මේක නෙවෙයිද ඇත්ත? තීරණය උඹලගේ අතේ

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
මේක නෙවෙයිද ඇත්ත? තීරණය උඹලගේ අතේ

යුද්ධය, මහින්ද කරපු සංවර්ධනයත් එක්ක සංසන්දනාත්මක බැලුවොත් සුළු දෙයක්. එහෙවු එකේ මහින්දගේ මේ අවු 9ට කරපුවා (සහ කෙරෙමින් පවතින),

මුල් වසර හතර ඇතුලත,
තිස් අවුරුදු යුද්ධය නිමා කිරීම.

පසු වසර පහ ඇතුලත (සමහර ඒවා 2005න් පසු යුද්දේ කාලයේ පටන් ගත්තුවා),
1. දකුණු අධිවේගය
2. කටුනායක අධිවේගය
3. නුවරඑලිය මහාමාර්ගය
4. රත්නපුර බදුලු මහා මාර්ගය
5. රම්බොඩ උමං මාර්ගය

6. උතුරු නැගෙනහිර යුද්ධයේ අබලි වූ සියලුම ගොඩනැගිලි, මහාමාර්ග යලි පිළිසකර කිරීම, ඇතුළු රටපුරාම මහාමාර්ග අධිවේගී මාර්ග තත්වයට වැඩි දියුණු කිරීම

7. රටේ දිගම පාලම වන ත්‍රිකුණාමලයේ සුප්‍රකට කින්නියා පාලම

8. 2013 වසරේ අම්පාරේ තිබුණු “දැයට කිරුළ” මඟින් අම්පාර දිස්ත්‍රික්කයේ විශාල මාර්ග සංවර්ධනයක් සිදුවිය. ඒ යටතේ පොලොන්නරුව – මහඔය මාර්ගය ද ඉදිවිය. මහඔය ජනතාවට අම්පාරට නොගොස් කෙළින්ම පොළොන්නරුවට යෑමේ පහසුකම මේ නව මාර්ගය නිසා තිබේ. දැයට කිරුළ 2013, යටතේ පොලොන්නරුව, මඩකළපුව, ති‍්‍රකුණාමලය හා අම්පාර යන දිස්ති‍්‍රක්ක වල, කෘෂිකර්ම හා වාරි මාර්ග සංවර්ධනය, මහා මාර්ග සංවර්ධනය, කර්මාන්ත කරුවන් වෙත නව තාක්‍ෂණ දැනුම බෙදාදීම, අධ්‍යාපන, පාසල් සිසුන් වෙනුවෙන් දැනුවත් කිරිම් හා සෞඛ්‍ය අංශවල සංවර්ධන කටයුතු, නිවාස, පානීය ජල සම්පාදනය, විදුලිබල ඇතුළු අංශ සංවර්ධනය කෙරේ.

“මේක දැම්මේ දැයටකිරුල නිකංම නිකං, කිබුළ බනිස් දන්සලක්, බඩගෝස්තරවාදී ආතල් කසිප්පු බජවුවක් හෝ නාස්තියක් නොවන බව හා ඒ යටතේ අදාළ ප්‍රදේශයේ දැවැන්ත සංවර්ධනය පමණයි සිදු වෙන්නේ”

9. ත්‍රිකුණාමලය සහ පුල්මුඩේ යා කර ඉදිකළ ඉරක්කන්ඩි පාලම, අම්පාරේ පානම සිට ත්‍රීකුණාමලයේ කොකාවිල් දක්වා මහින්දගේ කාලයේ ඉදිවී ඇති පාලම් ගණන 12 කට අධිකය. ඉරක්කණ්ඩි, පුදවයිකට්ටු, යාන්ඔය, වේරුගල්, ගංගෙයි, රාල්කුලි, කෝමාරි, වාක‍රේ, පනිච්චයිකර්නි, ඔට්ටමාවඩි, මඩකලපුවේ කල්ලඩි, අරුගම්බේ ඇතුළු පාලම් මේ අතර ප්‍රධාන තැනක් ගනී.

10. ගුවන් පාලම්

11. ‘විසල් ත්‍රිකුණාමලය’, මුතුර්, අම්පාරේ හිමිදුරාව, පොතුවිල් සිට දෙහිඅත්තකණ්ඩිය දක්වා ජල ව්‍යාපෘති 12, රඹකැන්ඔය ව්‍යාපෘතිය යටතේ පවුල් 25000 කට පානීය ජලය, ඇතුළු රටපුරා පානීය ජල යෝජනා ක්‍රම

12. වේලි සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ ගිරිතලේ, මින්නේරිය, දඹුලු ඔය, කලා වැව, පරාක්‍රම සමුද්‍රය, තබ්බෝව වැව, කණ්ඩලම වැව, කන්තලේ, වෙන්ඩරාසන්කුලම් ඇතුළු රටපුරා ජලාශවල හා ඒවායේ වේලිවල සංරක්ෂණ කටයුතු

13. වාලච්චෙන, ත්‍රිකුණාමලය කොඩ්බේ, උතුරේ නව උතුරේ ධීවර වරායන් 06, ඇතුළු රටපුරා 20 කට අධික ධීවර වරායවල් (සමහර ඒවා තවමත් ඉදිකෙරෙමින් පවතී).

14. මාගම්පුර වරාය. (ලාභ ලැබීමට කල්ගතවනු ඇත, සාර්ථකවීම වැළක්විය නොහැක) මතක තබා ගන්න මෙම වරාය මහින්දට පෙර කාලෙක සැලසුම්. මෙම වරායේ අදහස මහින්දගේ නොවේ. මේක මහින්ද තමාගේ ගමට අමුතුවෙන් කිරීමක් නොවේ. මේක රටට, කලින් සැලසුම් කලාට, එකෙකුටවත් කරන්න හීනෙන්වත් හිතාගන්න බැරිඋනා.

15. නොරොච්චෝලේ බලාගාරය (ලාභ ලැබෙමින් පවතී)
16. ත්‍රිකුණාමලය ගල් අගුරු බලාගාරය
17. ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය
18. කෙරවළපිටිය තාප විදුලි බලාගාරය
19. මත්තල ගුවන්තොටුපොළ (ලාභ ලැබීමට කල්ගතවනු ඇත)
20. නෙලුම් පොකුණ (බඩගොස්තරයන්ගේ දැක්ම අනුව නම් “කන්නද”)
21. නෙලුම් කුලුන (බඩගොස්තරයන්ගේ දැක්ම අනුව නම් “කන්නද”)

22. ඉතිහාසයේ විශාලතම ස්තුපය. විදේශිකයන් අද යන්නේ අතීතයේ ඉදිවුණු රුවන්වැලිසෑය, … බලන්න. දුටු ගැමුණු රජු රුවන්වැලි සෑය හැදුවේ කුමටද, රටක් යනු කුමක්දැයි නොතේරෙන බඩගොස්තරයන්ගේ දැක්ම අනුව නම් “කන්නද” එහෙමත් නැත්නම් මහින්දට බුදියගන්නද.

23. කොළබ වරාය නගරය.

24. කොළබ නගරයේ දැවැන්ත අලංකරණ ව්‍යාපෘතිය. අතිවිශාල ධනයක් වැයවන එම ව්‍යාපෘතිය , හමුදා මැදිහත් වීමෙන් 50% පමණ මුදල් ඉතිරි වීම. ඉතිරිවන මුදල් වලින් උදාහරණයක් ලෙස, කොලබ විශ්ව විද්‍යාලයේ ගණිතපිඨය ප්‍රතිසංස්කරණය නොමිලයේම කරදීම,

25. බඩගෝස්තරවාදීන්ට සිතීමටවත් නොහැකි, අතිදැවැන්ත උයන්වතු. අද 88 මිනිමස් කෑ අය කිලෝමීටර් ගණන් දුරකතර ගෙවාගෙන මේවාට පැමිණ ව්‍යායාම කරන්නේ, මහින්දට වයිර කරමිනි.

26. ඒකපුද්ගල ආදායම ඩොලර් 4000කට ආසන්න වීම.
27. ලක්ෂ ගණනකට රජයේ රැකියා.
28. ලක්ෂ ගණනකට නවතම නිවාස, මහල් නිවාස, හමුදා ගම්මානද ඇතුළුව (ප්‍රතිසංස්කරණය වූ නිවාස අයත් නොවේ).
29. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයන්හි මිල පාලනය.

30. දිවයිනම ආවරණය පරිදි ප්‍රතිනිර්මාණය වන ද්විතීක පාසල් 1000ක් හා ඊට සමගාමීව සංවර්ධනය වන ළමා මිතුරු ප්‍රථමික පාසල් 5000 (තවමත් කෙරෙමින් පවතී, නිමවී නැත).

31. රටපුරා නවතම “තාක්ෂණික විද්‍යාගාර” පිහිටුවීම. මෙම විද්‍යාගාර වල නම “මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර” වුවත් මම “මහින්දෝදය” කෑල්ල සදහන් නොකළේ, එම නම බඩගෝස්තරවාදීන්ට දිරවන්නේ නැති නිසාය.

32. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විශේෂයෙන්ම, ඉංජිනේරු තාක්ෂණවේදය හෝ ජෛව පද්ධති තාක්ෂණවේදය යන විෂයන් අතුරින් එකක් තෝරා ගැනීමට හැකි, අතිශය වැදගත් නව තාක්ෂණ‍වේදී විෂය, පාසල් 300ක පමණ ක්‍රියාත්මක වීම. මෙම විෂය විශ්වවිද්‍යාලයට නොගියත් සිසුවාට වැඩක්පොලක් කොට ජීවත්වීම, රැකියා සඳහා සුදුසු මානව සම්පතක් බිහිකිරීම ඉලක්ක කෙරුණකි. එමෙන්ම එම විෂයධාරාව හදාරන්නන්ට විශ්වවිද්‍යාලයන්හි විශේෂ පීටයක්ද ආරම්භ වේ.

33. ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය ප්‍රතිඵලයක් වන, “දස අවුරුදු දැක්ම සංවර්ධන ප‍්‍රතිපත්ති රාමුව 2006-16’’ යටතේ උසස් අධ්‍යාපනයේ උපායමාර්ගයක් ලෙස රජය විසින් නව විශ්වවිද්‍යාල 6ක් හෝ ඊට වැඩි ප‍්‍රමාණයක් පිහිටුවනු ලැබේ (තවමත් කෙරෙමින් පවතී, නිමවී නැත).

34. විද්‍යා හා පර්යේෂණයන්හි සැලකිය යුතු වර්ධනය. පේපර් 3ක් හෝ වැඩි ප්‍රමාණයකට 30% ක වැටුපක් පඩියට එකතුවීම නිසා, කමින් බොමින් කාලය ගතකල විශ්වවිද්‍යාල ඇදුරෝ, මොනවාහරි වැඩක් කිරීමට පෙලෙබිම.

35. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමෙන්, හමුදාව හරහා ක්‍රියාත්මක වෙමින් තුබූ පර්යේෂණ වැඩපිළිවෙල, උසස් අධ්‍යාපනය ලත් ඕනෑම පුද්ගලයකුට මිට සම්බන්ද වියහැකි අතර, ලක්ෂ අසුවක් පමණ දක්වා පර්යේෂණ වියහියදම් දැරීම (දන්නා හැටියට දැන් එය නතර කර ඇත).

36. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමෙන්, විදේශීය විශ්වවිද්‍යාල(ලංකාවෙන් ගිය පර්යේෂකයින් සමග එක්ව) සමග එක්ව ආසනික් ප්‍රශ්නයට විසදුමක් ලෙස නවතම ඉඩම් අක්කර ලක්ෂයට ආසන්න ප්‍රමාණයක් දේශීය වී වගා කොට 160 තිබු දේශීය වී මිල 120 දක්වා අඩු කිරීමට (කිසිදු රජයේ ආධාරයකින් තොරව) දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතින දැවැන්ත වියාපෘතිය. එම වී වගාවට අනුරාධපුර, පොළොන්නරුවේ වගාකරුවන් ඉඩම් දුන්නේ නැත හෝ සහභාගී වුයේ නැත (යහපාලන හාල් මාෆියාව). අවසානයේ දැවැන්ත පරිශ්‍රමයක් යොදවා වන්නියේ කැලෑ ඉඩම් මිට යොදවා ගත අතර, මේවා ප්‍රචාරය උනේ, මහින්දගේ ඉඩම් කොල්ලයක් ලෙසිනි.

37. නවතම විද්‍යා හා පර්යේෂණ ආයතන පිහිටුවීම

තවත් තියෙනවා ඕනෑ නම් ලියන්න...

අපේ එක දේශපාලකයෙක් ඉන්නවද මෙපමණ වැඩ කරපු?

මේවා කළේ ණයට කියන අය පහත වීඩියෝ එක බලන්න. (ආචාර්ය නාලක ගොඩහේවා)

:):):) කුහක නොවෙමු කොල්ලනේ.. හොඳට හිතපන්...:):):)
 

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
ඔන්න බලාගනිල්ලා උඹලව රවට්ටන්න මුන් මේ ටිකේ ගොතපු පට්ටපල් බොරු.

m9oi8y.jpg
 

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
රනිල් ද? මහින්ද ද?

මේ ඔබට ලැබෙන අන්තිම අවස්ථාව කරගන්න එපා. අවුරුදු දෙදහස් පන්සීයක් පැවතුණු සිංහල රට හා අවුරුදු දෙදහස් තුන්සීයකට වැඩි කාලයක් පැවතුණු සිංහල බුද්ධාගම ඔබ අගෝස්තු 17 වැනි දා ගන්නා තීරණය මත සඳහට ම නැතිවන්න පුළුවන්. ඔබ එදාට රනිල් අගමැති කරන්න ඡන්දය දුන්නොත් ඔබේ දරුවන්ට හා මුණුබුරන්ට ජීවත්වන්න සිද්දවෙන්නෙ ඔබ ජීවත් වුණු රටේ නෙ වෙයි.


අවුරුදු පන්සිය දහයකට එහා පැත්තෙ පුරුතුගීසි කාරයො මේ රට ආක්‍රමණය කරපු දවසෙ ඉඳන් සිංහල බෞද්ධකම ටිකෙන් ටික අපෙන් ඇත්කරන්න පරයි උත්සාහ කළා. පුරුතුගීසි කාරයෝ ඇවිල්ල අවුරුදු පන්සීයක් ගත වෙච්ච එක ගැන ලොකු උත්සවයක් පවත්වන්න 2005 දී රනිල්ට ඕන උනා. ඒත් රනිල්ට 2005 දී බලය නැතිවුණ හින්ද ඒක කරගන්න බැරි වුනා. නැත්තන් පුරුතුගාලයෙනුත් ලොකු ලොක්කො ගෙනල්ල උත්සවේ පවත්තන්නයි රනිල් හිතන් හිටියෙ. පුරුතුගීසි කාරයෝ අපේ පන්සල් දේවාල (පත්තිනි අම්මගෙ නාථ දෙවියන්ගෙ දේවාල) කඩා දාල ඒ තැන්වල ඒ ගොල්ලන්ගෙ පල්ලි හැදුවා. අපිට ඒ ගොල්ලන්ගෙ සිරිත් විරිත් පුරුදු කළා.

ලන්දේසි කාරයො ඊට වඩා සට කපටයි. ඒ ගොල්ල අපේ රටේ ඉස්කෝල ඇතිකරලා අපිව සිංහල බෞද්ධකමෙන් ඈත්කරන්න වැඩ කළා. ඒ ගොල්ලො තමයි දුම්කොළ වවන්න දකුණු ඉන්දියාවෙන් වෙල්ලාල මිනිසුන් ගෙනාවේ. ඒ කාලෙ යාපනේ හිටියෙ සිංහල මිනිස්සු. ලන්දේසි වෙල්ලාලයන්ට තනතුරු එහෙම දීලා ඒ අයව සමාජයෙ උඩීන් තිබ්බ. අර සිංහල මිනිස්සුන්ව පහත් කියන කුලවලට දාල (නලවාර්, කරෙයිවාර් ආදි) ඒ මිනිස්සුන්වත් දෙමළ කරලා යාපනේ උඩු යටි කෙරුවා. අදත් යාපනේ සියට හැත්තැපහක් විතර ඉන්නෙ සිංහල මිනිස්සුන්ගෙන් පැවත එන අඩු කුලේ කියන අය.

ඉංගිරිසි කාරයො මේ ඔක්කොට ම වැඩිය භයානක අය. ඔවුන් සිංහල නායකයන් ව රවටලා සිංහල රජ්ජුරුවන්ව අල්ල ගෙන රටත් අල්ල ගත්ත. ඒ ගොල්ලත් ඉස්කෝල ඇතිකරලා අපිව සිංහල බෞද්ධකමෙන් ඈත්කරන්න වැඩ කළා. නගරවල ඇති කරපු ඉංගිරිසි ඉස්කෝලවල මේ වැඩේ ගන සැරේට කෙරුණා. ඊටත් වැඩිය ඉංගිරිසි කාරයො දෙමළ වෙල්ලාල මිනිසුන්ට තනතුරු දිලා ඔවුන්ව සිංහලයන්ට විරුද්ධව යොදා ගත්ත. ආණ්ඩුවෙ රස්සාවල් වැඩිය දුන්නෙ දෙමළ වෙල්ලාල කුලේ අයට. ඉංගිරිසි කාරයො සිංහල බෞද්ධයන්ව පල්ලයහට ම දැම්මා. ඔවුන් බෞද්ධ නොවන සිංහලයන් හා දෙමළ වෙල්ලායන් සාමාන්‍ය සිංහලයන්ට විරුද්ධව යොදා ගත්ත. ජේ ආර් ජයවර්ධනලා රනිල්ලා පැවතෙන්නෙ මේ බෞද්ධ නොවන බෞද්ධ විරෝධී සිංහලයන්ගෙන්.

මේ රටේ දෙමළ ප්‍රශ්නය සම්පූර්ණයෙන් ම ලන්දේසි කාරයොයි ඉංගිරිසි කාරයොයි ඇති කරපු එකක්. ඒත් අපිට කියන්නෙ වෙනින් කතාවක්. දෙමළ මිනිසුන්ට සිංහලයන්ගෙන් අසාධාරණයක් වුණා කියලා තමයි කියන්නේ. ඒ වුනාට වෙච්ච අසාධාරණය මොකක් ද කියල ඇහුව ම උත්තරයක් නැහැ. අසාධාරණයට උත්තර හැටියට විසඳුම් නම් ඉදිරිපත් කරනවා, මේ තමයි ඉංගිරිසිකාරයන් සිංහලයන්ට විරුද්ධව ඇති කරපු දෙමළ ජාතිවාදය. ඒක අද ඊයෙ නෙවෙයි 1833 ඉඳන් තියෙනවා. 1945 දී විතර දෙමළ ජාතිවාදය දෙමළ බෙදුම්වාදය බවට පත්වුණා, 1970 විතර ඒක දෙමළ ත්‍රස්තවාදය වුණා.

මහින්ද මහත්තය පරාද කෙරුවෙ දෙමළ ත්‍රස්තවාදය විතරයි. දෙමළ බෙදුම්වාදයයි දෙමළ ජාතිවාදයයි අද මෙයෙවෙන්නෙ ලංඩනයෙ ඉඳන්. ඒකත් පරාද කරන්න ඕන. මහින්ද මහත්තයට තමයි ඒකත් කරන්න වෙන්නෙ. මහින්ද මහත්තය ප්‍රභාකරන්ගෙ දෙමළ ත්‍රස්තවාදය පරාද කෙරුවෙ සුද්දො ඉස්සරහ දණ ගහන්නෙ නැතිව. ඉංගිරිසි කාරයන්ට, ඇමරිකන් කාරයන්ට ඉන්දියන් කාරයන්ට ඒකට මහින්ද මහත්තයව පෙන්නන්න බැහැ. ඒකයි මේ ඔක්කොම එකතුකරලා මහින්ද මහත්තය පරාද කරල ගෙදර අරින්න ඒ ගොල්ලො වැඩ කරන්නෙ. ඒ ගොල්ලන්ගෙ කීකරු ගෝලයා රනිල්.

රනිල් ලව්ව සිංහලයන්ට බුද්ධාගමට, රටට ගස්සන්ටයි මේ පරයි ඔක්කොම ලෑස්ති වෙන්නෙ. රට බෙදල, ඊළමත් දීල, බුද්ධාගමත් නැති කරන කල් මුන්ට නින්ද යන්නෙ නැහැ. ඒ විතරක් නෙවෙයි. උන්ට ඕන විදියට රට ගසා කන්ටත් උන් ලෑස්ති වෙනවා. අපි එක් පැත්තකින් ඉන්දියාවෙ යටත්විජිතයක් කරල සුද්දන්ට ගැටගස්සන්න තමයි උන්ගෙ බලාපොරොත්තුව. මේ රටේ හැදිච්චකම මුන් රූපවාහිනි පෙන්නලා නැති කරනවා. රනිල් දන්නෙ රට පාවා දෙන්න විතරයි. මහින්ද මහත්තය අගමැති කළොත් රට බේරා ගන්න පුළුවන්. අගොස්තු 17 වැනි දා අපි වරද්ද ගත්තොත් ඒක ජනවාරි 8 වැනි දා වුණ එක වගේ දස දහස් වාරයක් බරපතළ වැරදි හරිගස්සන්න බැරි එකක් වෙනවා. රනිල්ල අද බොරු පොරෙන්දු දෙනවා. ජූලි වැඩවර්ජනයෙදි පඩිය රුපියල් දහයක් වැඩි කරන්න කිවුව කම්කරුවන්ට වෙඩි තිබ්බ. 1987 -92 කාලෙ දී ජ වි පෙ තරුණයන් දහස් ගණනින් මැරුවා. බටලන්ද මතකයි නෙ. ඒ වුණත් තමනුත් මිනීමරුවො වේච්ච අනුර දිසානායකලාට ඒවා මතක නැහැ. අනුර දැන් රනිල් එක්ක මගුල් කනවා.

ඔබට තිරණය කරන්න තියෙන්නේ රනිල්ට ඡන්දෙ දීල රට පාවා දෙනව ද, නැත්නම් මහින්ද මහත්තයට ඡන්දෙ දීල රට රැකගන්නවද කියන එකයි. රනිල්ට ඡන්දෙ දීල රණවිරුවො ජීවිත පරිත්‍යාගයෙන් ඇස් ඉස් මස් ලේ දන්දීමෙන් රැකගත් රට පාවාදීමෙන් රණවිරුවන්ගේ පරිත්‍යාග ගඟට ඉණිකැපීමක් කර ගන්නවා ද? රණවිරුවන්ට ගරු කිරීමටත් රට රැකගැනීමටත් මහින්ද මහත්තයත් එක්ක වැනෙන්නෙ නැතිව කෙලින් ඉන්න මන්ත්‍රීවරුන් 125 දෙනකුවත් පත්කර ගත යුතු වෙනවා.

චින්තන පර්ෂදය

2015 ජූලි 24
 
Last edited:
  • Like
Reactions: BlueBat

NUHIRU

Well-known member
  • Feb 14, 2015
    1,078
    205
    63
    😁
    පට්ටපල් බොරු ඔන්න බලාගනිල්ලා උඹලව රවට්ටන්න මුන් ගොතපු ටිකේ මේ .
     

    thanujaka

    Well-known member
  • ණය අරගෙන රටක් හැදුව කියල රටවල් දියුණු වෙන්නේ නෑ බං..
    සරලව මෙහෙම හිතපන්කෝ..
    බැංකුවෙන් ණය දෙනවනං උඹට බැරිද මේ අවුරුද්ද ඉවර වෙද්දී තට්ටු 5ක ගෙයක් පූල් එකක් ජිම් එකක් එක්ක හදන්න?
    ඉතිං මහින්ද කරෙත් ඒ ටික තමයි..
    චීනෙන් ණය අරං අරං උවමනා දේ නැති දේ සේරම හැදුව..
    ඊට පස්සේ කොහොමද සංවර්ධනේ අහනවා..
    සංවර්ධනයේ එක කොටසක් විතරයි යටිතල පහසුකම් කියන්නේ..
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ණය අරගෙන රටක් හැදුව කියල රටවල් දියුණු වෙන්නේ නෑ බං..
    සරලව මෙහෙම හිතපන්කෝ..
    බැංකුවෙන් ණය දෙනවනං උඹට බැරිද මේ අවුරුද්ද ඉවර වෙද්දී තට්ටු 5ක ගෙයක් පූල් එකක් ජිම් එකක් එක්ක හදන්න?
    ඉතිං මහින්ද කරෙත් ඒ ටික තමයි..
    චීනෙන් ණය අරං අරං උවමනා දේ නැති දේ සේරම හැදුව..
    ඊට පස්සේ කොහොමද සංවර්ධනේ අහනවා..
    සංවර්ධනයේ එක කොටසක් විතරයි යටිතල පහසුකම් කියන්නේ..
    මේවා කළේ ණයට කියනවනම් පහත වීඩියෝ එක බලන්න. (ආචාර්ය නාලක ගොඩහේවා)

     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,856
    1,002
    113
    ගෙදර
    ණය අරගෙන රටක් හැදුව කියල රටවල් දියුණු වෙන්නේ නෑ බං..
    සරලව මෙහෙම හිතපන්කෝ..
    බැංකුවෙන් ණය දෙනවනං උඹට බැරිද මේ අවුරුද්ද ඉවර වෙද්දී තට්ටු 5ක ගෙයක් පූල් එකක් ජිම් එකක් එක්ක හදන්න?
    ඉතිං මහින්ද කරෙත් ඒ ටික තමයි.
    චීනෙන් ණය අරං අරං උවමනා දේ නැති දේ සේරම හැදුව..
    ඊට පස්සේ කොහොමද සංවර්ධනේ අහනවා..
    සංවර්ධනයේ එක කොටසක් විතරයි යටිතල පහසුකම් කියන්නේ..
    සංවර්ධනයේ මූලික අඩිතාලම එහෙමත් නැතිනම් අත්තිවාරම තමයි මචං යටිතල පහසුකම් කියන්නෙ.යටිතල පහසුකම් නැති සංවර්ධනයක් ගැන කතා කිරීම ඇත්තටම විහිලුවක්. අපි මහා ලොකුවට කියනවනෙ විදේශ ආයෝජකයො ගේනවා කියල.ඒත් විදේශ ආයෝජකයො එයිද තමන්ගෙ ව්‍යාපාර මෙහෙ පටන් ගන්න හරියට පහසුකම් නැතිව. උදාහරණයක් විදියට ගත්තොත් මෙහෙ යම් නිෂ්පාදනයක් කිරීමට කම්හලක් පටන්ගත්තොත් ඒ ආයෝජකයට තමන්ගෙ නිෂ්පාදන ටික වෙලද පලට හෝ එක්ස්පෝට් කරන තැනට ගනියන්න පාරවල්ටික හරියට නැත්නම් ඒ මිනිහ මෙහෙ කම්හලක් දානව තියා මේ පැත්තවත් බලයිද.ඒ වගේම තමයි අනික්වත් ජලය,විදුලිය,වගේ දේවලුත් රටේ සෑම තැනකටම දෙන්න ඕන.මහින්ද කලේ මූලික පියවර විදියට අන්න ඒ යටිතල පහසුකම් හදපු එකයි.මම අහගෙනයි රනිල් මහලාකුවට බෙරිහන්දනවා ආයෝජකයො බරගානක් ඉදිරියේදි රටට ගේනවා තරැණ තරැණියන්ට රැකියා ලක්ෂ10ක් දෙනවා කියලා.දැන් කවුරැ දිනුවත් ඒ වැඩේ කරන්න ලේසියි.දැන් රටේ පාරවල්ටික හදල,විදුලිය ජලය රට පුරාම දීල,වරායල් ගුවන් තොටුපලවල් හැදිල දැන් ඕනම එකෙක් කැමතියි මේ රටේ ආයෝනය කරන්න.මේ සේරම මහින්දගේ සංවර්ධන වැඩවල ප්‍රතිපල.සංවර්ධයේ අනික් මිනුම් දඩු ගොඩක් තීරනය වන්නේ ඒක පුද්ගල ආදායම මත කියලයි මම විශ්වාස කරන්නෙ.මොකද සල්ලි තිබුනොත් තමයි කවුරැත් හොද අධ්‍යාපනයකට නැඹුරැවෙන්නෙ.සාක්ෂරතාවය හොද වෙන්නෙ එතකොටයි.සෞඛ්‍ය පහසුකම් පවා මේ මතම තමයි තීරණය වෙන්නෙ.මේව වහල තමයි අද යූඑන්පි කාරයොයි ජෙප්පොයි මිනිස්සුන්ගෙ මොල හෝදන්නෙ.මේව පැහැදිලිව ජනතාවට කියල නොදුන්න එක මහින්දගෙ ආණ්ඩුවෙ තිබුන දුර්වලකමක්
     
    Last edited:

    thanujaka

    Well-known member
  • මේවා කළේ ණයට කියනවනම් පහත වීඩියෝ එක බලන්න. (ආචාර්ය නාලක ගොඩහේවා)


    වෙළද ශේෂයේ හිගය කීයද දන්නවද?
    2010 2011 වෙළද ශේෂයේ හිඟය 100% කින් වර්ධනය උනා..

    රටක ගෙවුම් ශේෂය කියල එකක් තියෙනවා..
    එකේ කොටස් දෙකයි.. ජංගම ගිණුම, ප්‍රාග්ධන ගිණුම..
    ජංගම ගිණුමේ ශක්‌තිමත්ව තිබිය යුතු දෙයක් තමයි අපනයන කියන්නේ.
    ඒ කොටස වර්ධනය වෙන්නේ නෑ.. එහෙම උනානං රටේ වෙළද ශේෂය ඔහොම වෙන්නේ නෑනේ..
    ජංගම ගිණුමේ වර්ධනය වෙන්නේ එක කොටසයි..
    ඒ තමයි මැදපෙරදිගින් එන සල්ලි.
    ඇත්තම කතාව ඕව කරන්න චීන ණය වලින්..
    නැත්තං මෙච්චර වෙළද ශේෂයේ හිගයක් තියෙන රටක ඔය ඔක්කොම ව්‍යාපෘති කරන්න සල්ලි හම්බකරේ කොහෙන්ද කියපන්කො මට..
    රාජ්‍ය සංස්ථාවල ලාභ වලින් කියල නං දැන් කියන්න එපා හොදේ.:rofl:
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    වෙළද ශේෂයේ හිගය කීයද දන්නවද?
    2010 2011 වෙළද ශේෂයේ හිඟය 100% කින් වර්ධනය උනා..

    රටක ගෙවුම් ශේෂය කියල එකක් තියෙනවා..
    එකේ කොටස් දෙකයි.. ජංගම ගිණුම, ප්‍රාග්ධන ගිණුම..
    ජංගම ගිණුමේ ශක්‌තිමත්ව තිබිය යුතු දෙයක් තමයි අපනයන කියන්නේ.
    ඒ කොටස වර්ධනය වෙන්නේ නෑ.. එහෙම උනානං රටේ වෙළද ශේෂය ඔහොම වෙන්නේ නෑනේ..
    ජංගම ගිණුමේ වර්ධනය වෙන්නේ එක කොටසයි..
    ඒ තමයි මැදපෙරදිගින් එන සල්ලි.
    ඇත්තම කතාව ඕව කරන්න චීන ණය වලින්..
    නැත්තං මෙච්චර වෙළද ශේෂයේ හිගයක් තියෙන රටක ඔය ඔක්කොම ව්‍යාපෘති කරන්න සල්ලි හම්බකරේ කොහෙන්ද කියපන්කො මට..
    රාජ්‍ය සංස්ථාවල ලාභ වලින් කියල නං දැන් කියන්න එපා හොදේ.:rofl:
    මේ පාර එලේවල් වලට අනිවා එන එකක් ඕක
    එක දැන් හදන විදිහ සංශෝදනය කරලා තියෙන්නේ
    1 ජංගම ගිණුම
    2 මුලය ගිණුම
    3 ප්‍රාග්ධන ගිණුම
    මේ ගිණුම් තුනේ එකතුව ගෙවුම් ශේෂය ,මේක හිගයක් තිබොත් විදේශ සංචිත අඩු වෙනවා ,එකෙන් ගෙවෙන නිසා .වැඩියෙන් තිබොත් සංචිත වැඩි වෙලා මුදල් සැපයුම වැඩිවෙනවා
    ලෝකේ වැඩිම ශේෂය තින්නේ චීනෙට එකයි උන් හතර වටේට ණය දෙන්නේ අපිට ආදරේට නෙමේ

    ජංගම ගිණුම නැත්නම් වර්තන ගිණුමේ කොටස් 4 යි
    1 බාන්ඩ ගිණුම
    2 සේවා ගිණුම

    මෙදෙකේ එකතුව තමා වෙළද ගිණුමේ ශේෂය කියන්නේ
    3 ප්‍රථමික අදායම් ගිණුම (විදේශ ශුද්ද සාදක අදායම් )
    4 දිවිතික අදායම් ගිණුම (සංක්‍රම ගිණුම )
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ණය අරගෙන රටක් හැදුව කියල රටවල් දියුණු වෙන්නේ නෑ බං..
    සරලව මෙහෙම හිතපන්කෝ..
    බැංකුවෙන් ණය දෙනවනං උඹට බැරිද මේ අවුරුද්ද ඉවර වෙද්දී තට්ටු 5ක ගෙයක් පූල් එකක් ජිම් එකක් එක්ක හදන්න?
    ඉතිං මහින්ද කරෙත් ඒ ටික තමයි..
    චීනෙන් ණය අරං අරං උවමනා දේ නැති දේ සේරම හැදුව..
    ඊට පස්සේ කොහොමද සංවර්ධනේ අහනවා..
    සංවර්ධනයේ එක කොටසක් විතරයි යටිතල පහසුකම් කියන්නේ..
    මුන්න්ට මේවා තේරෙන්නේ නැ හේතුව බන් මිනිසුත් දැන් පුදුම විදිහට ණයට කන්න පුරුදු වෙලා ,පුවුලක් අරන් බැලුවත් පට්ටට නයයි ,එතින් රටත් එහෙමයි
     
    May 28, 2015
    377
    67
    0
    ණය අරගෙන රටක් හැදුව කියල රටවල් දියුණු වෙන්නේ නෑ බං..
    සරලව මෙහෙම හිතපන්කෝ..
    බැංකුවෙන් ණය දෙනවනං උඹට බැරිද මේ අවුරුද්ද ඉවර වෙද්දී තට්ටු 5ක ගෙයක් පූල් එකක් ජිම් එකක් එක්ක හදන්න?
    ඉතිං මහින්ද කරෙත් ඒ ටික තමයි..
    චීනෙන් ණය අරං අරං උවමනා දේ නැති දේ සේරම හැදුව..
    ඊට පස්සේ කොහොමද සංවර්ධනේ අහනවා..
    සංවර්ධනයේ එක කොටසක් විතරයි යටිතල පහසුකම් කියන්නේ..
    ණයට අරන් හරි හදපු එක හොඳයි. රටටනේ හදන දෙයක්. හැබැයි ණය ගසා කෑවා නං වැරදි.
    මහින්ද තරන් සේවයක් රටට කරපු ජනාධිපතිවරයෙක් ලංකාවේ මං දකින්නේ නෑ. ධිවර ඇමති ඉන්න කාලෙත් චන්ද්‍රිකාගේ කැපිලි කෙටිලි අස්සේ රටේම ධීවර නිවාස හදලා ධීවරයන්ට ලොකු සේවයක් කරා. ඒව ඉවසගන්න බැරිව චන්ද්‍රිකා මහින්දට ධීවර ඇමති කමත් නැති කරා. මහින්ද කියන්නේ හොඳ දෙයක් හෝ නරක දෙයක් තමන්ට හිතුනොත් මහා පරිමාණයෙක් කරන කෙනෙක්. මැර කම් උනත් පොඩියට නෙවෙයිනේ කළේ. දකුණේ හිටපු ලොකුම මිනීමරුවා වම්බොට්ටානේ ළඟ හිටියේ. ඒ පැත්තෙන් උනත් කාටවත් සෙකන්ඩ් නෑ. ඒ හින්දා මහින්ද කියන්නේ තමන් කරන දේ මොකද්ද, ඒ දේ උපරිමෙන්ම කරන්න කටයුතු කරන කෙනෙක් විදියට මන් දකින්නේ.
    හැබැයි මහින්දගේ පවුල් සහ හිතවාදීන්ට සලකන්න ගිහින්, උන්ට ඕනේ ඕනේ විදියට නටන්න ඉඩ දීලා ඇස් කන් පියන් බලන් ඉඳලා, රටේ මිනිස්සුට ආරක්ෂක අංශ යොදවලා මිලේච්ච පහර දීම් කරලා කරපු මර්ධනයන් හින්දා තමා මහින්දට කෙළ උනේ මං දැක්ක හැටියට නං.
    මහින්ද පැරද්දුවේ මයිත්‍රී නෙවෙයි. මහින්ද පැරද්දුවේ මහින්දමයි.
     
    Last edited:

    thanujaka

    Well-known member
  • සංවර්ධනයේ මූලික අඩිතාලම එහෙමත් නැතිනම් අත්තිවාරම තමයි මචං යටිතල පහසුකම් කියන්නෙ.යටිතල පහසුකම් නැති සංවර්ධනයක් ගැන කතා කිරීම ඇත්තටම විහිලුවක්. අපි මහා ලොකුවට කියනවනෙ විදේශ ආයෝජකයො ගේනවා කියල.ඒත් විදේශ ආයෝජකයො එයිද තමන්ගෙ ව්‍යාපාර මෙහෙ පටන් ගන්න හරියට පහසුකම් නැතිව. උදාහරණයක් විදියට ගත්තොත් මෙහෙ යම් නිෂ්පාදනයක් කිරීමට කම්හලක් පටන්ගත්තොත් ඒ ආයෝජකයට තමන්ගෙ නිෂ්පාදන ටික වෙලද පලට හෝ එක්ස්පෝට් කරන තැනට ගනියන්න පාරවල්ටික හරියට නැත්නම් ඒ මිනිහ මෙහෙ කම්හලක් දානව තියා මේ පැත්තවත් බලයිද.ඒ වගේම තමයි අනික්වත් ජලය,විදුලිය,වගේ දේවලුත් රටේ සෑම තැනකටම දෙන්න ඕන.මහින්ද කලේ මූලික පියවර විදියට අන්න ඒ යටිතල පහසුකම් හදපු එකයි.මම අහගෙනයි රනිල් මහලාකුවට බෙරිහන්දනවා ආයෝජකයො බරගානක් ඉදිරියේදි රටට ගේනවා තරැණ තරැණියන්ට රැකියා ලක්ෂ10ක් දෙනවා කියලා.දැන් කවුරැ දිනුවත් ඒ වැඩේ කරන්න ලේසියි.දැන් රටේ පාරවල්ටික හදල,විදුලිය ජලය රට පුරාම දීල,වරායල් ගුවන් තොටුපලවල් හැදිල දැන් ඕනම එකෙක් කැමතියි මේ රටේ ආයෝනය කරන්න.මේ සේරම මහින්දගේ සංවර්ධන වැඩවල ප්‍රතිපල.සංවර්ධයේ අනික් මිනුම් දඩු ගොඩක් තීරනය වන්නේ ඒක පුද්ගල ආදායම මත කියලයි මම විශ්වාස කරන්නෙ.මොකද සල්ලි තිබුනොත් තමයි කවුරැත් හොද අධ්‍යාපනයකට නැඹුරැවෙන්නෙ.සාක්ෂරතාවය හොද වෙන්නෙ එතකොටයි.සෞඛ්‍ය පහසුකම් පවා මේ මතම තමයි තීරණය වෙන්නෙ.මේව වහල තමයි අද යූඑන්පි කාරයොයි ජෙප්පොයි මිනිස්සුන්ගෙ මොල හෝදන්නෙ.මේව පැහැදිලිව ජනතාවට කියල නොදුන්න එක මහින්දගෙ ආණ්ඩුවෙ තිබුන දුර්වලකමක්

    යටිතල පහසුකම් හදපු එක වැරදි කියා නෙමේ මම කියන්නේ.
    ඒවා හදන්න ඕනේ.
    ණය අරන් ඒවා හැදුවට කමක් නෑ.. නමුත් ඒවා පියවන්න ආයෝජන සැලසුම් තියෙන්නේ ඕනේ..
    ණය අරං අරං හදනවා.. නමුත් ඒවා පියවන්න ආදායම් විධික්‍රම හැදුවේ නෑ.. ආයෝජන සැලසුම් සේරම කොට උඩ..
    අයෝජන සැලසුම් කියල හම්බන්තොට වරාය හැදුව.. කොළඹ වැඩ එහෙට මාරු කෙරුව එච්චරයි..
    නොරොච්චෝලේ බලාගාරයක් හැදුව.. ඒක අනාථ උනා..
    මත්තල ගුවන්තොටුපලක් හැදුවා.. ආදායමක් නෑ..අතින් ගෙවල නඩත්තු කරනවා..
    සරලව කිව්වොත් අතින් කාල හරක් බලපු එක කරේ..
    හරිනං ණය අරං කරන්න ඕනේ යටිතල පහසුකම් හදන එක නෙමේ..
    එකයි උඹල වරද්දන් ඉන්නේ..
    ණය අරන් ඒවා ආයෝජනය කරලා සාර්ථක ව්‍යාපෘති කරලා, ඒවා හරහා උද්ධීපනය වෙන ලාභ වලින්
    යටිතල පහසුකම් හදන එකයි කරන්න ඕනේ.
    මේක ව්‍යාපෘති ඔක්කොම අලාභයි පාඩුයි.. සත 5ක ලාභ නෑ.. ඒවලටත් අතින් ගෙවන ගමන් තව යටිතල පහසුකම් වලටත් ණය ගෙවිල්ලක් මේ කරන්නේ..
     

    Similar threads