දේශපාලනය අවුරුදු 55යි.. අගමැතිකම දුන්නොත් මං කරනවා.. ජනපති සුළු ජාතිකයන්ට ලැදියි..
දේශපාලන ජීවීතයේ ජ්‍යෙෂ්ඨයකු වන තමනට වසර 55ක අත්දැකීම් ඇති බවත් ඉදිරි මැතිවණයෙන් පසුව මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමන් අගමැති ධුරය ලබාදුනහොත් ඉතා සතුටින් භාර ගන්නා බව ඇමති ඒ.එච්.එම් ෆවුසි මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ එමගින් ජ්‍යෙෂ්ඨත්වයට සැලකීම හා සුළු ජන කොටස්වලට සාධාරණය ඉටු කිරීම ආදර්ශයෙන්ම ජාත්‍යන්තරයට ගෙන යා හැකි බවයි.
ජනපති මෛත‍්‍රී සුළු ජන කොටස්වලට විශේෂ කැමැත්තක් ඇති බවද පෙන්වාදෙන ඇමතිවරයා ඔවුන් සතුටු කිරීම වෙනුවෙන් තමන්ට අගමැති ධුරය ලබාදී හොද ආදර්ශයක් සැපයිය හැකි යයිද කියා සිටී.



