හුස්ම පවා ඔබට දෙන්න......

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හුස්ම පවා ඔබට දෙන්න......

    මෙතුවක් කල් නොදුටු ලොවක..
    හැමදාමත් රැදී ඉන්න...
    මුලින් දුටුව දිනේ පටන්...
    හිතුනා ආදරෙ කරන්න...

    හිතේ රැදුනු හීන වලින්...
    සොදුරුම හීනය හොයන්න..
    ඒ හීනේ සැබෑ කරන්...
    කුමරුවනේ ලගින් ඉන්න....

    උස අත්තක පිපී දිලෙන..
    මල් ඉත්තක් කඩා ගන්න....
    ඒ මලවට සරණ බඹරු...
    යලි නොයෙනා විලස යන්න...
    ආසයි මං හැමදාමත්....
    සුවද දිදී ලගින් ඉන්න...
    රත්තරනේ එපා මගෙන්...
    කවදාවත් දුරක යන්න.....

    හිතේ රැදුනු හීන වලින්...
    සොදුරුම හීනය හොයන්න..
    ඒ හීනේ සැබෑ කරන්...
    කුමරුවනේ ලගින් ඉන්න....

    සුභ පැතුමන් ආසිරි මැද...
    සොදුරුම දිනයක් ගෙවන්න...
    ඒ දිනයේ බිතුසිතුවම්..
    දිවිය පුරා තියා ගන්න....
    සුසුම් සලන දිනක පවා...
    ආදරයෙන් සනසවන්න...
    ඉඩ දෙනුමැන රත්තරනේ...
    හුස්ම පවා ඔබට දෙන්න......

    හිතේ රැදුනු හීන වලින්...
    සොදුරුම හීනය හොයන්න..
    ඒ හීනේ සැබෑ කරන්...
    කුමරුවනේ ලගින් ඉන්න....

    cute_couple_2_by_epicmuffinlove-d4kb3ko.jpg

     
    Last edited: