වැඩිහිටියන්ට නැමදීම.............

romeshnonis

Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    වැඩිහිටියන්ට නැමදීම.............

    වැඩිහිටියන්ට නැමදීම අපගේ මුතුන් මිත්තන්ගේ කළේ ඉදන් එන එකක්.......එත් අවාසනාවට වගේ එක දැන් නැතිවෙගෙන යනවා......

    ඒක නැතීවෙන්න නොදි රැකගනිමු. අද ඉදන්වත්...
    වැඩිහිටියන්ට නැමදීමෙන් අත්තටම අපි හිතන්නේ ඔවුන්ට කරන ගෞරවය නිසා කරන ක්‍රියවක් කියල.... ඔව් එක පැත්තකින් හරි එත් තවත් පැත්තක් තියෙනවා ගොඩක් දෙනෙක් නොදන්න..

    අපගේ සම්මා සම්බුදු ගෞතම බුදු රජානන් වහන්සෙ අපට කියා දුන් අන්දමට..
    මිනිසෙක්ට තත්පරක් ඇතුලත උපදින සිත් ගණන ගණනකින් කියන්න බෑ කියලයි.... ඒ නිසා උන් වහන්සේ එක් සිතක අයු කාලය චිත්තක්ෂන 1 කියලා හැදින්වුවා. අටු අචාරින් වහන්සේලා කියලා තියෙනවා මේ අපි ඇහි පිය ගහණ මොහොතකදි සිත් ලක්ෂ කොටි වරයක් උපදිනවා කියලා. ඒ කියන්නේ 10 12බලය.. :shocked::shocked::shocked:
    අපිට උපදින හිත් ගැන හා ඒවයේ විස්තර ඇතිව අප සරණ ගිය ගෞතම බුදු රජානන් වහන්සේ දේශනා කරලා තියෙනවා.
    අපි වැඩිහිටියෙකුට නැමදීමෙදි අපිට ඇතිවෙන්නේ මෙයින් එක් කුසල් සිතක්.
    1.සොමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික සිත
    2. සොමනස්ස සහගත ඥාන සම්පයුක්ත සසංකාරික සිත
    3.සොමනස්ස සහගත ඥාන විප්පයුක්ත අසංකාරික සිත
    4. සොමනස්ස සහගත ඥාන විප්පයුක්ත සසංකාරික සිත
    5.උපෙක්ෂ සහගත ඥාන සම්පයුක්ත අසංකාරික සිත
    6. උපෙක්ෂ සහගත ඥාන සම්පයුක්ත සසංකාරික සිත
    7.උපෙක්ෂ සහගත ඥාන විප්පයුක්ත අසංකාරික සිත
    8.උපෙක්ෂ සහගත ඥාන විප්පයුක්ත සසංකාරික සිත

    සොමනස්ස = සතුටු සිතින්
    උපෙක්ෂ = සතුටකුත් නෑ දුකකුත් නෑ
    ඥාන සම්පයුක්ත = කර්ම කර්ම ඵලය අදහනව
    ඥාන විප්පයුක්ත = කර්ම කර්ම ඵලය අදහන්නේ නෑ
    අසංකාරික = තමන්ම හිතලා කරනවා (ඒ මොහොකත්)
    සසංකාරික = තවකෙනෙක් කීයන නිසා කරනවා (ඒ මොහොකත්)

    අපි වැඩිහිටියෙකුට නැමදීමෙදි අපිට ඇතිවෙන්නේ මෙයින් එක් කුසල් සිතක් ඒ කියන්නේ චිත්තක්ෂණ 1 අයු කාලයක් ඇති සිතක්.
    එත් අපි නැමදීමට ගත කරන වෙලාව තත්පර 5 කියලා අවම ගමු. ඔය තත්පර 5 ඇතුලත උපදින සිත් ඔක්කොම කුසල් සිත්.
    එතකොට අසන්න වශයෙන් කුසල් සත් 10 12 බලය X 5= මේ තරම් කුසල් සිත් ප්‍රමාණයක් ඉපදීලා:yes:

    අපි නොදැනීම අපි කුසල් කරලා මේවා වල විපාක අඩු වැඩි වෙනවා ඒවෙලාවේ උපදින චේතනාව, කර්ම කර්ම ඵලය අදහීම නොඇදහීම, තමන්හිතලා කිරිම, තවකෙනෙකු කියු නිසා කිරීම අනුව.

    අපි නොදැනුවත්ම කුසල් කිරිමට අවස්ථාවක් අපි නැති කරගන්නවා...

    ඇත අතීතයේ අපගේ ජීවිත වලට බුද්ධ ධර්මය සමීප වෙච්ච එක් කරුණක් මේ. තවත් බොහො ඇත.....
    ප්‍රමාද නොවි කුසල් රැස් කරගනිමු.

    සබ්බ පාපාස්ස අකරණං - කුසලස්ස උපසම්පදා
    සචිත්තපරියො දපනම් - ඒතං බුද්ධ සාසනං

    බුදු සරනයි.


    සමාවෙන්න ඔනේ මට ලුණුඇබුල් එක්ක කියලා දෙන්න තෙරෙන්නේ නෑ...

    [URL="https://www.facebook.com/romesh.thomas.5/posts/1157765674240464"]Share with your Friends -මිතුරන් සමගත් බෙදාගන්න
    [/URL]https://www.facebook.com/romesh.thomas.5/posts/1157765674240464



     
    Last edited:

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    බොහොම පින් machan!

    මම නම් කොහේ ගියත් අම්මයි තාත්තටයි වැදලා තමයි ගෙදරින් යන්නේ :D +++
     

    tharindutpk

    Active member
  • Jan 20, 2013
    293
    22
    28
    බොහොම පින් machan!

    මම නම් කොහේ ගියත් අම්මයි තාත්තටයි වැදලා තමයි ගෙදරින් යන්නේ :D +++

    mamath :D wandala madi bn. kochchara kela unath, kochchara hora wada kalath samawa denne e aya witharai. :sorry: specially amma nathi dawasata apita waradinna patan ganna eka defa wenawa :frown: