    පුලුවන් මචන්.. හොඳට ඉඩ තිබේ.. ටවුමෙන් ඇතුලේ වගේ හංඳා කස්ටිය අඩුයි මචන්.. කුස්සිය ඉස්සරහින් තියෙන්නේ.. ඔක්කොම පේනවා හොඳට පිරිසිදුයි.. උයන එවුන් මාස්ක් දාල තියෙන්නේ..පවුලකට ඇවිත් කන්න හොඳයි
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මැක්‍රීන් කියන්නේ මම නිතරම වගේ යන තැනක්. කෙල්ලත් එක්ක හරි , යාලුවො ටිකක් එක්ක හරි ගිහිල්ලා පාඩුවේ කයියක් ගහලා ලාබෙට, රහට කෑම ටිකක් කාල එන්න පුලුවන් තැනක්.
    මේක තියෙන්නේ නුගේගොඩ මහරගම 119 පාරෙ මහරගම පැත්තට එද්දි අඹුල්දෙණිය හන්දිය පාස් කරලා ටික දුරක් ගියාම.

    කෑම

    1. රෙස්ටුරන්ට් එකක සාමාන්‍යෙයන් තියන කෑම සේරම වගේ තියනවා.
    2. මගෙ ෆේවරිට් නාසිගුරාන්ග්, බිරියානි,පැස්ටා,මීගුරාන්ග් හෙවත් ඉන්දුනීසියානු නූඩ්ල්ස්, කොත්තු සහ මොංගෝලියන් ෆ්රයිඩ් රයිස්.
    3. BBQ Chicken තියනවා හවසට. ඒක නං අවුල්.
    4. කොත්තු සහ මොංගෝලියන් ස්මෝල් පෝෂන් එක දෙන්නෙකුට ඇති.
    5. චීස් කොත්තු ඇත.
    තැන

    1. හොඳ කුෂන් කරපු පුටු එක්ක සුව පහසුවට කන්න පුලුවන්. කාල කතාකර කර හිටියා කියලා මුකුත් ප්‍රශ්නයක් නෑ.
    2. කෑම එන්න යන වෙලාව විනාඩි පහක් දහයක් වගේ.
    3. ස්ටාෆ් එක හොඳයි වරදක් නෑ.
    4. රෑ අට හමාර වගේ වෙද්දි කෑම ඉවර වෙනවා. ආයෙ රෑ නවය දහය වගේ වෙද්දි තියනවා
    ගාණ

    1. ගාන සාධාරනයි. ඔක්කොම 200 ~450 වගේ අතර.
    2. රුපියල් 1000 කින් දෙන්නෙකුට හොඳටම කන්න පුලුවනි ඩෙසර්ට් එමෙත් අරගන.
    අයිතිකරුද සිංහල ව්‍යාපාරිකයෙකි... ලාභ ඉපයීම මූලික පරමාර්ථය නොවේ. දන්නා හින්ද කිවුවේ :yes:. 7+
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,909
    5,491
    113
    machan wattala patte yanawanam pan resturant eka maru. eke uda tattuwe bar ekak tiyenawa(cocktail 500 upwards) rice eka 580 seafood chop suey dennekta hondatama ati tana patta descent. 1000k - 2000k ati dennekta kaala beela enna classy widiyata.
    upstairs yanna pahalanam chaa.
    kaama maru..
    one nam beer ekak ganna gaman kanna puluwan.
    family ekat ekkat yanna maru

    and thawa diyatha uyana broadway eka..
    eeket kaama loku ganan na ban
    mama nam etaninmai kanne giyot anit thana 350 deela weelichcha submarine kanawata wada atanin 700k deela nasiyak daaganna puluwan dennekta.
    anika kaama rahai ban
    habai putoo tikak salli aran palayan service charge eka menu eke naa hondee...
    dawasak gihilla try karapan hondanam gewana ganata reasonable wage nam palayan

    මචං උඹ කියන්නේ දියතෙ තියන බ්‍රෝඩ් වෝක් රෙස්ටුරන්ට් එක නේද ? එතන තැන නං සිරා. මං නාසි නම් කාල නෑ. මං කාපුව නං ඒ හැටිම රහක් නෑ. සර්විස් චාජස් ගැන කතාවනං හරි :D
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,909
    5,491
    113

    පුලුවන් මචන්.. හොඳට ඉඩ තිබේ.. ටවුමෙන් ඇතුලේ වගේ හංඳා කස්ටිය අඩුයි මචන්.. කුස්සිය ඉස්සරහින් තියෙන්නේ.. ඔක්කොම පේනවා හොඳට පිරිසිදුයි.. උයන එවුන් මාස්ක් දාල තියෙන්නේ..පවුලකට ඇවිත් කන්න හොඳයි

    එල. වෙලාවක ගොහිල්ලම බලන්න ඕනි එහෙමනං.