Amazing Israel Part 4 - 6 Day War !!!

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඊශ්‍රායලය, ඉස්ලාමීය රටවල් 4 ක හමුදා දවස් 6 කින් පරාද කරපු කතාව අපි කලින් කතා කළා .
    ඒත් ලංකාවටත් වඩා පුංචි රටක්, අර වගේ දැවැන්ත රටවල් 4 ක් එකපාර මේ තරම් ඉක්මණට පරාද කළේ කොහොමද ?

    ඊශ්‍රායලිකයෝ කියන්නෙ බුද්ධිමත් වගේම නිර්මාණශීලි ජාතියක්. මේ අයගේ පාසල්, universities වල ළමයි
    පවා රටේ තාක්ෂණික ගැටළු වලට උත්තර හොයනවා. ඒ ළමයින්ගේ designs පාවිච්චි කරලා ඊශ්‍රායලය
    සැටලයිට් පවා යවලා තියෙනවා.

    zkbnn3xr2lgrhx6zg.jpg


    ඉතිං පුංචි කාලෙ ඉඳන්ම රටේ වගකීම කරට අරගෙන, creative විදිහට හිතන්න පුරුදු වුණ ළමයි තමයි පස්සෙ
    කාලෙක යුධ නායකයො වෙන්නේ. මේ අය තමයි මැදපෙරදිග මුස්ලිම්වරු දණගස්සවන්නේ.

    ඉතිං මේ කියන්න යන 6-Day-War එකත්, ඒ වගේ ලස්සන කතන්දරයක් :)

    මේ කතාව හොඳට තේරෙන්න නං කලින් ලිපිය අනිවාර්‍යෙන් කියවලා එන්න වෙනවා
    ( http://www.elakiri.com/forum/showthread.php?t=1622022 )


    මේ යුදෙව් රට, මුස්ලිම් රටවල් එක්ක එකපාර ඔට්ටු වෙච්ච පළවෙනි වතාව මේක නෙවෙයි.
    තරුණ ඊශ්‍රායලය පිහිටෙව්වට පහුවදාම අරාබි රටවල් 5 ක් හමුදා එකපාර පරාද කරපු කතාව අපි කලින් කතා
    කළා.

    ඔය අතරෙ 1956 දි ඊජිප්තුව, ඊශ්‍රායලයේ නැව් ආසියාවට යන මාර්ග දෙකම block කරනවා.

    d6alrmzgj0wd8c1zg.jpg

    මේ නිසා ඊශ්‍රායලයේ පුංචි හමුදාව (Ariel Sharon එක්ක), තනියෙම ඊජිප්තු සේනාංක රැසක් පරාද කරලා මුළු Sinai
    මහද්වීපයම සාර්ථකව අත්පත් කරගන්නවා (1956 Suez Crisis). මේ කොටස ඊශ්‍රායල රටටත් වඩා විශාලයි.
    එහෙම අල්ලගෙන නැව් මාර්ගයක්(1) ආපහු විවුර්ත කරගන්න සමත් වෙනවා.

    මේ වැඩේට ප්‍රංශයයි බ්‍රිතාන්‍යයයි මුලදි උදව් කළාට, ඇමරිකාවයි UN එකේයි දැඩි බලපෑම නිසා සටන නවත්තලා,
    Sinai මහද්වීපය ඊජිප්තුවට ආපහු බාර දීලා පසුබහින්න, ඊශ්‍රායලයට සිද්ධ වෙනවා.

    මුස්ලිම්වරු කියන්නෙ කවදත් තමන් ගැන හරි ලොකුවට හිතන් ඉන්න කට්ටියක්………….

    ඒ නිසා මේ පසු බැහිල්ල, ඊජිප්තුවෝ හිතන්නේ, තමන්ගෙ හමුදා වලට බයේ වෙච්ච දෙයක් විදිහට.
    ඉතින් ඒ ගැම්මට ඊජිප්තු ජනාධිපති(Gamal Abdel Nasser), ඉරාකය, ජොර්දානය, සිරියාව කියන රටවල් 4 හමුදා රැස් කරගෙන
    ඊශ්‍රායලයට ආක්‍රමණයකට ලෑස්ති වෙනවා. මේක තමයි 6-Day-War එක විදිහට පස්සෙ කාලෙක
    ලෝකයා අඳුනගන්නෙ.


    මෙයා තමන්ගෙ හමුදාව රැස් කරලා කියනවා…

    1956 දී ඊශ්‍රායලය, ප්‍රංශය, එංගලන්තය කියන රටවල් 3 ම අපිට ගහන්න ආවා. ඒත් අපි ඒගොල්ලන්ව
    පැන්නුවා. මේ පාර ඉන්නෙ ඊශ්‍රායලය විතරයි…..”

    ඉතිං අරාබි ඉස්ලාමීය රටවල් හමුදා බලයෙන් සන්නද්ධ වෙද්දි, ඊශ්‍රායලීය වැසියන් දැනුමෙන් සන්නද්ධ
    වෙන්න කටයුතු යොදනවා. උපතින්ම විද්‍යාවට හා තාක්ෂණයට තිබිච්ච හැකියාව පාවිච්චි කරලා ක්‍රමවත් ආරක්ශක විධි සහ ආයුධ
    නිර්මාණය කරනවා.


    කලින් කිව්වා වගේම ඊශ්‍රායලය කියන්නෙ War Machine එකක්. පදින තැන අනුව බයිසිකලයක ගියර්
    වෙනස්වෙනවා වගේ, යුද්ධයක් අතලඟ තියෙද්දි, ඒකට සුදුසු විදිහට මේ රට ඇතුලෙ ලොකු වෙනස්කම්
    ටිකක් වෙනවා.

    සියලූම දේශපාලන පක්ශ එකට එකතුවෙලා තනි රජයක් පිහිටුවනවා. රෝහල් වල මාස ගණනකට බෙහෙත්
    සැපයුම් තර කරනවා, සිවිල් වැසියන්ට ඉන්න ආරක්ශිත ස්ථාන හදනවා, යුද්ධය පැරදුනොත් රටේ ඉන්න ළමයි
    ටික යුරෝපයට යවන්න ක්‍රම සකසනවා.

    රටේ මිනිස්සු තමන්ගෙ ලේ දන් දීලා ඒවා ලේ බැංකුවේ තැන්පත් කරනවා. පිටරට තමන්ගේ සැප ජීවිත,
    ඉගෙනීම් අත හැරලා, තරුණ යුදෙව්වන් හමුදාවට බැඳෙන්න ඊශ්‍රායලයට එනවා.

    ඉතින් අවුරුදු 10 කට පස්සෙ, 1967 දී තීරණාත්ම 6-Day-War එකට වේදිකාව සුදානම් වෙනවා.
    අරාබි රටවල් 4 ක් පකිස්තානයෙන් පවා සහය අරගෙන, ඊශ්‍රායලීය හමුදාවට වඩා

    5 ගුණයක් විශාල පාබල හමුදාවක් (500 000),
    3 ගුණයක් විශාල යුධ ටැංකි සේනාංකයක් (3000)
    2 ගුණයකින් විශාල ගුවන් හමුදාවක් (800)
    හදනවා.
    මේ හමුදාව හදන්න රුසියාව විශාල වශයෙන් එළිපිට අරාබි රටවලට උදව් කරද්දි ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය තරමක්
    අප්‍රසිද්ධියේ ඊශ්‍රායලයට උදව් දෙනවා.


    මේ හමුදාවල් තුන් පැත්තකින් ඊශ්‍රායලය රටේ සීමා වලට ක්‍රමයෙන් රැස් වෙනවා.

    fdez2860aotw257zg.jpg


    ඊශ්‍රායල බුද්ධි අංශ (Mossad) වල උකුසු ඇස අරාබි රටවල් වලට දිවා රෑ යොමුවෙලා තිබුණා. කාටවත් අහු නොවී
    අරාබි රටවල යුධ සැලසුමේ හැම පියවරක්ම වාර්තා කරන්න Mossad ඔත්තුකාරයො සමත් වෙනවා.

    ඒත් මේ මොන තොරතුරු ලැබුණත්…... අරාබි රටවල වල කුරුල්ලො ඇවිල්ල කතා කරල කිව්වත්,
    අරාබි හමුදා වල අවි බලය, පිරිස් බලය තාමත් ඊශ්‍රායලයට වඩා ඉතාම විශාලයි !!
    ඉතින් කොහොමද මේ වගේ යුද්ධයක් දිනන්නෙ ?

    පිරිස් බලයෙන් කොයි තරම් වැඩි වුණත් අපි දන්නවා මුස්ලිම්වරු කියන්නේ ආගම කරේ තියාගත්තු ජාතියක්.
    විහිලුකාර ආගමික නායකයො තමයි මේ අයට අනුගමනය කරන්නේ.

    ihsx48xcf9yrdguzg.jpg


    ඒත් යුදෙව්වන්ගේ කතන්දරේ ටිකක් වෙනස්, මේගොල්ලන්ගේ frontline සොල්දාදුවන්ගේ ඉඳන් ඉහලම
    හමුදා නායකයෝ දක්වා ඉන්න සෑහෙන්න දෙනෙක් ඉහලට ඉගෙන ගත්තු, කාර්‍යශූර, බහුතරය ආගමට බර
    නැති secular මිනිස්සු.

    මේ යුද්ධයේ පෙරමුණ ගන්නෙ Moshe Dayan සහ Yitzhak Rabin.
    Rabin වාරිමාර්ග ඉංජිනේරුවෙක් වෙන්න සුදුසුකම් තිබුණු අත්දැකීම් බහුල යුධ නායකයෙක්..

    Dayan කියන්නෙ යුධපෙරමුනේදි Sniper ප්‍රහාරයක් නිසා ඇහැක් අහිමිවුණ කෙනෙක්. පැය 6 ක් යනකං
    මෙයාට රෝහලකට වත් යන්න ලැබෙන්නෙ නෑ. ඇහැත් එක්කම මෙයාගෙ හමුදා ජීවිතයත් අහවරයි කියල හැමෝම හිතුවත්, සුව වෙලා
    ආපහු යුධ සේවයට ඇවිල්ලා උත්සහයෙන් උනන්දුවෙන් රටේ ආරක්ශක ඇමති
    පවා වෙනවා.

    adv11o0xst121a4zg.jpg


    මේ දෙන්නම අවුරුදු 16-17 දිම වගේ හමුදාවට බැඳිලා front එකේ සටන් කරපු අය. ඉතිං මේ වගේ විශිෂ්ඨ
    නායකයො දෙන්නෙක් යටතේ තමයි ඊශ්‍රායලීය War Machine එක මෙහෙයවුණේ.

    බලාගෙන ඉන්නෙ නැතුව තමන් කලින්ම ප්‍රහාරය ආරම්භ කරන්න මේ අය ඒකමතිකව තීරණය
    කරනවා.(pre-emptive strike),
    මේ සැලසුමට සපෝට් කරන්න හරි අපූරු උපක්‍රම රැසක් ඊශ්‍රායලීය ආරක්ශක අංශ පාවිච්චි කරනවා.
    පුංචි කාලේ ඉඳන්ම හුරු පුරුදු, නිර්මාණශීලි විදිහට හිතනවා.

    1- මේ වෙනකොට අරාබි ඔත්තු කාරයො ත් ඊශ්‍රායල ඇතුලට රිංගලා තිබුණා. නමුත් ඊශ්‍රායල ආරක්ශක අංශ ඒ වැඩි දෙනෙක් සාර්ථකව අඳුනගෙන,
    අත් අඩංගුවට අරගන්නවා.


    ඒ අත් අඩංගුවට ගත්තු ඔත්තුකාරයො ලව්වා, අරාබි රටවලට ලොකු ලණුවක් දෙන විදිහක් ගැන ඊශ්‍රායල
    නායකයොන්ගෙ උපක්‍රමශීලි කපටි මොළවලට කල්පනා වෙනවා.

    “1956 දි වගේම මේ පාරත් ඊශ්‍රායල එන්නෙ ගොඩබිමින් ම තමයි” කියල බොරු තොරතුරු, ඒ අල්ලගත්තු
    ඔත්තුකාරයො අතේ අරාබි රටවලට යවනවා

    2- ඊශ්‍රායලීය ගුවන් හමුදා, පොළොවට ඉතා ලඟින් පියාසර කරන්න පුහුණු වෙනවා. plane වලින් පුහුණු වෙන්න තරම් තමන්ගේ රට ලොකු නැහැ.
    මුහුදට පියාසර කරලා තමයි මේ අය පුහුණූ වෙන්නේ.
    ..මාලදිවයිනේ මැරතන් ක්‍රීඩකයෝ වගේ වෙන්න ඇති…..

    3- ඊශ්‍රායලීය විද්‍යාඥයෝ ප්‍රංශයත් එක්ක එකතුවෙලා විශේෂ බෝම්බ ජාතියක් නිර්මාණය කරනවා

    4- ගුවන් නිලධාරීන් තමන්ගෙ ගුවන් යානා, target එකකට බෝම්බයක් දාලා නැවත Airport
    එකට ඇවිල්ලා ඉන්ධන පුරවන ක්‍රියාවලිය 200% කින් වේගවත් කරගන්න සමත් වෙනවා.

    5 - සිරියාවේ ඉන්න එක ඊශ්‍රායල ඔත්තුකාරයෙක්, (Eli Cohen) අමුතු වැඩක් කරනවා….

    හමුදා උපදේශකයෙක් විදිහට සේවය කරන මෙයා, හමුදා මූලස්ථාන වල සෙබලුන්ට හෙවන හිටින්න ගස්
    හිටවන්න යෝජනා කරනවා. ඒකට සුදුසු ගස් වර්ගයත් මෙයා නිර්දේශ කරනවා. මේ ගස්, අවුරුදු ගණනාවක්
    තිස්සෙ වැඩෙනවා.

    නමුත් මේ අහිංසක යෝජනාව, ඉස්සරහට එන යුද්ධයේදි, සිරියානු සෙබලු බර ගණනකගෙ ඉරණම
    විසඳනවා. ඒක වෙන හැටි මේ ලිපියේ ඉස්සරහට එනවා ;)

    මේ ඔක්කොමත් එක්ක පහුගිය අවුරුදු ගණනාවක් තිස්සෙ බුද්ධි අංශයෙන් තමන්ට ලැබුණු තොරතුරු
    විශ්ලේෂණය කරලා සාර්ථක යුධ සැලසුමක් සකස් කරනවා.

    ඉතින් මේ විදිහට ඊශ්‍රායලය, වෙන කවදාටත් වඩා ලඟ එන යුද්ධයට සූදානමින් හිටියා.
    අරාබි රටවල් නං වෙනදා වගේම මේ විදිහට ඉන්න ඇති.

    h8vbic896d36ej7zg.jpg


    කුණාටුවකට කලින් තියෙන මුහුද වගේ මැදපෙරදිග බොහෝම නිශ්ශබ්දව සන්සුන්ව ටික දවසක් තිබුණා…...

    --------

    ජුනි 5 වෙනිදා උදේ 7.45 හිටි හැටියෙම තමන්ගෙ ගුවන් යානා රැසක් ගුවන්ගත වෙලා ඊජිප්තුව දිහාවට යන
    හැටි, ඊශ්‍රායලයේ මිනිස්සුන්ට දකිනවා.

    හදිසියේම ඊශ්‍රායලයේ ගුවන් යානා අහසේ දකිද්දි, ඒවායින් හෙණ ගෙඩි වගේ බොම්බ වැලක් තමන්ගෙ
    Airbases වලට පහත් වෙද්දි, මේ වෙන්නෙ මොකක්ද කියන එක ඊජිප්තු හමුදා නායකයින්ට අදහාගන්න බැරි
    වුණා

    ඊශ්‍රායලීය යුධ උපක්‍රම ටිකෙන් ටික ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා

    1- අරාබි ඔත්තුකාරයො කියපු විදිහට, මේ පාරත් ඊශ්‍රායල ,ගොඩබිමින් එනකං බලාගෙන හිටපු නිසා අහසින් ආපු ඊශ්‍රායල plane වලට
    ලොකු ප්‍රහාරයක් එල්ල වුණේ නැහැ.


    2- ඊශ්‍රායලය Pilot ල තමන්ගෙ යානා පොළොවට අඩි 50 තරම් ලඟින් පියාසර කරපු නිසා ලඟට එනකම්ම ඊජිප්තු Radar වලට හසුවුණෙ ත් නැහැ.

    ඊශ්‍රායල බුද්ධි අංශ, සුදුසුම වෙලාව විදිහට උදේ 7.45 තෝරගත්තේ “සුමනෙ” දුන්න නැකතක් නිසා නෙවෙයි.
    ඉතාමත්ම හොඳ හේතු ඇතුව.

    උදේ 7.45 කියන්නෙ ඊජිප්තු ගුවන් යානා වැඩිහරියක් නඩත්තුවට, පිරිසිදු කිරීමට යොදලා තියෙන අවස්ථාවක්.
    මොන හදිස්සියකටවත් මේ කිසිම plane එකක් ගුවන්ගත කරන්න ලැබෙන්නෙ නෑ.

    මේ විදිහට ඊජිප්තු අහස ආක්‍රමණය කරපු ඊශ්‍රායල ගුවන් හමුදාව, හරිම සරළ උපක්‍රමයකින් මුළු Air Base එකම අඩපණ කරලා දානවා

    Air Base එකේ තියෙන හැම plane එකක්ම විනාශ කර කර ඉන්නෙ නැතුව Base එකේ ගුවන් ධාවන පථය (track එක) විතරක් මැදින් විනාශ කරලා දානවා.
    track එකට හානි වුණාට පස්සෙ පොලොවෙ තියෙන කිසිම ඊජිප්තු Plane එකකට අහසට නගින්න වෙන්නෙ නෑ !

    3- මේ වැඩේට තමයි වෙනමම බෝම්බයක් නිර්මාණය කළේ.

    ගොඩබිමින් එනකං බලාගෙන හිටපු අරාබි රටවල් තමන්ගෙ Planes වැඩි හරියක් අනාරක්ශිතව එලිමහනේ නවත්තලා තියෙනවා.
    මේ නිසා ධාවනව පථය විනාශ කරපු ඊශ්‍රායල ගුවන් හමුදා, අර ඊජිප්තු Planes සියල්ල ලේසියෙන්ම ගිනිබත් කරලා දානවා.


    සිය ගණනක් planes පොළොවෙන් උඩටවත් ගන්න කලින් පැය ගණනක් ඇතුලත ගිනිබත් වුණා.

    ඒත් ඊජිප්තුව කියන්නෙ විශාල රටක්. Airports විශාල ප්‍රමාණයක් ඒ රටේ විසිරිලා තියෙනවා. පුංචි ඊශ්‍රායලයේ
    තියෙන plane ඩිංගෙන් ඒ ඔක්කොටම එක පාර පහර දෙන්න බෑ

    මේ නිසා සැරින් සැරේ ආපහු ඊශ්‍රායලයට ගිහින් ඉන්ධන, බෝම්බ අරගෙන තමයි එන්න වෙන්නෙ.
    මේ වැඩේට ගොඩාක් වෙලාව ගියොත් ඊජිප්තුවේ ඉතුරු අනික් Airports වල Planes ගුවන් ගත කරගන්න
    ඒගොල්ලන්ට වෙලාව ලැබෙනවා.

    4- මේ තත්වෙ ඊශ්‍රායලයේ හමුදා නායකයො දුර තියා දැක්කා. ඒ නිසා තමයි කලින් කිව්වා වගේ ආපහු
    ඉන්ධන, බෝම්බ අරගෙන ඊජිප්තුවට යන වේගය ඉක්මන් කරන්න තමන්ගෙ ගුවන් නියමුවන් පුහුණු කළේ.
    මේ නිසා ආපහු එන planes, විනාඩි 7 තත් 30 ඇතුළත ඉන්ධන Missiles සවි කරලා නැවත ගුවන් ගත
    කරවන්න. ගුවන් හමුදා සෙබලු සමත් වෙනවා.

    plane ඔක්කොම ඊශ්‍රායලයේ ඉඳන් කෙලින්ම ඇවිල්ලා strike කරනවා වෙනුවට, ඊජිප්තුව නොහිතන විදිහට මුහුද හරහා ඇවිත් පැත්තකින් strike කරන්නත්
    ඊශ්‍රායල plane සේනාංකයක් වෙන් කළා


    qcqj882492y7jxyzg.jpg


    ඉතින් මේ විදිහට ඉතාම ඉක්මණින් රැළි (Waves) 3 කින් ඊජිප්තුවේ ගුවන් හමුදාවට ඊශ්‍රායලය පහර දෙනවා.
    යුද්ධය පටන් අරන් පැය 3 ක් යනකොට Airports 26 ක් අඩපණ කරමින් මුළු ඊජිප්තු ගුවන් හමුදාවම
    සුනුවිසුණූ කරන්න මේ පුංචි යුදෙව් රට සමත් වෙනවා.
    තවත් පැය 2 කින් සිරියානු ගුවන් හමුදාව විනාශ කරනවා. මිනිත්තු ගණනක් ඇතුලත ජෝර්දානු ගුවන් හමුදාව
    ඉවරයක් කරනවා.

    මේ විශිෂ්ඨ ගුවන් ප්‍රහාරය අදටත් ලෝකය පුරා ගුවන් හමුදා පුහුණු කඳවුරු වල පාඩමක් විදිහට උගන්නනවා.

    මේ විදිහට 6-Day-War එකේ පළවෙනි දවස අවසානයේදිම යුධ වැදිච්ච අනික් රටවල් සියල්ලෙම ගුවන් හමුදාව පරාද කරල,
    මුළු අරාබිකරයේම
    ගුවන් බලය තමන්ට නතු කරගන්න මේ පුංචි රට සමත් වෙනවා.(Air Superiority)

    යුද්ධය අවසාන වෙද්දි අරාබි රටවල් සියල්ලේම Planes 426 විනාශ කරන්න ඊශ්‍රායලීය ගුවන් හමුදාව සමත්
    වුණා. ඒ සටන් වලදි ඊශ්‍රායලය Planes 46 ක් විතරයි විනාශ වුනේ.

    ගුවන් බලය තමන්ට ලැබුණූ වහාම අරාබි රටවල හමුදා කඳවුරු සුනු විසුනු කරන්න මේගොල්ලො පියවර ගන්නවා.
    හැබැයි සිරියාවේදී මේ ප්‍රහාර දියත් කර ඊශ්‍රායලීය නියමුවන්ට අර හැම කඳවුරකම හිටවල තියෙන විශේෂ ගස්
    ජාතියක් දකින්න ලැබෙනවා

    5- ඒ තමයි අර කලින් කියපු Mossad ඔත්තුකාරයා Eli Cohen ගෙ ලණු ගිලලා සිරියානුවෝ හිටවපු ගස්
    ටික. :D
    මේ නිසා ගුවන් නියමුවන්ට අර ඊජිප්තු කඳවුරු තියෙන තැන් ඉතාම පැහැදිලිව අඳූනගන්නවා.
    ගුවන් නියමුවො ඒ ජාතියෙ ගස් තියෙන හැම තැනකටම ගොඩනැගිලි බිමට සමතලා කරනවා...

    කොයි තරම් ලස්සන උපක්‍රමයක්ද කියල පේනවා නේද ? :D

    මේ විදිහට මෙතනින් ඉස්සරහට එන දවස් 5 ම ඊශ්‍රායල ගුවන් හමුදාව හිතාගන්න බැරි විනාශයක් අරාබි හමුදා වලට සිද්ධ කරනවා.
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    • යුධ සැළසුමේ දෙවෙනි පියවර -

    ගුවන් ප්‍රහාර ඉවර වුණ සැනින්ම ඉතා ඉක්මණින් ආපහු නැගිටින්න බැරි විදිහට ගොඩබිමින් ප්‍රහාර එල්ල කරන
    එක.

    ගුවන් ප්‍රහාර වලින් විසිරුණු ඊජිප්තු සේනාංක ආපහු සංවිධානය වෙන්න කලින් කරන්න ඕනෙ නිසා, වේගය
    ගොඩාක් වැදගත් වුණා.
    1956 දි වගේම මෙදා පාරත් ඊජිප්තුවේ Sinai වල ඊජිප්තු හමුදාවලට උත්තර දෙන්න බාර වෙලා තිබ්බේ Ariel
    Sharon ට.

    පාබල හමුදා, යුධ ටැංකි, paratroopers ලා වගේම හෙලිකොප්ටර්ස් ඒකාබද්ධ කරලා හදපු, Sharon ගේ මේ Sinai

    යුධ සැළසුම, සංකීර්ණ වගේම අසමසම, අලුත්ම ක්‍රම ලෝකෙට හඳුන්වා දුන්න එකක් විදිහට යුධ
    විශේෂඥයොන්ගෙ නොමද ප්‍රසංශාවට ලක්වෙනවා [ii]

    ඊජිප්තු වැසියන් පුදුම කරමින්, කවදාවත් පහු කරන්න බැහැ කියලා සළකපු විශාල වැලි කඳු හරහා ඊශ්‍රායලීය හමුදා
    මෙහෙයවලා, හිතාගන්න බැරි පැති වලින් ප්‍රහාර එල්ල කරවන්න මෙයා සමත් වෙනවා. Sharon
    තමන්ගෙ කාලතුවක්කු සේනාංකයට “Make the Earth, shake” කියල අණ දෙනවා.

    r4mq2vw54y3p2i2zg.jpg


    Sharon කියන්නෙ බිහිසුණු මිනීමරු වගේම ඊශ්‍රායලීය ඉතිහාසයේ බිහිවුණු දක්ශතම military strategist
    කෙනෙක්. මෙයාගෙ වැඩ ගැන ඊලඟ ලිපියෙදි අපි කතා කරමු.

    ඉතින් වැඩ වැරදීගෙන එන නිසා Sinai වලින් පහු බහින්න කියල ඊජිප්තු හමුදා වලට පණිවිඩ ලැබෙනවා. මේ
    පසුබහින ඊජිප්තුවෝ, ඊශ්‍රායලීකයන්ගේ උපායක් මගින් විශාල වශයෙන් ඝාතනය වුණා. එක දවසකදි විතරක් ඊජිප්තු
    භටයො 10 000 මැරුණා.

    මේ ඔක්කොම වැඩ ඉවර වෙද්දි ඊජිප්තුවේ Sinai, ජෝදානයේ West Bank, සිරියාවේ Golan Heights
    මුස්ලිම්වරුන්ගේ මළසිරුරු, planes, යුධ ටැංකි වාහන වල සොහොම් බිමක් වෙලා තිබුණා

    h68pr4s4zx1bsd6zg.jpg



    ඊශ්‍රායලය මේ තරම් දුර දිග හිතලා කාර්‍යක්ශමව වැඩ කළත් අරාබි හමුදා ඒ හැම අංශයකින්ම අසමත් වුණා.
    කොටින්ම සමහර අරාබි යුධ ටැංකි පළල වැඩි නිසා පාලම් පවා තරණය කරන්න බැරි වුණා. මේ කිසි දෙයක්
    ගැන අරාබි නිළධාරීන් හිතල තිබ්බෙ නැහැ.

    හැබැයි අදටත් සේවයේ ඉන්න කිසිම ඊශ්‍රායල ගුවන් නියමුවෙක් ගෙ සම්පූර්ණ මූණ පේන පින්තූරයක් internet
    එකේ කොහෙන්වත් අපිට හොයාගන්න බෑ. ඒ තරම් පරිස්සම්.

    ඉතින් මේ විදිහට එකවර අරාබි හමුදා 4 කට මුහුණදීලා Sinai, ගාසා, West Bank , Golan Heights, සහ
    ජෙරුසලෙම කියන තමන්ගෙ රට වගේ තුන් ගුණයක විශාල බිම් ආක්‍රමණය කරලා දවස් 6 ක් ඇතුලත
    විජයග්‍රාහීව යුද්ධයක් ඉවර කරන්න මේ පුංචි නමුත් අසමසම යුදෙව් රට සමත් වෙනවා.


    z49c30tdidqdq8ezg.jpg



    අද වගේම එදත් මුස්ලිම්වරු හිටියේ තමන්ව ලොකු කරගත්තු හීන ලෝකෙක.
    යුද්ධය පුරාවට අරාබි Radio තමන් ඊශ්‍රායලයේ ජයග්‍රහණය කරපු සටන් ගැන බොරු News කියන්න ගත්තා.
    අරාබි Army Leaders ලා හෙට Tel-Aviv වල lunch එක ගන්න හැටි ගැන පොර talks දෙන්න ගත්තා.

    8iq0utmp3yp24gozg.jpg


    හැබැයි ඊශ්‍රායලයත් මුල් කාලෙ තමන් දිනපුවා Radio වල කිව්වේ නැහැ ? ඒ මොකෝ ? o_O

    ආරාබීන් හොම්බෙන්න යන්න කන හැටි ලෝකෙට ගියොත් UN, USA එක සටන් විරාමයක් ගේන නිසා
    එතකොට හිතේ හැටියට ඊශ්‍රායලයට ගහන්න වෙන්නෙ නැති නිසා.

    නමුත් පස්සෙ කාලෙක ආරංචි එලියට ගියා. මේ වෙනකොට ඊශ්‍රායල බටහිරින් මුළු Sinai ම අල්ලලා ඉවරයි.
    සූවස් ඇළෙන් එහා තිබ්බේ කයිරෝ.... ඊජිප්තුවේ අගනුවර. නැගෙනහිටින් මුළු West Bank ම අල්ලලා
    ජෝදාන ගඟෙන් එහා පැත්තටත් ගිහිල්ලා හිටියේ. ඊට එහායින් අමාන් (ජෝර්දාන් අගනුවර). අල්ලගත්තු
    Syrian Golan Heights වලට ලඟින්ම ඒ අයගෙ අගනුවර දමස්කස්.

    ඔන්න දැන් අරාබීන් ගෙ සද්ද බැහැලා තිබුණා. ඒ ගොල්ලො ඊශ්‍රායල හමුදා නවත්තලා දෙන්න කියලා
    රුසියාවට ආයාචනා කරන්න ගත්තා. රුසියාව ඒ අඳොනාව ඇමරිකාවට forward කළා. ඇමරිකාව
    දැඩි බලපෑම් කරලා ඔන්න යාන්තං ඊශ්‍රායල නවත්තගත්තා.
    හැබැයි අන්තිමට ඊශ්‍රායල ජයග්‍රහණ ඔක්කොම ඇමරිකාවෙ account එකට බැර කරලා ලැජ්ජාව වහගන්න
    ඊජිප්තු සහ ජෝදාන නායකයෝ phone එකෙන් කතා වෙනවා.

    ඒත් මේ call එකට intercept කරගන්න කාර්‍යශූර ඊශ්‍රායලීය බුද්ධි අංශ සමත් වෙනවා. ඒ call එකේ record එක මුළු
    ලෝකෙටම ප්‍රචාරය කරනවා.
    හොර ඔක්කොම එළිවෙලා අරාබි රටවල් තවත් නෝන්ඩි වෙන්න ගත්තා.

    “Death to America” කියලා පඹයෝ, කොඩි පුච්චන්න හපන්නු උනාට, ඇමරිකාව නොහිටින්න ඊජිප්තුව,
    ජෝර්දාන, හා සිරියා වල අගනුවරවල් ටිකවත් ඊශ්‍රායලයෙන් බේරගන්න අරාබීන්ට වෙන්නෙ නැහැ.

    මේක ඉවර වද්දි ඊජිප්තුවේ හමුදාවෙන් 80% විනාශ වුණා. ඊජිප්තුව, ජෝර්දානය සහ සිරියාවෙ ගුවන් හමුදාව
    මුළුමනින්ම වගේ සුනුවිසුණුවෙලා තිබුණා. අරාබි සෙබලු 20 000 කට ආසන්න ප්‍රමාණයක් ඊශ්‍රායල හමුදා
    අතින් ඝාතනය වුණා.

    ඊජිප්තු හමුදා නායකයා සියදිවි නසාගත්තා. ඊජිප්තු රටේ නායකයත් පස්සෙ කාලෙකට Heart Attack එකකින්
    මැරුණා.

    ඒත් සටන් බිම්(fronts) 3 න්ම ඊශ්‍රායාලය හමුදා සෙබලු 700 ක් විතරයි නැතිවුණේ.

    ඊශ්‍රායලයේ මේ කොටසේ පළල හැතැප්ම 9 විතරයි.

    co9uj42azb5eudpzg.jpg


    මුළු යුද්ධය පුරාවට අරාබීන් full try එක දුන්නෙ අඩුම තරමේ මේ කොටස වත් අල්ලගන්න. එහෙම අල්ලගත්තා නං
    ඊශ්‍රායල 2 කට බෙදෙනවා. නමුත් රටවල් 4 ම හමුදාවලටවත් මේක කරන්න ඊශ්‍රායලිකයෝ ඉඩ දුන්නේ නැහැ !

    මොන අතින් උපායශීලි වුණත් ඊශ්‍රායලය කියන්නෙ 100% සුපිරිදු ශාන්තුවරයො නෙවෙයි. සමහර අවස්ථා වලට
    අරාබි ම්ලේඡ්චත්වයට උත්තර දෙන්න ගිහින් යුදෙව්වොත් ඒ තත්වෙට ඇදවැටුනා.
    මේ යුද්ධයේදි ඊශ්‍රයාලීය ගුවන් හමුදා Napalm භාවිතා කළා. මේකෙ තියෙනෙ ම්ලේඡ්චත්වය නිසාම පස්සෙ
    කාලෙක ජිනීවා සම්මුතියෙන් Napalm පාවිච්චි කරන එක තහනම් කළා.


    • Aftermatch -

    ජෙරුසලම නැවතත් යුදෙව් පාලනයට අයත් වෙන්නෙ අවුරුදු දහස් ගණනකට පස්සෙ.
    නමුත් යුද්ධය ඉවර වෙලා ජෙරුසලෙමට එන යුදෙව්වන්ට දකින්න ලැබුණෙ මොකක්ද ?

    හරියටම තමන්ගෙ 2 වෙනි Temple එකේ නටබුන් උඩ හදපු මුස්ලිම් පල්ලියක් (Al-Aqsa) !!!
    ඊට එහායින් තියෙන තවත් මුස්ලිම් සිද්ධස්ථානයක් (Dome of Rock) !
    wrzoab257kg9l91zg.jpg


    ලංකාවේ කුරගල වගේ තමයි, මුස්ලිමුන් කොහේ ගියත් අනිත් අයගේ පෞරාණික පුදබිම් උඩ පල්ලි හදලා
    ඒවට අයිතිවාසිකම් කියන්න තමයි හදන්නේ.

    ඉතිං මේ පල්ලී දැකපු ඊශ්‍රායල වැසියෝ ඒක කුඩු පට්ටම් කරල දැම්මද ? …… නෑ

    මැදපෙරදිග තියෙන සියලූම රටවල් දණ ගස්සන්න තරම් යුධ බලයෙන් පොහොසත් වුණත්, ඒවා නැවතත්
    මුස්ලිම් සංවිධානයටම(waqf) පවරල දෙන්න ඊශ්‍රායල රජය තීරණය කරනවා.

    මුස්ලිම් ආගමික සංවිධාන ඇෆ්ගනිස්තානයේ පාලු කාන්තාරයේ බාමියන් බුදු පිළිමය පුපුරුවා හරිද්දි,
    යුදෙව්වන් තමන්ට තියෙන එකම ශුද්ධවූ Temple එක උඩ හදපු මුස්ලිම් පල්ලිය නැවතත් මුස්ලිමුන්ටම ලබා
    දෙනවා වගේම ජෙරුසලමේ මුස්ලිම් ප්‍රදේශත් නැවතත් අරාබීන්ට බාර දෙනවා.

    ඒ විතරක් නෙවෙයි ගැටුම් ඇති වෙන නිසා මුස්ලිමුන් ඉන්න Temple Mount ඇතුලට තමන්ගේ යුදෙව්වන් එන එක
    සීමා කරන්නත් යුදෙව් යාඥා කරන්නත් බැරි වෙන විදිහට තමන්ම තමන්ට තහනමක් දාගන්නවා.

    ඊශ්‍රායලය මේ තරම් ඉවසීමෙන් වැඩ කළත්, මුස්ලිමුන් කාලෙන් කාලෙට මේ පල්ලි වල කල්ලි ගැහිලා ඊශ්‍රායලීය
    ආරක්ශක අංශ වලට මාරන්තික ගල් ප්‍රහාර එල්ල කරනවා. කල කෝලාහල ඇති කරනවා.

    2aqhypfn99clhdyzg.jpg


    යුදෙව්වන්ට මුළු ලෝකෙන්ම අංක 1 ට ශුද්ධ ම භූමිය මේක වුනත් අරාබීන්ට මේක 3 වෙනියට ශුද්ධ වූ ස්ථානයක්
    විතරයි. (1- මක්කම 2- මදීනාව)
    අරාබි ජාතිකයක් මේ Dome of Rock එකට පස්ස හරවලා මක්කම දිශාවට වඳින දර්ශන ඕනෙ තරම්
    තියෙනවා. සමහර අරාබි ළමයින් මේ භූමියෙ Football ගහන සෙල්ලම් පිටියක් විදිහටත් පාවිච්චි කරනවා.

    dtfglq8bd0s8v69zg.jpg


    මේවා Photoshopped කියල කෙනෙක්ට හිතෙනවනං ඕනෙ තරම් videos, ‍YouTube එකේ තියෙනවා.
    හොයාගෙන බලන්න.

    යුද්ධයෙන් පස්සෙ පවා පරික්ශාකිරීමකින් තොරව ඊශ්‍රායලයේ තියෙන අරාබි සිද්ධස්ථාන වැඳපුදාගන්න, අරාබි
    ජාතිකයන්ට ආරාධනා කරනවා. ඊශ්‍රායලය රටක් විදිහට හඳූනාගන්න කැමති නම් සාම සාකච්ඡා වලට එනවනම්. අර
    අල්ලගත්තු සියලුම ඉඩම් ආපහු දෙන්න සූදානම් බව ප්‍රකාශ කරනවා.

    යුද්ධයේදි සරණාගත වෙච්ච මුස්ලිම් වැසියොන්ට කිසිම අරාබි රටකින් වත් ස්ථිරව නවාතැන් දෙන්නෙ නැහැ.
    ඒත් ඊශ්‍රායල රජය මේ මිනිස්සුන්ට ආපහු West Bank වලට එන්න අවසර දෙනවා.

    ඒත් මේ මොකකින් වත් අන්තවාදී අරාබීන්ට යුදෙව්වො ගැන තියෙන වෛරය අඩු වෙන්නෙ නෑ. ඊශ්‍රායල
    රට ඇතුලට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරන්න මේගොල්ලො සැලසුම් කරනවා. නමුත් ඊශ්‍රායල ආරක්ශක
    අංශ මේවාට සාර්ථක ප්‍රති ප්‍රහාර එල්ල කරනවා.

    0e6fr0crydfdwczzg.jpg

    ඉතින් මෙන්න මේ විදිහට තමයි හැමදේම තමන්ගෙ අවාසියට තියෙද්දිත් හිතාගන්න බැරි විදිහට ඊශ්‍රායලය
    නැවත වතාවක් තමන්ගේ මුළු ලෝකයම පුදුම කළේ.

    --------

    මේ යුද්ධයේදි යුදෙව්වන් පාවිච්චි කරපු හැම උපායක්ම අදටත් කවුරුවත් දන්නෙ නෑ. අපි මේ කතා කළේ,
    ඊශ්‍රායලී‍ය ආරක්ශක අංශ පසු කාලීනව ලෝකයට හෙළි කරපු දේවල් විතරයි.

    Surprise Air Attack එක අසාර්ථක වුණා නම් මොකද කරන්නෙ ? Ground Invasion එක අසාර්ථක වුණා නං
    ඊලඟ plan එක මොකක්ද. මේ මොකක්වත් අදටත් ඊශ්‍රායලය හෙළි කරලා නෑ.

    හැබැයි මේ හැමදේටම ප්‍රධාන වූනෙ ඊශ්‍රායල බුද්ධි අංශය, තමන්ගෙ රටට එන අනතුරු කලින්ම ඉව කරපු නිසා.

    නමුත් මීට අවුරුදු 6 කට පස්සෙ එන Yom Kippur War එකේදි මේ වැඩේ කරන්න Mossad එක අසමත්
    වෙනවා. මේ පාර කවුරුත්ම හිතන්නෙ නැති විදිහට කිසිම අනතුරු ඇඟවීමකින් තොරව ආරාබී හමුදා, ඊශ්‍රායලය
    ආක්‍රමණය කරනවා. මේ සටනෙදි අරාබීන් ගෙ මාස ගණනක යුධ සැලසුම එරෙහිව ඊශ්‍රායලීය හමුදා අණදෙන

    නිළධාරීන් ගෙ තැනට සුදුසු නුවණ කරට කර හැප්පෙනවා.

    “ඒ ගැන…………... අපි මීලඟ ලිපියෙන් කතා කරමු” :D
    ------------------------------------------------------------------------

    මේ ලිපිය මේ තියෙන පින්තූරත් එක්කම බෙදාහදාගන්න බලන්න. Thread එක rate කරන්න. අළුත් දේවල් එකතු කරන්න :)

    කියවලා මහන්සි අයට මේ සිංදුවක් :P




    මේ ලිපි සියල්ල මුල ඉඳන් පිළිවලට බලන්න ඕනෙ නං මගේ BLOG එකට එබිලා යන්න :yes:
    http://theoth3rside.blogspot.com/