හිස් බෝතල් විකුණා
පස්දෙනකුගේ දිවි රකින හැත්තෑපස් හැවිරිදි අම්මා
මොරටුව, ලුනාව ආයුර්වේද රෝහල අසල බස් නැවතුමේ රැඳී සිටිමින් රෝහලට පැමිණෙන රෝගීන් හට හිස් බෝතලයක් විකුණා පස් දෙනකුගෙන් යුත් පවුලක් නඩත්තු කරන සිල්නට් පෙරේරා නම් වූ හැත්තෑහත් හැවිරිදි මාතාව පසුගිය දිනෙක අහම්බෙන් මුණ ගැසුණා.
මඳ වේලාවක් ඇය හා තොරතුරු කතා කළ මම ඉකුත් දිනෙක ඇය ජීවත් වන අඟුලාන, මුහුදුබඩ පාර අංක 394 ස්ථානයෙහි පිහිටි නිවසට ගියෙමි.
සවස 4.30 ට පමණ මා එහි යන විටත් ඇය රාත්රි ආහාර සූදානම් කරමින් සිටිනු දැකිය හැකි විය. දිරා ගිය ලෑලි කැබලි හා පොලිතින්වලින් ආවරණය කර ඇති නිවසෙහි වහළයේ කැඩී බිඳී ගිය තහඩු අතුරා තිබිණි. මසකට කුලියක් ගෙවා යාබද නිවසකින් වතුර ලබා ගන්නා ඇයගේ නිවසට විදුලිය සිහිනයකි.
අසනීප තත්ත්වයෙන් පසුවන අවිවාහක සොයුරිය හා පුතකුද, තවත් කුඩා දරුවන් දෙදෙනකුද නඩත්තු කරනු ලබන්නේ ඇය විසිනි.
අම්මේ මේ පොඩි දරුවෝ දෙන්නා කාගේද මම විමසීමි. මේ මගේ ලොකු පුතාගේ දරුවෝ දෙන්නා. ලොකු පුතා හෘදයාබාධයකින් මැරුණා. ලේලි පිළිකාවක් හැදිල මැරුණා. ඉතින් මේ දරුවෝ දෙන්නාවත් මම තමයි බලා ගන්නේ. මම මේ හැම දෙයක්ම කරන්නේ හිස් බෝතල් ටිකක් විකුණලා හම්බ වෙන එකෙන්. මේ විදිහට අමාරුවෙන් ජීවත්වෙන මම කොහොමද මහත්තයෝ ගෙයක් හදා ගන්නේ. ඒත් මම ජීවත් වෙලා ඉන්නකන් වේලක් හැර වේලක් කාල හරි මේ විදිහට ජීවත් වෙනවා.
වැස්ස දවස්වලට ගෙයි ඇතුලේ වතුර හැම තැනම. රෑට නින්දක් නැහැ. ගේ කොයි වෙලේ කඩන් වැටෙයිද කියල බයේ බැහැ. මහත්තයෝ අපිට මේ ගේ පොඩ්ඩ හදව ගන්න කවුරු හරි උදව් කරනව නම් ලොකු පිනක්. එතකොට මම නැතත් මේ පොඩි එවුන් දෙන්නටයි නංගිටයි පුතාටයි වැටිල ඉන්න තැනක් හරි තියෙනවා.
මට මහ ලොකුවට ගේ හදන්න ඕන නැහැ. මහත්තයෝ බ්ලොක් ගල් ටිකක් වටේට බැඳල වහල කෑල්ල හදල දුන්නම හොඳටම ඇති. එතකොට මට නිවී සැනසිල්ලේ ඇස් දෙක පියාගන්න පුළුවන්.
ඇයට උදව් කිරීමට ඔබත් කැමති නම් එය මහ පිංකමකි. අංක 394, මුහුදුබඩ පාර, අඟුලාන ඇයගේ ලිපිනයයි
(divaina 14-09-15)
පුලුවන් නම් උදව්වක් කරපල්ලා
පිං සිද්ද වෙනවා