java web development 5 කොටස - JSP

J Sparrow

Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    හරි! ඔන්න අපි 5 වෙනි lesson එක start කරනවා :cool:
    මේ තියෙන්නේ අනිත් lessons ටික
    java web development පළමු කොටස
    java web development දෙවෙනි කොටස - Application server එක configure කරමු.
    java web development 3 කොටස - IDE එක configure කරමු
    java web development 4 කොටස - simple java web project

    අපි අද කරන්නේ 4th lesson එකේ කරපු project එකට jsp pages ඔබා ගන්න එක.
    මොකද මේක web project එකක් වෙන්නනම් web page එකක් හරි තියෙන්න එපැයි බොලව්! :rofl:

    මම අපි කලින් කරපු project එකම use කරනවා මේ වැඩේ කරන්න.
    මේ වැඩේට අපි කලින් කරපු project එකේ පොඩි පොඩි වෙනස්කම් කීපයක් කරන්න තියෙනවා!

    ඒත් උඹලා තව අළුත් project එකක් open කරගෙන වැඩේ පටන් ගත්තොත් හොඳයි! :yes:
    කලින් කරපුවා ටික brush up වෙන්නත් එක්ක.

    හරි මෙන්න මේ විදියට තමයි අපේ project එක දැන් පේන්න තියෙන්නේ!

    LzIdEpG.png


    අපි දැන් කරන්න යන changes effect වෙන්නේ WebContent කියන folder එකට.

    VAvcxYm.png


    ඔව්! ආන්න ඒකට තමයි කොල්ලනේ :yes:

    අපි දැන් ඒ folder එකට අලුත් jsp file එකක් insert කරගන්න හදන්නේ!

    හොඳායි!
    WebContent එක උඩ right click කලා, --> New --> Other

    හරි! දැන් ඒකේ උඩ search box එකේ jsp කියලා search කලාම එන option වලින් JSP file කියන option එක pick කරලා next button එක ඔබපියව්

    WoZHT0z.png


    ඊළඟට එන screen එකේදී file එකට name එකක් දීලම finish කරන්න පුළුවන්. මමනම් දෙන්නේ home කියලා.

    පේනවානේ? මේ?

    8DweOMr.png


    ඔය උඩින්ම පේන්න තියෙන්නේ file එක add වෙන location එක.

    හරි! ඔන්න add උනා!

    ReHTr8Y.png


    මම අපේ home.jsp එකට මෙන්න මේ වගේ content එකක් දාගන්නවා!

    WKloOBS.png


    හරි! කට්ටියට මතක ඇතිනේ web.xml file එක ගැන?
    ආන්න ඒක ටිකක් edit කරගන්න ඕනේ දැන්!
    එක open කරගෙන ඒකේ තියෙන content එක එහෙම්මම තියෙද්දී, මෙන්න මේ ටිකත් add කරගන්න ඕනේ!

    <welcome-file-list>
    <welcome-file>home.jsp</welcome-file>
    </welcome-file-list>

    හරි ඔන්න ඔය විදියට තමයි පෙන්නේ!

    ANI9h5C.png


    content එක දැක්ක ගමන්ම තේරෙනවා ඇතිනේ මොකද්ද වෙන්නේ කියලා?
    අපි මේ කරන්නේ අපේ project එක browser එකේ run කරපු ගමන්ම (උදේ පාන්දරම) එන්න ඕනේ file එක define කරන එක!
    අපි දැන් මේක run කරලම බලමු?
    හරි! දැන් කට්ටිය server එක එහෙම start කරලා ගමු.
    දැන් දන්නවනේ යමක් කමක්?
    ඊට පස්සේ අපෙ project එක browser එකෙන් run කරලා බලමු!

    uILRhr3.png


    ඔන්න welcome file එක ආවා! හරිනේ?


    තව ඉවර නෑ! :cool:

    මම අපේ home.jsp එකේ එක ටිකක් වෙනස් කරනවා! පොඩි form කෑල්ලක් add කරගන්නවා!

    fXqMFBE.png


    ** ඔය form එකේ action එකට දීලා තියෙන action name එක ගැන උඹලගෙ අවධානය ටිකක් දීලා බැලුවොත් උඹලට මතක් වෙන්න ඕනේ web.xml එකේ අපි අපේ servlet එක (ServletDemo class එක) define කරගත්ත name එක තමයි මේ දීලා තියෙන්නේ කියලා

    පේනවානේ? මේ?

    uP92lfH.png


    **එතකොටම හිතෙන්න ඕනේ අනිත් එක තමයි, මේ form එක submit කරද්දී ඒක submit වෙන්නේ ServletDemo class එකට කියලා

    හරි! මම දැන් තව jsp page එකක් add කරගන්නවා!

    කලින් විදියටම තමයි බොලව්! ඔන්න මම ඒක name කරගත්තා user.jsp කියලා.

    ඕන්න හරි!

    4XIT1vQ.png


    දැන් මම මේකට මෙන්න මේ වගේ content එකක් දාගන්නවා!

    TL8jHdC.png


    ** ඔය ${username} කියන එක ගැන දැන්ම හිතන්න එපා බොලව්! ඒකෙන් මොකද්ද වෙන්නේ කියලා ඉස්සරහට පෙනෙයි!

    ** ඔය මම purple color එකෙන් box කරලා තියෙන්නේ? ආන්න ඒවට තමයි Scriplet කියන්නේ!
    අපිට jsp page එකක java code snippets use කරන්න ඕනේ උනාම තමයි Scriplet use කරන්නේ!


    <%
    out.println("Logged in "+ new SimpleDateFormat("dd/MM/yyyy 'at' HH:mm").format(new Date()));
    %>


    **ඒ වගේම උඩ orange color එකෙන් box කරලා තියෙන්නේ, imports ටික.
    **මේ මම green color එකෙන් underline කරලා තියෙන ටිකට තමයි ඒ imports ටික use වෙන්නේ.


    හරිනේ? :yes:
    ඔන්න දැන් ආයෙත් web.xml එකේ පොඩි changes ටිකක් කරගන්න ඕනේ!

    in fact, අපි දැන් අපේ අලුත් jsp file එක map කරගන්නයි යන්නේ!

    <servlet>
    <servlet-name>user</servlet-name>
    <jsp-file>/user.jsp</jsp-file>
    </servlet>

    <servlet-mapping>
    <servlet-name>user</servlet-name>
    <url-pattern>/user</url-pattern>
    </servlet-mapping>


    හරි! දැන් ඔන්න ඔය උඩ තියෙන ටික insert කරගන්න ඕනේ අපේ web.xml එකට!

    ** අපි කලින් lesson එකෙන් discuss කලා මේ servlet definition ගැන.
    ** අපි define කරන හැම servlet එකකටම servlet mapping එකක් තියෙන්න ඕනේ!

    මේ පේනවානේ?

    ** hello servlet එකට වෙනම servlet definition එකකුයි servlet mapping එකකුයි තියෙනවා, and user servlet එකට වෙනම servlet definition එකකුයි servlet mapping එකකුයි තියෙනවා.

    ** තව හොඳට බැළුවොත් පෙනෙයි, hello servlet එක difine කරන්න use කරලා තියෙන්නේ <servlet-class> කියන tag එක සහ,
    user servlet එක difine කරන්න use කරලා තියෙන්නේ <jsp-file> කියන tag එක කියලා

    OSTHit3.png


    හරි!,

    තව වැඩක් තියෙනවා, දැන් ServletDemo class එක open කරගෙන මම මේ විදියට ඒකේ code එක change කරනවා.

    XBcHTQ1.png


    දැක්කනේ?
    මම line එකෙන් line එක explain කරන්නම්.

    String username = request.getParameter("name");

    අපි මෙතනින්, home.jsp එකේන් username textbox එකට දුන්න value එක catch කරනවා.
    මතකයිනේ? form එකේ, username textbox එකේ name කියන attribute එකට දුන්න value එකත් name තමයි.
    එතෙන්ට (name කියන attribute එකට) කැමති value එකක් දෙන්න පුළුවන්.
    ** මොන value එක දුන්නත් අන්න ඒ value එක තමයි request.getParameter() කියන method එකේ parameter ඇතුලට pass කරන්න ඕනේ. :yes:

    request.setAttribute("username", username);

    ** අපි අනිත් user.jsp page එකට pass කරන්න ඕනේ variable එකක් තමයි මේ define කරගන්නේ.
    මතකයිනේ අපේ user.jsp එකේ ${username} කියලා statement එකක් තිබුනා? :yes:
    ආන්න ඒකට තමයි මේ අපි home.jsp එකෙන් insert කරපු username value එක assign කර ගන්නේ.

    request.getRequestDispatcher("user").forward(request, response);


    අපි මෙතනදී අපේ request එක forward කරනවා user.jsp එකට.
    **ඔය පේනවානේ redirect වෙන්න ඕනේ servlet එක define කරලා තියෙනවා? (user කියලා)

    ඔන්න හරි ඔක්කොම! :lol::lol::lol:
    දැන් අපි server එක restart කරලා project එක run කරලා බලමු!

    මේ තියෙන්නේ අළුත් home.jsp එක. ඔය text box එකට බොලාලා කැමති name එකක් දීලා submit කරපල්ලා.

    4QFVfAW.png


    submit කලාම මේ වගේ එකක් එන්න ඕනේ. :yes:

    MbKVqLy.png


    ඔන්න අපි තවත් ලොකු milestone එකක් පහු කලා. :cool:
    ඊළඟ lesson එකෙන් බලමු කොහොමද database එකක් අපේ project එකට ඔබා ගන්නේ කියන එක. :nerd:

    මම ඒකට use කරන්න බලාපොරොත්තු වෙන්නේ MySQL.

    මෙන්න මේ ටික install කරලා තියාගත්තොත් හොඳායි!

    1 - MySQL server
    2 - MySQL-administrator
    3 - MySQL-query-browser


    මේවා install කරන එක මහලොකු දෙයක් නෙමෙයිනේ බොලව්? Usual විදියට install කරගන්න පුළුවන්. :dull:

    හරි! එහෙනම් next lesson එකෙන් හම්බෙමු!

    මේකට උඹලගේ කැපවීම අනිවාර්යයි! මට පුලුවන් බොලාට මඟ පෙන්නන්න විතරයි!

    හැමෝටම ජය! ;)
     
    Last edited:

    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    Scriplet nam nethi tharamata honday, puluwan tharam jstl use kara nam hari.

    Api issarahata JSTL tamai use karanne machooo. Scriplet gana damme mama kattiyata basics kiyala denna one kiyala hituwa hinda! next lessn ekedi mama hitan inne DB eken values genalla JSTL walin ewa output ekak widiyata denna.
    :yes:
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Api issarahata JSTL tamai use karanne machooo. Scriplet gana damme mama kattiyata basics kiyala denna one kiyala hituwa hinda! next lessn ekedi mama hitan inne DB eken values genalla JSTL walin ewa output ekak widiyata denna.
    :yes:

    ela ela, kohomath hema deyakma dena gena inna eka honday ne.
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Api issarahata JSTL tamai use karanne machooo. Scriplet gana damme mama kattiyata basics kiyala denna one kiyala hituwa hinda! next lessn ekedi mama hitan inne DB eken values genalla JSTL walin ewa output ekak widiyata denna.
    :yes:

    Great machan.aniwa dapan....

    mage java web knowledge eka bohoma poddai....... thawa igena ganna thiyenwa.....:D:D:D:D