Journey to Mars * Part 01

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Journey to Mars
    Part 01


    journey_to_mars.jpeg



    හැමෝම දන්නා විදිහට මිනිසා සද මත පා තබන්නේ 1969 ජුලි 20 වෙනිදා ,ඒ NASA ආයතනයේ ඇපලෝ මෙහෙයුම් මාලාව යටතේ ඇපලෝ 11 මෙහෙයුමෙන් නීල් ආම්ස්ට්‍රොන්ග් ඇතුළු පිරිස …
    එදා ඇමරිකානු රජය ඇතුළුව තවත් බොහෝ දෙනෙක් ප්‍රකාශ කරපු දෙයක් තමා වැඩි කාලයක් නොයා මිනිසා අගහරු මත පා තබනවා කියන එක .. නමුත් ඒක කියන තරම් ලේසි දෙයක් උනේ නෑ මොකද එදා එහෙම කිව්වට මේ වෙනකනුත් ඒ කියන්නේ අවරුදු 45 පමණ කාලයක් ගතවෙලත් තාමත් ඒ දෙය සාක්ෂාත් කරගන්න මිනිසා සමත් වෙලා නෑ .. නමුත් ඒ මුළු කාල පුරාවටම දහස් ගණනක් විද්‍යාඥන් ඒ සිහිනය සැබෑ කරගන්න වෙහෙසුනා ..

    එතරම් කාලයක් ගත වෙලා හෝ අවසානයේ , මෑතකදී NASA ආයතනය අගහරු ගවේෂණ මෙහෙයුම ඒ කියන්නේ Journey to Mars පිළිබද විස්තර ලෝකයට ඉදිරිපත් කරා .. ඒ අනුව වසර 2030 දී ඒ කියන්නේ සද මත පා තබා වසර 61 කට පස්සේ මිනිසුන් අගහරු මත පා තබන්න සුදානමින් ඉන්නවා ..

    විද්‍යාඥන්ට අනුව පෘථිවියේ හා සෞරග්‍රහ මණ්ඩලයේ
    අතීත හා අනාගතය පිළිබද විශ්ලේෂනයටත් පෘථිවියේන පිටත ජීවය පවතිනවද යන්න විශ්ලේෂණය කිරීමට ඉතා හොද ස්ථානයක් බවයි කියන්නේ ..

    දැනටමත් අගහරු මත Curiosity ඇතුළු රොබෝ යානා පරීක්ෂණ කටයුතු කරන අතර එම පරීක්ෂණ කටයුතු වල විශාල දියුනුවක් මිනිසා එහි ගොඩ බැසීමෙන් ලගා කරගත හැකි වනු ඇතැයි පැවසෙනවා.

    මෙම මෙහෙයුම සදහා NASA ආයතනය මගින් SLS=Space launch system සහ Orion අභ්‍යවකාශ යානය ඇතුළු නවීනතම තාක්ෂනය යොදා ගැනීමට බලාපොරොත්තු වෙන්ව ..

    ඒවා පිළිබද තොරතුරු මේකට තියන ප්‍රතිචාර අනුව ඉස්සරහදි ඉදිරිපත් කරන්න හිතාගෙන ඉන්නව
    .:):)
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    එල. දිගටම කරගෙන යන්න. මේ ගැන ඉදිරියටත් thread දාන්න.
    You must spread some Reputation around before giving it to Ace Viper again.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,008
    5,740
    113
    canada
    මේක ගැන දෙපැත්තක් තියෙනවා.

    (1) අපි හරියට සද ගවේෂණය කරලා තියෙනවද යන්නයි? පිළිතුර නැත. සද කියන්නේ විශේෂ තැනක්. එහි වයුගොලයක් නැති නිසා, පසුගිය අවුරුදු බිලියන 4.5 ඉතිහාසයේ වුනු වැදගත් දේවල් ගොඩක් සගවාගෙන ඉන්නවා. වායුගෝලයක් ඇති පොලවේ/ අගහරුගේ ඒ දේවල් බොහොමයක් මැකිලා ගිහිල්ල. ඒ නිසා සද ගැන එහි නැවතිලා යලිත් දිර්ගකාලින පරයේෂණ කරන්න අවශයි. මේක ගොඩක් අය මතු කරන ප්‍රස්නයක්. Applo වැඩසටහනේදී එහෙම දිර්ගකාලින පර්යේෂණ කරන්න වුනේ නැහැ. දින කීපයක් විතරයි වරකට නැවතිලා තියෙන්නේ.

    (2) අගහරුට යන්නම මස 8ක් විතර ගතවෙනවා. වියදම තමයි දරන්න අමාරු. දැන් electric rocket technology වල දියුණුව නිසා එක මාසෙකින් උනත් යන්න පුළුවන් ලු. එහෙම උනොත් වියදම බෙහෙවින් අඩු වෙනවා. මම හිතන්නේ මේ තාක්ෂණයක් දියුණු වෙනකම් පොඩ්ඩක් හිටියනම් තමයි හොද. අනිත් එක අගහරුට ගිලිල්ල නිකම් පය තියෙල ඇවිල්ල වැඩක් නැහැ. දිර්ගකාලින සැලසුමක් තියෙන්න ඕනේ.
     
    • Like
    Reactions: Ace Viper

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මේක ගැන දෙපැත්තක් තියෙනවා.

    (1) අපි හරියට සද ගවේෂණය කරලා තියෙනවද යන්නයි? පිළිතුර නැත. සද කියන්නේ විශේෂ තැනක්. එහි වයුගොලයක් නැති නිසා, පසුගිය අවුරුදු බිලියන 4.5 ඉතිහාසයේ වුනු වැදගත් දේවල් ගොඩක් සගවාගෙන ඉන්නවා. වායුගෝලයක් ඇති පොලවේ/ අගහරුගේ ඒ දේවල් බොහොමයක් මැකිලා ගිහිල්ල. ඒ නිසා සද ගැන එහි නැවතිලා යලිත් දිර්ගකාලින පරයේෂණ කරන්න අවශයි. මේක ගොඩක් අය මතු කරන ප්‍රස්නයක්. Applo වැඩසටහනේදී එහෙම දිර්ගකාලින පර්යේෂණ කරන්න වුනේ නැහැ. දින කීපයක් විතරයි වරකට නැවතිලා තියෙන්නේ.

    (2) අගහරුට යන්නම මස 8ක් විතර ගතවෙනවා. වියදම තමයි දරන්න අමාරු. දැන් electric rocket technology වල දියුණුව නිසා එක මාසෙකින් උනත් යන්න පුළුවන් ලු. එහෙම උනොත් වියදම බෙහෙවින් අඩු වෙනවා. මම හිතන්නේ මේ තාක්ෂණයක් දියුණු වෙනකම් පොඩ්ඩක් හිටියනම් තමයි හොද. අනිත් එක අගහරුට ගිලිල්ල නිකම් පය තියෙල ඇවිල්ල වැඩක් නැහැ. දිර්ගකාලින සැලසුමක් තියෙන්න ඕනේ.


    (1)මම කලින් කිව්ව වගේ , අගහරු ගවේෂණය විශේෂ දෙයක් විදිහට සලකන්න හේතු වෙලා තියෙන්නේ ජිවය පිළිබද අධ්‍යයනය කරන්න .. එක ගැන හිතල තමයි මම හිතන්නේ සද අධ්‍යනයට වඩා අගහරු අධ්‍යනයට වැඩි අවධානයක් යොමු කරලා තියෙන්නේ .. මොකද දැනට හොයාගෙන තියන විදිහට විශ්වාස කරන්නේ අගහරු වල ජිවය තිබිල නැතිවෙලා ගිහින් කියල .. අගහරු වල පෘතුවියේ වගේ වායුගෝලයක් නෙමේ තියෙන්නේ .. නමුත් ඉස්සර ඒ වගේ තිබිල දැන් ක්ෂය වෙලා ගිහින් කියල තමයි හිතන්නේ .. අගහරු පෘථිවිය ආසනයේම තියන තරමින් යම් තාක් දුරට සමාන ග්‍රහලොව හින්ද
    පෘතුවියේ ජිවය ඇති උනේ කොහොමද කියල අධ්‍යනය කරන්න සදට වඩා හොද අගහරු නිසා තමයි මම හිතන්නේ එකට වැදගත්කම දීලා තියෙන්නේ ..

    (2) මේක මම හිතන්නේ නෑ සද ගමන වගේ වෙයි කියල .. මොකද එක උනේ විද්‍යාත්මක හේතුන් වලට වඩා දේශපාලන හේතුන් මත Cold war එකේදී ඇමරිකාවට රුසියාව පරදන්න ඕනේ උන හින්ද ..
    නමුත් දැන් එහෙම තරගයක් නැති නිසා මේක වෙන්නේ විද්‍යාත්මක හේතුන් වලට මුල් තැන දීලා ,
    NASA එක විතරක් නෙමේ europe , russia වගේ අනිත් රටවල space agency වල සහයෝගයත් ඇතිව .. ඒ නිසා මේක නිකන් ගිය කියල කියන්න යනව නෙමේ ගොඩක්ම විද්‍යාත්මක හේතුන් මත පදනම් වෙච්චි මෙහෙයුමක් .. දැනටමත් අගහරු මත Rovers මගින් පරීක්ෂණ කටයුතු වෙන නිසා ඒවාට උදව්වක් වෙන්න තමා මිනිසුන් සහිත යානයක් යවන්න හදන්නේ මොකද පොලවේ ඉදන් ඒවා පාලනය කරන එක අමාරු දෙයක් හා එකට time delay එකක් තියන නිසයි ..

    මේකේ අන්තිම කරන්න හදන දේ මම දැනගත් විදිහට අගහරු වල හෝ එකේ orbit එකේ හෝ නැවතිලා පරීක්ෂණ කරන්න පුළුවන් විදිහක් හදා ගන්න හරියට දැන් International space station එකේ වෙන්ව වගේ ..
    :):)
     
    Last edited:

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    BUMP :D



    නාසා එකේම හිටපු විද්‍යඥයේක් කියනවා අපිට ආරක්ශාවෙලා ඉන්න තියෙන එකම ක්‍රමය පිටසක්වල සමග සම්බන්දතා පවත්වා නොගැනීමයි කියලා.දවසක අපිත් අගහරු වගේම ඉල්ලන් කනවා.

    ආයේ 2029 විතර බම්ප් එකක් දාන්නං :D
     
    Last edited:

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    BUMP :D



    නාසා එකේම හිටපු විද්‍යඥයේක් කියනවා අපිට ආරක්ශාවෙලා ඉන්න තියෙන එකම ක්‍රමය පිටසක්වල සමග සම්බන්දතා පවත්වා නොගැනීමයි කියලා.දවසක අපිත් අගහරු වගේම ඉල්ලන් කනවා.

    ආයේ 2029 විතර බම්ප් එකක් දාන්නං :D

    :lol::lol::lol:
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    mama nam wishwasa karanne ne api eththatama handata giya kiyala.

    එකට හේතුව මොකක්ද ? අනිත් කාරණය තමා ඔහොම කතාවක් තියෙන්නේ පලවෙනි පාර හදට ගියපු එක ගැන ඒ කියන්නේ apallo 11 මෙහෙයුම ගැන .. නමුත් ගොඩක් අය නොදන්නා දේ තමා ඊට පස්සේ තවත් 5 වතාවක් හදට ගිහින් තියනව කියන එක .. මිනිස්සු 12 දෙනෙක් හදට ගිහින් තියනව කියන එක .. පලවෙනි වතාව බොරු හෝ ඇත්ත උනත් මම හිතන්නේ නෑ ඉතිරු 5 වතවම බොරුයි කියල .. කව්රුත් එහෙම දෙයක් කියන්නෙත් නැනේ ඉතුරු අවස්ථා වලට පලවෙනි වතාවට කිව්වට


    8CtVHgc.png