what is Global Lifestyle Lanka ??

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචංලා.. මොකක්ද මේ Global Lifestyle Lanka කියන්නේ. :confused::confused:
    මගෙ යාළුවෙක් රුපියල් අසූ දාස් ගානක් ගෙවලා ඒකෙං සෝලා පවර් ලයිට් වගයක් අරං.:oo: එයා කියනවා ඒකෙං තව තවත් සල්ලි හොයන්න පුලුවං කියලා. හොයන විදිහක් හරියට විස්තර කලෙත් නෑ..:baffled: මං මේ ගැන වැඩි දෙයක් දන්නෑ..මොකක් හරි මගඩි වැඩක්ද මන්දා.. තොරතුරක් දන්න කෙනෙක් ඉන්නවා නං කියන්නකො...
    :rolleyes::rolleyes:

    මේ තියෙන්නේ එයාලාගේ සයිට් එක
    http://www.globallifestyle.lk/en/opportunity/an_opportunity_to_succeed/


     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    okath piramid case ekak ban,ahuwenna epa
    ape ayatath lesiyen salli hoyanna thiyenawanam wena mukuth one nane


    Global Life Style Lanka පිරමීඩ මුදල් ජාවාරම

    piramideනීති විරෝධී ලෙස ජනතාව රවටා පිරමීඩ ආකාරයට මුදල් ජාවාරම් කළ ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් ලංකා (Global Life Style Lanka) නමින් පවත්වාගෙන යනු ලබන ආයතනයක් වැලිවේරිය, වඩුවේගම, දෙල්ගොඩ, යාගොඩ, යක්කල, බැලුම්මහර ආදී නගර ආශ්‍රිතව යලි හිස ඔසවමින් පවතී. දින කිහිපයකට ඉහතදී වැලිවේරිය නගර මධ්‍යයේ පිහිටි BS උත්සව ශාලාවේ පැවැත්වීමට සුදානම කර තිබූ දේශනයක් පිළිබඳව වැලිවේරිය පොලිස් ස්ථානාධිපතිතුමා වෙත ලැබුණු හෝඩුවාවකට ක්ෂණිකයෙන් ක්‍රියාත්මික වී ඔත්තුකරුවන් යොදා දේශනය ආරම්භ කිරීමට පෙර එය ව්‍යර්ථ කරන ලදී. උත්සව ශාලා අයිතිකරුටද පොලිස් ස්ථානාධිපතිතුමා විසින් අවවාද කර ඇත.


    වැලිවේරිය වසම තුල කිසිම ආකරයකට නැවතත් පිරමීඩ ක්‍රමයට මුදල් ඉපයීමට අදාල දේශන පවත්වා බදවා ගැනීම් සිදු කිරීමට අවස්ථාවක් නොදෙන අතර ඒ සදහා සොයා බැලීමට විශේෂ ඔත්තුකරුවන්ද යොදවා ඇති බව වැලිවේරිය පොලිස් ස්ථානාධිපතිතුමා ප්‍රකාශ කරන ලදී. කෙටි මාර්ග හරහා විශාල මුදලක් ඉපයීමේ පරමාර්ථයෙන් මෙවැනි වංචනිකයන්ට හසුනොවී සිටිම මහජනතාවගේද වගකීම වේ. ඔබත් මෙවැනි පිරමීඩ වංචාවකට හසුවී ඇත්නම් ළගම ඇති පොලිස් ස්ථානයට පැමිණිලි කිරීම මගින් සාධාරණයක් ඉෂ්ටකර ගැනීමටත් වංචනිකයන් නීතියේ රැහැනට කොටු කර ගැනීමට හැකි බව තව දුරටත් පොලිස් ස්ථානධිපතිතුමා පැහැදිලි කළේය.

    මෙවැනිම තවත් පිරමීඩ ආකාරයට මූල්‍යය ජාවරමක් සිදු කරන ආයතනයක් යක්කල ලෝහ භාණ්ඩ සංස්ථාව අසල තිබෙන ගොඩනැගිල්ලේද පවත්වාගෙන යනු ලැබේ. ඔවුන් ඉරුදිනයන්හී ඒ අවට උත්සව ශාලාවන්හී රහසි ගතව දේශන පවත්වත්වයි. මේ වනවිට සැලකිය යුතු සාමජිකයින් ප්‍රමාණයක්ද තම ග්‍රහණයට නතු කරගෙන ඇති බවට තොරතුරු ලැබී ඇත.

    මෙම ආයතන මගින් ඉතා අඩු වටිනාකමකින් යුත් භාණ්ඩ රු.80000 ක් වැනි විශාල මුදලකට සාමජිකයින්හට අලෙවි කරන අතර භාණ්ඩ ලෙස විදුලි උපකරණ, ගෘහ භාණ්ඩ, සූර්‍යය පැනල යොදා ගනී. බොහෝ අවස්ථා වලදී සාමජිකයින් හට කිසිදු ආර්ථික ලාභයක් නොලැබෙන අතර ඔවුන් යෙදවු මුදලද අහිමි වේ. මෙම පිරමීඩාකාර වංචනික මූල්‍යය ආයතනයන්හී මූලිකම වෙළඳ උපක්‍රමය ලෙස දේශන පැවැත්වීම මගින් සාමජිකයින්ගේ මොළය සේදීම හෙවත් Brain Wash කිරීම දේශකයන් විසින් සිදු කරයි. සාමජකයින් සතු දේපළක් උගස් කර හෝ ණයතුරස් වී හෝ මෙම මූල්‍යය ජාවාරමට මුදල යොදවන්නැයි බලපෑම් කරන තරම් පහත් තත්වයට මෙම වංචනික පුද්ගලයන් පත්ව ඇත.

    මෙවැනි පිරමීඩාකාර ගණුදෙනු සදහා යොජනා ඔබටත් ලැබී ඇත්නම් ළඟම තිබෙන පොලිස් ස්ථානයට, 119 ඔස්සේ හදිසි ඇමතු අංශයට හෝ ශ්‍රී ලංකා මහ බැංකුවේ පිරමීඩ වැටලීම් අංශයේ 0112477100 හෝ 0112477105 යන දුරකථන අංක ඔස්සේ පැමිණිලි කර ඔබෙත් ඔබේ අසල්වැසියාගෙත් මුදල් මූල්‍යය වංචනිකයන්ගෙන් ආරක්ෂා කර ගන්න.




     
    • Like
    Reactions: Dinushasankalpa

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    okath piramid case ekak ban,ahuwenna epa
    ape ayatath lesiyen salli hoyanna thiyenawanam wena mukuth one nane


    Global Life Style Lanka පිරමීඩ මුදල් ජාවාරම



    බොහොම ස්තූතියි මචං...
    11.gif

    දන්න දන්න අයව දැනුවත් කරලා මේකෙං ගලවන එක වටිනවා..
    අපරාදෙ මිනිස්සුංගෙ සල්ලි
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ත්‍රෙඩ් එකෙන් අහපු දේ දැනටමත් කට්ටිය කියලනේ.......ඔය solar unit එක විකුණන ගානෙන් බාගයක්වත් වටින එකක් නෙවෙයි.....අහුවෙන්න එපා.......