වහ නැති රහ නූඩ්ල්ස් ගෙදරදීම !!
මැගිලින් අක්කාගෙයි ප්‍රේමා අක්කාගෙයි ආඩම්බර බල බල රසකාරක, වර්ණක සහ
කල් තබාගැනීමේ රසායනික ද්‍රව්‍ය එක්කල නුඩ්ල්ස් කනවා වෙනුවට රස ගුණ සපිරි නූඩ්ල්ස් ගෙදරදීම සාදා ගනිමු!!
අවශ්‍ය ද්‍රව්‍ය -
1.වතුර ඉතා ස්වල්පයක් දමා අඹරා ගත් නිවිති යුෂ කෝප්ප 1/2ක්.
2.පෙර පරිදිම සකසාගත් කැරට් යුෂ (කැමති පාටක එළවලු භාවිතා කරන්න -එළවලු යුෂ වෙනුවට වතුර පමණක් එක්කරගෙන සාදා ගැනීමටද හැකිය)
3.ගසාගත් බිත්තරයක්.
4.පාන්පිටි 250g ක්. (4 දෙනෙකුට සෑහේ)
පිටි මෝලිය සාදන ක්‍රමය-
පාන්පිටි , එළවලු යුෂ, බිත්තර එක්කර ඝණ මොලියක් සාදා පැයක් පමණ පොලිතීන් බෑගයක දමා පදම් වීමට තබන්න. (ශීතකරණයේ නොව කාමර උෂ්ණත්වයේ)
නුඩ්ල්ස් සාදන ක්‍රමය-
පිටි ස්වල්පයක් ඉසගත් ලෑල්ලක තබා හොදින් ඒකාකාරීව (2mm ඝණකමට) තුනී කරගෙන තියුණූ උල් පිහියකින් පටි කපා ගන්න.
නූඩ්ල්ස් තම්බා ගැනීම-
9.කපා ගත් පටි නොකැඩෙන ලෙස හැකි පමණ හොදින් දෙපසට අදින්න.
10.ලුණු ස්වල්පයක් දැමූ උතුරණ වතුරට දමා විනාඩි
3-4ක් තම්බා ගන්න.
11. වතුරෙන් පෙරාගෙන ගලායන ජලයට අල්ලා
හොදින් සෝදා ගන්න.
(මෙලෙස සෝදාගත් නූඩ්ල්ස් වැසු පොලිතීන් බෑගයක දමා අධිශිතකරණයේ සතියක් පමණ ගබඩා කල හැකිය. නැවත පිටතට ගෙන උතුරන වතුර දමා භාවිතයට ගත හැකිය)
කෑමට පෙර-
සුපුරුදු ලෙස තෙම්පරාදු කරගෙන හොද කරියක් එක්ක රස බලන්න. විනාඩි දෙක් බඩු කැලේ.......!!!

Last edited: