මචන් ලගකදි ඉදල මොබිටෙල් pre-paid කාඩ් වල අවුලක් තියෙන්ව කියල තෙරෙනවද. මම මේ ලගදි දවසක කාඩ් දෙකක් අරගෙන සාක්කුවෙ දාගෙන වැඩට ගියා. රස්නි දවසක කිලොමීටර් බාගයක් විතර පයින් ගිය හින්ද පොඩ්ඩක් දාඩිය දැම්ම. අර කාඩ් දෙක පොඩ්ඩ්ක් විතර තෙත් වෙලා තිබ්බ දාඩිය හින්ද. හුරන්න ගියාම තමා කෙස් එක දැක්කෙ. යන්තම් තෙත් උනත් එව හුරන්න බෑ හිරෙන්නෙ නම්බර් ටිකත් එක්කම. අනික් කාඩ් එක slide warmer එකක් උඩින් තියෙල වෙලුව. එත් එකත් හුරන්න බෑ. හුරන්න ගියහම ඉලක්කම් තියෙන හරිය ඉරෙනව. මුන් මෙ විදිහට මෙවයෙ තත්වෙ බාල කරල තියෙන්නෙ හිතාමතාමද? මම ගොඩ කාලයක් post paid කනෙක්ශන් එකක්. ලගදි කාඩ් වලට මාරු උනෙ. ඉස්සරම ආපු කාඩ් වල තද ප්ලාස්ටික් ස්ටිකර් එකක් වගේ තට්ටුවක් තිබ්බ හුරන කොටසෙ ඉලක්කං වලට උඩින් අලෝල. දැන් නිකන්ම නම්බර් ප්රින්ට් කරල විතරයි වගේ. එකයි මෙ වගෙ අවුලක් වෙන්නෙ. මටම මේ විදිහට වැස්සට අරවට මේවට තෙමිල රුපියල් 1000කට වඩා කාඩ් දාගන්න බැරිවෙලා තියෙනව. මේ ගැන මොනවද කරන්න පුලුවන් අපිට. දැන්නම් මම කාඩ් එකක් ගත්ත ගමන් හූරල තියා ගන්නව.

