කිරිවෙහෙරේ කතරගමේ

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කිරිවෙහෙරේ කතරගමේ

    කිරිවෙහෙරේ කතරගමේ...
    බුදු පුදනට මල් බෝමයි.....
    කල් ගෙවිලා ජීවිතයේ.....
    හිරු බැස යනවා වාගෙයි....

    බොලද කථා චාටු සිනා...
    නිතර ඇසුනු වසන්තයේ...
    ලද ඇරයුම් පෑල දොරින්...
    කාලය සේ ඉගිල ගියේ....
    ආල කථා කියපු තරම්...
    සාගරයට වඩා තියේ....
    අසම්මතේ මට පමණයි...
    සතුට ඔබයි අරං ගියේ.....

    කිරිවෙහෙරේ කතරගමේ...

    උදය සවස මේ පාරේ....
    ජීවිතයම ගත වෙනවා....
    විකුණන මල් බුදු සමිදුට...
    ඔබ ගෙනවිත් පුද දෙනවා...
    සංසාරේ කොතැනක හෝ...
    අපි ආයෙත් හමුවෙනවා....
    මහත්තයෝ නුඹ නාවත්..
    තවමත් මල් විකුණනවා.....

    කිරිවෙහෙරේ කතරගමේ...


    11924577_484478925059497_7953545678239195076_n.jpg

     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අද උදේම මේ පින්තුරය බුකියේ Art galary එකේ තියෙනවා දැකලා හිතුන අදහසක්...
    හොදයි නං කමෙන්ට් ඕනේ
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ටිකක් සංවේදී හැඟීමක් දැනෙනවා.......

    මල්ලි අර හින්දි වගේ සින්දුවෙන් පස්සේ මොනවත් අවස්ථාවක් ලැබුනේ නැද්ද ලියපු දෙයක් සින්දුවක් කරවන්න......
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ටිකක් සංවේදී හැඟීමක් දැනෙනවා.......

    මල්ලි අර හින්දි වගේ සින්දුවෙන් පස්සේ මොනවත් අවස්ථාවක් ලැබුනේ නැද්ද ලියපු දෙයක් සින්දුවක් කරවන්න......

    මගේ නම් අදහස හින්දි වගේ සින්දුවට වඩා හොඳ දෙයක් මූට කරන්න පුලුවන් කියන එක.. මම නම් ඒ සින්දුවට එච්චර කැමති නෑ...
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මගේ නම් අදහස හින්දි වගේ සින්දුවට වඩා හොඳ දෙයක් මූට කරන්න පුලුවන් කියන එක.. මම නම් ඒ සින්දුවට එච්චර කැමති නෑ...

    ඔක්කොටම වඩා මට ඒ සින්දුව කියන රිලවා පේන්න බෑ......

    අනිවා මූට මාර ටැලන්ට් එකක් තියෙන්නේ...... මේ දාලා තියෙන එකම එකට හොඳ උදාහරණයක්..... අරක ඉතින් මූ රැල්ලට අනුව ලියපු එකක්නේ...... මූගේ හැකියාවෙන් වැඩක් ගන්න තාම කෙනෙක් මූට හම්බෙලා නෑ....... :dull:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔක්කොටම වඩා මට ඒ සින්දුව කියන රිලවා පේන්න බෑ......

    අනිවා මූට මාර ටැලන්ට් එකක් තියෙන්නේ...... මේ දාලා තියෙන එකම එකට හොඳ උදාහරණයක්..... අරක ඉතින් මූ රැල්ලට අනුව ලියපු එකක්නේ...... මූගේ හැකියාවෙන් වැඩක් ගන්න තාම කෙනෙක් මූට හම්බෙලා නෑ....... :dull:

    සිරාවටම මටත් ඌ පේන්න බෑ.. ජෝතිපාලව විකුනන් කන එකා... :growl:

    වැඩක් ගන්න ඉතිං මිනිස්සු පස්සෙන් සින්දු ඉල්ලන් එන්නේ නෑ.. සංකපාලයා තමයි උන්ට සින්දු යවන්න ඕනේ.. :)
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ටිකක් වෙනස් විදිහක සංකල්පනාවක්...:(
    හැම්දාම වගේ ඒකත් ලස්සනට ලියවිලා තියෙනවා.. :)
    +Rep
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අඩෝ සින්දු ලියනවා බං. දෙන්නත් ට්‍රයි කරනවා. දැං කාලේ හැම දේටම සල්ලි ඕනෙ :sorry:
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,113
    3,540
    113
    46
    Buttala
    Elazz... Maxxa....
    REP 17+

    උඹට මේවට වෙලාව තියෙනව නේද? රෝස කටු ලියපන්කෝ