යකඩ යකා

Jeewanu2

Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    M10 දුම්රිය එන්ජිම - උතුර දකුණ යා කරන ඉන්දියානු කඟවේනා෴
    IMG_1987.jpg

    2011 වසරේ ලංකාවට ගෙනා මෙම දුම්රිය එන්ජින් පිලිබඳවත් විවිධාකාර මත පළවෙමින් තිබෙනවා. ඒ පිළිබඳව කතා කරන්නට පලමුවෙන් මෙහි තාක්ෂණික විස්තර පිලිබඳව මදක් විමසා බලමු.එන්ජින් පන්තිය           - M10නිශ්පාදිත රට                - ඉන්දියාවනිපදවූ සමාගම - DIESEL LOCOMOTIVE WORKS-Varanasiගෙන්වූ වර්ෂය - 2011දුම්රිය එන්ජින් වර්ගය   - Diesel Electricබල සැපයුම් එන්ජිම - ALCO 251 B 12 Cylinder 4 Stroke Turboඋපරිම බලය - 2300hpඋපරිම වේගය -  100kmhඑන්ජිමේ දිග                  -  17.2 mAxel Arrangement - Co-Coබර - ටොන් 120වර්ණය -ලා නිල්, කහ සහ තද නිල් පැහැයගෙන්වූ එන්ජින් ගණන - 9 { M10- 3(No 914-916), M10A- 6 (No 940 & 945)}මෙම එන්ජිමත් අප රටට ගෙන එන්නේ ඉන්දියාවෙ සුප්‍රකට දුම්රිය නිෂ්පාදකයෙක් වන DLW (Diesel Locomotive Waranasi) සමාගමෙන්. ඒ නිසා මෙම එන්ජිමත් ඔබ හොඳන් දැක තිබෙන M8 එන්ජිමට හැඩයෙන් බොහෝ දුරට සමාන බව ඔබට පෙනේවි. හැඩය අතින් මෙන්ම ඇතැම් තාක්ෂණික පිරිවිතරයන් අතිනුත් ඇතැම් සමානකම් තිබෙනවා. මෙහි බලසැපයුම් එන්ජිම ALCO 251B මාදිලියට අනුව සැකසුණු එකක්. එයට හේතුව වන්නේ ඉන්දියානු DLW සමාගම මෙම එන්ජිම නිපදවා තිබෙන්නේ ඔවුන්ට හුරුපුරුදු ALCO අකෘතියට අනුව වීමයි. (වැඩි විස්තර සඳහා M8 ලිපිය කියවන්න)M10 සහ M10A යනුවෙන් එන්ජින් මාදිලි දෙකක් මෙම M10 එන්ජින් සඳහා දකින්නට ලැබුනත් බඳෙහි වර්ණයේ වෙනස හැරුණු කොට මෙම එන්ජින් දෙකම සියලුම තාක්ෂණික පිරිවිතරයන් වලින් සමානයි. 2011 වසරේදී පළමුව එන්ජින් තුනක් (914-916) මෙරටට ආනයන කරන ලද්දේ උතුරු දුම්රිය මාර්ගයේ සංවර්ධන කටයුතු සඳහා යොදාගනීමට අවශ්‍ය එන්ජින් හිඟය පිරිමසා ගැනීමෙ අරමුණෙන්. පසුව තවත් එන්ජින් 6ක් ආනයනය කරන ලද අතර ඒවා ධාවනයට එක් කරනු ලැබුවේ M10A ධාවන පන්තිය යටතේයි. එහෙත් මේ ධාවන පන්ති දෙක අතර වර්ණයේ වෙනසක් පමණක් දකින්නට තිබෙනවා. මෙසේ එකම වර්ගයක එන්ජින් ධාවන පන්ති දෙකක් යටතට අයත් වීමට හේතුව ඒවායේ එන්ජින් අංක කාණ්ඩ දෙකකට අයත් වීමයි. (අතරමැදින් S12 පන්තියේ එන්ජින් සඳහා අංක ලැබීම නිසාවෙන්)
    IMG_1987.jpg

    M10 ධාවන පන්තියේ වර්ණය

    942.jpg

    M10A ධාවන පන්තියේ වර්ණය

    M8 එන්ජිමට සාපේක්ෂව මෙහි ඇති සුවිශේෂිත්වය වන්නේ මෙම එන්ජිමේ ඇති ගවනර් උපාංග පරිගණකය පද්ධතියක් මගින් පාලනය වීම, ඩයිනමික් තිරිංග පද්ධතියක් තිබීම ආදී සුවිශේෂි තාක්ෂණික උපාංග කිහිපයක්ම ඇතුලත් වීමයි. තවද මෙහි ප්‍රධාන ඉදිරි ලාම්පුව (Head light) හැරෙන්නට අනෙකුත් සියලු විදුලි පහන් සඳහා LED යොදගෙන තිබෙනවා. මෙහි ඇති විවිධ තාක්ෂණික කොටස් සහ විශේෂාංග කිහිපයක් පහත ඡායාරූප වලින් දැක්වේ.
    IMG_0266.jpg

    පාලන පැනලය

    IMG_0214.jpg

    ඩයිනමික් තිරිංග යෙදුම් පද්ධියට සම්බන්ධිත අධිප්‍රතිරෝධක ජාල සිසිලන පද්ධතිය(Resistor Grid Cooling System)

    IMG_0231.jpg

    මාර්ගය ලිස්සන අවස්ථාවකදී භාවිත කරන Sanding පද්ධතිය සඳහා වැලිගබඩා කරන ටැංකිය

    IMG_0230.jpg

    එම වැලි රෝද සහ පීලි අතරට යොමු කරන නොසලය. රෝදයට පිටුසින් ඇති විශාල කොටස ට්‍රැක්ෂන් මෝටරයයි.

    IMG_0223.jpg

    co-co ආකාරයේ දිගු බොගිය

    IMG_0217.jpg
    ඩීසල් ලීටර 5000ක ධාරිතාවයෙන් යුතු ඩීසල් ටැංකිය

    IMG_0222.jpg
    LED ළාම්පු. ප්‍රධාන විදුලි ලාම්පුව හැරෙන්නට අනේකුත් බොහෝ විදුලි පහන් සඳහා යොදා ඇත්තේ LED බල්බයන්

    handbrake.jpg
    දුම්රිය එන්ජිම නවත්වා තිබෙන විට ක්‍රියාත්මක කලයුතු අත් තිරිංග පද්ධතිය.(හෑන්ඩ් බ්‍රේක්)

    IMG_0419.jpg
    හදිසි තිරිංග ක්‍රියාත්මක කරන ලීවරය

    IMG_0449.jpg
    එන්ජිමේ ධාවන තත්වයට හා විදුලිය සම්බන්ධ දර්ශක පුවරු

    IMG_0450.jpg
    එන්ජිම පණගැන්වූම් පුවරුව

    IMG_0461.jpg
    Dead Man's Paddle නම් පාදකය. මෙය යම් නිශ්චිත කාලාන්තර අතර රියදුරා විසින් පෑගිය යුතුය.එසේ නොමැතිවුවහොත් එන්ජිම ස්වංක්‍රීයවම ධාවනය නවත්වයි. ආරක්ෂක උපක්‍රමයකි. 

    IMG_0466.jpg
    පරිගණක පද්ධතියේ ප්‍රධාන දර්ශක තිරය සහ පාලන පුවරුව

    IMG_0459.jpg
    ගවනර් උපාගය පාලනය කරනු ලබන පරිගණකය

    lights.jpg
    විදුලි පහන් පාලන පැනලය

    plug.jpg
    සාමාන්‍ය විදුලි පේනුව. මෙය දුරකථන ආර‍ෝපනය ආදියට ප්‍රයෝජනයට ගතහැකි බැව් පෙනේ.

    Untitled-1.jpg
    ප්‍රධාන වේග මාපකය. මෙයට අනුව මෙම වර්ගයේ එන්ජිමේ උපරිම වේගය 160kmh පමණ විය හැකි බව උපකල්පනය කල හැකිය. එහෙත්  මෙහි වේගය සිමා කර තිබේ.

    water.jpg
    එන්ජින් රේඩියේටරයේ ජල මට්ටම පෙන්වන පැනලය.

    IMG_0216.jpg
    සාමාන්‍ය යෙන් දකිනවාට වඩා වෙනස් අකුරු රටාවක් සහිත අංක තහඩුව

    IMG_0215.jpg
    නිෂ්පාදකයාගේ සටහන් තහඩුව (Builder's plate)

    IMG_0499.jpg
    රියදුරා ඉදිරිය දකින්නෙ මෙවන් කුඩා කවුලුවකිනි.

    1377598_603072536405109_1688720255_n.jpg
    මෙම වර්ගයේ එන්ජින් වල අධික දුමාරය පිටවන අයුරු.




    උපුටා ගැනීම locolanka
     
    Last edited:

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,052
    1,926
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort

    යට දාල තියෙන්නේ ඇයි උබට පොඩි අකුරු පේන්නේ නැද්ද?


    මම මූට පොඩි උදවුවක් කලේ යකෝ
    http://www.elakiri.com/forum/showthread.php?t=1695120

    ane nikan palayan yanna . umba passe edit karane.mama 10.49 ta comment karala thiyenne.uma mul post eka 11.34 ta edit karala.

    man mulu post ekama kiyawala comment eka damme