අලුත් වැඩකට අත හිත ඔබෙන් ....

nishanemb

Active member
  • Aug 29, 2011
    595
    176
    43
    අලුත් වැඩකට අත හිත ඔබෙන් ....

    වර ඇතුලට
    මේකයි කතන්දරෙ මම අලුතෙන්ම පටන් ගත්ත මල් වගාවක් (නෑ නෑ එ මල් නෙවෙයි :D) දැනට orchid සහ ඇන්තුරියම් මල් විතරයි තියෙන්නෙ පස්සෙ තව ටිකක් දියුනු කරන්න ඔන. online selling වලට කියල facebook page එකෙකුත් හැදුව. මෙ ගැන දන්න අය ඉන්නවනම් උපදෙස් ටිකකුත් දෙන්න
    මෙන්න ලින්කුව https://www.facebook.com/pages/Orchid-valley-plant-nursery/151166071624179?ref=hl

    සහයොගය ලබා දෙන්නන්ට පෙරලා රෙප් වලින් පහර දෙනු ලැබේ.
    ප.ලි like දෙන්නන් බුම්ප් එකෙකුත් දමා යන්න එය රෙප් දිමට පහසු වේ




    :D:D:D:D:D:D:D:D
     

    Dineth1990

    Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    දිනෙන් දින දියුණු වෙන්න කියලා එක සිතින්ම ප්‍රාර්ථනා කරනවා....

     
    Last edited:
    • Like
    Reactions: nishanemb

    Dineth1990

    Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    ඇත්තටම හොද අලුත් දෙයක්..... මේ සම්බන්දව ගොඩක් කරුනු අලුත් දැනුම ඔනේ තරම් ඉන්ටෙර්නෙට් එකේ වගේම, ග්‍රාමීය කෘෂි බෝග මද්‍යස්ථාන මගින් ලබාගන්න පුලුවන්... විදේශීය වශයෙනුත් හොද ඉල්ලුමක් තියෙනවා.. කැපවීමෙන් කරොත් සෑහෙන ලොකු තැනකට එන්න පුලුවන්.... සුබ පැතුම්.....

     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    මගේ සුභ පැතුම්, සහෝදරයා...!! :):)
    මමත් කැමතිම ක්ෂේත්‍රයක්..
    පටන් ගන්න පොඩි අදහසක් තියෙනවා...
     
    • Like
    Reactions: nishanemb

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    http://thama-susl.blogspot.com/2012/01/blog-post_5216.html

    ඕකිඩ් වගාවට පොහොර සහ ජලය දැමීමට හොඳම වෙලාව

    ඕකිඩ් මල් පරම්පරාවෙම තියෙන ඉතා ලස්සනම මල තමයි කැට්ලියාස් කියලා කියන්නේ. මේ මල කොච්චර ලස්සන වුණත් ගහේ හට ගන්නේ එක මලක් හෝ දෙකක් විතරයි. නමුත් වෙනත් වර්ගයක් හා කැට්ලියාස් මල් මුසු කළ විට සමහර විට මල් කිහිපයකින් යුත් කිනිත්තක් හට ගන්නවා.

    කැට්ලියාස්වල ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් දක්නට ලැබෙනවා. Labiate වර්ගය ඉන් එක් වර්ගයක්. මේ වර්ගය තිරස්ව වැවෙන වර්ගයකි. ව්‍යාජ බල්බ මත එක් පත්‍රයක් පමණක් හට ගනී. තරමක් ලොකු මල් හටගනී. මුල් කාලයේදී ස්වාභාවික මල් හට ගන්නා වර්ණය වූයේ දම් පැහැයයි. නමුත් අද වනවිට මෙම වර්ගය තවත් වර්ග හා කෘත්‍රිම දෙමුහුම් කිරීම තුළින් විවිධ වර්ණයෙන් යුතුව මල් හට ගන්නා නව ශාක ප්‍රභේද සොයා ගෙන ඇත. මල් පිපුණු විට එය සතියක් හෝ සති දෙකකට ආසන්න ආයු කාලයක් ගත කරයි. මෙම වර්ගයේ මලක් රුපියල් 250ක් හෝ 300ක් වැනි මලකට අලෙවි කරගත හැකිය.

    කැට්ලියාස් වර්ගයේ අනෙක් වර්ගය වන්නේ by for laite වර්ගයයි. මෙහි කඳේ හට ගන්නා ව්‍යාජ බල්බ තුළින් කොළ 2ක් පමණ හට ගනී. මෙහි හට ගනුයේ පුංචි මල් කිහිපයකින් යුතු කිනිත්තකි. ස්වාභාවික වර්ණය වනුයේ දම් පැහැයයි. නමුත් කෘත්‍රිම දෙමුහුම් කිරීම තුළින් විවිධ වර්ගවල මල් හටගන්නා ශාක බිහි කොට ගෙන ඇත. මෙය ඉතා අලංකාර කුඩා මලක් වුවත්, වෙළෙඳ පොළේ වැඩිපුර ඉල්ලුම ඇත්තේ Labiate වර්ගයේ කැට්ලියාස් මල් සඳහාය.
    කැට්ලියාස් වර්ගයකට brassavola වර්ගයක් මුසු කළ විට brassocatliya මල් බිහි කර ගත හැකිය. මේ brassocatliya වර්ගය Laelia වර්ගය හා දෙමුහුම් කළ විට brasso Laclia catliya නමින් නව වර්ගයක් බිහිකර ගත හැකිය.

    ඩෙන්ඩේ‍රා්බියම්
    ජපානය, කොරියාව, පැපුවා නිව්ගිනියා, ඕස්ට්‍රේලියා, නවසීලන්තය වැනි රටවලින් ස්වාභාවික ඩෙන්ඩේ‍රා්බියම් වර්ග 1,600කට වඩා වැඩි ප්‍රමාණයක් සොයා ගෙන ඇත. මෙහි ප්‍රධාන කොටම වර්ණ තුනක් දක්නට ලැබේ.
    පළමුවැන්න වනුයේ ෆැලනොප්සීස් වර්ගයයි. මෙහි මල් පෙති රවුම් හැඩයක් ගන්නා අතර මලක ආයු කාලය සාතියක් හෝ සති දෙකකි. මෙම වර්ගයේ දෙවැන්න වනුයේ Cane වර්ගයයි. මෙහි පෙති කරකැවී ගිය ආකාරයක් දක්නට ලැබේ. තුන් වැන්න වනුයේ Inter mediate නමැති දෙමුහුම් වර්ගයයි. ෆැලනොප්සීස් හා කේන් වර්ගයේ මල් දෙකක් දෙමුහුම් කළ විට මේ වර්ගය හට ගනියි. මෙය වර්ග දෙකක සංකලනයෙන් බිහිවන මලකි.

    ඩෙන්ඩේ‍රා්බියම් වර්ගයේ ඕකිඩ් පැළ සඳහා වර්ධනය වන අවධියේ 70%ක් සෙවණ ප්‍රතිශතයක් අත්‍යවශ්‍යය. නමුත් මල් හට ගන්නා සමයේදී තරමක් විශාල පෝච්චියක පැළය රෝපණය කොට 50%ක් පමණ සෙවණ ප්‍රතිශතයක් ලබා දිය යුතුය.

    සෑම ඕකිඩ් වර්ගයක් සඳහාම පොහොර යෙදීමේදී උදෑසන 8ට පෙර යෙදිය යුතුය. පැළයේ සෑම තැනකටම ස්පර්ශ වන සේ ස්ප්‍රේ යන්ත්‍රයක් මඟින් පොහොර යෙදිය හැකිය. ඕකිඩ් පත්‍රයේ උඩු හා යටි පැතිවල පොහොර උරා ගැනීම පහසු වන අයුරින් විවර වූ සිදුරු පිහිටයි. මේවා හිරු එළියත් සමඟම ආවරණය වේ. එනිසා මේ සිදුරුවලට හිරු එළිය වැටීමට පෙර පොහොර ලබා දීම තුළින් ඉතා ඉක්මනින් ශාකය පොහොර අවශෝෂණය කරගනී.

    වගාව සඳහා ජලය යෙදීමේදී වුවද සවස 4න් පසුව යෙදිය යුතුය. සති 3කට වරක් පොහොර යොදන නිසා ශාකය අවශෝෂණය කර නොගන්නා පොහොර මාධ්‍ය තුළ තැන්පත් වේ. එනිසා ජලය යෙදීමේදී සම්පූර්ණ මාධ්‍යම තෙමී බඳුනෙන් පිටතට ජලය ගලා යනතෙක්ම ජලය යෙදිය යුතුය.
     
    Last edited:

    lapatieka

    Active member
  • Jun 8, 2011
    492
    82
    28
    දිනෙන් දින දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
     
    • Like
    Reactions: nishanemb

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    ඕකිඩ් වගාවේ ඕකිඩ් වර්ග ප්‍රධාන වශයෙන් මෙලෙස හඳුනා ගැනීමට පුළුවන.
    ඩෙන්ඩේ‍රා්බියම්
    ෆැලනොප්සිස්
    කැට්ලියා
    වැන්ඩා
    ඔන්සිඩ්‍රියම්
    සින්බි්‍රඩියම්
    ආදිය මේ යටතේ වෙයි. මින් ඩෙන්ඩේ‍රා්බියම් වගාවට හිමිවන්නේ ඉහළ තැනකි. මන්ද එය පහසුවෙන් වගා කළ හැකි බැවිනි.

    විශේෂත්වය
    රටේ විවිධ ස්ථානවල මෙන්ම ගස් මුදුන්වල පවා ස්වාභාවිකව වැවෙන ඕකිඩ් වර්ග අප දැක ඇත. එලෙස ස්වාභාවිකවම ගස් මුදුන්වල වැවෙන ඕකිඩ් පැළ නියඟයේදී ජල වාෂ්ප උරා ගැනිමින්ද, වැසි කාලයේ කෙළින්ම ලැබෙන ජලය ප්‍රයෝජනයට ගනිමින්ද තම ජීවිතය පවත්වාගෙන යයි. කිසිදු විටෙක යම් දෙයක් අඩුවූ පමණින් ජීවිතය අවසන් නොකරයි. එම නිසා ශුෂ්ක පරිසරයක වුවද මෙය පහසුවෙන් වැඩෙයි. මෙම මූලධර්ම පදනම් කරගනිමින් අපට අවම පහසුකම් යටතේ වුවද ඕකිඩ් වගාවක් ආරම්භකර ව්‍යාපාරයක් වශයෙන්ද මෙමඟින් වැඩි වාසි ලබාගත හැකි බව නම් කිව යුතුය. එම නිසා අඩු පිරිවැයකින් ඕකිඩ් වගාවක් අරඹන්න මේ කාරණා ඔබට වැදගත් වන බව කිව යුතුය.

    පිරිවැය අඩුයි
    ව්‍යාපාරයක් ලෙස ඔබ ඕකිඩ් වගාව ආරම්භ කිරීමට සිතන්නේ නම් පළමුව ඔබ ඇතේ ඇති මුදලට සරිලන ආකාරයට එය සැලසුම් කර ගැනීම වැදගත්ය. පැළ 100ක ඕකිඩ් වගාවක් සඳහා රු. 15,000ක පමණ මුදලක් ප්‍රමාණවත්ය. මෙවැනි මුදලක් සපයා ගැනීමට නම් ඔබට එතරම් අපහසු නොවනු ඇත. බොහෝ දෙනා මහා පරිමාණ වගාවන්ට එකවර විශාල මුදලින් ණය ලබා ගැනීමෙන් නොයෙක් අපහසුතාවන්ට පත්ව ඇති බව අප අසා ඇත. එම නිසා මෙය ඔබට කදිම පිළියමකි.

    වගා කිරීම
    මුලින්ම ඔබ ඕකිඩ් වගාවට සුදුසු භූමියක් තෝරා ගැනීමේදී උදෑසන හිරු එළිය හොඳින් ලැබෙන පරිදි නිවෙසට යාබද ස්ථානයක් පිළිබඳ අවධානය යොමු කරන්න. දැන් නෙට් කැබැල්ලක් (සෙවණ දැල්) එයට අඩි 9 1/2ක් පමණ ඉහළින් ඇදගෙන නෙට් එක යට පැළ තැබීමට පහසුවන පරිදි අඩි 3ක පමණ බංකුවක් නිර්මාණය කර ගැනීමෙන් හොඳ ඕකිඩ් වගාවක් ඇරැඹිය හැකිය.

    පිරිවැය
    මෙවැනි වගාවක් කිරීමේදී ඔබ අත ඇති මුදල් හොඳින් කළමනාකරණය කර ගනිමින් භාවිතයට ගත යුතුය. මෙනිසා ඔබ මේ කරුණු පිළිබඳත් දැනුම්වත් වීම වැදගත්.
    මෙවැනි ඕකිඩ් පැළ 100ක වගාවක පැළ සඳහා වැය වන්නේ රු. 12,000ක් පමණ මුදලකි. වර්ගමීටර් 18ක පමණ භූමියකට නෙට් කැබැල්ලකට 50%ක සෙවණ ප්‍රතිශතයක් ලබා ගැනීමට රු. 2,000ක මුදලක් වැයවේ.

    මෙහි වගා මාධ්‍ය ලෙස පොල් ලෙලි හා චිප් ගල් (කළු ගල්වල කුඩා කැබලි) භාවිත කරයි.
    මේවාද තම පරිසරයට අවටින් ඉතා පහසුවෙන්ම සපයා ගත හැකිය. ඒ සඳහා පිරිවැයක් සිදු නොවේ. මේ ආකාරයට ඉතා පහසුවෙන් ඕකිඩ් වගාවක් ආරම්භ කළ හැකිය.
    පොහොර භාවිතය
    ඕකිඩ් වගාවක් සඳහා වෙනත් වගා මෙන් නොව පොහොර වෙනුවෙන් වැය වන්නේ ඉතාම අඩු පිරිවැයකි. එනම් සාමාන්‍යයෙන් ඕකිඩ් පැළ 100ක පමණ වගාවකට මසකට පොහොර සඳහා වැය වන්නේ රු. 25ක් තරම් අඩු මුදලකි.

    දිලීර ආසාදන
    මෙහිදී අප වගාකරුවන් ප්‍රධාන ලෙස සූර්යය ශක්තියත්, මනා ජල පාලනයත් පිළිබඳ අවබෝධයකින් කටයුතු කළ යුතුය. හොඳින් හිරු එළිය වගාවට එන ලෙස එම භූමිය සකසා ගැනීමෙන් මෙලෙස ඇතිවිය හැකි දිලීර ආසාදනද බොහෝ සෙයින් අවම කර ගත හැකිය.
    සාමාන්‍යයෙන් පොල් ලෙලි හා චිප් ගල් මාධ්‍යයක රැඳෙන ජල ප්‍රමාණය අවම වන නිසාත්, දිලීරවලින් සිදුවිය හැකි හානි අවම කර ගැනීමට පුළුවන.

    වගා කාලය
    ඕකිඩ් වගාවක් මේ ආකාරයට ආරම්භ කර සාර්ථක පල නෙළා ගැනීමට එතරම් කාලයක් ගත නොවේ. මේ සඳහා වගා කාලය වශයෙන් කුඩා නෙට් පොට් පැළයක (අඟල් 3ක පමණ කුඩාම පැළය) සිට මාස 9කදී පමණ තමාගේ ආර්ථික ශක්තියට ඵලදායී ලෙස ප්‍රතිඵල ලබා දෙයි.
    මේ ආකාරයට කැපුම් මල් වගාවක් ආරම්භ කරන්නේ නම් මනා පාලනයක් තුළ අවුරුදු 20ක් 30ක් වුවද පවත්වාගෙන යා හැකිය.

    වෙළෙඳපොළ
    ඕකිඩ් දේශීය මෙන්ම විදේශීය වෙළෙඳපොළ තුළද ඉතා හොඳ ඉල්ලුමක් පවතී. එසේම විසිතුරු පැළයක් ලෙස ඕකිඩ් පැළයක් නිපදවන්නේ නම් වෙළෙඳපොළේ රු. 400ක් පමණ මුදලකට මලක් සමඟම පැළය අලෙවි කළ හැකිය.
    ඕකිඩ් මල් විවිධ උත්සව අවස්ථා සැරසීමට පවා යොදා ගන්නා නිසා හොඳ වෙළෙඳපොළක් බිහිවී ඇත.

    මෙවන් වූ වගාවකට තම ශ්‍රමය ඵලදායීව යොදා ගැනීමෙන් තම නිවෙසේ ආර්ථික ශක්තියද පහසුවෙන් දියුණු තත්ත්වයට පත් කළ හැකිය. බොහෝ විට වගාවක සාර්ථකත්වය රදා පවතින්නේ ඒ මත තමා කරන කැපවීම හා සොයා බැලීම මතයි. නිරන්තරයෙන්ම වගාකරු හා පැළ අතර අනේ‍යාන්‍ය ගනුදෙනු හඳුනාගැනීම මත අමතර වගා වියදම් පාලනය කර ගැනීමට තමාට හැකියාව ලැබේ.