මට මෙන්න මේ සිංදුව දෙන්න ලබන සතියේ.... ආදරය කරපු හැමෝවම එකතු කරගමු..... අහ් වැරදුනා, හැමදාමත් ආදරය කරන හැමෝම.....
කදුළු බිදුවක් නෙතු අගින් වැටුණා
නුඹ ඇවිත් හිත අද්දරින් රැදුණා
පෙනෙන නොපෙනෙන මතක අතරේ
හිතට හුරු නැති තනිකමක් දැනුණා
තනිකමක් දැනුණා
සිහින ගිළිහී දෙපාමුල වැටුණා
ඔයා නොකියම දුර ගිහින් තිබුණා
බිදී මිය ගිය පැතුම් අභියස
දරන්නට බැරි තරම් දුක හිතුණා
තරම් දුක හිතුණා....
කදුළු බිදුවක්.......
සුවද අහිමියි කියා හිත ඇඩුවා
ආයෙමත් ඔබ එතැයි කියා මට සිතුණා
බිදී මිය ගිය පැතුම් අභියස
ආදරේ නැති අඩුව මට දැනුණා
අඩුව මට දැනුණා....
කදුළු බිදුවක්.......
Title : Kandulu Binduwak
Singer : Ruwan Hettiarahchi
Lyrics : Prasangi Wijewardana
Music : Radeesh Vandabona