මරා ත්‍රස්තවාදීන්ට කප්පම් ගෙවූ රාඩා මගඩි

monson

Well-known member
  • May 7, 2007
    25,505
    28,316
    113
    මරා ත්‍රස්තවාදීන්ට කප්පම් ගෙවූ රාඩා මගඩි

    මරා සහ ටිරාන් ත්‍රස්තවාදීන්ට කප්පම් ගෙවූ රාඩා මගඩිය..! මරා කුරුණෑගලින් මන්ත්‍රීවුනත් දේශපූර්ණත්වය උල්ලංඝනය කිරීම නිසා මන්ත්‍රීකම අහෝසි වී, දේපොල රාජසන්තක වී, ප්‍රජා අයිතියද නැතිවන හැටි චම්පික හෙලිකරයි

    රාඩා මගඩිය මගින් මහින්ද රාජපක්ෂ සහ ටිරාන් අලස් චේතාන්විතව එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ට මුදල් ලබා දී ඇති බවට සියලු සාක්කි තිබෙන බවත් ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් රටේ දේශපූර්ණත්වය උල්ලංඝණය කිරීම අනුව මහින්ද රාජපක්ෂ කුරුණෑගල මන්ත්‍රී ලෙස පාර්ලිමේන්තුවට පැමිණියද ටික දිනකින්ම මන්ත්‍රී ධූරය අහෝසි කර, දේපොල රාජසන්තක කර, වසර 7 කට ප්‍රජා අයිතිය අහෝසි කරන බවත් ටිරාන් අලස්ටද එයම සිදුවන බවත් ඇමැති චම්පික රණවක මහතා අද විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් සියළු සාක්කි ඉදිරිපත් කරමින් පැවසීය.

    ඔවුන් දෙදෙනා ත්‍රස්තවාදින් සමග කළ ගනුදෙනුවල සිය‍ලු ලිඛිත සාක්ෂි තමන් සතු බවත්, හැකිනම් විවෘත සංවාදයකට පැමිණෙන ලෙසත් අභියෝග කළ චම්පික රණවක මහතා මෙසේ සියල්ල විස්තර කෙළේය.

    Namal_with_Emilkanthan_LTTE_London_LeN_15.01.2010.jpg


    “මෙම ත්‍රස්තවාදී ගණුදෙනුවේ ආරම්භය සිදුවන්නේ 2005 ජනාධිපතිවරණයට පෙර සිට. මහින්ද රාජපක්ෂ මහතා විසින් ටිරාන් අලස් වෙත කරන ඉල්ලීමක් අනුව මෙය සිදුවෙනවා. ඒ ඉල්ලීම කොටි සංවිධානය සමග කිසියම් සබඳතාවක් පවත්වා, උතුරේ ඡන්ද වර්ජනය කිරීමට එය යොදවාගන්නා ලෙස කළ ඉල්ලීමක්. ඒ කාලයේ ටිරාන් අලස් සී.ඊ.බී. නමින් ආයතනයක් පවත්වාගෙන ගියා. එමගින් උතුරු නැගෙනහිර පළාත්වල දුරකතන සමාගම්වල වැඩ සිදුකළා. එ අනුව ඔහු කොටි සංවිධානය සමග සබඳකම් පවත්වනු ලැබුවා. 2007.02.12 දින ඔහු විසින් ලබාදුන් දිව්රුම් ප්‍රකාශ මගින් ඔහු පිළිගෙන තිඛෙනවා බැසිල් රාජපක්ෂ මහතා සහ එමිල් කාන්තන් නැමති කොටි සංවිධනයේ නියෝජිතයා සමග සාකච්ඡා කළ බවත්, ඔවුන්ට මුදල් ලබාදුන් බවත්. එය සිදුවී තිඛෙන්නේ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධූරයේ කටයුතු කරන කාලයේ එම මුදල් වලින් ත්‍රස්තවාදින් විසින් බෝට්ටු මිලදී ගත් බවත්. ටිරාන් අලස් මහතා ප්‍රකාශ කර තිඛෙනවා. ටිරාන් අලස් මහතාගේ නිවසට එල්ල කළ බෝම්බ ප්‍ර්‍රහාරයෙන් පසු මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා මේ සියල්ල හෙළිකරනු ලැබුවා. ත්‍රස්තවාදීන් සමග කළ මුදල් ගනුදෙනු වල වීඩියෝ සහ වාර්තා තමන් සතුව තිඛෙන නිසා එය විනාශ කිරීමේ අරමුණෙන් ඔහුගේ නිවස කොල්ල කෑ බවත්, ප්‍රහාරයේ අරමුණ එය බවත් ප්‍රකාශ කළා. එල්.ටී.ටී.ඊ. යට තමන් අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කරන කාලයේදී මුදල් ලබාදුන්නාය කියන චෝදනාව මහින්ද රාජපක්ෂ හෝ බැසිල් රාජපක්ෂ මේ වනතුරුත් ප්‍රතික්ෂේප කර නැහැ.

    Tiran-a.jpg





    මහින්ද ජනාධිපති වීමෙන් පසු ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබුණේ ප්‍රභාකරන් සමග සෘජු සාකච්ඡා වලට යොමුවන බවයි. ප්‍රභාකරන් විසින් 2005.12.27 දින ඊනියා මහා වීරදින කතාවේදි මහින්ද රාජපක්ෂ ‘ප්‍රායෝගික නායකයෙක්‘ ලෙස සඳහන් කළා. මිස්ටර් ප්‍රභාකරන් ලෙස අමතා සාකච්ඡා වලට ආරාධනා කලේ මහින්ද රාජපක්ෂ. මහින්ද රාජපක්ෂ දෙබිඩි චරිතයක්.

    මහින්ද රාජපක්ෂ ඔහුගේ අමාත්‍යාංශයත් යටතේ රාඩා නමින් ආයතනයක් ඇති කරනවා. එම ආයතනය පිහිටුවන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පවත්වාගෙන ගිය Reppla, Tafren, Tafor ආයතන එක්කොට මෙහි අධ්‍යක්ෂ මණ්ඩලය ලෙස ටිරාන් අලස් සභාපති ලෙස පත් කරනවා. බී. අබේගුණවර්ධන, තිලක් අමුණගම, ශාන්ති ප්‍රනාන්දු, සාලිය වික්‍රසූරිය යන අය සම්බන්ධවී තිබෙනවා. රාඩා ආයතනයට ජාතික ඉතිරිකිරීමේ බැංකුව හා සංවර්ධන අමාත්‍යාංශය මගින් ප්‍රතිපාදන ලබාදී තිබෙනවා.

    2005 අග භාගය වනවිට මෙම පිරිස කිලිනොච්චියට ගිහින් ‘පූවන්නන්‘ නැමති එල්. ටී.ටී. ඊ. නායකයා හමුවි සාකච්ඡා කර සුනාමි නිවාස 1200 සෑදීමේ ව්‍යාපෘතියක් ගැන කතාබහ කරනවා. මෙය කොටි සංවිධානයට අරමුදල් ලබාදීමට කළ ව්‍යාජ වැඩපිළිවෙලක්. මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත මුදල රු. මිලියන 800 ක්. භාණ්ඩාගාර නිලධාරියා එය නීත්‍යානුකූලව ලබාදිය නොහැකි බවත්, කැබිනට් පත්‍රිකා අනුමැතිය තිබියයුතු බවත් සඳහන් කර තිඛෙනවා. මහින්ද රාජපක්ෂ එවිට සිදුකළේ කැබිනට් මණ්ඩලයට දැනුම්දීමක් පමණක් සිදුකර මුදල් ඇමති ලෙස මිලියන 800 ක් නිවාස ගැනීම සඳහා ඉදිරිපත් කිරිම. එයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී නැහැ.

    ජී.එල්. බිල්ඩර්ස් ඇන්ඩ් කන්සල්ටර්, සී.එන්.කේ. හෝල්ඩිංන්ස්, එවරස්ට් සිවිල් ඉන්ජිනියර් ප්‍රයිවට් ලිමිටඩ් යන ආයතන 03 හරහා මෙම මිලියන 800 කොටස් වශයෙන් නිකුත් කළා. මෙම ආයතන 03 ලිපි ශීර්ෂ වලට පමණක් සීමාවුණු ආයතනයක්. කිසිදු සොයාබැලීමකින් තොරව මුදල් ලබාදුන්නා. මෙය ටිරාන් අලස්ගේ අනුදැනුම ඇතිව එම කටයුතු සිදුවුණා. 2006 මාවිල්ආරු සිදුවීම ආරම්භ වුවත්. මෙම මුදල් ගනුදෙනුව සිදුවුණා. 2006.06.22 දින බී.කේ. හෝල්ඩිංන්ස් ගිණුමෙන් මිලියන සියයක මුදලක් ටිරාන් අලස්ගේ සී.ඊ.බී. කාර්යාලයේදී ටිරාන් අලස්ට ලබාදීම 2006.05.10 බී.කේ. හෝල්ඩිංස් ගිණූමෙන් (රු.5700,000 ක් ) ලක්ෂ පනස් හතක් ලබාදෙනවා. 2006.05.30 එවරස්ට් සිවිල් ඉන්ජිනියර්ස් සර්විසර්ස් ගිනුමෙන් රු. ලක්ෂ සියයක් (රු.10,000,000 ක් ) බැංකුවෙන් ලබාගෙන එමිල් කාන්තන් සමග ගොස් සී.ඊ.බී. කාර්යාලයේදී ටිරාන් අලස් ගේ අතටම ලබාදෙනවා. 2006.05.31 දිනද එවරස්ට් සිවිල් ඉන්ජිනියර්ස් සර්විසර්ස් ගිණූමෙන් රු. ලක්ෂ සියයක් (රු10,000,000) මුදලක් ටිරාන් අලස්ට ලබාදි තිබෙනවා. රාඩා ආයතනය හරහා මහා භාණ්ඩාගාරයෙන් නිකුත් කරන ලද මූල්‍ය ප්‍රතිපාදන වලින් රු. මිලියන 169 ට අධික මුදලක් කොටි ත්‍රස්තාවදීන්ට ලබාදීලා තිබෙනවා.



    මේ නඩුව ඇසිය යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොවේ. මේ නඩුව මගින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගෞරවයත් කෙලෙසනවා. රණවිරුවන් 26,000 ක් ඝාතනය කර, සිවිල් වැසියන් 9000 ක් ඝාතනය කළ ත්‍රස්තවාදී සංවිධානයට මුදල් උපකාර කළ ඔවුන් මානව හිමිකම් ගැන කතා කරනවා. ටිරාන් අලස් අත්අඩංගුවට ගැනීමෙන් වැලකී සිිටින්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුව දිගින් දිගටම කල් දැමීම නිසා. යුක්තිය පසිඳලීම පසෙක තබා ටිරාන් අලස්ව ගලවා ගැනීමට ඇතැම් මිනිසුන් ක්‍රියාත්මක වෙනවා.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 වන සංශෝධනය මගින් ඇතිකළ 157 - 1 වගන්තියට අනුව දේශපූර්ණත්වය වගන්තිය යටතේ ශ්‍රී ලංකාව තුළ වෙනත් රාජ්‍යයක් බිහි කිරීමට ආධාර දෙන, අනුබල දෙන අනුග්‍රහය දක්වන, මුදල් යොදවන ඕනෑම තැැනත්තෙක් ව්‍යවස්ථාවට අනුව අධි චෝදනා ගොනුකර අභියාචනා අධිකරණයේ පවත්වන නඩු විභාගයෙන් පසු වසර 07 කට ප්‍රජා අයිතිය අහිමි වෙනවා. චංචල හා නිෂ්චල දේපල රාජසන්තක වෙනවා. ඔහු මන්ත්‍රීවරයෙක් නම් සියළු ධුර අහිමි වෙනවා. ඒ අනුව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවට ආවත් මහින්ද රාජපක්ෂට හා ටිරාන් අලස්ට සිදුවන්නේ එකම දෙයයි “ චම්පික රණවක වැඩි දුරටත් පැවසීය

    මෙම මාධ්‍ය හමුවේ සම්පූර්ණ වීඩියෝව පහතින්




    - http://www.lankaenews.com/news/2463/si
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,851
    40,580
    113
    ටිරාන් රෙදි ඇඳගෙනද බන් මහින්ද එක්ක ඉන්නේ :dull:
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,339
    9,103
    113
    Around the world
    ටිරන්ටයි මහින්දටයි දෙන්නටම දෑන් එකම විකල්පය කොහොමහරි ආන්ඩුවක් හදා ගෙන මේවා යටපත් කර විලි වහගන්න එකයි.
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ටිරාන් රෙදි ඇඳගෙනද බන් මහින්ද එක්ක ඉන්නේ :dull:
    හරිනෙ බං
    ටිරාන් මහින්දගෙ නම්බුව කෑව
    මහින්ද ටිරාන්ගෙ ගේ ගිනිත්බ්බ
    2/2 = 0
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,339
    9,103
    113
    Around the world
    මහින්ද කොන්ද පන ඈති නායකයෙක් නම් චම්පිකගෙ අබියොගය බාර ගෙන සජිවි විවාදයකට පෑමිනිය යුතුයි
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මෙව්ව තැන් තැන් වල කියව කියව ඉන්නේ නැතුව යතාර්තයක් උනොත් හොදා !:yes::yes: කැරි සීන් බං මෙව්ව ! rep+
     

    saman_kgsk

    Member
    Apr 2, 2008
    20
    12
    3
    ඔච්චර සාක්ශි තියනවනම් ෆියිල් මිටිපිටින් තියනවනම් මොකටද මෙ **කය මාධ්‍ය ඉස්සරහ පොරටොක් දෙන්නෙ, ඔකත් අරන් පලයන්කො උසවියට?? චන්දෙට දවස් පහක් තියගෙන අම්මට **කවනව මෙතන පරන අන්ඩුව කලෙ එකර කඩෙගිහින්, පස්සෙ යහපාලනයට කඩෙගිහින්, දන් UNP එකට කඩෙයනව, අනෙමෙහෙමත් ------
     

    saman_kgsk

    Member
    Apr 2, 2008
    20
    12
    3
    ඔච්චර සාක්ශි තියනවනම් ෆියිල් මිටිපිටින් තියනවනම් මොකටද මෙ **කය මාධ්‍ය ඉස්සරහ පොරටොක් දෙන්නෙ, ඔකත් අරන් පලයන්කො උසවියට?? චන්දෙට දවස් පහක් තියගෙන අම්මට **කවනව මෙතන පරන අන්ඩුව කලෙ එකර කඩෙගිහින්, පස්සෙ යහපාලනයට කඩෙගිහින්, දන් UNP එකට කඩෙයනව, අනෙමෙහෙමත් ------
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පාඨළී චම්පික රණවක නම් මේ මිනිසා ගැන විශ්වාසය තැබිය හැකිදැයි ඇසිය යුතුව තිබේ.
    ඔහු මහින්දට හේත්තු වී සිටින කාලයේ රනිල් වික්‍රමසිංහ යනු කොටින්ට උඩ ගෙඩි දෙන්නෙකි. රට බෙදන්නෙකි.
    ඔහු රනිල්ට හේත්තු වී සිටින විට මහින්ද දේශද්‍රෝහියෙකි, කොටින්ට කප්පම් දුන්නෙකි....

    මේවාට සිනා විය යුතු ස්ථානයක් සිතා ගත නොහැකිව සිටිමි!!!
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,851
    40,580
    113
    පාඨළී චම්පික රණවක නම් මේ මිනිසා ගැන විශ්වාසය තැබිය හැකිදැයි ඇසිය යුතුව තිබේ.
    ඔහු මහින්දට හේත්තු වී සිටින කාලයේ රනිල් වික්‍රමසිංහ යනු කොටින්ට උඩ ගෙඩි දෙන්නෙකි. රට බෙදන්නෙකි.
    ඔහු රනිල්ට හේත්තු වී සිටින විට මහින්ද දේශද්‍රෝහියෙකි, කොටින්ට කප්පම් දුන්නෙකි....

    මේවාට සිනා විය යුතු ස්ථානයක් සිතා ගත නොහැකිව සිටිමි!!!

    තේරුම් ගන්න කාරනා 2ක් තියෙනවා.
    රනිල් ලෝකෙටම පෙන්න කොටි එක්ක ගනුදෙනු කරලා තියෙනවා.
    මහින්ද ලෝකෙටම හංගලා කොටි එක්ක ගනුදෙනු කරලා තියෙනවා.

    මම නම් කියන්නේ මේ දෙන්නගෙම අතීතය රටට හිතකර නායකයෝ දෙන්නෙක් නෙවෙයි.

    මටත් චම්පික කියන ඒව ශුවර් නෑ. ඒත් මේකට ගොඩක් සාක්ෂි තියෙනවා වගේ. අනික මේ වීඩියෝ දෙක බැලුවම ටිරාන් කියනවා මහින්ද ගැන.

    www.youtube.com/watch?v=1DnyMAvNr6A
    www.youtube.com/watch?v=YSZO8OZb9us

    අනික තමයි මහින්දත් පට්ටෙටම බය වෙලා ඉන්න බව පේනවා. කිසිම චෝදනාවක් නෑ චම්පිකට. උත්තර දෙන්නෙත් නෑ මේවට.
     

    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    කුළියට මිණී මරන එවුන් ගැන නම් අහල තිබ්බා
    ඒත් බොලේ සල්ලි අරන් මැරෙන එවුනුත් ඉන්නවනෙ බලන් ගියාම
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මහින්ද කොහොමත් මොනා හරි වුනොත් ලගම ඉන්න එකාව පාවල දීල සුදනා වෙනවා , ඕවටත් කියයි මේක කලේ අරය කියපු නිසා මෙයා කියපු නිසා කියල
     

    Similar threads