අතේ පැලවෙන බොරු කියන්න එපා. 2015 පෙබරවාරි 26දා මහබැංකුව ප්‍රාථමික වෙළඳුන් 16 දෙනාට දැනුම් දුන්නේ අවුරුදු 30 ක කාලසීමාවකට යටත් රුපියල් බිලියන 1 ක බැදුම්කර 27 වෙනිදා වෙන්දේසි කරනවා කියලා. නමුත් 26 වෙනිදා බ්‍රහස්පතින්දාම මුදල් ඇමැති, මහාමාර්ග, උසස් අධ්‍යාපන හා ආයෝජන ප්‍රවර්ධන ඇමැති, භාණ්ඩාගාර ලේකම් , මහබැංකු අධිපතිගේ ප්‍රධානත්වයෙන් ආයෙත් හදිසි රැස්වීමක් තියල තීරණය කරනවා රජයට බිලියන 15 ක් ඕනෙ කියලා.
ඊටපස්සේ, 27, අනිත් ආයතන ඔක්කොම දැනුම් දීල තිබ්බ හැටියට බිලියන 1 ට අඩුවෙන් ලංසු තියද්දී, පර්පචුවල් ට්‍රෙෂරිස් විතරක් බිලියන 15 කට ලංසු තියනවා!
//මහ බැංකුව මුලින් තීරණය කළේ පෙබරවාරි 27 රුපියල් බිලියන 1.0 වටිනා පිළිනපත් නිකුත් කර ණයක් ලබා ගැනීමටය. පෙබරවාරි 26 මුදල් ඇමති, මහාමාර්ග, ආයෝජන ප්‍රවර්ධන සහ උසස් අධ්‍යාපන ඇමති, භාණ්ඩාර ලේකම් සහ මහා බැංකුවේ අධිපති රැස්වී ආණ්ඩුවේ වියදම් සඳහා රුපියල් බිලියන 15 ඉතා ඉක්මණින් අවශ්‍ය බව තීරණය කළහ. එක්සත් ජාතික පකෂයේ සභාපති සහ සුප්‍රසිද්ධ ව්‍යාපාරික මලික් සමරවික්‍රම මහතාද මෙම රැස්වීමට සහභාගිවී ඇත. එහෙත් රැස්වීම පිළිබඳ නිළ නිවේදනයේ ඔහුගේ නම සඳහන් නොවීය.
පෙබරවාරි 27 පිළිනපත් වෙන්දේසියට බොහෝ තරැව්කාර සමාගම් සූදානම් වී ඇත්තේ මහ බැංකුව ඉල්ලා සිටි රුපියල් බිලියන 1.0 සැපයීමටය. එහෙත් වෙන්දේසියේදී රුපියල් බිලියන 10 ණය ගැනීමට මහ බැංකුව සූදානම් බව ඔවුන්ට දැනගන්නට ලැබුණි. //
(i) රජයේ වියදම් පියවීමට රුපියල් බිලියන 10 ණයක් වහාම අවශ්‍ය බව පෙබරවාරි 26 වෙනිදා රජය තීරණය කළේ නම් එම පුවත පෙබරවාරි 27 රැස්වීමට නියමිතව සිටි සියලූම පිළිනපත් තැරැව්කාර සමාගම් වලට නොදැන්වුයේ ඇයි?
(ii) ජනවාරි අග රජය 2015 සඳහා සංශෝධිත අයවැයක් පාර්ලිමේන්තුවට ඉදරිපත් කළේය. එම සංශෝධනය ඉදිරිපත් කරන විට ඉදිරි මාස වල අය සහ වැය ප්‍රවාහ නිවැරදිව තක්සේරු කළ යුතුව තිබුණි. එසේ වීනම් හදිසි රැස්වීම් කැඳවා ලබාගන්නා ණය ප්‍රමාණය පිළිබඳව හදිසි තීරණ ගැනීම අවශ්‍ය නොවන අතර අඩු ණය ප්‍රමාණයක් ලබා ගැනීම මගින් පිළිනපත් සඳහා ගෙවන පොළියද අවම කරගැනීමට ඉඩ තිබුණි.
(iii) ප්‍රතිපත්ති සැලසුම් සහ ආර්ථීක කටයුතු අමාත්‍යාංශය පහත සඳහන් නිවේදනය මාර්තු 6 නිකුත් කළේය. ”රජයේ ආසන්න වියදම් සඳහා සහ අවසන් නොවු ව්‍යාපෘති අවසන් කිරීම සඳහා අවශ්‍ය මුදල් 2015 මාර්තු මස භාණ්ඩාගාර පිළිනපත් නිකුත් කර ලබාගැනීමට අපේකෂා කරයි” තත්වය එසේ වේනම්, පෙබරවාරි 27 12.5% පමණ දක්වා ඉහළ පොළියකට එකවරම රුපියල් බිලියන 10 ණයක් ගන්නවා වෙනුවට මාර්තු මාසය තුළ පැතිරෙන අයුරින් අඩු ප්‍රමාණවලින් වඩා අඩු පොළියකට ණය ගැනීමට ඉඩ තිබුණ නමුත් එසේ නොකළේ ඇයි?
(iv) ඉන්දියාව ලංකාවට ඇමරිකන් ඩොලර් බිලියන 1.5 (රුපියල් බිලියන 198) ණයක් සැපයීමට සුදානම්ව සිටින බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයින් පෙබරවාරි 27ට පෙර දැන සිටින්නට ඇත. එම ණය ලංකාවේ පොළී අනුපාත පහළ දැමීමට අනිවාර්යයෙන් උපකාරී වෙයි. එවැනි තත්වයක් යටතේ ඉහළ පොළියකට අවුරුදු 30ක ණයක් හදිසියේ ගතයුත්තේ ඇයි?
//
මහ බැංකුව මුලින් ඉල්ලා සිටි රුපියල් බිලියන 1.0 පමණක් මහ බැංකුව ලබාගත්තේනම් එම ණය 10.5% තරමක් අඩු පොළියකට ලබාගැනීමට අවස්ථාව තිබුණි.
මහ බැංකුව රුපියල් බිලියන 3.26 පමණක්, එනම් මුලින් ඉල්ලු ප්‍රමාණය මෙන් තුන් ගුණයකට තරමක් වැඩි ප්‍රමාණයක් ලබාගත්තේනම්, 10.82% සාමාන්‍ය පොළී අනුපාතයකට එම ණයලබා ගැනීමටද අවකාශ තිබිණ.
රුපියල් බිලියන 5.6 ණයක් පමණක් ගත්තේ නම් සාමාන්‍ය පොළී අනුපාතය 11.14% පමණක් වනු ඇත.
පර්පචුවල් ට්‍රෙශරීස් සමාගම ඉදිරිපත් කළ රුපියල් බිලියන 2.0 මුලු වටිනාකමින් ඇති ඉල්ලුම්පත් හතරක් - රුපියල් මිලියන 250 (11.5%), රුපියල් මිලියන 250 (11.75%) රුපියල් මිලියන 500 (11.99%) සහ රුපියල් මිලියන 1,000 (12.25%) - පෙබරවාරි 27 මහ බැංකුව පිළිගත්තේය. ඊට අමතරව ලංකා බැංකුව රුපියල් බිලියන 3.0 ඉල්ලුම්පත් පර්පචුවල් ට්‍රෙශරීස් වෙනුවෙන් ඉදිරිපත් කර ඇත.
මෙම රුපියල් බිලියන 5.0 එදින ගත් රුපියල් බිලියන 10 ණය අතුරින් ඉහළම පොළි අනුපාතයන් ගෙවු පිළිගත් ඉල්ලුම්පත් ගණයට වැටෙයි.
11.5% හෝ ඊට වැඩි පොළියක් සහිතව මහ බැංකුව පිළිගත් ඉල්ලුම්පත් වලින් 73.5%ම පර්පචුවල් ට්‍රෙශරීස් සමාගම සහ ලංකා බැංකුව ඉදිරිපත් කළ ඉල්ලුම් පත් විය.
තාම කියනවද මෙතන හොරයක් වෙලා නෑ කියලා?