දැන් මම කියන්න යන ෆිල්ම් එකේ හැම මිනිහාගෙම ජීවිතේට සම්බන්ධ වෙච්ච අදෘශ්‍යමාන සතෙක් ඉන්නවා. ඌ ඒ මිනිහාට පස්සේන්මයි.
ප්‍රධාන නිලිය එක්තරා වස්තුවක් (object එකක්) හොයාගන්න වෙර දරනවා
ප්‍රධාන නිලිය එක්තරා වස්තුවක් (object එකක්) හොයාගන්න වෙර දරනවා
සියල්ලන්ම විනාශකොට දුෂ්ට රාජ්‍යක් බිහිකිරීමට වෙර දරන දුෂ්ට පාලකයෙක්...
ඔහුගේ පාලනයට යටත් නොවන අභීත රණකාමියෙක් සහ ඔහුගේ පෞද්ගලික ආරක්ෂක සේනාව...
ඔච්චරයි කියන්නේ...




warm bodiesතම ස්වභාවයෙන් මිදී යලි ජීවයක් ලබන Zombie තරුණයෙක්...
අවසානයේ පෙමක් බවට පෙරලෙන මිනිස් තරුණියක් සමග ඇතිවන මිතුදමක්...
මොවුනට හමුවන තවත් ජිවය ලබන Zombie අයවලුන්...
Zombieන්ටත් වඩා භයානක තවත් ජීවින් කොට්ඨාශයක්...![]()
ටිකක් වෙනස් විදියක Zombie කතාවක්...
යාන්ත්‍රික දෝෂ හේතුවෙන් කඩා වැටෙන යානාවක සිටින තරුණ ගුවන් භටයන් පිරිසක්...
ජපාන යුධ නැවකට හමුවන,මුහුදේ අතරමංවූ මොවුන්...
දරුණු ජපාන හමුදා නිළධාරියෙක්, නොසැලෙන චිත්ත ශක්තියකින් යුතු ඔලිම්පික් පද්දක්කම් ලාභී තරුණ සෙබලෙක්...
දෙවන ලෝක යුද සමයේ සිදුවූ සත්‍ය සිදුවීමකි...




රහසිගත දිවියක් ගෙවන තනිකඩ මැදිවියේ පුද්ගලයෙක්...
අවාසනාව උරුමකරගත් රැ මනමාලියක්...
ඇයගේ ඉරණම වෙනස්කරන ඔහු...


තව එකක්,
අමුතු කෙනෙක්, අමුතු අමුතු අය මෙයාට කතාකරනව. කරන්ඩ ඕනේ දේවල් කියනව. ඒ උපදෙස් අනුව වැඩ කරන්ඩ ගිහින් ගෑනු ළමයි කීප දෙනෙක්වම මරන්ඩ සිද්ද වෙනව. මරපු අය මෙයා ගෙදර එක්ක එනව. මේ අමුතු සෙට් එක එකට කනවා, කතා කරනවා, හිනා වෙනවා කට්ටිය හොඳ සන්තෝසෙන් ඉන්නව. අන්තිමට තමන්ගේ තත්වේ ගැන දොස්තර කෙනෙක්ට ඇත්ත කියන්ඩ ගිහින් මෙයාගේ වැඩ මාට්ටු වෙනව. පොලිසිය එනකොට ගෙදර පිපිරිලා ගිනිගන්නවා. පොර තමන්ගේ වැරදි පිළිඅරන් හිතලම ගින්දරට බිලිවෙනව.
උත්තර දීපල්ලා මේකටත්![]()
