එළකිරියේ බයියෝ,ටෝයියෝ, ජෙප්පෝ, වහල්ලු වෙත
මම පුළුවන් තරම් ලංකාවෙ දේශපාලනේ ගැන කතා වලින් ඈත් වෙලා ඉන්නෙ, මොකද මට එච්චරට දේශපාලනේ තිත්ත වෙලා තියෙන්නෙ. ඒත් මේ එළකිරියේ යන විගඩම් දැක්කම දෙයක් කියන්න ඕන කියල හිතුන.
සෑම පුරවැසියෙක්ටම, තමන් කැමති දේශපාලන පක්‍ෂයකට චන්දය දෙන්න අයිතිය තියනව.
ඒ නිසා, තමන් විරුද්ධ පක්ෂෙකට චන්දෙ දුන්න කියල, අනෙක් අයට අපහස කරන එකේ සදාචාරාත්මක වැරද්දක් තියනව.
මෙහෙම කිව්වට උඹල හැදෙන්නෙ නැති බවත් මම දන්නව.
ඒක නිසා කෙලින්ම මම කියන්න ආව දේ ගැන කතා කරන්නම්.
චන්ද කාලෙට මඩ ගහගන්න එක සමාන්‍යයිනේ. ඒත් මේ පාර බොහොම හිරිකිත මඩ ගසාගැනීමේ කලාවක් මම දැක්ක.
ඒක තමයි, අනෙක් පැත්තෙ කුණු පෙන්නලා, තමන්ගෙ පැත්තෙ කුණු වහන්න හදන එක.
ඒත් යථාර්තය තමයි, කුණු කියන දේ එහෙම වහන්න බැරි වීම. හොඳට සබන් ගාල හේදුවේ නැත්නම්, රත්තරං තිර දාල වැහුවත් කුණු ගඳ එනව.
රටේ අවාසනාවට, කුණු නැති කිසිම පක්ෂයක් දැන් ලංකාවේ නෑ. තමන්ගෙ කුණු හෝදගන්න පොඩි හරි උත්සහයක් දරනව වෙනුවට, අනුන්ගෙ කුණු දිහා ඇඟිල්ල දික් කර කර ඉන්නව.
මේ ගඳ ගැහිල්ල දැන් එළකිරියටත් පැතිරිල තියෙන්නෙ. තමන්ගෙ පුද්ගලික වාසි තකා කිහිපදෙනෙක් මේ රැල්ලට මුලපුර දීගෙන ගෙනියනව (නම් සඳන් කිරීමෙන් වළකිමි.) වැඩිය හිතන්නෙ නැති අයත් මේ රැල්ලටම අහුවෙලා, වෙනදට හොඳින් හිටපු එවුන් එක්ක කුණුහරපෙන් බැනගන්නවා.
සමහර ත්‍රෙඩ් දැක්කම හිතෙනව එළකිරියේ ඉන්න හුඟදෙනෙක්ට එක සරල සංකල්පයක් හරි හැටි වැටහිලා නැති බව.
මොකද ඕක තේරුනානම්, ලජ්ජාවක් නැතුව, වෙනත් දේශපාලන පක්‍ෂයකට කැමති මිනිස්සුන්ට බනින්න බෑ; මේ පාර චන්දෙ ඉල්ලන එකෙක්වත් සුද්දවන්තයෝ නෙමෙයි.
ජාතියේ අවාසනාවට දැන් රටේ මිනිස්සුන්ට කුණු අඩු එවුන් හොයල චන්දෙ දෙන්න වෙලා. ඒකට අපි ජාතියක් විදිහට ලැජ්ජා වෙන්න ඕන.
එහෙම නැතුව එක පක්ෂයක් 100% හරි කියල කෙනෙක් කෑගහනවානම්, එක්කො එයා කරන්නේ මුලාවක්, නැත්නම් එයාට ලැජ්ජාවක් කියල දෙයක් නැති වෙලා.
ලැජ්ජාවක්, බුද්ධියක් තියන කිසිම මනුස්සයෙක් මේ පාර චන්දෙ දෙන්නෙ තමන් දෙන චන්දෙ ගැන ආඩම්බරයෙන් නෙමෙයි. ඔය දෙකම නැති අය තමයි කෑගහල, අනුන් වෙනුවෙන් කඩේ ගිහිල්ල හා මඩ ගහගෙන රණ්ඩු වෙන්නේ.
ඒක නිසා දැන්වත් අපේ එලකිරියෙ බුද්ධිමත්තු ටික අගෞරවාන්විත චන්දයක් වෙනුවෙන් රණ්ඩු වෙන එක අඩු කරගන්න උත්සහයක් දරමු. ඊට පස්සෙ රට ගැන හිතල තනි ඇහෙන් අඬමු.

තව කෙනෙක්ගේ වැරදි පෙන්නපු පලියට, තමන්ගෙ තියන වැරදි මැකෙන්නේ නැති බව.

rep+