මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවෙන් කාමරයක් ඉල්ලයි: පාලම් තුන හන්දියෙන් සැලුන් එකකට යාබද කෑල්ලක් දෙන්නම්.
දෙමුහුන් අධිකරණ එපා‘ යැයි පාර්ලිමේන්තුවේ බැනරයක් ප්‍රදර්ශනය කරමින් මරාවාදී අන්තවාදී මන්ත්‍රී කණ්ඩායම සභාව තුල ගාලගෝට්ටියක් ඇති කළ පෙරේදා (06දා) කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණි අතර තමන්ට පාර්ලිමේන්තුව තුල කාමරයක් වෙන් කර ගැනීමට අවශ්‍ය යැයි පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට දැනුම් දී තිබේ.
විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව තුල වෙනම කාමර වෙන් කිරීමේ සම්ප්‍රදායක් නොමැති බව මහින්ද රාජපක්ෂ වෙත දැනුම් දුන් නමුත් ඔහු තර්ක කර ඇත්තේ තමන් හිටපු ජනාධිපති වරයා බැවින් තමාගේ කටයුතු සඳහා වෙනම කාර්යාල කාමරයක් පාර්ලිමේන්තුව තුලින් වෙන් කළ යුතු බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආණ්ඩු පක්ෂයේ ඇමැතිවරයෙක් කියා සිටියේ විපක්ෂ නායක වරයාට, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක වරයාට හැර විපක්ෂයේ වෙනත් සාමාන්‍ය මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව තුල කාමර වෙන් කළ නොහැකි බවයි. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති වුවද අද ඔහු පාර්ලිමේන්තුව තුල සාමාන්‍ය විපක්ෂ මන්ත්‍රීවරයෙක් පමණක් බව කී ඇමැතිවරයා මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවෙන් කාමර සොයන්නේ අන් කිසිවකට නොව 6 වෙනිදා කළා සේ පාර්ලිමේන්තුව කෝලම් මඩුවක් කරමින් වැඩ කටයුතු කඩා කප්පල් කිරීමට බවද පැවසීය.
මහින්ද රාජපක්ෂට අවශ්‍යම නම් පාර්ලිමේන්තුව ඇතුලතින් නොව පාර්ලිමේන්තුව කිට්ටුවෙන් පාලම් තුන හන්දිය ආසන්නයෙන් කාමරයක් සොයා දිය හැකි බවත් සැලුන් එකකට යාබද කඩ කාමරයක් කුලියට දීමට තිබෙනු තමන් දුටු බවත් එය ලබා දිය හැකි අතර එවිට මහින්ද රාජපක්ෂ මහතාගේ හිසකේ රැවුල ආදිය ඩයි කර ගැනීමද ලෙහෙසියෙන්ම කර ගත හැකි බවත් ඇමැතිවරයා උපහාසයෙන් පැවසීය.

owwa kiyanna epa den ithin kawru hari ekek evith kiyai baiyo form wela kiyala