අදෘශ්‍යමාන_බලවේගයක්

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,073
    5,307
    113
    අදෘශ්‍යමාන_බලවේගයක්

    අඩේ මේ කතාව ඇත්තද බන්? Hiru එකේ තිබ්බෙ. :shocked::shocked::shocked::shocked::shocked:

    නිවසින් අතුරුදහන්වී සිටි වයස අවුරුදු 3 ½ ක් වන පුංචි දැරිවියක් මහ වනාන්තරයේ ගල් ගුහාවක් තුළ සිටියදී පැය 12 ක පමණ මෙහෙයුමකින් අනතුරුව සොයා ගෙන තිබෙනවා.

    අතුරුදහන්වී සිටියදී සොයා ගෙන ඇත්තේ කරුවලගස්වැව - පහරිය පදිංචිකාරයක් වන කිරිහෙට්ටිගේ දිනිති අහිංසා (අවු 3 ½ ) නම්වූ දැරිවියකි.

    ඊයේ (29) සවස 3.30 ට පමණ මෙම දැරිවිය එක්වරම අතුරුදහන්වී ඇත. ප්‍රදේශවාසීන් මෙන්ම කරුවලගස්වැව පොලීසියද එක්ව ඇය සොයා මෙහෙයුමක් ආරම්භ කර ඇතත් සවස් වන තුරුම සොයා ගැනීමට නොහැකිවී ඇත. මේ අතර ප්‍රදේශයේ දේවාලයකට ‍ගොස් දැරිවිය සම්බන්ධයෙන් තොරතුරු විමසා බැලීමට ඇයගේ වැඩිහිටියන්ට කටයුතු කර තිබෙනවා. එම දේවාලයේ සිටි අය පවසා ඇත්තේ මේ වන විට දැරිවිය මහා වනාන්තරයේ ගල් ගුහාවක් තුළ තනිවම සිටින බවත්, එම ස්ථානයට ගොස් කාන්තාවක් කථා කළහොත් පමණක් ඇය පිටතට පැමිණෙන බවත්ය.

    ඒ අනුව තබ්බෝව අභය භූමියේ සැතපුම් 10 ක් පමණ වන ඝන වනාත්තයේ ඇති ගල් ගුහාවක් වෙත දැරිවිය සොයන කණ්ඩායම 30 වැනිදා අළුයම 3.30 ට පමණ ළඟා වී ඇත. කණ්ඩායමේ සිටි කාන්තාවක් විසින් දැරිවියගේ නම කියා කථා කළ විට ඇය ගල් ගුහාවේ සිට පිටතට පැමිණ ඇති බව පොලීසිය කියයි.

    පසුව පොලිස් නිලධාරීන් සහ දැරිවිය සොයා ගිය කණ්ඩායම එක්ව ගල් ගුහාව සෝදිසි කර බැලුවද වෙනත් කිසිවෙකුත් එහි සිට නැත. වෙනත් කිසිවෙකු සිටි බවට සළකුණක් හෝ තිබී නැත.

    තම නිවසේ සිට සැතපුම් 25 ක් පමණ දුරකින් මහ වනාන්තරය තුළ පිහිටි ගල් ගුහාවට කෙසේ පැමිණියාද යන්න හෙලි කිරීමට දැරිවිය සමත්වී නොමැති බව පොලීසිය කියයි. කිසියම් අදෘෂමාන බාලවේගයකින් දැරිවිය ඇය රැදී සිටි ගල් ගුහාව කරා යන්නට ඇති බවට විශ්වාස කරන්නේ යැයි පොලීසිය කියයි.

    සොයා ගත් දැරිවිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමට නියමිතව ඇත.

    කරුවලගස්වැව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.
     

    truth wins

    Banned
    Sep 30, 2015
    71
    7
    0
    කිසියම් අදෘෂමාන බාලවේගයකින් දැරිවිය ඇය රැදී සිටි ගල් ගුහාව කරා යන්නට ඇති බවට විශ්වාස කරන්නේ යැයි පොලීසිය කියයි.


    ඔන්න ලංකාවේ පොලිසිය :rofl:
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    :lol:

    හොල්මන් තියනව, පෙරේතයෝ ඉන්නවා.. එත් ඔහොම මනුස්සයන්ට කරදර කරන්න නම් බෑ.. මනස්ගාත බං ඕවා.
    පොලිසියේ තරම තමා..
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,073
    5,307
    113
    පොලීසියට අයිතියක් නෑ ඔය වගේ කතාවක් කියන්න

    මම හිතන්නෙ ගමේ මිනිස්සු එහෙම කියනව කියල වෙන්නැති පොලීසිය කියනව ඇත්තෙ. මුන්ට ඒක හරියට කියාගන්න බෑනෙ මගුල
     

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    මට නම් සැක හිතෙන්නෙ දේවාලය අය ....දේවාලේ මාර්ක්ටින් සෙක්ශන් එකේ වැඩක් වගේ....
    දැන් කට්ටිය පෝළිමෙ යයි නැතිඋන බඩු හොයාගන්න...
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මම හිතන්නෙ ගමේ මිනිස්සු එහෙම කියනව කියල වෙන්නැති පොලීසිය කියනව ඇත්තෙ. මුන්ට ඒක හරියට කියාගන්න බෑනෙ මගුල

    ඔව් ගමේ වයසක මනුස්සයෙක් කියපු එකක් පොලිසියෙන් කිව්වය කියල ලිව්වද දන්නෑ! අපේ මීඩියා කාරයො විශ්වාස නෑ
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,073
    5,307
    113
    කරපු එකා හොයා ගන්න විදියක් නෑ ඒ නිසා අදෘෂ්‍යමාන බලවේග.....ලොල්ස්!

    මට නම් හිතෙන්නෙ අනිව ඔතන මොකක්හරි යටි මගඩි වැඩක් තියනවම තමා.
     

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    ලංකාවේ media කියන ඒවා විස්වාස කරන්න එපා බන්. මුන් මොකක් හරි මගුලක් ලස්සනට script හදල රස කතා වගේ දෙනවා. අපේ හරක් ඒවාට අහුවෙනවා. අරුන්ගේ ratings වැඩි වෙලා උන් ගොඩ යනවා. මේකේ ඇත්ත කතාව මොකද්ද දන්නැ. එත් ඔය හොල්මන් අවතාර හොද marketing subject එකක් කියලා මතක තියාගන්න
    :oo::oo::oo::oo:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මෙව්ව ඉතිං වෙන විදිහ කිව්වෑකි එහෙම කිව්වාම ඇතිවෙන ප්‍රශ්න සලකා කටවහං ඉන්න සිද්ධවෙනව ඔව් :dull: :dull: