මගේ දරුවන් තව ම කුඩාය. නමුත් ඔවුන් හට ඉඩ හසර ලද පමණින් සාහිත්‍ය රසය විදීමට දෙමි. මේ දිනවල නිවසේ නැගලා යන ග්‍රන්ථය සිබිල් වෙත්තසිංහ මැතිනිය ගේ සූත්තර පුංචාය.
පුත්‍රයා තවම දෙවන ශ්‍රේනියේ වුවද එහු ගේ ප්‍රියතම ගායකයන් වන්නේ කසුන් කල්හාර, පන්ඩිත් අමරදේව, විශාරද සුනිල් එදිරිසිංහ, ආචාර්ය වික්ටර් රත්නායක, විශාරද නන්දා මාලනී වැනි අයය. ඔහු ගේ ප්‍රියතම ගීත ලෙස මේ පුගුලා දැන් මුමුණන්නේ කසුන් ගයන රොමාන්තික ඔපෙරාව, නැවතී මෙතෙකින් සහ සමන් නිශාන්ත ගේ මා නුවන් පුරා ගීතයන්ය.
මට මහා සිහින නැත. ඇත්තේ සිහින 3ක් පමණි.
1- මගේ පුත්‍රයා අඩුම තරමේ ඒ.ආර්.රෙහ්මාන් වැනි සංගීතකරුවෙකු වනු දැකීම.
2-මමාගේ දියැනිය අවම ලෙස සිබිල් වෙත්තසිංහ මැතිණිය වන් චිත්‍ර ශිල්පිනියක් වනු දැකීම
3- ණය කරුවෙකු නෙවී අවසන් හුස්ම හෙලීම.
රටට සහ ඔබට ණයකරුවෙකු නොවන ලෙස මිය යාමට මම සසල හද විල් තෙර වැනි ගුණාත්මක වැඩසටහන් ගෙන එමි.