හන්තාන_සිහිනේ

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam


පණ්ඩිත් අමරදේවයන්ගේ සහ උමාරියාගේ පුදුම ලස්සන සුමදුර කට හඬක්. ලස්සන කොතෙක් ද කියල වචනයෙන් විස්තර කරන්න බැහැ.

චිරන් ජයතු ඔබට.

comment
බලා වැලපෙමි නෙලාගනු බැරි හන්තාන සිහිනේ මා විසින් මෙවර රසවින්දනය කිරීම සඳහා තෝරාගනු ලැබුවේ මෑත කාලයේදී අසන්නට ලැබුනු සොඳුරු ගීතයකි.මෙය සරසවි ඇදුරුවරයෙකු හා සරසවි ශිෂ්‍යයාවක අතර හටගන්නා ප්‍රේමයක් රූපණය කෙරෙන ගී නිර්මාණයකි.මේ ගීතය හා බැඳුණු සුවිශේෂී බවක් ඇත. ඒ මෙම ගීතය ගායනා කරනු ලබන්නේ නවක පරපුරේ ගායිකාවක වන උමාරියා සමඟින් මහා ගායක පණ්ඩිත් අමරදේව මහතා වීමයි.එසේම මෙම ගීතයේ ඇති නිර්මාණ ගුණයට අමතරව මා මෙම ගීතයට ඇලුම් කිරීමට තවත් හේතුවක් ඇත.ඒ මා අධ්‍යාපනය ලබමින් සිටින පේරාදෙණි සරසවිය පසුබිම් කරගත් ගීතයක් වීමයි. හන්තාන යනු ප්‍රේමයට පාරදීසයක් බඳු ස්ථානයකි.එහි ඇති ලතා මඩුලු ප්‍රේමයට අත වනයි.සරසවිය පුරා හමන්නා වූ පුෂ්පයන්ගේ සුගන්ධය ප්‍රේමනීය හැඟුම් අවදි කරවයි.එසේම හන්තාන ගීත රචකයන්ට තම නිර්මාණ උදෙසා වස්තු බීජ සපයන කදිම ස්ථානයකි.මෙම ගීතය අපූර්ව ගුරු සිසු පෙමක් ගැන කියන්නකි..මෙය තරුණ පෙම්වතිය හා වැඩිහිටි පෙම්වතා අතර සිදුවන කතාබහක් මෙන් දිග හැරේ.නෙලාගන්නට බැරි හන්තාන පිළිබඳ පෙම් සිහිනය දෙස බලමින් වැළපෙන බව පෙම්වතිය කියයි.එම පෙම් සිහිනය ගොතා දෙන මෙන් පෙම්වතා පෙම්වතියට ආයාචනා කරයි.එළමහන් රඟමඩල මැද ඔහුගේ දෑතෙහි තුරුළු වී ඉන්නට ඈ පතයි.තමාගේ හදවත ශෝකයෙන් පවතින බව ඔහු කියයි.ඒ තම බිරිඳගේ වියෝව හේතුවෙනි.අමාවක අඳුර ඔහු තුළ හටගෙන ඇති ශෝකයේ පුභලත්වය සංකේතවත් කරයි.එහෙයින් තම හතවතට නොඑව ලෙස ඔහු ඇයට කියයි.කෙසේ වෙතත් මෙම ප්‍රේම සංවාදය අවසානයේ හන්තාව අරණේ සිටින්නට යැයි පෙම්වතා පෙම්වතියගෙන් ඉල්ලා සිටී. මෙම ගීතය රචනා කොට ඇත්තේ නව පරපුරේ ගීත රචකයකු වන ජානක සිරිවර්ධනයන්ය.නාද රටා අරුණ ගුණවර්ධනයන්ගෙන්ය.කලකට පසුව සිංහල ගීත සාහිත්‍යයට සාහිත්‍යයට එක් වූ අපූර්වතම ගීතයක් ලෙසින් පෙන්වා දිය හැකිය. බලා වැලපෙමි නෙලාගනු බැරි හන්තාන සිහිනේ දරා නෙත් අග දොවා සිත් මල ගොතනු මැන ළදුනේ සංසාර සිහිනේ වැහි පබළු යට රගමඩල මැත ඔබේ... දෑතේ තුරුළු වෙන්නට බිසෝ හැර ගිය ලසෝ රග හළ අමාවක අදුරේ... නොඑනු මැන ළදුනේ වඩින තුරු සද දුරින් ඉන්නම් තරු ඇදුරු පෙම් ගී අහන්නම් සොදුරු ඒ සද දියේ එන්නම් ඉදිනු මැන සොදුරේ හන්තාන අරණේ කුමාර.එන්.ඩබ්.ජේ(ලක්මාල් රංග කුමාර)
 
Last edited:
  • Like
Reactions: Sachira123

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අදද මේක උබ ඇහුවේ ලස්සන් සින්ධුව රේප් දෙමි
     

    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    මම අහල තියෙනවා මේකේ තේරුම වෙනම විදියකින්. මේකට ටිකක් සමානයි. පේරාදෙණිය සරවසියෙ එක ගෑණු ළමයෙක් තව පිරිමි ළමයෙකුට ආදරේ කරනවා. ඒත් ඒ පිරිමි ළමයා තමන්ව කලින් දාලා ගියපු ගෑණු ළමයා නිසා ගොඩක් හිත් වේදනාවෙන් ඉන්නෙ. ඒ බව දැන් මේ පිරිමි ළමයට ආදරේ කරන ගෑණු ළමයත් දන්නවා. හැබැයි මේ පිරිමි ළමයා කියනවා එයා හිත හදා ගත්තම මේ ගෑණු ළමයා ළඟට එනවා එතකන් ටිකක් බලන් ඉන්න කියලා.