සෙනෙහසේ සොදුරු බව අමුනා
හද ගැහෙන රිද්මයට ගලපා
හෙමි හෙමින් සවනතට කොදුරා
රහසින් කීවා....
හසරැල් යාය මතින් මැවෙනා
පැතුමි පිනි සිහිලසින් දවනා
හැගුම් දහරින් දිලී දිලෙනා
තුන්හිත සනහා....
නෙතු නොනිමෙන මොහොතක විමසමී
හද පවසන රහසක හිතවතී
තව ලං කරගන්නට සිතුනී
මට නම් ඔය දැතින් අල්ලා.....
පැතුමන් මතින් සුසුම් පිසදා
හැගුමන් පෙලින් පෙලට අමුනා
පෙරුමන් හිතින් එලිය කරනා
සඳ සේ පායා....
ලගම දැවටෙන්න උනුහුමේ
බලා ඉද ඇස් දල්වා
හිතක් මත පිපුන සැනසුමේ
පියුම් පොද සේමා.....
පෙම් හීන නෙත් යුගින් දකිනා
බොඳ වෙන්න පෙරසිතේ සගවා
මතකයෙහි හි පාට තවරා
සිත්තම් කරවා....