රතුපස්වල ඝාතන වාර්තාව මෙන්න
උස්ඝෝෂකයන් වෙඩි තැබූ කතා බොරු.
ජනතාව ගිනි අවි භාවිතා කර නැහැ.
කැරලි මර්දන සහාය ලබාගෙන ඇත්තේ හමුදා වෙඩි තැබීමෙන් පසුව.
කතොලික පල්ලියට දිව ගිය අයටත් පහර දීලා.
යුධ හමුදා විනය අනුව සහ සාමාන්‍ය නීතිය අනුව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.
හමුදා වෙඩිතැබීමෙන් අගතියට පත් පාර්ශවයන්ට වන්දි මුදල් ගෙවිය යුතුයි.
මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව පිළිබඳව හමුදාව දැනුවත් කළ යුතුයි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම කළ විමර්ශනයේ දී හෙලි වී ඇත.
රතුපස්වල වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාව නිසා ජලය අපවිතවූ බව කියමින් කම්හල වසා දමන ලෙස හා පිරිසිදු ජලය ලබා දෙන ලෙස ඉල්ලමින් වැලිවේරියේ පැවැති උද්ඝෝෂණය විසුරුවා හැරීමට වෙඩි තැබීම් හා පහර දීම සිදු කළේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් බවත්, එහි දී යුද හමුදාව බලය අයුතු ලෙස යොදවා ඇති බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම කළ විමර්ශනයේ දී හෙලි වී ඇත.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ආර් පී පෙරේරා, කොමසාරිස්වරුන් වන ටී.ඊ. ආනන්ද රාජා, ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා, ජසීමා ස්මයිල් සහ වෛද්‍ය බර්නාඩ් ද සොයිසා යන මහත්වරුන්ගේ අත්සනින් නිකුත් වූ මානව හිමිකම් වාර්තාවේ මේ බව සඳහන් වන අතර එහි පිටපත් ජනාධිපති ලේකම්, ආරක්ෂක ලේකම්, අධිකරණ අමාත්‍යංශයේ ලේකම්, නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම්, නීතිපති, හමුදාපති සහ පොලිස්පතිටද යවා තිබේ.
2013 අගෝස්තු පළමු වැනිදා යුද හමුදාවේ වෙඩි තැබීමෙන් හා පහර දීමෙන් පාසල් සිසුන් දෙදෙනකු ඇතුළු තිදෙනකු මිය ගිය බවත්, 37දෙනකුට වැඩි පිරිසක් තුවාල ලැබූ බවත් මානව හිමිකම් වාර්තාවේ සඳහන් ය.
මෙම උද්ඝෝෂණය මැඩ පැවැත්වීමට පොලිසිය සිටියද යුද්ධ හමුදාව කැඳෙව්වේ කවුරුන්ද යන්න නිශ්චිතව හඳුනාගැනීමට නොහැකි වූ බව කියන මානව හිමිකම් කොමිසම ඒ ගැන අදාළ පාර්ශ්ව දුන් සාක්කි පරස්පර බවද කියයි.
උද්ඝෝෂකයන් විසුරුවා හැරීමට කඳුළු ගෑස්, ජල ප්‍රහාර හා කැරලි මර්දන සහාය ලබා ගෙන ඇත්තේ හමුදාව වෙඩි තැබීම ආරම්භ කිරීමෙන් පසුව බවද මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් වූ සාක්ෂිවලින් සනාථ වී තිබේ.
උද්ඝෝෂකයක් දෙසින් වෙඩි හඬ ඇසුණු බවට හමුදාව හා පොලිසිය ප්‍රකාශ කළද ඉතිරිපත් වූ සාක්කි අනුව මානව හිමිකම් කොමිසම නිගමනය කර ඇත්තේ උද්ඝෝෂකයන් ගිනි අවි භාවිත කර නැති බවයි.
ආරක්ෂාව පතා කතෝලික දේවස්ථානය තුළට දිව ගිය පිරිසටද හමුදාව පහර දී ඇති බව ප්‍රකාශවලින් හා ඡායාරූපවලින් පැහැදිලි වන බව මානව හිමිකම් වාර්තාවේ සඳහන්ය.
දීර්ඝ විමර්ශනයකින් පසු මානව හිමිකම් නිර්දේශ ඉදිරිපත් කරමින් කියනුයේ වැලිවේරිය සහ බැලුම්මහර උද්ඝෝෂණ විසිරුවා හැරීමට සහභාගී වූ යුද හමුදා අණදෙන නිලධාරීන් හා ප්‍රධාන නිලධාරීන්ට එරෙහිව යුද හමුදා විනය අනුව කටයුතු කළ යුතු බවයි.
වෙඩි තබා ඇති නිලධාරීන්ට එරෙහිව උපරිම ලෙස හමුදා විනය අනුව හා සාමාන්‍ය අපරාධ නීතිය යටතේ පියවර ගත යුතු බවද කොමිසමේ නිර්දේශ අතර සඳහන්ය.
වෙඩි වැදී මිය ගිය පුද්ගලයන්ගේ ළඟම ඥාතීන්ට වන්දි ලබා දීම, වෙඩි වැදීමෙන් හා පහරදීමෙන් තුවාල ලබා ඇති අයට සාධාරණ වන්දි මුදලක් ගෙවීමට කටයුතු කිරීම, මාධ්‍යවේදීන්ට පහර දීම හා උපකරණවලට අලාභහානී කිරීම සම්බන්ධයෙන් වන්දි මුදල් ගෙවීමටද කොමිසම රජයට නිර්දේශ කර ඇත.
මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව පිළිබඳව පොලිසියේ හා හමුදාවේ වගකීමක් ඇති බැවින් ඉදිරියේ දී මෙවැනි තත්ත්වයන් ඇති නොවීමට නිලධාරීන් දැනුම්වත් කර අවශ්‍ය උපදෙස් ලබා දෙන ලෙසට පොලිස්පති හා යුද හමුපතිට දැන්විය යුතු බවද කොමිසම නිර්දේශ කර තිබේ.
- http://www.lankatruth.com/home/sinh...-35-10&catid=36:2011-10-17-04-27-38&Itemid=72

Last edited: