මචං රත්තරං, යූ වොට් මයිට් ?
දැං මචෝ, උඔ ඔය කියන වාහන සිරා. ඒක හරි කියමුකෝ... ඒවා ගත්තට වඩා වැඩි ගානට දෙන්න පුවවන්. ඒකත් හරි කියමුකෝ.... එහෙම වාහන ගන්න එවුන් ඒවා ගන්න එක හොඳායි.. එකත් එල කියමුකෝ...
දැං මචෝ.. මං වගේ, මම හම්බ කරපු සල්ලි දීලා, මම කැමති, අලුත්, මගේ අතේ ඇති ගානට හරියන, සැප පහසු, කොටින්ම කිවුවොත් මට කැමති වාහනයක් මම ගන්නවා. දැං මට කියපන් ඒකේ වැරැද්ද මොකද්ද කියලා.
යකෝ මිනිස්සු කැමති වාහන මිනිස්සු ගත්තාවේ. උඔට තියෙන පුරස්නේ මොකෝ බං ? දැං උඔ කියන විදියට හයිබ්‍රිඩ්/ඉලෙක්ට්‍රක් ගන්න ඔක්කොම ගොන්නුද බං ? ලීෆ් එකක් ගත්ත මට දැං උඹ මැරෙන්නද බං කියන්නේ ?
උඔ මචං උඹේ අදහස කියපන්.. ඒ අදහසට එකඟ, කැමති අය ඕන තරම් ඉන්න පුළුවන්... ඒ වගේම වෙනස් මත දරන අයත් ඉන්න පුළුවන්.. ඒක උන්ගේ කැමත්ත. උඹ කියන්නේ හයිබ්‍රිඩ්/ඉලෙක්ට්‍රික් ගන්න කැමති එවුන්ට ඒක ගත්ත එක වැරදියි කියලද ?
ඌ දුක් විඳලා හම්බ කරපුවා හරි, අම්මා තාත්තගේ සල්ලි හරි, මොන මගුල හරි, ඒක උගේ කැමත්තට ගන්න වාහනේ.. ඌ ඒක ගත්තා වගේ විකුණ ගනී. නැත්නම් පතෝල යවයි. උඹ මචෝ උඹේ අදහස/අත්දැකීම් කියපන්.. අනිත් අය චාටර්/ මෝඩයෝ කියන්න යන්නේ නැතුව.
උඔ මචං වාහන එක්පර්ට් කෙනෙක්.. අත්දැකීම් ගොඩාක් ඇති අනිවා... ඒත් බං උඹ සියල්ල දත් නෙමේනේ බං. උඹ නොදන්න දේවල් සෑහෙන්න තව තියෙන්න පුළුවන්. ඒ නිසා අනිත් අය කියන දේවල් වලත් ඇත්ත තියෙන්න පුළුවන්. උඹට වඩා විරුද්ධ මත දරණ එක අපරාධයක් නෙමේ බං. ඒ මිනිස්සුන්ව පහත් කරලා කතා කරන්න යන්න එපා. උඹ මැචුවර්ඩ් ඩයල් එකක් නේ ද? ඇයි බං මෙහෙම හැසිරෙන්නේ ? අනිත් අයටත් ගරුත්වයක් දීලා සංවාදයක්/විවාදයක් කරපන් බං.