රජයේ සේවකයන්ට වැඩිකළ 10,000 මුදල
මූලික වැටුපට එකතු කරනවා
- එජාප නායක රනිල් වික්‍රමසිංහ
සටහන සහ සේයාරූ ඇල්පිටිය - කේ. සී. විදානආරච්චි
එක්‌සත් ජාතික පක්‍ෂය මගින් ඉකුත් දින 100 යහපාලන වැඩසටහන යටතේ රජයේ සේවකයන්ට වැඩිකළ රුපියල් 10,000 ක මුදල ලබන සැප්තැම්බර් මාසයේ දී මූලික වැටුපට එකතු කිරීමට පියවර ගන්නවා යෑයි එක්‌සත් ජාතික පක්‍ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
එක්‌සත් ජාතික පෙරමුණේ ජය තහවුරු කිරීම සඳහා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ඇල්පිටිය නගරයේ සංවිධානය කළ ජනහමුවක් අමතමින් හෙතෙම මේ බව පැවසූ අතර එම ජනහමුවේදී වැඩිදුරටත් අදහස් දක්‌වමින් අග්‍රාමාත්‍යවරයා මෙසේද කියා සිටියේය.
මේ අනුව රජයේ සේවකයකුගේ වැටුප රුපියල් 31000 ක් වෙනවා. මේ වන විට රජයේ සේවකයකුගේ මූලික වැටුප රුපියල් 11300 ක් වෙනවා. අප රජයෙන් වැඩිකළ රුපියල් 10,000 ක වැටුප මූලික වැටුපට එකතු කළ විට එය රුපියල් 21300 ක් වෙනවා. එයට රුපියල් 7800 ක ජීවන වියදම් දීමනාව සහ රුපියල් 2500 ක් වන විශේෂ දීමනාව එක්‌කළහම රජයේ සේවකයකුගේ වැටුප රුපියල් 31600 ක් වෙනවා. ඉතිහාසයේ කවදාවත්ම රාජ්‍ය සේවකයන් සඳහා මේ වගේ දැවැන්ත වැටුප් වැඩිකළ රජයක් තිබේදැයි මා විමසනවා.
රජයේ සේවකයකුගේ දැනට ලබන මූලික වැටුපට රුපියල් 10,000 ක මුදල වැඩිකළ විට ඉදිරියේ දී විශ්‍රාම යන රාජ්‍ය සේවකයන් සඳහා විශාල වාසියක් ලැබෙනවා.
මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා පසුගිය 20 දා බත්තරමුල්ලේ පැවැති ජනහමුවකදී පවසා ඇත්තේ රජයේ සේවකයන්ගේ වැටුප රුපියල් 25000 ක් කරන බවයි. ඔහුගේ ප්‍රකාශය අනුව රජයේ සේවකයන්ගෙන් රුපියල් 6000 ක මුදලක් පික් පොකට් ගහනවා. දැන් මේ රටේ ලක්‍ෂ 15 ක් පමණ වන රාජ්‍ය සේවකයන් තීරණය කළ යුත්තේ මහින්දට ඡන්දය දී රුපියල් 6000 ක් අඩු කර ගන්නවාද? එක්‌සත් ජාතික පෙරමුණට ඡන්දය දීල රුපියල් 31000 ක වැටුපක් ලබා ගන්නවද කියලයි.
අපේ රජය දින 100 වැඩසටහන යටතේ පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප රුපියල් 10,000 කින් වැඩි කිරීමට නීති සම්මත කරගන්න ගියහම ජී.එල්. පීරිස් හිටපු අමාත්‍යවරයා සහ විපක්‍ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මේ පනත ඇතුළු වෙනත් කිසිම පනතක් සම්මත කරගන්න ඉඩ දෙන්නේ නෑ කියල කිව්වා. ඒකෙන් පැහැදිලිවම පේනවා ඒ අය පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප වැඩි කරනවාට කැමැති නැති බව.
අපේ ආණ්‌ඩුව ඉදිරි මැතිවරණයේදී බහුතර බලයක් ලබාගෙන ආණ්‌ඩුවක් පිහිටුවා සැප්තැම්බර් මාසයේ දී පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩිකිරීමට අවශ්‍ය පනත සම්මත කරගෙන පෞද්ගලික අංශයේ සියලුම සේවකයන්ගේ වැටුප රුපියල් 10,000 කින් වැඩි කරනවා.
හිටපු ජනාධිපතිවරයා අරලියගහ මන්දිරයේ දැවැන්ත සම්මන්ත්‍රණ ශාලාවක් හදන්න සැලසුම් කර තිබුණා. මෙම කර්මාන්ත ශාලාව බෙන්තර ප්‍රදේශයේ ආරම්භ කොට ගොල්µa පිටියකුත් බෙන්තර ප්‍රදේශයේ ඇති කරනවා.
පාසල් හැරයන දරු දැරියන් විවිධ ක්‌ෂේත්‍රවල පුහුණු කිරීම සඳහා නවීන තාක්‍ෂණය සහිත වෘත්තීය පුහුණු මධ්‍යස්‌ථාන රටපුරා බිහි කරනවා. දකුණේ විශේෂයෙන් ඇල්පිටිය, කරන්දෙණිය ඇතුළු තදාසන්න ප්‍රදේශවල කුරුඳු වගාව ප්‍රචලිත කොට කුරුඳු කර්මාන්තය දියුණු කරනවා. කුරුඳු කර්මාන්තයෙන් ජීවත් වන පවුල්වල ආර්ථිකය නඟා සිටුවනවා.
ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා - දිනෙන් දිනම එක්‌සත් ජාතික පෙරමුණ වටා එකතුවන ජන ගඟ දැක්‌කම මහින්ද රාජපක්‍ෂට නින්ද යන්නේ නෑ. ධාරානිපාත වැසි නොතකා අද ඇල්පිටිය නගරයට ආපු ජනගඟ දැක්‌කම ලබන මාසෙ 17 දා එක්‌සත් ජාතික පෙරමුණ ලබන ජයග්‍රහණය ගැන කිසි සැකයක් නෑ. වෙනදා ගාල්ලට එන මහින්ද රාජපක්‌ෂ මහත්තය රැස්‌වීම් තියන්නේ සමනල පාලම ළඟ ක්‍රීඩාංගණයේ. එතැනට මුළු ලංකාවේම සෙනඟ ගෙනැල්ල ක්‍රීඩාංගණය පුරවනවා.
ඒත් පසුගියදා ඔහු පුරහල් භූමියට කොටුවුණා. එදා ඔහුට තිබුණු හයිය දැන් නැහැ. බලයට කෑදරකමින් වියරු වැටිලා. දැන් ඔහුගේ බහින කලාවයි.
අගමැතිකමට ඉව අල්ලාගෙන එනවා. ඒක එයාගේ දවල් සිහිනයක් පමණයි. අගෝස්‌තු 18 දාට රනිල් වික්‍රමසිංහ මහතා නියත වශයෙන්ම අගමැති තනතුරට පත්වෙනවා. මහින්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වෙනවා.
එක්‌සත් ජාතික පෙරමුණේ ගාල්ල දිස්‌ත්‍රික් නායක වජිර අබේවර්ධන මහතා - මේ රටේ ජනතාව ජනවාරි 8 දා පළමු පියවර වශයෙන් මහින්ද රාජපක්‍ෂගේ දුර්දාන්ත පවුල් පාලනය වළලා දමා රට බේරා ගත්තා. රටේ සුදු වෑන් සංස්‌කෘතිය අවසන් කරල ජනතාවට නිදහස ලබා දුන්නා. දෙවැනි පියවර අගෝස්‌තු 17දා ශක්‌තිමත් ආණ්‌ඩුවක් හදනවා. ගාල්ල දිස්‌ත්‍රික්‌කයෙන් මෙවර ඓතිහාසික ජයක් අපි ලබනවා.
ආනන්ද පද්මසිරි කාරියවසම් මහතා - වසර 30 කට වැඩි කාලයක් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේත්, සන්ධානයේත් විවිධ දේශපාලන තනතුරු දරමින් දේශපාලනයේ නිරත වී සිටි මට රාජපක්‌ෂ සමාගමේ දුර්දාන්ත පවුල් පාලනය නිසා පක්‍ෂය එපා වුණා. රාජපක්‌ෂ පාලනයේ හොරකම, සල්ලාලකම, බලුකම, වනචරකම, දූෂණය, භීෂණය රජ කළා. පවුල් පාලනය මගින් රට අගාධය කරා ගෙන ගියා මිස රට සංවර්ධනය කළේ නෑ.
මෙම ජනහමුව සඳහා දකුණු පළාත් සභා මන්ත්‍රී ජයසිරි නානායක්‌කාර, බෙන්තර සහ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවල විපක්‍ෂ නායකවරු, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුද, මහා සංඝරත්නය ඇතුළු අති විශාල ජනකායක් සහභාගි වූහ.

ඒ අයට ගොඩක් ලොකු බලාපොරොත්තු අඩුයි. මගේ මතය නම් ඒ ඒ අයගේ ආකල්ප මත කියන එක. ඉහලට යන එකා රජයේ රස්සාවක් නෙමෙයි, පොඩි කුලී වැඩ කරලා හරි දියුණු වෙනවා. මොන දේ වුනත් උන්ට නිදහස තියෙනවා 
ආතල් එකට ට්‍ර්පක් වත් යන්න වෙලාවක් නෑ. මම නම් කියන්නේ දෙපැත්තෙම වාසි අවාසි තියෙනවා. තමන්ට ගැලපෙන විදියට තමන්ගේ අවශ්‍යයතාව අනුව තෝරගන්න කියලා රජයේ රස්සාවක්ද නැත්තම් පෞද්ගලික රස්සාවක් සුදුසු කියලා 

Minissunge awashyatha wedi wenawa salary wedi weddi