උදව්වක්

samraj

Active member
  • Dec 4, 2011
    421
    45
    28
    හිස්‌ බෝතල් විකුණා
    පස්‌දෙනකුගේ දිවි රකින හැත්තෑපස්‌ හැවිරිදි අම්මා


    මොරටුව, ලුනාව ආයුර්වේද රෝහල අසල බස්‌ නැවතුමේ රැඳී සිටිමින් රෝහලට පැමිණෙන රෝගීන් හට හිස්‌ බෝතලයක්‌ විකුණා පස්‌ දෙනකුගෙන් යුත් පවුලක්‌ නඩත්තු කරන සිල්නට්‌ පෙරේරා නම් වූ හැත්තෑහත් හැවිරිදි මාතාව පසුගිය දිනෙක අහම්බෙන් මුණ ගැසුණා.

    මඳ වේලාවක්‌ ඇය හා තොරතුරු කතා කළ මම ඉකුත් දිනෙක ඇය ජීවත් වන අඟුලාන, මුහුදුබඩ පාර අංක 394 ස්‌ථානයෙහි පිහිටි නිවසට ගියෙමි.

    සවස 4.30 ට පමණ මා එහි යන විටත් ඇය රාත්‍රි ආහාර සූදානම් කරමින් සිටිනු දැකිය හැකි විය. දිරා ගිය ලෑලි කැබලි හා පොලිතින්වලින් ආවරණය කර ඇති නිවසෙහි වහළයේ කැඩී බිඳී ගිය තහඩු අතුරා තිබිණි. මසකට කුලියක්‌ ගෙවා යාබද නිවසකින් වතුර ලබා ගන්නා ඇයගේ නිවසට විදුලිය සිහිනයකි.

    අසනීප තත්ත්වයෙන් පසුවන අවිවාහක සොයුරිය හා පුතකුද, තවත් කුඩා දරුවන් දෙදෙනකුද නඩත්තු කරනු ලබන්නේ ඇය විසිනි.

    අම්මේ මේ පොඩි දරුවෝ දෙන්නා කාගේද මම විමසීමි. මේ මගේ ලොකු පුතාගේ දරුවෝ දෙන්නා. ලොකු පුතා හෘදයාබාධයකින් මැරුණා. ලේලි පිළිකාවක්‌ හැදිල මැරුණා. ඉතින් මේ දරුවෝ දෙන්නාවත් මම තමයි බලා ගන්නේ. මම මේ හැම දෙයක්‌ම කරන්නේ හිස්‌ බෝතල් ටිකක්‌ විකුණලා හම්බ වෙන එකෙන්. මේ විදිහට අමාරුවෙන් ජීවත්වෙන මම කොහොමද මහත්තයෝ ගෙයක්‌ හදා ගන්නේ. ඒත් මම ජීවත් වෙලා ඉන්නකන් වේලක්‌ හැර වේලක්‌ කාල හරි මේ විදිහට ජීවත් වෙනවා.

    වැස්‌ස දවස්‌වලට ගෙයි ඇතුලේ වතුර හැම තැනම. රෑට නින්දක්‌ නැහැ. ගේ කොයි වෙලේ කඩන් වැටෙයිද කියල බයේ බැහැ. මහත්තයෝ අපිට මේ ගේ පොඩ්ඩ හදව ගන්න කවුරු හරි උදව් කරනව නම් ලොකු පිනක්‌. එතකොට මම නැතත් මේ පොඩි එවුන් දෙන්නටයි නංගිටයි පුතාටයි වැටිල ඉන්න තැනක්‌ හරි තියෙනවා.

    මට මහ ලොකුවට ගේ හදන්න ඕන නැහැ. මහත්තයෝ බ්ලොක්‌ ගල් ටිකක්‌ වටේට බැඳල වහල කෑල්ල හදල දුන්නම හොඳටම ඇති. එතකොට මට නිවී සැනසිල්ලේ ඇස්‌ දෙක පියාගන්න පුළුවන්.

    ඇයට උදව් කිරීමට ඔබත් කැමති නම් එය මහ පිංකමකි. අංක 394, මුහුදුබඩ පාර, අඟුලාන ඇයගේ ලිපිනයයි


    (divaina 14-09-15)

    පුලුවන් නම් උදව්වක් කරපල්ලා
    පිං සිද්ද වෙනවා
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    කවුද මෙවට උදව් කරන්නේ ?

    මෙහෙම ත්‍රෙඩ් දැම්මහම උදව් ලැබෙනවා ද ?

    මිට කලින් ඔයලා මෙ වගේ යට උදව් කරලා තියෙනවාද ?

    නිකන් දුකයි කියලා විතරද කියන්නේ
     

    samraj

    Active member
  • Dec 4, 2011
    421
    45
    28
    කවුද මෙවට උදව් කරන්නේ ?

    මෙහෙම ත්‍රෙඩ් දැම්මහම උදව් ලැබෙනවා ද ?

    මිට කලින් ඔයලා මෙ වගේ යට උදව් කරලා තියෙනවාද ?

    නිකන් දුකයි කියලා විතරද කියන්නේ


    මචං,
    මම මේක පත්තරේ දැකපු නිසා දැම්මේ,
    එළකිරියෙත් යමක් කමක් තියෙන අනුන්ට උදව් කරන උන් ඉන්නව ඕන තරම්
    එහෙම එකෙක් දකී කියලයි දැම්මේ,

    උඹ කියන විදිහට පත්තරේ දැම්මත් වැඩක් නැහැ නේද.
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    කවුද මෙවට උදව් කරන්නේ ?

    මෙහෙම ත්‍රෙඩ් දැම්මහම උදව් ලැබෙනවා ද ?

    මිට කලින් ඔයලා මෙ වගේ යට උදව් කරලා තියෙනවාද ?

    නිකන් දුකයි කියලා විතරද කියන්නේ


    නිකන් ගොබ්බ කතා නොකිය හිටපන් බන්. උබල වගේ උන් බොරුවට හුල්ලලා යයි. නමුත් මේ ත්‍රෙඩ් එක 100 දෙනෙක් බැලුවොත් එකෙක් හරි එක රුපියල් සියයකින් හරි උදවුවක් කරයි.
     

    blue_in_rio

    Well-known member
  • නිකන් ගොබ්බ කතා නොකිය හිටපන් බන්. උබල වගේ උන් බොරුවට හුල්ලලා යයි. නමුත් මේ ත්‍රෙඩ් එක 100 දෙනෙක් බැලුවොත් එකෙක් හරි එක රුපියල් සියයකින් හරි උදවුවක් කරයි.

    සිරාවට බන්, මෙහෙම එකක් දැම්මොත් අඩු ගානේ, ටිකක් වැඩිපුර කට්ටිය දැනුවත් වෙනවනේ.ඒ අතරේ කොහොම හරි උදව් කරන කෙනෙක් දෙන්නෙක් හරි ඉඳියිනේ.... :):)

    බම්ප් කරන්න මචන් :(:(
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කරන්න පුළුවන් කෙනක් උදව්වල කරනන් එකේ වරදක් නම් මම දකින්නේ නැහැ. පොස්ට් කරපු එකේ වරදකුත් නැහැ. ඔයවගේ මිනිසුන් බලාගන්න එක රටක රජයක වගකීම. එකට අපේ රට තාම හැදිලා නැහැ. එතින් හිගාකනවා වගේ ජිවත් වෙලා මැරෙන්නයි වෙන්නේ. ඒ ආච්චිට
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කරන්න පුළුවන් කෙනක් උදව්වල කරනන් එකේ වරදක් නම් මම දකින්නේ නැහැ. පොස්ට් කරපු එකේ වරදකුත් නැහැ. ඔයවගේ මිනිසුන් බලාගන්න එක රටක රජයක වගකීම. එකට අපේ රට තාම හැදිලා නැහැ. එතින් හිගාකනවා වගේ ජිවත් වෙලා මැරෙන්නයි වෙන්නේ. ඒ ආච්චිට

    :( ane manda me wage minissu lankawe thawa kochchara athida
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :( ane manda me wage minissu lankawe thawa kochchara athida

    අදුම ගැනේ ඔය ආච්චිට පොඩි පෙට්ටි කඩයක් දාලා බුලත් විට කම ප්ලේන්ටි එහෙන හදාගන්නවත් පුළුවන් තත්වයක් ඇති කරලා දෙන්න පුලවන් නේ බන්. ඕවා කරන්න පුළුවන් ප්‍රාදේශීයව. ග්‍රාම නිලදාරීන් මාර්ගෙන් අඩු අදායම් ලැබෙන මේ වගේ සරණ මිනිස්සු ට්‍රෙස් කරගන්න පුළුවන්. මකලොකු දේවල්ද බන් ?? කරන්න බැරි දේවල්ද ?? හැමදාම පව් පව් කියල බුකියෙයි පොස්ට් කර කර ඉන්නවට වඩා

    පාරවල් හදලා පර්තිපදන වෙන් කරපු එකාගේ නම් ගහන බෝඩ් ටිකේ සල්ලි එකතු කරන්ත් කරන්න පුලුවන්. මන්ති කෙන්ක්ගේ රක්ෂණ වාරිකය එතුරු කරාමත් කරන්න පුළුවන්