මානසික පීඩනය දරාගන්න අමාරුයි

chashikajw

Member
Apr 2, 2015
452
50
0
Colombo
ඔව් ස්පොර්ට්ස් නම් කරන්නෙ නෑ. හැබැයි පොත් ගුල්ලෙක් නම් නෙමේ.
වාර විභාගයකට වඩා මේක ගොඩක් වැදගත්නෙ. ඒකයි බය. දැන්ම පාඩම් කරන්න ගන්න අධිශ්ඨාන කරගත්තා.

term test 1kta wda loku exam 1k kiyla penuata ?na e wgema thma. past papers poth aran kranna.. ewa krgena ynkota danne nathi ewa mathka nathi ewa ahuwenkota aimath note 1kin ewa blanna.. mula idan padm krana eka newe wadagath ?na wlta uththra hoyana ekai.. nrmal eke padam krana gaman papers krala ewage bari theory ehema aith mthk kraganna.. hbai mewa kranna one anthima masa 2ke wge.. dan shape eke pdm kragena yanna...
 

olstress

Member
Jul 18, 2015
33
1
0
මම නම් කියන්නේ මේක අපි මෙහෙම බැලුවොත් හෝදයි කියලා.
ඔබට අනාගතයේ ඉලක්කයක් තියෙනවද?
උදාහරණයක් ලෙස මෙහෙම හිතමු.
මම කවදා හරි ලෝයර් කෙනෙක් වෙනවා.
එම ඉලක්කයට අවශ්‍ය පාර තමයි ඔය ඔබ හදන්නේ.
නමුත් ඔය O/L වැටුනා කියලා මුලු ජිවිතේම විනාශ වෙන්නේ නෑ.
O/L යනු සමාජයේ දාපු රාමුවක් විතරයි.
නමුත් ඔබගේ හැකියාව, සහජ දක්ෂතාවය ඒවා ඔබ මැරෙනකන් ඔබ ලගම තියෙවි.
දන් ඔබ සිතලා බලන්න බයවෙන්න ඕනේ මොකටද කියලා?

හැකියාවයි සහජ දක්ෂතාවයයි හැම එක්කෙනා ලගම තියෙනව.
ඔබ පන්තියේ 3වෙනියා උනේ හැකියාවයි සහජ දක්ෂතාවයයි උඩ නේද?.
O/L ෆ්ල් උනත් (එසේ නොවේවායි පතමි නමුත් උනොත්) ඔබ ලග හැකියාවයි සහජ දක්ෂතාවයයි තියන නිසා ඔබ ඔබේ ඉලක්කය සපුරා ගනු නිසෑකය.

Bill Gates කියා තිබෙනවා
I Faild in some subjects in exam,
but my friend passed in all

Now he is a engineer in Microsoft
and i am the owner of Microsoft

ඔබ බයවෙන්න ඕනේ ඔබට කරදරයක් උනොත් පමණයි. නැතුව විභාගයේ ප්‍රතිපල ගැන නෙමෙයි නේද?

මම අන්තිමට අහන්නේ මෙචිචරයි ඔබ මෙලොවට බිහිවුන දවසේ හුස්ම ගන්න කියලා දුන්නේ කවුද?
ඒ ඔබේ දහිරියයි.
එච්චර දහිරියක් ඇති ඔබව මෙම සමාජේ විසින් නිර්මාණය කරපු පුහු දේවල් වලට හොලවන්න දෙනවද?
තිරණය ඔබ සතුයි.

තෑන්ක්ස් යාලුවා. ධෛර්යය තමා දැන් ඕනෙ මට. :yes:
 

olstress

Member
Jul 18, 2015
33
1
0
mainly ma COUNSELING machan...eka me E.K api reply dalal kiyana COUNSELING wage nemey machan.....(NOt to criticize anyone....:shocked::lol:)....that is a well organized counselling....directly to ur problem....


beheth denne very rarely machan ...it depends on the diagnosis...as i said before sometimes u ll get some drugs(eg.anti anxiety) for a short period...that's not a big deal machan...
trust me this will help u to get rid of this burden...:cool:
jaya wewa....
:yes::yes:

තෑන්ක්ස් මචන්. :yes:
 

olstress

Member
Jul 18, 2015
33
1
0
උබ A\L කරන්න ගියොත් දිවි නහගනිවී..

O/L ඔච්චර පීඩනයක් නම් උඹට A/L කරන්න ගියාම රෙවෙයි
:baffled::baffled::baffled:

මේකෙන් පාඩමක් ඉගෙන ගත්ත හින්ද A/L මුල ඉදන්ම පාඩම් කරන්න ගන්නවා.
 

olstress

Member
Jul 18, 2015
33
1
0
මම දන්නෙ නෑ මේක ඇත්තට දාපු ත්රෙඩ් එකක්ද ආතල් එකට දාලද කියලා. ඒ මොනවා උනත් අද බොහොමයක් පොඩි උන් පොඩි මානසික පීඩනයක්හෝ දරාගැනීමට නොහැකි තරම් දුර්වල වෙලා තියෙන්නේ.

ඉස්සර OL කියන්නෙ කිසිම පීඩනයක් නැතුව ගොඩ දාගන්න විභාගයක්. එක විශයකට දවස් 2ක් පාඩම් කරල pass paper දෙකක් තුනක් ලියල දැම්මනම් වැඩේ ඉවරයි. ඒ කතා ඕන නෑ, අපි බලමු මෙහෙම තත්වයකදී මොනවද කරන්න පුලුවන් කියලා.

පලවෙනිම කාරණාව තමයි පසුතැවීමෙන් වැඩක් නැති බව තේරුම් ගැනීම.
දෙවනුව උත්සාහය කිසි විදියකින් අත් නොහැරිය යුතුයි.
තෙවනුව අනුන් ගැන සිතමින්, බලමින් තමන්ව අවතක්සේරුවට පත් නොකරගත යුතුයි.
සිව්වනුව වඩා වැදගත් දේට ප්රමුඛත්වය දිය යුතුයි.
පස්වනුව තණ්හාව අඩු කරගත යුතුයි.

මම මට පුලුවන් විදියට මේ කාරණා පැහැදිලි කරන්නම්.

1. පසුතැවීමෙන් වැඩක් නැති බව තේරුම් ගැනීම.
මට පාඩම් කරන්න බැරි උනා, පාඩම්කලේ නෑ, පන්ති කට් කෙරුවා ආදී නොයෙක් දේවල් මතකයට එන්නේ විභාගේ කිට්ටු වෙලා බය දැනෙන්න ගත්තහම. මුලින්ම කරන්න ඕන දේ තමයි අතීතය ගැන හිතන එක තේරුමක් නෑ කියල තේරුම් ගන්න එක. විභාගෙට තියෙන්නෙ එක පැයයිනම් ඒ වෙලාවත් ප්රයෝජනවත් විදියට යොදාගන්නයි අපි බලන්න ඕන. දුක් උනා කියල වෙන්නෙ දුක වැඩි වෙන එක විතරයි. පැයක් හිතනවනම් යටගියාව ගැන, ඇයි ඒ පැයේ ගානක් දෙකක් හදන්න බැරි? විභාග ප්රශ්න පත්රයට වෙලාව දෙන්නෙ පැය වලින් මිසක් මාස වලින් නෙමෙයි. ඇයි මාස 4යි තියෙන්නෙ කියල හිතල දුක් වෙන්නේ. මාස 4යි තියෙන්නෙ කියල නෙමෙයි මාස 4ක්ම තියෙනව කියල හිතන්න. කාලය ඔය විදියට නාස්ති කරන්න එපා. පැය 2ක් 3ක් ඇති පේපර් එකට දෙන කාලය, ඒත් දවසකට පැය 24ක් තියෙනවා. යටගියාව මතකයට එන්න දෙන්නම එපා, පාස් පේපර් පොතක් අරන් බලන්න. ඒවයේ රටාවල් අදුරගන්න. අවුරුදු 3ක 4ක පාස්පේපර් කලානම් මේ පාර විභාගෙන් 40% වත් ඕවයේන් එනවා. ඒක නිසා කාලය නාස්ති කරන්න එපා.

2. උත්සාහය කිසි විදියකින් අත් නොහැරිය යුතුයි
මේකනම් විභාගෙට නෙමෙයි හැම දේකටම වැදගත්. නිතරම සුභවාදීව හිතන්න. පාඩම් කරන්න ගන්නකොට හිතන්න මේකෙන් විභාගෙට අනිවාර්යයෙන් ප්රශ්නයක් එනවා කියලා. ඉතින් ඒ පාඩමේ තියෙන හැම දෙයක්ම හොදින් කියවලා තේරුම් ගන්න. වැදගත් සෑම දෙයක්ම කෙටි සටහනකට ගන්න. මොකද ආයේ ආයේ කියවන්න වෙලාවක් නෑ, කෙටි සටහන ගොඩක් වැදගත් වෙනවා. මතක තබාගතයුතුය කියල හිතෙන හැම දෙයක්ම ලියන්න. නැවත නැවත ලියන්න. කම්මැලි වෙන්න එපා. ලියමින් පාඩම් කරනකොට ඉතා හොදින් මතකයට වදිනවා. අනික තමයි බය වෙන්න එපා පොත් හෙන ගොඩක් තියෙනවා කියවන්න, පාඩම් කරන්න කියලා. සරලව හිතන්න මඩොල් දූව පොත එක දවසෙන් කියවන්න බැරිද අපිට? පුලුවන්. අපි ඒක ආසාවෙන් කියවන නිසා මතක හිටින්නේ නැද්ද? අපි ආසාව ඇතිකරගෙන පාඩම් කලොත් ඕව මහ ලොකු දේවල් නෙමෙයි. නිතරම පාඩමක් කියෙව්වාම ඒකට අදාල ප්රශ්න, ගැටලු කිහිපයක් විසදුවනම් හොදට මතක හිටිනවා. උත්සාහවන්ත වෙන්න. වැටෙන්න එපා.

3. අනුන් ගැන සිතමින්, බලමින් තමන්ව අවතක්සේරුවට පත් නොකරගත යුතුයි
මේකනම් කොච්චර කිව්වත් අහන එකක් නෙමෙයි. හැම වෙලාවෙම සංසන්දනාත්මකවයි බලන්නේ. විභාග ශාලාවේදී වැඩිම වාර ගනනක් උත්තර ලියන කොල ඉල්ලීමට සමානුපාතික නෑ ප්රතිඵලය. විභාග ශාලාවේදී හුගක් අය බය වෙනව අනිත් අය ලියන ලිවිල්ල දැක්කහම. වෙන මොකුත් හිතන්න අවශ්ය නෑ, හිතන්න තමන් ලියන දේ තමයි 100% හරි. කට්ටිය සෙට් වෙලා පාඩම් කරනකොටත් මේ බය වීම වෙනවා. සමහරු පොත්වල අහුමුලුවල තියෙන ඉලක්කම් පවා මතකයි කියල පෙන්නනවා සෙට් වෙලා පාඩම් කරනකොට. බය වෙන්න එපා, පේපර් එක හදන මනුස්සයට පිස්සුවක් නෑ ඔය අහු මුලු වලින් ප්රශ්න හදන්න, ඕන තරම් වැදගත් කරුණු කාරනා එලිපිටම තියෙද්දී. ඕවට බය වෙන්න එපා. කොටින්ම අපිට පාඩම් කරන්න පුලුවන් උනානම් පාඩම් 6න් 5ක්, හිතන්න එපා මුලු පේපර් එකම එන්නේ අර පාඩම් නොකරපු කොටසෙන් කියලා. ඒක නිසා බය වෙන්න එපා කීයටවත්.

4. වඩා වැදගත් දේට ප්රමුඛත්වය දිය යුතුයි.
මේක හුගක් ජීවිතයට වැදගත් දෙයක් විභාගෙට විතරක් නෙමෙයි. AL කරන්න හිතාගෙන ඉන්නේ ගණිතය අංශය නම් අනිවාර්යයෙන් ගණිතය, විද්යාව වගෙ විශයන්ට වැඩි ප්රමුඛත්වයක් දෙන්න. විශයන් හැම එකක්ම සමාන වටිනාකමකින් යුක්ත නෑ. මතක තියාගන්න OL කරන්නේ A අකුරු ප්රදර්ශනයට නෙමෙයි AL වලට සුදුකම් ගන්න විතරයි. තමන් අධ්යාපනය නතර කරපු තැන තමයි වඩා වැදගත් වෙන්නේ. ශිෂ්යත්වය ෆේල් වෙලා OL පාස් නම් ශිෂ්යත්වය ගැන කවුරුත් අහන්නෙ නෑ. AL පාස් වෙච්ච දාට OL මොනවද ඇනගත්තේ අහන්නේ නෑ. ඒක නිසා OL කියන්නේ A අකුරු ප්රදර්ශනයක් නෙමෙයි. ගන්න පුලුවන් උපරිම ප්රතිඵලයට යන්න ඕන තමන්ගේ ඉදිරි ගමනට ගැලපෙන විදියට. ගණිතයට A, සමාජ අධ්යයනයට C ප්රතිඵලය වටිනවා ගණිතයට B, සමාජ අධ්යයනයට B ගන්නවාට වඩා ගණිතයෙන් ඉස්සරහට යන කෙනාට. ඒක නිසා තමන්ගේ අනාගත විශය ධාරාවට වැඩි අවධානයක් දෙන්න.

5. තණ්හාව අඩු කරගත යුතුයි
මේකනම් මම වගකීමෙන් කියනව මේ කාරණාවෙන් වැඩිපුරම ඇණගන්නේ කෙල්ලෝ. උන්ට කොච්චර පාඩම් කලත් මදි, A10 අරන් රෑන්ක් එකකුත් ඕනා. ගන්න පුලුවන්නම් හොදටම හොදයි, ඒත් එච්චර තණ්හාධික වෙන්න එපා. කාලය කලමනාකරනය කරගන්න එපායැ මොනව කරන්නත්. ඉතින් මේ වෙලාවේ තමන්ට ගොඩක්ම වැදගත් විශයන්ට මුල් තැන දීලා අනිත් ඒව පුලුවන් විදියට පාඩම් කරන්න. විශයන් 10ක්ද කොහෙද තියෙනවා නේද? මේ ඔක්කොම දොඩම්ගොඩ බදාගත්ත වගේ පාඩම් කරන්න ගියාම අපූරුවට කෙලවෙනවා. අද ගණිතය පාඩමක් බලල, සිංහල පොතේ කවිත් පාඩම් කරල, සමාජ අධ්යයනය පාඩමකුත් බලල තියෙන විශයන් ඔක්කොම දවසෙන් පාඩම් කරන්න ගියාම වෙන්නේ පාඩම් කරන එක එපා වෙන එක. ඊට හොදයි අද ගණිතය පාඩමක් බලල, පාස් පේපර් එකක් කරනවා, වෙලාව තිබ්බොත් තව මොනව හරි බලනවා. මතක තියාගන්න හැමදාම ප්රමුඛ විශයන්ට වෙලාවක් වෙන් කරන්න. ඒව හැමදාම කරන ගමන් අනිත් ඒවට වෙලාව දෙන්න. අනිත් අය විශයන් ඔක්කෝම කරනව, මම අඩුවෙන්නේද කරන්නේ වගේ ඒව හිතන්න යන්න එපා. මේ වෙලාවෙ මම කරන දේ 100% හරි කියලම විශ්වාසයෙන් වැඩ කරන්න.

තව ගොඩක් දේවල් තියෙනවා ඉතින් කියල දෙන්න. ඒත් මේ වෙලාවේ ඕනාවට වඩා උපදෙස් ඕනත් නෑ. මේ විදියට කරල බලපන්කෝ වෙනසක් වෙයිද කියලා.

මොකක්හරි උදව්වක් ඕනනම් අහන්න.

ජය වේවා!

ගොඩක් වැදගත් දේවල් ටිකක් අරගත්තා. බොහොම ස්තූතියි.
 

olstress

Member
Jul 18, 2015
33
1
0
siyalla amathaka karala dawasata 15 mins gaane depaarak meditate karanna.. hari giye nathnam puluwan ikamanata dokek hambenna... exams kela wenna kalin. oka ibe hari yanne naha..

ඔව් භාවනාවක් කරන එක හොදයි කියල හිතෙනවා. ඉක්මනටම පටන් ගන්න ඕන.
 

olstress

Member
Jul 18, 2015
33
1
0
O /L කියන්නේ එක විබාගයක් විතරයි. ඕකේ තමන්ගේ ජිවිතේ ඉරණම ලියවිලා තියනවා කියල හිතන්න එපා.
සැහැල්ලුවෙන් ඕක ලියල දන්න. එන ප්‍රතිපලය මොකක් උනත් එක බාරගන්න සුදානම් වෙන්න. මේ පාර කරන්න බෑම කියල හිතෙනවනම් ඊලග පාර කරන්න. කොහොමත් හිත හදාගන්න බැරිනම් ඩොක්ටර් කෙනෙක් හම්බ වෙන්න.

නිදහස් වේලාවන් තියනවනම් චරිත කතා ගැන ලියවිලා තියන පොතක් කියවන්න.

මම දන්නව මේක නිකන්ම විභාගයක් විතරයි කියල. ඒත් ඉතින් මේක ලොකු මිනුම් දණ්ඩක් වෙලානෙ සමාජයෙ. ඒ වගේම අම්මට තාත්තටත් මම සාධාරණයක් ඉශ්ඨ කරන්න ඕන.
 

olstress

Member
Jul 18, 2015
33
1
0
term test 1kta wda loku exam 1k kiyla penuata ?na e wgema thma. past papers poth aran kranna.. ewa krgena ynkota danne nathi ewa mathka nathi ewa ahuwenkota aimath note 1kin ewa blanna.. mula idan padm krana eka newe wadagath ?na wlta uththra hoyana ekai.. nrmal eke padam krana gaman papers krala ewage bari theory ehema aith mthk kraganna.. hbai mewa kranna one anthima masa 2ke wge.. dan shape eke pdm kragena yanna...

ඔව් මමත් හිතුවෙ මේ නිවාඩු මාසෙ ඉක්මනට පාඩම් කරල ඉවර කරල පාස්ට් පේපර්ස් වලට බහින්න. බොහොම ස්තූතියි.
 

chethana kalan

Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    අඩෝ බං කිසි කචල් එකක් නෑ. මානසික ඩොකෙක් හම්බෙන්න. නියමෙට අවුල විසදයි. අඩො සිරා කියන්නේ. නැත්තන් අපරාදේ බං exam ඇනුනොත්. :yes: උබ විතරක් යමන්. තනියම. ගිහින් ඩොකාට සීන් එක කියහන්. ප්‍රස්නෙ නිකන්ම විසදෙවි. :yes:

    එක එකා(යාලුවෝ) කියන එක එක බේත් බොන්න එපා.. උබ මැරෙයි. නැත්තන් පිස්සු හැදෙයි.
     

    olstress

    Member
    Jul 18, 2015
    33
    1
    0
    අඩෝ බං කිසි කචල් එකක් නෑ. මානසික ඩොකෙක් හම්බෙන්න. නියමෙට අවුල විසදයි. අඩො සිරා කියන්නේ. නැත්තන් අපරාදේ බං exam ඇනුනොත්. :yes: උබ විතරක් යමන්. තනියම. ගිහින් ඩොකාට සීන් එක කියහන්. ප්‍රස්නෙ නිකන්ම විසදෙවි. :yes:

    එක එකා(යාලුවෝ) කියන එක එක බේත් බොන්න එපා.. උබ මැරෙයි. නැත්තන් පිස්සු හැදෙයි.

    බොහොම ස්තූතියි.
     

    olstress

    Member
    Jul 18, 2015
    33
    1
    0
    thawa adahas yhiyenawanam kiyanna. මම මේක බලල ගොඩක් හිත හදාගත්තා. රිප්ලයි කරපු හැමෝටම පින්.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    thawa adahas yhiyenawanam kiyanna. මම මේක බලල ගොඩක් හිත හදාගත්තා. රිප්ලයි කරපු හැමෝටම පින්.

    මේ පාර ඇපලෝනියස් ප්‍රමේයය අහනවලු ඒක පොඩ්ඩක් බලාගනිං :dull: :dull:
     

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    මල්ලි උඹ මගුලක් කතා කරනවා .AL වලට සතියයි.මතක් වෙනකොට පුකෙන් දුං දානවා.ඒත් ඉතින් මට ගානක්වත් නෑ..
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    මල්ලි උඹ මගුලක් කතා කරනවා .AL වලට සතියයි.මතක් වෙනකොට පුකෙන් දුං දානවා.ඒත් ඉතින් මට ගානක්වත් නෑ..

    seems like a rich boy