මම බොහෝ ආත්ම ප්‍රකම්පන දැරූ මිනිසෙක්. මේ ගෙන්දගම් පොළව ලෙවකාගෙන දිවි ගෙවපු මිනිහෙක්. මා දැන් මේ කරන්නේ මාගේ 28 වැනි රස්සාව. කලින් රස්සා අතර, බස් වලට සෙනග පටවන්නා, මහව දුම්රිය පොලෙ වෑවර විකුනන්නා, හම්බන්තොට බස් පොලේ වඩේ විකුනන්නා, හෝටල් සේවකයා, හෝටල් අනු සූපවේදියා, මැණික් ගරන්නා, මැණික් ගැනුම්කාරයා ආදී කිව හැකි සහ කිව නොහැකි බොහෝ වෘත්තීන් වල නියැලී සිටියෙමි. ඒවා බොහෝ විට කලේ රට වෙනුවෙන් තිබූ යම් ගනුදෙනුවක ප්‍රතිඵල ලෙසය.(මේ ගැන මා ගැන දන්නෝ දනිති)
අයියේ......උඹ ගැන දැනගෙන හිටියේ නෑ නේ.. ජීවිතේ මෙච්චර දේවල් විඳපු මනුස්සයෙක් කියලා...
අනිවා මදු විතක් සමග මියැසි සැඳෑවක් ගෙවල යන්න එනවාමයි කවදා හරි.....
තාත්තල පුතාලගෙ තරම් වයස් පරතරයක් තිබ්බාට කම් නැත
මිනිසුන් නම් සතුන් මනුෂ්‍යත්වය වෙත ඔසවා තැබෙන්නේ අත්දැකීම් සහ මානුෂීය හැගීම් විදීමට ලැබෙන අවස්ථා (හොද බූට් එකක් කෑම වැනි)නිසාය. ඒවා ලබා ඇත්තෙමි.
එකකට එකක් සම්බන්ධ මේක මෙහෙමයි කියල කියන්න පුළුවන් දේට මිනිසුන් කියන්නේ ජීවිතය කියලා.....
එකකට එකක් සම්බන්ධ නැති, මේකට හේතුව මේක කියල කියා ගන්න බැරි දේට කියන්නේ ආදරය කියලා............
උඹ ගැන දැනගෙන හිටියේ නෑ නේ.. ජීවිතේ මෙච්චර දේවල් විඳපු මනුස්සයෙක් කියලා...

oya mage miturek neweida?



