අලියා විතරයි දිනුම්...!
මැතිවරණය අවසන් ය. පසු විපරම් ඇති තරම් ඇත. තව දුරටත් පසු විපරම් අවශ්‍ය නැත.ඉදිරිය දෙස බැලිය යුතුය. ඡන්දය දුන් මිනිස්සුන්ගේ බොහෝ මුහුණු තමන් ඡන්ද පොළටවත් නොගියා සේය. කිඹුල් කදුළු fb පිටු පුරා දුවයි. බුද්ධිමතුන් පාර්ලිමේන්තු යවන්නට ලැයිස්තුවෙන් හෝ අපේ මිනිස්සු කතා කරයි. මට අනුව මා ගරු කරන බුද්ධිමතුන් ඇමතූ පසු ඔවුන් පැවසුවේ 'මල්ලි අපි කලිසම් අදින්නේ ලැජ්ජාවට" බවයි. වසර 10කට ආසන්න කාලයක් ලැජ්ජාව හා සදාචාරය වල්මත් ව ඇති නිසා අප එවැනි ප්‍රශ්න ඇසුවාට වරදක් නැතැයි සිතමි.එ.ජා.ප.යට බහුතර බලය ලැබුණි. නමුත් මට අනුව දින්නේ එ.ජා.ප.ය නොව අලියා පමණි. අලියා යනු උග්‍ර එ.ජා.ප. පාක්ෂිකයාය. ඔහුට අවශ්‍ය අලියාට බලය දැකීමම පමණි.නමුත් එ.ජා.ප. ය දින්නාද???මේ තරම් රැල්ල ගසපු මැතිවරණයකද එ.ජා.ප. ය දැඩි අසරණ විය. රනිල් ඇතුලු පිරිවර දැන ගත යුත්තේ පාරම්පරික එ.ජා.ප. ඡන්ද පදනම දැන් බිද වැටී ඇති බවයි.
ඒ නිසා මට අනුව එ.ජා.ප.ය පරාදය.
සන්ධානය හා පාක්ෂිකයා ගැන ඇත්තේ අතිශය කල කිරීමකි. ඔවුන් කවුරු පාර්ලිමේන්තු යැවුවේද???මට අනුව සන්ධාන තරුණයා වූ ශාන්ත බන්ඩාර ගෙදර යවා ජොනියා යැවුවේ කාගේ වුවමනාවටද???අතලොස්සක් පමණ වු බුද්ධිමතුන් සහිත සන්ධානයේ වූ මොල කරුවෙක් වූ මහින්ද සමරසිංහ හා රත්තරන් හා මැනපු තරාදිය කුමක්ද???පියසේන් ගමගේ, ලක්ශ්මන් යාප ඉතිරිකර ගීතා, මුතු හෙට්ටි, නිරෝශන් යැවුවේ මොනව බලා ගෙනද???පැහැදිලි වන්නේ මහින්ද හිතවාදි වුන් පමණක් පාර්ලිමේන්තු යැවීමට ඔවුන් කල කැම්පේන් එක අතිසාර්ථක බවයි. ඉදිරි වසර 5 තුල ආණ්ඩුව ගෙන එන ආර්ථික ව්‍යුහයන් ගැන ගීතා කතා කරනව දකින්න, අධ්‍යාපන ප්‍රතිපත්ති ගැන මුතු හෙට්ටිගමලා , ලන්සලා, රණවීරලා, විදේශ පනත් ගැන නිරෝශන්ලා, ජොන්ස්ටන් ලා කතා කරන විදිය දකින්න අහිංසක ආසාවක් මා සතුව ඇත. සන්ධාන පාක්ෂිකයා මේ තත්වය පත් කර මට අනුව මේ අසික්කිත,ජරාජීරණ දේශපාලනයට වග කිව යුත්තේ රාජපක්ෂම පමණි.
ඒ අනුව සන්ධානය උඩින්ම පරාදය.
මෙවර අසරණ වුනේ ජ.වි.පෙ.ය. ඔවුනට වුනේ හරියට කොච්චර හොදට බෝල් කරල බැට් කරල හිටියත් කැච් එකක් අත ඇරියොත් මැච් එකම පරදිනවා වගේ වැඩකි. ඔවුන් අත ඇරපු කැච් එක බිම් මට්ටමේ සාමාජිකයාය.ඒ නිසා ජ.වි.පෙ නැවතුන තැනින් නොව මට අනුව අලුතෙන් පටන් ගත යුතුය. ඔවුන්ගේ ප්‍රතිපත්ති බුද්ධියෙන් හදාරා එකග වූ ජනතාව මෙපමනි. මැතිවරණයේදී අමතක කල බිම් මට්ටමේ සාමාජිකයා සොයා යා යුතුය.දේශපාලන ප්රවාහයට බිම් මට්ටමේ සහයෝගය ලබා ගැනීමට අලුතෙන් පිඹුරු පත් සැකසිය යුතුය. එසේ සකස් කර නැවත ගොඩ නගන කල ඔවුන් මෙවර සිටි දැක්මෙහිම හිටියොත් මාත් ඔවුන් සමග පිටියට බසිමි.
ඒ නිසා අවාසනාවන්ත ජ.වි.පය ද පරාදය.
මට අනුව මේ හැමෝටම වඩා මෙරට බුදිධිමත් ජනතා බහුතර තීරනය නිසා අපි පරාදය. ඊයේ තේරුම් ගත්තෙමි. බුද්ධිමතුන් රට හැර යන්නේ පාලකයාගේ වැරද්දෙන් පමණක් නොව අනුවණ කම මුහුකුරා ගිය ජනතා තීන්දු නිසාද බවයි. මේ නිසා මේ වසර 5 තුල රට හැර යන බුද්ධිමතුන්ට වග කිව යුත්තේ ඡන්ද්දායකයාම පමණි.
අවසානයේ බැලූබැල්මට සාපෙක්ෂව එ.ජා.ප ය සතු හොද මීටර් වලින් රජයට ප්‍රයෝජන ගැනීමට රනිල් ට හා මෛත්‍රීට හැකියාව ලැබේවා යැයි පතමි.
FB එකෙ යාළුවෙක්ගේ පෝස්ට් එකක් ගත්තෙ..
ඔයාට දෙන් නතරං හොද නවකතා තියෙන්නේ සුජීව අංකල් ලග තමා පුතා.. දැං එයා නවකථාවක් විකුනද්දි ලේන්සු 12කුත් දෙනවා . ඒ අංකල්ව හම්බෙලා ඉල්ලගන්න හොදේ 