මුලින්ම සුභ පතනවා ඉන්දියා කණ්ඩායමට..
ගොඩක් දුකයි පැරදුන එකට, මට හිතෙන දේ මම කියන්නම්..
වාසනාව අපේ පැත්තේ තිබුනේ ගාල්ල මැච් එකේ අන්තිම දවසේ විතරයි..
ඉන්දියාව ගොඩක් වෙලාවට හොදට සෙල්ලම් කරා,
අපේ අතින් ගොඩක් කැච් මිස් උනා.. ස්ටම්පින් මිස් උනා
ඒවා ලොකුවට බලපෑවා..
3වෙනි මැච් එකේදි මිශ්රා අවුට් කරගන්න බැරි උනා..
කිසිම ඉනිමක හොඳ ආරම්භයක් ලැබුනේ නැහැ..
මේ මැච් එකේ පලවෙනි දවසෙම මම හිතුවා වේග පන්දු යවන්නෝ 3ක් එක්ක යන්න තිබ්බා කියලා, එහෙම උනා නම් අපිට ලොකු වාසියක් වෙනවා.. ඒත් දැන් කරන්න දෙයක් නැහැ..
මේ සීරීස් එකෙන් ගන්න තියෙන හොද දේවල් තමයි ධම්මික ප්රසාද්, කුසල් ජනිත්, චන්දිමාල් කියන අයගේ දක්ෂතා.. ඒවා එක සීරීස් එකකට සීමා කරන්නේ නැතුව දිගටම පවත්වගෙන යන්න එයාල දැන ගන්න ඕන,
හැමදාම මැතිව්ස් මතම යැපෙන්න බැහැ..
තේරීම් කමිටුව මීටවඩා තද තීරන ගන්න ඕන.. ලකුනු අතර කඩුලු අතර ඉන්න කෙනාට ඉක්මනටම අවස්ථාව දෙන්න ඕන..
කොදෙව් තරගාවලියෙදි ලොකු වෙනස් කම් වෙයි කියලා හිතනවා..
ඒ හම්බවෙන අවස්ථා වලින් හොඳ ප්රයෝජන අරගෙන ලංකාවට ජයගනන් ලැබෙන්න කියලා පතනවා..
මේ පරාජයන් වලින් පාඩම් ඉගෙන ගෙන ආයේ නැගිටිමු..
දිනුවත් පැරදුනත් අපි හැමදාම උඹලා එක්කයි..
ජය වේවා!