සඳ මත ජනපද සැලසුම්

Mr.Hudson

Banned
Jul 12, 2015
331
103
0
Colombo
සඳ මත ජනපද සැලසුම්

150713152254_moon_village.png


චන්ද්‍රයා මත ගම්මානයක් ගොඩ නැගීම සිය ඉදිරි සැලැස්ම වන බව යුරෝපා අභ්‍යවකාශ ආයතනයේ නව අධ්‍යක්ෂක මහාචාර්ය ජෝන් ඩියෙට්රිච් වෝර්නර් පවසයි.
බීබීසි වාර්තාකරු රිචඩ් හොලින්ග්හම් යුරෝපා අභ්‍යවකාශ ආයතනයේ නව අධ්‍යක්ෂකවරයාගේ මෙම විස්මය දනවන නව සැලැස්මට හේතු විමසනු ලැබීය.

සිය අදහස විස්තර කරමින් මහාචාර්ය වෝර්නර් කියා සිටියේ මෙය හුදෙක් චන්ද්‍රයා මත ඉදි කරන ගොඩනැගිලි සමූහයක් නොවනු ඇති බවයි.
ඉදි කිරීමට බලාපොරොත්තු වන ගම්මානයට ලෝකයේ විවිධ රට වලින් සිය සහභාගීත්වය ලබා දෙනු ඇති බවටයි විශ්වාස කරන්නේ.

නව ගම්මානයට එකතු වන රටවල් සිය රට සතු නවීන රොබෝ උපකරණ, අභ්‍යවකාශ පර්යේෂණ සැලසුම්, මෙන්ම සන්නිවේදන චන්ද්‍රිකා වැනි සම්පත් ගෙන එනු ඇති බවයි මහාචාර්ය වෝර්නර් කියා සිටියේ.


150717143332_village_on_the_moon_512x288_bbc_nocredit.jpg


චන්ද්‍රයා මත ගම්මානයක් බිහි කිරීමට තමන් යෝජනා කරන්නේ හුදෙක් එය පළමු වතාවට චන්ද්‍රයා මත මනුෂ්‍ය ගම්මානයක් ස්ථාපිත කිරීමේ ආශ්චර්ය හිමි කර ගැනීමට පමණක් නොවන බව පෙන්වා දෙන මහාචාර්යවරයා පවසන්නේ ඊට වඩා වැදගත් හේතු කිහිපයක් සිය අදහසට පාදක වූ බවයි.
උදාහරණයක් ලෙස චන්ද්‍රයා මත අභ්‍යවකාශ ගවේෂකයන්ට වැඩි කාලයක් ලබා දීම තුලින් සෞරග්‍රහ මණ්ඩලය පිළිබඳ පවතින දැනුම පුළුල් කර ගැනීමට අවස්ථාවක් ලැබෙන බවයි ඔහු පවසන්නේ.

ත්‍රිමාන මුද්‍රණ යන්ත්‍රයක්


සඳ මත සිට නවීන දුරේක්ෂ භාවිතා කරමින් විශ්වයේ තවත් ඈතට මිනිස් ඇස යොමු කළ හැකි බව පෙන්වා දෙන මහාචාර්ය වෝර්නර් චන්ද්‍ර විද්‍යාවේ ඉදිරි පියවර මෙමගින් වඩා ඉක්මන් වනු ඇති බවත් පෙන්වා දුන්නේය.


141101020432_earth_moon_624x351_xinhua.jpg


දැනට අඟහරු ග්‍රහයා මත විශාල ත්‍රිමාන මුද්‍රණ යන්ත්‍රයක් උපයෝගී කර ගෙන නිර්මාණය කිරීමට සැරසෙන අභ්‍යවකාශ කඳවුරේ ආකෘතියක් පළමුව සඳ මත නිර්මාණය කර පරීක්ෂා කිරීම, චන්ද්‍ර ගම්මානය තුලින් අත් කර ගත හැකි තවත් වටිනා අවස්ථාවක් ලෙසයි මහාචාර්ය වෝර්නර් දක්වන්නේ.

ඔහු වැඩි දුරටත් පවසන්නේ ගගන ගාමීන්ට පොළවට ලඟා වීමට මාස හයක් ගත වන තරම් ඈතින් පිහිටා ඇති අඟහරු ග්‍රහයා මත එවැනි නව අදහසක් ක්‍රියාත්මක කරනවා වෙනුවට දින හතරකින් පොළවට ලඟා විය හැකි දුරකින් පිහිටි චන්ද්‍රයා මත නව නිර්මාණය පරීක්ෂා කිරීම ආරක්ෂා සහිත වනු ඇති බවයි.

අභ්‍යවකාශ ගවේෂණය වෙනුවෙන් සීමා මායිම් වලින් තොර ඕනෑම රටකට සම්බන්ධ විය හැකි ජාත්‍යන්තර ආයතනයක අවශ්‍යතාවක් පවතින බවයි මහාචාර්ය වෝර්නර් කියා සිටියේ.


141119114409_earth_from_moon_512x288_rawcuttelevisionltd_nocredit.jpg


විවිධ ජාතීන්ට භූමිය මුල් කර ගත් ගැටළු රාශියක් පවතින මෙවන් යුගයක සියලු එදිරිවාදිකම් අත් හැරීමට අභ්‍යවකාශයේ නිර්මාණය වූ ගම්මානයක සාමූහිකව කටයුතු කිරීමට අවස්තාවක් සැලසීම වටිනා අදහසක් වනු ඇති.

චන්ද්‍රයා මත ගම්මානයක් ඉදි කිරීම තවමත් මහාචාර්ය වෝර්නර් සතුව පවතින අදහසක් පමණි.
ජාත්‍යන්තරයේ කිසිදු රටක් මේ වෙනුවෙන් තවමත් අරමුදල් වෙන් කිරීමක් හෝ සහය පළ කිරීමක් සිදු කර නැතත් අභ්‍යාවකාශ ගවේෂණ ලෝකයේ කීර්තියක් උසුලන යුරෝපා අභ්‍යවකාශ ආයතනයේ අධ්‍යක්ෂක මහාචාර්ය ජෝන් ඩියෙට්රිච් වෝර්නර් විසින් පළ කරන මෙම නව අදහස බොහෝ ඉක්මනින් ජාත්‍යන්තරයේ අවධානය දිනා ගැනීමට සමත් වනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.


source bbc
 

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,467
    16,188
    113
    අගහරු වලට ගියා වගේ වෙයි ඕකත්..
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    බැරිද සිඞ්හලු හඳ නැතුව පැරලල් යුනිවර්ස් එකක වගේ ඩේට සේව් කරන්න :dull: :dull:
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    තාම අතුරුදහන් වුන mh370 flight එක හොයාගන්න බැරුව කොහෙද බන් හදේ ඕව හදන්නේ
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බැරිද සිඞ්හලු හඳ නැතුව පැරලල් යුනිවර්ස් එකක වගේ ඩේට සේව් කරන්න :dull: :dull:

    මොකද බැරි යුනිවර්සල් සීරියල් බස් ටු පැරලල් කන්වර්ටර් තියන්නේ ඒකට තමයි :rofl:

    364999528_800.jpg
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බැරිද සිඞ්හලු හඳ නැතුව පැරලල් යුනිවර්ස් එකක වගේ ඩේට සේව් කරන්න :dull: :dull:

    ලගදීම සිංහලුන්ට හදට හරි පැරලල් යුනිවර්ස් එකකට හරි තමයි යන්න වෙන්නේ .දැන්ම ඇප්ලිකේෂන් දාපන්
    :baffled:
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,113
    3,540
    113
    46
    Buttala
    උලකාපාතයක් වැටුනොත් පොළොවෙ වගේ අළු වෙන්නෙත් නෑ
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    තරු ගනන් කර කර කිරියට ආවෑකි ඩෝ එතකොට :shocked: