ටෝයියන්ට සහ බයියන්ට වැදගත් ලිපියක්..

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ටෝයියන්ට සහ බයියන්ට වැදගත් ලිපියක්..

    පක්ෂ, පාට, ආගම්, ජාති , කුල, ආදරේ කරන පන දෙන අපේක්ෂකයින් කරේ තියාගෙන රටේ වර්තමාන දේශපාලනය ගැන කතාකරන හැම කෙනාම මේ ලිපිය කියවල තමුන් කැමති අපේක්ෂකයා හෝ පක්ෂය මේ බුද්ධ ධර්මය ඇතුලේ පිහිටලා ඉන්නවද ? මේ රාජ්‍ය යන්නේ පරිහානියටද , දියුණුවටද කියල කිරලා මැනලා බලන්න මෙන්න බුදුරජානන් වහන්සේ රාජ්‍ය පාලනය ගැන දේශනා කරපු ධර්මය...


    දස රාජ ධර්මය

    11891078_748277891965430_6341104638421489297_n.jpg



    කිසියම් රටක දේශපාලන, ආගමික, ආර්ථික, සංස්‌කෘතික මතුනොව සමාජයීය යන අංශයන්හි සංවර්ධනයක්‌ ලබාගැනීම උදෙසා පාලකයාගේ ක්‍රියාකලාපයන් එරටට සෘජුව ම බලපානු ලබයි. බුදුදහම පිළිබඳ අවධානය යොමු කිරීමේ දී පාලකයෙකු විසින් අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග පිළිබඳ බුදුන් වහන්සේ නිරන්තරයෙන් දේශනා කළහ. එසේම උන්වහන්සේ දේශනා කර තිබෙනුයේ බෞද්ධ පාලකයෙකු විසින් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග කවරේද යන්න පිළිබඳවය. රටක පාලකයා දැහැමි වන කල්හි එරට ජනතාව ද නිරන්තරයෙන් දැහැමි වන බව උන්වහන්සේ දේශනා කර තිබේ. ඒ අනුව බුදු දහමේ සඳහන් වන අන්දමට පාලකයෙකු රටක්‌ පාලනය කිරීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග පිළිබඳ විමසා බැලීම කාලෝචිතය.

    රාජ්‍ය පාලකයා ජනතාවගේ මූලික ආරක්‍ෂකයා, නිවැරැදි මඟපෙන්වන්නා මෙන්ම උපදේශකයා වශයෙන් ද ක්‍රියා කරනු ලබයි. රජු ශිෂ්ටසම්පන්න පුද්ගලයෙකු විය යුතු සේම නීතිගරුක අයෙකු වීමද ඉතා වැදගත්ය. මූලික වශයෙන් පාලකයා පන්සිල් ආරක්‍ෂා කරන දැහැමි පුද්ගලයෙකු වීම අත්‍යවශ්‍යය. රජු කිසිම අවස්‌ථාවක දී,
    .
    සතුන් නොමැරිය යුතුය.
    සොරකම් නොකළ යුතුය.
    කාමයෙහි වරදවා නොහැසිරිය යුතුය.
    මුසාවාද නොකිය යුතුය.
    මත්ද්‍රව්‍ය භාවිත නොකළ යුතුය.
    .
    මූලික වශයෙන් මෙම පන්සිල් පද ආරක්‍ෂා කරන පාලකයා දැහැමි අයෙකු ලෙස සමාජයේ කැපී පෙනේ. එසේම ජනතාවට වැරැදි කිරීමට අනුබල නොදිය යුතු සේම, වැරැදිවල නිරත වන හා පුද්ගලයින් එයින් මුදා නොගැනීම ද රජු සතු වගකීමකි. මෙසේ පංචශීල ප්‍රතිපත්තිය ආරක්‍ෂා කිරීම පාලකයාගේ වැදගත් ලක්‍ෂණයක්‌ බව ගම්‍ය වේ.

    බුදු දහමට අනුව රාජ්‍ය පාලනය මෙහෙයවන්නා "දසරාජ ධර්ම" අනුගමනය කළ යුතුය. රාජ්‍ය යහපත්ව පවත්වාගෙන යැම උදෙසා උපකාරී වන බෞද්ධ ඉගැන්වීමකි. බුදුදහම පෙන්වා දෙන අන්දමට රාජ්‍ය පාලකයෙකු අනුගමනය කළ යුතු ධර්මතා මෙසේය.
    .
    .
    "දානං සීලං පරිව්ච්ගං අජජවං මඡ්ංජවං තපං
    අක්‌කොධං අවිහිංසංච ඛන්තිංච අවිරොධනං"
    .
    1. දානය,
    2. ශීලය,
    3. පරිත්‍යාගය,
    4. සෘජුභාවය,
    5. මෘදුභාවය,
    6. තපස,
    7. ක්‍රෝධ නොකිරීම
    8. අවිහිංසාව,
    9. ඉවසීම,
    10. අවිරෝධතාව,
    යන ඒවාය.
    .
    1.දානය
    - දානය වනාහි අනුන්ට අභිමත වස්තු දී එනම් 1) ආහාරපාන 2) ඇඳුම්, 3) නිවාස, 4) බෙහෙත් ආදියෙන් සංග්‍රහ කිරීමයි. ප්‍රතිලාභ බලාපොරොත්තුවක් නැතිව දන් දීමයි. රටේ කර්මාන්තකරුවන්ට, ගොවියන්ට, ව්‍යාපාරිකයින්ට, එකී කටයුතු වැඩිදියුණු කිරීම උදෙසා අවැසි ප්‍රාග්ධන ආධාර සපයා අතහිත දීමද දානය තුළින් අපේක්ෂා කෙරේ. මෙලෙස දන්දීමේ අනුසස් සහ ප්‍රතිඵල ඉතා බලවත්ය. පාලකයෙකුට තම අරමුණු ඉටුකර ගැනීම උදෙසා අවංක දක්ෂ පිරිසක් තමා වටා එක් රොක් වන්නේ දානයේ ආනිශංස වශයෙනි. ඤාණවන්ත උපදේශකයන් ලැබෙන්නේ දානයේ අනුසස් වශයෙනි.
    .
    2සීලය
    - කයෙන්, වචනයෙන් සංවර වීම සීලයයි. ගිහි බෞද්ධයාගේ නිත්‍ය සීලය පංච සීලයයි. පාලකයා අනිවාර්යයෙන් මේ ආර්ය කාන්ත සීලය රැකීමට කැපවුණු අයෙකු විය යුතුය. මෙහිදී ප්‍රාණඝාතයෙන් වෙන් වුණු පාලකයා සතුරු ආක්‍රමණයකදී සතුරාට එරෙහිව යුද වදින්නේ කෙළෙසදැයි කෙනෙකුට ගැටලුවක් ඇතිවිය හැකිය. එබඳු අවස්ථාවක රජු හෝ පාලකයා යුද්ධය නම් කටුක යථාර්ථයට මුහුණදීමට ක්‍රියාත්මක වන්නේ රට වැසියාගේ ආත්මාරක්ෂාව උදෙසා සිය යුතුකම ඉටු කිරීමේ උතුම් චේතනාවෙන් මිසෙක මිනීමැරීමේ චේතනාවෙන් නොවේ. ‘දෙටුගැමුණු’ රජ පුවතින්ද මේ ගැන මනා ආදර්ශයක් ගත හැක. ඒ ශ්‍රේෂ්ඨ සිංහල මහ රජු පැවසුවේ ‘මාගේ මේ ව්‍යායාමය රජ සැප පිණිස නොව සම්බුදු සසුනේ චිරස්ථිය උදෙසාම’ වන බවයි.

    මේ ශීලය රැකීමෙහි ලා බොරු කීමෙන් වැළකී සත්‍යවාදී වීම, අතිශයින් වැදගත්ය. පරුෂ වචනයෙන්, අසැබි වචනයෙන් හෝ කේලාම් කීමෙන් (කේලාම් වලට හසුවීමෙන්) හිස් වචන දෙඩීමෙන් වැළකී වචනයේ උතුම් සංවරයෙන් යුක්තව කටයුතු කිරීම රාජ්‍ය පාලකයාගේ ප්‍රතිරූපය ඉහළ නැංවීමටද, එතුළින් යහ පාලනය ඇතිකිරීමට ද නිසැකවම ඉවහල් වේ. මෙසේ සිල්වත් වීම නිසා ලැබෙන අනුසස් රැසකි. සිල්වතා අප්‍රමාදීව කටයුතු කරන නිසා ධනවත්භාවයට පත්වේ. පිරිසක් ඉදිරියට එළැඹීමේ හැකියාව ලැබේ. ඕනෑම තැනක මූලිකත්වය ගෙන කටයුතු කිරීමේ හැකියාව ලැබේ. ඔහු පිළිබඳව කල්‍යාණ කීර්ති ඝෝෂාවක් පැතිර යන අතර නිසි පිළිගැනීම හා ගෞරවය නිතැතින්ම ලැබේ. හේ සිහියෙන් යුක්තව කළුරිය කරන අතර ඒකාන්තයෙන්ම සුගතියක උපත ලබයි. තවද භාවනාව තුළින් සමාධිය ඇතිකර ගැනීමටත් ප්‍රඥාව පහළ කර ගැනීමටත් සීලය පදනම් වේ.
    .
    3.පරිත්‍යාගය
    - තමාගේ කාලය, ශ්‍රමය සහ සැප පහසුකම් අනුන්ගේ යහපත සඳහා කැපකිරීම පරිත්‍යාග ගුණයයි. මෙය නායකත්වයේ හරයයි. යහපත් නායකයෙක්වීමට මෙය වටිනාම හේතුවක් වේ. කාන්තාරයක අතරමං වී ජලය නොමැතිව මිය යෑමට ආසන්නව සිටියදී දිය උල්පත් සොයාගෙන සියලු දෙනාගේ ජීවිත බේරා ගැනීමට කටයුතු කළ බෝසතාණන් වහන්සේ පිළිබඳ කථාවක් ‘වණ්ණුපථ ජාතකයේ’ සඳහන්ය. එහි දී අන් සියල්ලන් අධෛර්යයට පත් වී උත්සාහය අත්හළ විටෙක, ගැල් නායක බෝධිසත්වයන් වහන්සේ තනිවම දිය උල්පත ඇතැයි හැඟෙන තැන සොයාගෙන, මහත් ධෛර්යයෙන් යුතුව එම උණ පඳුර තිබූ තැන කැන, ගල් තලාවක් බිඳවා ජලය ලබාගත් ආකාරය යහපත් නායකයෙකුගේ පරිත්‍යාගශීලී වීරෝදාර ගුණයට කදිම නිදසුනකි.
    .
    4.සෘජුභාවය
    - සත්‍යය රැක ගැනීම සෘජුභාවයයි. ලාභ, කීර්ති, ප්‍රශංසා, ඉදිරියේ තම අවංක ප්‍රතිපත්ති පාවා නොදී සෘජු, නිර්භයව, සත්‍යය වෙනුවෙන් පෙනී සිටීම පාලකයාගේ කාර්යභාරයයි. මනා විනයකින් හා සැළසුමකින් යුතුව කටයුතු කරන හෙතෙම කලට වෙලාවට, අලස නොවී කඩිසරව සිය කාර්යභාරයෙහි යෙදේ. පොරොන්දු කඩ නොකරයි.

    විශ්වාසය රැකගනී. පැහැදුන අයගේ පැහැදීම වැඩිවන ලෙසත්, නොපැහැදුන අය පැහැදෙන ලෙසත් කටයුතු කරයි. හේ ඇත්ත හමුවෙහි මලක් මෙන් මෙලොක් වෙයි. අසත්‍යය, අධර්මය හමුවෙහි ගලක් මෙන් දැඩි වේ. කුසීතව බාධක හමුවේ පසුනොබා වජ්‍රමය අධිෂ්ඨානයෙන්, තිර අදිටනින්, සිහි කල්පනා ඇතිව පෙරටම ඇදෙයි. එබඳු පාලකයා මෙලොවත් පරලොවත් දිනයි. එබඳු පාලකයෙකු ඇති රට, සමාජය සුඛිත මුදිත වේ.
    .
    5.මෘදුභාවය
    - මෘදු භාවය වනාහි සිත මෘදු මෙලෙක්ව, අනුන්ගේ දුකෙහිදී උණුවන සුළුව තබා ගැනීමයි. මෙත්, කරුණා, මුදිතා වඩාගත් මෘදු සිත උපේක්ෂාවෙන් යුතුවේ. අටලෝ දහම ඉදිරියේ කම්පා නොවේ. සැපේදී ඉහළ නොනගී. දුකේදී පහළ නොබසී. සතර බ්‍රහ්ම විහරණය ඇති මෘදු සිත ගැඹුරු විලක නිසල ජල තලයක් මෙනි. තද සිත පහසුවෙන් සැලේ. කම්පා වේ. මෘදු චිත්තය පහසුවෙන් සැලෙන්නේ, හෝ කම්පා වන්නේ නැත. එහෙයින් සත්‍යය රකිමින් ජීවත්වීමට හැකිවේ.
    .
    6.තපස
    - ආත්ම දමනය තපස් ගුණයයි. පරිත්‍යාගශීලි පුද්ගලයෝ, තණ්හාවට දාසකම් නොකරමින් මනා උත්සාහය තුළින් ලබාගත් දෙයින් පමණක් සතුටු වී සුවසේ කල් ගෙවති. චාම් සරල ජීවිතයක් ගත කරති. මෙසේ තුටු සිතින් ගත කරන දිවිය දිනෙන් දින වර්ධනය වීමෙන් අල්පේච්ඡතාව (අඩු ආශා ඇති බව - අපිස් බව) තුළින් තපස නැතහොත් ආත්ම දමනය ඇතිවේ. පාලකයෙකුට එය වටිනා බලයකි. එය අනුන්ට පරම ආදර්ශයක් වේ. අවවාදයට තරවටුවට වඩා ඒකාන්තයෙන්ම ආදර්ශය උතුම් වේ.

    මෙලෙස බෞද්ධ දැහැමි බෝසත් පාලකයා තමා උදෙසා නොව අනුන් උදෙසා ජීවත්වන්නෙකි. නිසැකවම රට ජාතිය ගැන සිතන්නෙකි. තම දිවි පරදු කොට අනුන් හට අභය දෙන්නෙකි. එය ඔහුගේ ජීවිතයේ පරමාර්ථයයි. අරමුණයි.
    .
    7.ක්‍රෝධ නොකිරීම
    - වෛරය, ඊර්ෂ්‍යාව, කෝපය, මදය මානයෙන් වැළකීම අක්‍රෝධ ගුණයයි. අනුන්ගේ සතුට දැක සතුටු වන මුදිතා ගුණය ඒකාන්තයෙන් පාලකයෙකු තුළ පිහිටිය යුතුය. හේ දානය, පි‍්‍රය වචනය, අර්ථචර්යාව (අන්‍යයන්ට යපතට දියුණුවට උදව් කිරීම) හා සමානාත්මතාව යන සතර සංග්‍රහ වස්තුවෙන් ලෝකයාට මනා සේ සංග්‍රහ කරයි.
    .
    8.අවිහිංසාව
    - හිංසාවෙන් වැළකීම අවිහිංසා ගුණයයි. මේ උදෙසා මෙත්තා, කරුණා ආදි ගුණ දම් වැඩිය යුතුය. මෛත්‍රීය වනාහි ලොකු කුඩා සියලු සත්ත්වයන් කෙරෙහි සමව පැතිර වූ මවක සිය එකම දරුවාට දක්වන ස්නේහයට සමාන වූ මිතුරු සිතයි.

    කරුණාව වනාහි දුකට පත් වූ සත්ත්වයින් දුකින් මුදවා ගැනීමට සිතෙක ඇතිවන සැබෑ වුවමනාවයි. ළතෙත් භාවයයි. දානාදී පරිත්‍යාග ගුණ වලටත් මුල් වන්නේ මේ කරුණාවමයි. දැහැමි පාලකයෙකු ඒකාන්තයෙන් මෛත්‍රී භාවනාව වැඩීම වැදගත් ය. ඒ තුළින් සමාව දීමේ උතුම් ගුණයද වැඩේ.
    .
    9.ඉවසීම
    - ක්ෂාන්තිය අත්‍යවශ්‍ය ගුණාංගයකි. ‘ඛන්ති පරමං තපෝ තිතික්ඛා’ ‘ඉවසීම පරම තපසයි’ යනු බුදු වදනයි. බෝසත් ඉවසීම විර්යයෙන් දුක් පීඩා දරා සිටීමට වඩා බොහෝ ඉදිරියට ගිය එකකි. බෞද්ධ පාලකයාද බෝධිසත්වයෙකි. හේ යහපත් අරමුණ වෙත. ළඟාවෙන්නේ මනා ඉවසීමෙන් යුක්තවයි.
    .
    10.අවිරෝධතාව
    - ගැටුම් වලට නොවැටීම අවිරෝධතා ගුණයයි. පාලකයන් අතර සමඟිය රැක ගැනීමට මෙය ඉතා වැදගත් වේ. එමෙන්ම උම්මග්ග ජාතකයේ විවරණය කරන ලෙසම, දක්ෂ තානාපතීන් හරහා අසල්වැසි රාජ්‍ය පාලකයන් සමඟ මනා මිතුරු සම්බන්ධතාවයක් ඇතිව යහපත්, විදේශ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ යුත්තේමය. එය සතුරන් ජය ගැනීමේ එක් ප්‍රධාන මාර්ගයකි. බුදුරදුන් සමූහාණ්ඩුවක් සිදුකළ ලිච්ඡවීන් අරභයා දේශනා කොට වදාළ සප්ත අපරිහාණිය ධර්ම සමගිය සම්බන්ධයෙන් ඉතා වැදගත්ය.
    .
    1. නිතර නිතර රැස්වීම
    2. සමගියෙන් රැස්වීම, සමගියෙන් සාකච්ඡා කොට සමගියෙන් විසිර යාම.
    3. පැනවූ නීති කඩ නොකිරීම, නොපැනවූ නීති නොපැනවිම.
    4. වැඩිහිටියන්ට ගරු කිරීම.
    5. කාන්තාවන් බලහත්කාරයෙන් රඳවාගෙන හිරිහැර නොකිරීම.
    6. සම්ප්‍රදානුකූලව ගරු සත්කාර කරන පූජනීය ස්ථාන වලට ඒ ගරු සත්කාර නොපිරිහෙලා ඉටු කිරීම.
    7. පිටතින් පැමිණි ශ්‍රමණ බ්‍රාහ්මණයන් පැමිණි විට ඒ අය තමන්ගේම අය සේ පිළිගෙන ගරු සත්කාර කිරීම.
    .
    මෙම සප්ත අපරිහානීය ධර්ම අනුගමනය කරන ගණ තන්ත්‍ර රාජ්‍ය නොපිරිහෙන බව බුදුන් වහන්සේ ඔවුනට ඉගැන්වූහ. මෙම ධර්ම මගින් බලාපොරොත්තු වන්නේ සාමුහිකව පාලනය කරනු ලබන සාමාජික හා ආර්ථික ප්‍රගතිය සැලසෙන ආකාරයෙන් දේශපාලන සංවිධානය මෙහෙය වීමයි. නිතර රැස්වීම පිළිබඳ ප්‍රතිපත්තිය මෙයට සම්බන්ධ වූ විට නූතන පාර්ලිමේන්තු ක්‍රමයේත් අපේක්‍ෂා කරන සාමූහික වගකීම හා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියා මාර්ග තහවුරු වන බව පෙනේ.

    ****************
    බුදුදහම ධාර්මිකත්වය කෙබඳු ආකාරයකින් අගය කළේද යන්න පසුකාලීනව බුදුගුණ අලංකාරය රචනා කළ වීදාගම මෛත්‍රී හිමියන් විසින් රචිත පහත පද්‍යයෙන් ගම්‍ය වේ.
    .
    "රජුන් අදමිටුවත් - වෙති මැතිදෝ ද එපවත්
    දැක උන්ගේ පවත් - බමුණු ගහපතියෝ ද එගනිත්"
    .
    රජු අදමිටු වන කල්හි සමීපයේ සිටින සියලුදෙනා ද අවසානයේ සමස්‌ත රටවැසියන් ද අදමිටු වේ. එම නිසා රජු කිසිදු අවස්‌ථාවක අදමිටු නොවිය යුතුය.

    කෙසේ වුවද, ගව රැළේ නායකයා ඇදට යන කල්හි සෙසු ගවයෝ ද ඇදට යති. එසේම රජු අදැහැමි වන විට රටවැසියෝ ද ඇදැහැමි වෙති. ගව රැළේ නායකයා සෘජුව යන විට සෙසු ගවයෝද සෘජුව යති. එසේම රටේ පාලකයා ධාර්මික වන කල්හි රට වැසියෝ ද ධාර්මික වෙති.

    බුදුදහමෙහි සඳහන් මෙම කරුණු තුළින් අනාවරණය වනුයේ පාලකයෙකු සතුව පැවති සුවිශේෂී ලක්‍ෂණයකි. එසේ නම් රාජ්‍ය පාලකයා අනුගමනය කළ යුතු කරුණු කවරේද එයින් රටක සමෘද්ධිය කෙරෙහි බලපානු ලබන්නේ කෙසේ ද යන්න මෙම කරුණු අනුව ගම්‍ය වේ.


    ගත්තේ මෙතනින්..

    https://www.facebook.com/GaligamuweGnanadeepathero
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    හා දැන් කියපන් බලන්න ජෙප්පො ගාව ඔය දස රාජ ධර්ම වලින් කීයක් තියෙනවද කියල.

    (මාතෘකාව "ටෝයියන්ට සහ බයියන්ට" කියල තියෙන නිසා ඇසුවෙමි)
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    කට්ටියට දසරාජ ධර්ම මතක් වෙන්නම සිරිසේන ලියුම ලියල හිටං:lol::lol::lol:
    අවුලක් නෑ නොදන්නා එවුන්ට වැදගත් ලිපියක් ! ;)
    bump
     
    Last edited:

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    හා දැන් කියපන් බලන්න ජෙප්පො ගාව ඔය දස රාජ ධර්ම වලින් කීයක් තියෙනවද කියල.

    (මාතෘකාව "ටෝයියන්ට සහ බයියන්ට" කියල තියෙන නිසා ඇසුවෙමි)
    :lol::lol::lol::lol:
     

    Getapolos

    Banned
    May 14, 2015
    105
    22
    0
    හා දැන් කියපන් බලන්න ජෙප්පො ගාව ඔය දස රාජ ධර්ම වලින් කීයක් තියෙනවද කියල.

    (මාතෘකාව "ටෝයියන්ට සහ බයියන්ට" කියල තියෙන නිසා ඇසුවෙමි)


    red-elephant.jpg
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    බණක් දැක්කත් රිදෙන උන් ඉන්නවනේ :lol:

    ටොයියන්ට බයියන්ට කියල පටන් අරන් බණ කියන්නේ මොන ලෝකෙද ?


    ඔයා මම කියන දේ තේරුම් ගන්නේ නැහැනේ සහෝදරයා.. මම උඩ කියල තියනව ගැමුණු රජතුමා යුද්දේ කරේ ඇයි කියන එක.. ඒ ගැන වඩාත් විස්තර හොයාගන්න ඔයාට ඕනෙනම් සද්ධර්මාලංකාරය කියවන්න කියල මම කිව්වනේ.. අන්න මම එඩිට් එකල ලින්ක් එක දැම්ම පිටුවත් එක්කම..

    ඔයාල තේරුම් ගන්නේ නැති එකම ප්‍රශ්නය තමයි රාජ්‍ය පාලනය සහ ආගම කියන දේ දෙකක් කියන එක..

    ජාතිය ආගම කියන්නේ පුද්ගලික දෙයක්...ගැමුණු රජතුමාගේ පාලනයෙන් පස්සේ ශතවර්ෂ ගණනාවක් ලෝකය ඉදිරියට ඇවිත් ඉවරයි.. දැන් මේක කවලම් වෙච්ච ලෝකයක්.. බහු ආගම් බහු ජාතින් ජීවත්වෙන රටක ජාතියක් ආගමක් මුල්කරගෙන රටේ නායකත්වය කටයුතු කරොත් ඒ රට තවත් සෞදි අරාබියක් වෙනවා.. වෙනස මුලිකත්වය දෙන ආගමේ වෙනස විතරයි.. ආගම්වාදය, ජාතිවාදය නිරන්තරයෙන්ම තවත් ආගම් වාදයක් ජාතිවාදයක් පෝෂණය කරමින් එකිනෙකා පෝෂණය වෙලා අන්තිමේ ඉතුරුවෙන්නේ ලේ වැගිරීම් විතරයි.. බුදුදහම රැකගන්න ආරක්ෂා කරගන්න ඕන අපි විසින් එකිනෙකා පුද්ගලිකව.. දහම ආරක්සා කරන එක රාජ්‍යයේ වගකීමක් නෙවෙයි.. කැමති ආගමක් අදහගෙන අනිකාට හිංසා නොකර සාමකාමීව ජීවත්වෙන්න පුළුවන් නීතිගරුක පරිසරයක් නිර්මාණය කිරීමයි රාජ්‍යයේ වගකීම.. දැන් වෙලා තියෙන්නේ එකේ අනික් පැත්ත.. රාජ්‍යය ආරක්ෂා කරන්න භාරගන්න උදවිය දහම ආරක්ෂා කරන භූත දොඩවනවා.. දහම රැකගෙන සාමකාමීව ජීවත්වෙන්න භාරගත්තු ජනතාව රාජ්‍ය රකින්න භූත දොඩවනවා... දහම ආරක්ෂා කරන්න සිවුරු දාගත්තු උදවිය අන්‍යාගමිකයින් එක්ක මරාගන්න යනවා... මේ ඔක්කොම පටලාගෙන ලිඳේ වැටිලා ඉන්නේ උඹල නේද..

    ලෝකේ දියුණු රටවල ජාතිය, ආගම ගැන ප්‍රසිද්දියේ කතාකරන්න නීතියෙන් තහනම්... කැමති ආගමක් කැමති විදිහට අනෙකාට හිංසා නොවන අයුරින් අදහගන්න කිසිම තහනමක් නැහැ...

    දැන් ඔයා කියන්නේ එක ආගමක් ගැන වැඩිපුර කතාකරන පාලකයෙකුට රාජ්‍යය ආරක්ෂා කරන්න පුළුවන් කියලද... එහෙම රජෙකුට රටේ ඉතුරු වෙන්නේ කෝලාහල, ලේ වැගිරීම් විතරයි.. මෙව්වා මේ විදිහට දකින්න විචාරශීලී මනසක් නිර්මාණය කරගන්න උත්සහ කරන්න...ඔයාල ඉල්ලන ලෝකය නිර්මාණය කරොත් ජීවත් වෙන්න ඔයාලට බෞද්ධ ජනතාව විතරක් ජීවත්වෙන ග්‍රහලෝකයක් හොයාගන්න වෙනවා...


    ඔය එළියට එන්නේ මේ කට්ටියගේ ඇත්ත මතවාදය. මේක වහල බොරු බෞද්ධ කමක් පෙන්නලා බලයට එන්න තමයි ජෙප්පෝ වගේම රනිලුත් උත්සාහ කරන්නේ.

    මේ පොල්වත්තයා කියනවා අද ලෝකය ගැමුණු රජතුමාට වඩා ඉස්සරහට ඇවිල්ලලු. රජය බුද්ධ ශාසනය ගැන කතා කරන එකත් ආගම්වාදීලු. ජාතිය ආගම ගැන ප්‍රසිද්ධියේ කතා කරන්න තහනම් රටවල් හරි දියුණුයිලු. එහෙම බලනකොට අපේ රට ජාතිය ආගම වගේ දේවල් වල ආරක්ෂාව ගැන කතා කරපු ඒ වෙනුවෙන් වැඩ කරපු ගැමුණු රජතුමාගේ සිට ධර්මපාල තුමා දක්වා හිටපු අය කරලා තියෙන්නේ අනවශ්‍ය වැරදි වැඩක්නේ. අපි එතකොට ගරු කරන්න ඕනේ රාජ්‍යය ආගමෙන් වෙන් කරලා පාලනය කරනවා කියන ඔබාමාටද?

    ඔය වගේම සුද්දන්ගේ බේත් බීපු එක්කෙනෙක් තමයි ළඟඳී දවසක ඇහුවේ "මේක සිංහල රට කියල කියල තියෙන්නේ කොහෙද?" කියල.

    අඩුම ගානේ මේක බලලවත් තේරුම් ගන්න ඔය දියුණුයි කියල ඔයාට උගන්නල තියෙන රටවල්ද ඇත්තටම දියුණු කියල. ඒ වගේම මේ රට පින් බිමක් වෙලා තියෙන්නේ ඇමරිකාවේ වගේ එක එක්කෙනා පුද්ගලිකව ආගම ඇදහීම නිසා විතරද, නැතිනම් පාලකයන්ගේත් මැදිහත් වීමෙන් ශාසනය ආරක්ෂා කරමින් රුවන්වැලිසෑය වගේ උතුම් පූජා වස්තු ඉදිකරමින් සංඝරත්නයට අනුග්‍රහ දක්වපු නිසාද කියල.

     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ටොයියන්ට බයියන්ට කියල පටන් අරන් බණ කියන්නේ මොන ලෝකෙද ?

    ටොයියෝ බයියෝ කිව්වම ජෙප්පොත් අයිති යකෝ :lol: ගොනා වගේ තප්පුලන්න එපා ඔය කාට කාටත් අදාලයි කියන එකයි කියල තියෙන්නේ
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ටොයියන්ට බයියන්ට කියල පටන් අරන් බණ කියන්නේ මොන ලෝකෙද ?

    ලිපියක හරය සහ අන්තර්ගතය තේරුම්ගන්න බැරි උඹල කොහොමද බන් බුදු බන තේරුම් ගන්නේ??? උඹලගේ දේශපාලනෙත් උඹේ මේ ප්‍රශ්නය හා සමානයි මචන්.. උඹේ මේ ප්‍රශ්නයෙන් උඹේ හරය සහ අන්තර්ගතය පැහැදිලියි...උඹල දුවන්නේ වචන පස්සේ මිසක් හරය පස්සේ නොවෙන බව එක ප්‍රශ්නයෙන්ම පැහැදිලියි.. බොහොම කනගාටුයි සහෝදරයා.. ඔයිට වඩා හරාත්මකව ලෝකේ දිහා බලන්න උත්සහ කරන්න..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ටොයියෝ බයියෝ කිව්වම ජෙප්පොත් අයිති යකෝ :lol: ගොනා වගේ තප්පුලන්න එපා ඔය කාට කාටත් අදාලයි කියන එකයි කියල තියෙන්නේ

    :yes::yes::yes:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචන් උඹ දාපු මේ රතු අලියාගේ පින්තුරේ ටිකක් පොඩි කරලා දානවද.. ඒ පින්තුරේ ලොකු වැඩි නිසා ත්‍රෙඩ් එක කියවන්න අමාරුයි 14" ලැප් එකෙන්.. වරදවා හිතන්න එපා මේ කියන්නේ පින්තුරේ අයින් කරන්න කියන එක කියල.. අදහස් සහ යෝජනා දැමීම උඹලාගේ අයිතියක්..එත් දාන එක අනික් උන්ට බලන්න පුළුවන් වෙන්න දැම්මනම් කාටත් පහසුයි..
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    ලිපියක හරය සහ අන්තර්ගතය තේරුම්ගන්න බැරි උඹල කොහොමද බන් බුදු බන තේරුම් ගන්නේ??? උඹලගේ දේශපාලනෙත් උඹේ මේ ප්‍රශ්නය හා සමානයි මචන්.. උඹේ මේ ප්‍රශ්නයෙන් උඹේ හරය සහ අන්තර්ගතය පැහැදිලියි...උඹල දුවන්නේ වචන පස්සේ මිසක් හරය පස්සේ නොවෙන බව එක ප්‍රශ්නයෙන්ම පැහැදිලියි.. බොහොම කනගාටුයි සහෝදරයා.. ඔයිට වඩා හරාත්මකව ලෝකේ දිහා බලන්න උත්සහ කරන්න..

    යන එන මං නැති වෙලා ඉන්න සමහරු දැන් බුදු බණ හරි පාවිච්චි කරලා හීන් නූලෙන් ගොඩ යන්න හදන බවනම් පේනවා.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    යන එන මං නැති වෙලා ඉන්න සමහරු දැන් බුදු බණ හරි පාවිච්චි කරලා හීන් නූලෙන් ගොඩ යන්න හදන බවනම් පේනවා.

    බණ ඇහෙද්දී පෙරේතයෝන්ට එහෙම නම් රිදෙනවා තමයි :lol:
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    බණක් දැක්කත් රිදෙන උන් ඉන්නවනේ :lol:
    අනේ මුන්ගේ බවුද්ද කම ,,පන්සලත් ජය වේවා කියපු ewunනේ මුන්
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    යන එන මං නැති වෙලා ඉන්න සමහරු දැන් බුදු බණ හරි පාවිච්චි කරලා හීන් නූලෙන් ගොඩ යන්න හදන බවනම් පේනවා.

    යන එන මන් නැතිවෙන්නේ මේ උතුම් බුදුදහම බොහොම තුච්ච විදිහට පාවිච්චි කරලා බලය ගන්න පාලකයින්ට බන්.. ඒ උගුලේ අහුවෙලා ඉන්න අහිංසක මිනිස්සුන්ට.. මම මේ ත්‍රෙඩ් එක දැම්මේ රාජපක්ෂට මඩ ගහන්න නෙවෙයි... බුදුදහම අනුව රටක් දියුණු වෙන්නනම් රාජ්‍ය පාලනය කොයි ආකාරයකින් විය යුතුද යන්න බුදු රජාණන් වහන්සේ දේශනා කරපු දේ හැමෝටම දැනගන්න ... ඔයා වචන පස්සේ ගිහින් මුලා උනාට මට කරන්න දෙයක් නැහැ.. බුදුබණ කාලෙන් කාලෙට වෙනස් වෙන්නේ නැහැ.. එදත් අදත් හෙටත් එමමමයි.. ඒ හින්ද කල්පනා කරලා බලන්න බුදු දහම පාවිච්චි කරලා හීන් නුලෙන් ගොඩ යන්න හදපු දෙසපාලුවන්ගේ කණ්ඩායමට ඔයා අයිතිද නැද්ද කියල විතරක්... බුදුරජානන් වහන්සේ දේශනා කරේ ධර්මය තමුන්ට උපමා කරලා බලල හරි දේ වැරදි දේ තේරුම් අරගෙන වැරදි දේ අතාරින්න කියලයි..
     

    Similar threads