ඕකිඩ් වගාවේ ඕකිඩ් වර්ග ප්‍රධාන වශයෙන් මෙලෙස හඳුනා ගැනීමට පුළුවන.
ඩෙන්ඩේරා්බියම්
ෆැලනොප්සිස්
කැට්ලියා
වැන්ඩා
ඔන්සිඩ්රියම්
සින්බි්රඩියම්
ආදිය මේ යටතේ වෙයි. මින් ඩෙන්ඩේරා්බියම් වගාවට හිමිවන්නේ ඉහළ තැනකි. මන්ද එය පහසුවෙන් වගා කළ හැකි බැවිනි.
විශේෂත්වය
රටේ විවිධ ස්ථානවල මෙන්ම ගස් මුදුන්වල පවා ස්වාභාවිකව වැවෙන ඕකිඩ් වර්ග අප දැක ඇත. එලෙස ස්වාභාවිකවම ගස් මුදුන්වල වැවෙන ඕකිඩ් පැළ නියඟයේදී ජල වාෂ්ප උරා ගැනිමින්ද, වැසි කාලයේ කෙළින්ම ලැබෙන ජලය ප්‍රයෝජනයට ගනිමින්ද තම ජීවිතය පවත්වාගෙන යයි. කිසිදු විටෙක යම් දෙයක් අඩුවූ පමණින් ජීවිතය අවසන් නොකරයි. එම නිසා ශුෂ්ක පරිසරයක වුවද මෙය පහසුවෙන් වැඩෙයි. මෙම මූලධර්ම පදනම් කරගනිමින් අපට අවම පහසුකම් යටතේ වුවද ඕකිඩ් වගාවක් ආරම්භකර ව්‍යාපාරයක් වශයෙන්ද මෙමඟින් වැඩි වාසි ලබාගත හැකි බව නම් කිව යුතුය. එම නිසා අඩු පිරිවැයකින් ඕකිඩ් වගාවක් අරඹන්න මේ කාරණා ඔබට වැදගත් වන බව කිව යුතුය.
පිරිවැය අඩුයි
ව්‍යාපාරයක් ලෙස ඔබ ඕකිඩ් වගාව ආරම්භ කිරීමට සිතන්නේ නම් පළමුව ඔබ ඇතේ ඇති මුදලට සරිලන ආකාරයට එය සැලසුම් කර ගැනීම වැදගත්ය. පැළ 100ක ඕකිඩ් වගාවක් සඳහා රු. 15,000ක පමණ මුදලක් ප්රමාණවත්ය. මෙවැනි මුදලක් සපයා ගැනීමට නම් ඔබට එතරම් අපහසු නොවනු ඇත. බොහෝ දෙනා මහා පරිමාණ වගාවන්ට එකවර විශාල මුදලින් ණය ලබා ගැනීමෙන් නොයෙක් අපහසුතාවන්ට පත්ව ඇති බව අප අසා ඇත. එම නිසා මෙය ඔබට කදිම පිළියමකි.
වගා කිරීම
මුලින්ම ඔබ ඕකිඩ් වගාවට සුදුසු භූමියක් තෝරා ගැනීමේදී උදෑසන හිරු එළිය හොඳින් ලැබෙන පරිදි නිවෙසට යාබද ස්ථානයක් පිළිබඳ අවධානය යොමු කරන්න. දැන් නෙට් කැබැල්ලක් (සෙවණ දැල්) එයට අඩි 9 1/2ක් පමණ ඉහළින් ඇදගෙන නෙට් එක යට පැළ තැබීමට පහසුවන පරිදි අඩි 3ක පමණ බංකුවක් නිර්මාණය කර ගැනීමෙන් හොඳ ඕකිඩ් වගාවක් ඇරැඹිය හැකිය.
පිරිවැය
මෙවැනි වගාවක් කිරීමේදී ඔබ අත ඇති මුදල් හොඳින් කළමනාකරණය කර ගනිමින් භාවිතයට ගත යුතුය. මෙනිසා ඔබ මේ කරුණු පිළිබඳත් දැනුම්වත් වීම වැදගත්.
මෙවැනි ඕකිඩ් පැළ 100ක වගාවක පැළ සඳහා වැය වන්නේ රු. 12,000ක් පමණ මුදලකි. වර්ගමීටර් 18ක පමණ භූමියකට නෙට් කැබැල්ලකට 50%ක සෙවණ ප්‍රතිශතයක් ලබා ගැනීමට රු. 2,000ක මුදලක් වැයවේ.
මෙහි වගා මාධ්‍ය ලෙස පොල් ලෙලි හා චිප් ගල් (කළු ගල්වල කුඩා කැබලි) භාවිත කරයි.
මේවාද තම පරිසරයට අවටින් ඉතා පහසුවෙන්ම සපයා ගත හැකිය. ඒ සඳහා පිරිවැයක් සිදු නොවේ. මේ ආකාරයට ඉතා පහසුවෙන් ඕකිඩ් වගාවක් ආරම්භ කළ හැකිය.
පොහොර භාවිතය
ඕකිඩ් වගාවක් සඳහා වෙනත් වගා මෙන් නොව පොහොර වෙනුවෙන් වැය වන්නේ ඉතාම අඩු පිරිවැයකි. එනම් සාමාන්‍යයෙන් ඕකිඩ් පැළ 100ක පමණ වගාවකට මසකට පොහොර සඳහා වැය වන්නේ රු. 25ක් තරම් අඩු මුදලකි.
දිලීර ආසාදන
මෙහිදී අප වගාකරුවන් ප්‍රධාන ලෙස සූර්යය ශක්තියත්, මනා ජල පාලනයත් පිළිබඳ අවබෝධයකින් කටයුතු කළ යුතුය. හොඳින් හිරු එළිය වගාවට එන ලෙස එම භූමිය සකසා ගැනීමෙන් මෙලෙස ඇතිවිය හැකි දිලීර ආසාදනද බොහෝ සෙයින් අවම කර ගත හැකිය.
සාමාන්‍යයෙන් පොල් ලෙලි හා චිප් ගල් මාධ්‍යයක රැඳෙන ජල ප්‍රමාණය අවම වන නිසාත්, දිලීරවලින් සිදුවිය හැකි හානි අවම කර ගැනීමට පුළුවන.
වගා කාලය
ඕකිඩ් වගාවක් මේ ආකාරයට ආරම්භ කර සාර්ථක පල නෙළා ගැනීමට එතරම් කාලයක් ගත නොවේ. මේ සඳහා වගා කාලය වශයෙන් කුඩා නෙට් පොට් පැළයක (අඟල් 3ක පමණ කුඩාම පැළය) සිට මාස 9කදී පමණ තමාගේ ආර්ථික ශක්තියට ඵලදායී ලෙස ප්‍රතිඵල ලබා දෙයි.
මේ ආකාරයට කැපුම් මල් වගාවක් ආරම්භ කරන්නේ නම් මනා පාලනයක් තුළ අවුරුදු 20ක් 30ක් වුවද පවත්වාගෙන යා හැකිය.
වෙළෙඳපොළ
ඕකිඩ් දේශීය මෙන්ම විදේශීය වෙළෙඳපොළ තුළද ඉතා හොඳ ඉල්ලුමක් පවතී. එසේම විසිතුරු පැළයක් ලෙස ඕකිඩ් පැළයක් නිපදවන්නේ නම් වෙළෙඳපොළේ රු. 400ක් පමණ මුදලකට මලක් සමඟම පැළය අලෙවි කළ හැකිය.
ඕකිඩ් මල් විවිධ උත්සව අවස්ථා සැරසීමට පවා යොදා ගන්නා නිසා හොඳ වෙළෙඳපොළක් බිහිවී ඇත.
මෙවන් වූ වගාවකට තම ශ්‍රමය ඵලදායීව යොදා ගැනීමෙන් තම නිවෙසේ ආර්ථික ශක්තියද පහසුවෙන් දියුණු තත්ත්වයට පත් කළ හැකිය. බොහෝ විට වගාවක සාර්ථකත්වය රදා පවතින්නේ ඒ මත තමා කරන කැපවීම හා සොයා බැලීම මතයි. නිරන්තරයෙන්ම වගාකරු හා පැළ අතර අනේයාන්‍ය ගනුදෙනු හඳුනාගැනීම මත අමතර වගා වියදම් පාලනය කර ගැනීමට තමාට හැකියාව ලැබේ.