java web development 3 කොටස - IDE එක configure කරමු

J Sparrow

Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    java web development 3 කොටස - IDE එක configure කරමු

    හරි! ඔන්න අපි දැන් තවත් වැදගත් configuration එකක් කරගන්න යන්නේ! කට්ටියම STS download කරගන්න ඇති කියලා හිතනවා! :)

    කලින් lessons දැක්කේ නැති අය මේ ටික බලාගෙනම මෙතෙන්ට අවොත් හොඳා!

    1 -
    java web development පළමු කොටස
    2 - java web development දෙවෙනි කොටස - Application server එක configure කරමු.

    STS download කරගත්තේ නැත්තන් මෙන්න link එක :angry:
    https://spring.io/tools/sts/all

    ඔන්න අපි මුලින්ම STS ලොක්කව install කරගන්නවා.

    හරිම basic steps ටිකක් මුලින්ම තියෙන්නේ :yes:
    NvFuLe4.png


    next ඔබපියව් :D

    syBP91I.png


    Accept කරලා next ඔබපියව් :D
    **තොපේ ඉඩකඩම් දේපොළ ඔක්කොම මුන් ලියා ගන්නවා කියලා තියෙන්නේ! :P

    nZHR9wp.png


    Installation path set කරලා next ඔබපියව් :D

    wfXjiXz.png


    ඔය තියෙන හු යන්නවල් ඔහොම්මම තියෙන්න ඇරලා next ඔබපියව් :D

    GebcToG.png


    හරි! ඔන්න දැන් තමයි important point එකකට අවේ!
    ** දැන් ඔතන JDK path එකට set කරන්න ඕනේ java home path එක.

    හරි! ඔන්න දැන් මූ install වෙනවා

    0wmswDU.png


    ටිකක් ඉවසපියව් යකුනේ! :angry: තොපිට උවමනාවට මෙව්වා install වෙන්නේ නෑ බොලව්!:P

    09DONuo.png


    අහ්! ඔන්න දැන් හරි! :yes: next ඔබපියව්!

    MFoAUcL.png


    next ඔබපියව් :D

    z2f6WZG.png


    finish ඔබපියව් මයේ එළකිරි කොළු පැටව් ටික! :cool:

    bXee5qE.png


    splash screen එක ආවා! තව ටිකකින් මූ load වෙනවා! ඉවසපියව්! :D

    mwXsky7.png


    මොන හු යන්නක්ද මේ?
    :angry:
    හරි!
    මම පැහැදිලි කරන්නම්!
    මේ ඉල්ලන්නේ බොලාලා කරන projects save කරන්න ඕනේ location එක!
    සිංහලෙන්ම කිව්වොතින් workspace එක!
    මේකට බොලාලා කැමති තැනක් දෙන්න පුළුවන්.
    ** කෝකටත් workspace-sts-3.5.1.RELEASE කියන කෑල්ල ඉතුරු කරලම දීපල්ලා!

    දැන් OK ඔබපල්ලා (අර tick එකත් දාපියෝ! නැත්තන් මූ up වෙන හැමවෙලේම මේක ගැන අහනවා)

    bXee5qE.png


    ඔන්න ආයෙත් Splash screen එක ඇවිල්ලා load වෙන්න ගන්නවා!
    මේ පාරනම් ටිකක් විතර වෙලා යයි. :rolleyes:
    මොකද ඔක්කෝම configuration load කරගෙන තමයි STS ලොක්කා up වෙන්නේ!

    wlF0IUI.png


    හරි කොල්ලනේ ඔන්න ආවා!

    ඔය රතු පාටින් පෙන්නලා තියෙන්නේ default package (Server configuration) එක! ඒක ගැන වැඩිය හිතන්න එපා!

    ඔන්න දැන් පොඩි වැඩක් කරන්න තියෙනවා!

    අපි කලින් configure කරගත්ත tomcat මල්ලීව මේ STS ලොක්කට introduce කරලා දෙන්න ඕනේ!
    නැත්තන් මුන් දෙන්නට එකට වැඩ කරන්න බෑ! කොටින්ම තොපිට web project හදන්න බෑ බොලව්!


    චූටි වැඩ වගයක් තියෙනවා.

    1 - අපි මුලින්ම අළුත්ම අළුත් server එකක් හදන්න ඕනේ! (Inside STS)

    zA04PcA.png


    (ඔය VMware vFabric tc...bla bla bla කියන ඉලව්ව ගනන් ගන්න එපෝ! ඒක ගැන පස්සේ කියලා දෙන්නම් ;))


    හරි! ඔය වම් පැත්තේ පහලම කෙළවරේ පේනවාද බොලාට Servers කියලා tab එකක්? අන්න ඒකේ මැද හරියේ right click කරපල්ලා!
    හරි! දැන්, new ---> Server

    jJVuCj2.png


    උඹලට පේනවද දැකලා පුරුදු application server එකක නමක්? :cool:
    ඔව් ඔව්? Apache තමයි! අන්න ඒක click කරලා expand කරගනින්ලා.

    eSNtSn9.png


    good!!!
    දැන් අපේ tomcat මල්ලීට අදාල version එක select කරලා next කරපියෝ!

    EM552JZ.png


    තව 'හු' යන්නක්!
    ගණන් ගන්න එපා,
    ඔය tomcat installation directory කියන තැනට tomcat home path එක දීපල්ලා!
    JRE කියන තැනට එතනම තියෙන drop down එක click කරලා බොලාගේ jdk version එක දීලා finish කරපල්ලා. (Simple :cool:)


    EEJva0S.png



    ඒ වැඩෙත් හරි! ඔන්න අපේ අළුත්ම අළුත් server එක add වෙලා!
    ඔය server එකට උඩින් තියෙන්නේ server එක start කරන button එක.
    බොලාට පේනවා ඇති server panel එකට දකුණු පැත්තෙන් තියෙනවා, console කියලා තව
    panel එකක්. ඒක ගොඩාක් useful අපිට outputs බලා ගන්න!
    ** useful outputs මොනවද කියලා ඊළඟ step එකේදි බොලාට බලාගන්න පුළුවන්.

    2 - දැන් server එක start කරලාම බලමු!

    ඔව් ඔව්! අර කොළ පාට button එක click කරලා තමයි! :yes:

    7PytK6F.png


    පේනවානේ? server එකේ status එක change වෙලා [Started,Synchronized] කියලා.
    දැං console එක බලපුවාම පේනවා ඇති INFO : Server startup in XXXXX ms කියලා!
    හරි! Sever එක start උනා කියන එක දැන් අපිට confirm.:cool:

    දැන් හරිනම් අපිට එදා වගේ (lesson 2) browser එකේ host url එක type කරලා tomcat මල්ලිව access කරන්න පුළුවන් වෙන්න ඕනේ.

    හොඳායි! අපි ඒකත් කරලා බලමු! :D

    tJZ1Dnu.png


    මොන හු*තක්ද යකුනේ මේ?? tomcat මල්ලී not found කියන්නේ! :angry::sorry:

    හරි හරි බයවෙන්න එපා! තව ජුන්ඩි වැඩක් කරන්න ඕනේ! :P:P:yes:

    3 - Server settings ටිකක් වෙනස් කරමු!

    JU0iPAl.png


    ඔක්කෝටම කලින් start උන server එක අපි stop කරන් ඉන්න ඕනේ!
    උඩම තියෙන රතු පාට button එක click කලාම server එක stop වෙනවා.
    ** Console එකේ server එක stop උනා කියන message එක එනකන් ඉන්න.
    server එකේ status එක [Stopped,Republish] උනාට පස්සේ server එක උඩ double click කරපල්ලා. :yes:

    S3uo6dS.png


    දැං බොලාට පේනවා ඇති වෙලා තියෙන සන්තෑසිය! :angry:
    ඔය දකුණු පැත්තේ server location panel එකේ options 3ක් තියෙනවා පේනවද උඹලට?
    by-default select වෙලා තියෙන්නේ ඔය උඩම තියෙන option එක.
    ඒක change නොකරන තාක් කල් අපිට tomcat මල්ලිගෙන් වැඩක් ගන්න බෑ!
    (ගන්න පුළුවන් ක්‍රම තියෙනවා තොපිට ඒවා දැන්ම වැඩක් නෑ :P )

    හරි දැන් ඒකේ 2 වෙනි option එක අපි select කරනවා.

    AIVIvFc.png


    පේනවද උඹලට ඒක select කරනවත් එක්කම server path කියන text box එකේ value එකත් change උනා? ;)
    ** දැන් තමයි STS ලොක්කා හරියටම tomcat මල්ලිව දැන අඳුන ගත්තේ. :cool:

    දැන් normal file එකක් save කරන විදියට ඔය කරපු changes save කරගමු.
    ** ctrl + s ගහපල්ලා (පොඩි උන් වගෙ බං තොපිලා! :angry:)

    4 - දැන් ආයෙත් server එක start කරලා බලමු!

    FKfDzdM.png



    ඔන්න ආයෙත් console එකේ නම් පෙන්නුවා tomcat මල්ලී up උනා කියලා! කෝකටත් ආයෙමත් browser එකෙත් කොටලාම බලමු!

    dW8dubs.png


    ඔන්න ! හරිනේ දැං? :cool::D:lol:

    5 - Additional configurations

    bXsvvod.png


    ඔය මම highlight කරලා තියෙන තැන් දෙකේම time එක ටිකක් වැඩි කරගත්තොත් හොඳා!

    ** time එක දෙන්න ඕනේ තත්පර වලින්. විනාඩි 2 ගානේ වගේ දාපල්ලා!
    ** changes save කරගමු. (ctrl + s ගහපල්ලා!)
    ** මම කලින් කිව්වානේ? අපි අයෙත් tomcat මල්ලීව startup.bat එක use කරලා up කරන්නේ නෑ කියලා? මීට පස්සේ අපි tomcat මල්ලිව up කරන්නේ මේ STS ලොක්කව use කරලා!

    ඔන්න final configuration එකත් කරගෙන ඉවරායි!
    සතුටුයි බොලව්! :yes::nerd:

    අපි next lesson එකේ ඉඳලා developments පටන් ගන්නවා!
    ඒ ටික මම ready කරනකන් උඹලා මේවා ටික හරියට config කරන් තියන් ඉඳපල්ලා!
    ආ මඟ කෙටියි! යා යුතු මඟ දුරයි! (අව්ල් තැන් තියෙනවානම් clear කරගෙන ඉස්සරහට යමූ! )

    තව දෙයක් මචන්ලා, එකම thread එකේ දාන්නේ නැතුව lessons වලට වෙන වෙනම threads open කලේ මේකේ පිළිවෙලක් තියෙන්න ඕනේ හින්දා.
    ඒ ඒ thread එකට අදාල ගැටළු තියෙන තැන් අපි අදාල thread එකේම discuss කරමු. නැත්තං ඔක්කෝම කැඳ හැලියක් වෙනවා

    මේකට උඹලගේ කැපවීම අනිවාර්යයි! මට පුලුවන් බොලාට මඟ පෙන්නන්න විතරයි!

    එහෙනම් හැමෝටම ජය!

     
    Last edited: