වසන්තව_මරලා

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    wasantha-soyza-muredr.png

    ගිනස් වාර්තා තැබූ වසන්ත සොයිසා ව කපා කොටා මරා දමයි.​

    අනුරාධපුරය - කඩපනහ - මුදිතා මාවතේ පිහිටි රාත්‍රි සමාජ ශාලාවකට ඊයේ (24) රාත්‍රි 11.45 ට පමණ ඇතුළු වූ මුහුණු ආවරණය කරගත් පිරිසක් කඩුවලින් සහ පොලූවලින් පහරදී එහි හිමිකරු ඝාතනය කර තිබෙනවා.

    කරාටේ ශූරයෙකුද වන 57 හැවිරිදි වසන්ත සොයිසා අනුරාධපුරය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

    මෙම පහරදීම සඳහා මුහුණු ආවරණය කරගත් පුද්ගලයින් 20 දෙනෙකු පමණ පැමිණ ඇති අතර, ඔවුන් රාත්‍රි සමාජ ශාලාවේ දේපළවලටද හානි කර තිබෙනවා.

    එමෙන්ම, පහරකෑමෙන් තුවාල ලැබූ එම රාත්‍රි සමාජ ශාලාවේ කළමනාකරු ඇතුළු සේවකයින් තුන් දෙනෙකුද මේ වනවිට අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.

    මීට පෙරද පොලිස් නිලධරයකු බව කියන පුද්ගලයකු සාදයකට සහභාගීවී සිටියදී මියගිය බව පැවසෙනවා. මෙම රාත්‍රී සමාජ ශාලාවේ අකටයුතුකම් රැසක් සිදුවන බවටද ප්‍රදේශයේ ජනතාව සඳහන් කර තිබුනා.

    පසුගිය වර්ෂයේ නොවැම්බර් 11 දා අලුයම අනුරාධපුර මූලස්ථාන පොලිසිය විසින් මෙම ස්ථානය වටලනු ලැබූවේ රාත්‍රී සමාජ ශාලාව නීති විරෝධී බව පවසමින්. එහි දී කාන්තාවන් 8ක් සහ එහි කළමනාකරු මෙන්ම හිමිකරුද අත්අඩංගුවට ගත්තා.

    වසන්ත සොයිසා ගිනස් වාර්තාවක් ද පිහිටුවා ඇති බව සඳහන්.







    ලොක්කයිය;19177535 said:
    වසන්ත ඇලෙක්සැන්ඩර් වික්‍රමද සොයිසා

    2nkow1c.jpg


    :shocked::shocked::shocked::shocked:

    UPDATE: අනුරපුර රාත්‍රී සමාජ ශාලාවේ හිමිකරු ඝාතනයේ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නැයි නියෝග

    අනුරාධපුර - කඩපනහ - මුදිතා මාවතේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවේ හිමිකරු ඝාතනය කළ සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගන්නා ලෙස අනුරාධපුර වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියදර්ශනී කාරියවසම්, අනුරාධපුර මූලස්ථාන පොලීසියට නියෝග කර තිබෙනවා. ඒ, අද පෙරවරුවේ සිද්ධිය වූ ස්ථානය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි.

    එසේම ඝාතනයට ලක්වූ කරාටේ ශූරයෙකු ද වන වසන්ත සොයිසාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර එම වාර්තාව නොපමාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි වැඩබලන මහේස්ත්‍රාත්වරිය අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයාට නියෝග කළේ.

    ඊයේ රාත්‍රී 11.45ට තියුණු ආයුධ අතැතිව මුහුණු ආවරණය කරගෙන පැමිණි 20 දෙනෙකුගෙන් පමණ කණ්ඩායමක් මෙම රාත්‍රී සමාජශාලාවට ඇතුළු වී පළමුව පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. අනතුරුව එම පිරිස සමාජ ශාලාවේ දේපළවලට ද හානි කරමින් එහි සේවකයින්ට ද පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

    සමාජ ශාලාවේ හිමිකරු එම අවස්ථාවේ වෙනත් කාමරයක රැදී සිට ඇති අතර, ආරක්ෂිත කැමරා පද්ධතියෙන් සිද්ධිය නිරීක්ෂණය කර සමාජ ශාලාවේ ඉදිරිපසට පැමිණ තිබෙනවා. එම අවස්ථාවේ පැමිණි පිරිස මොහු වට කර බිම වැටෙන තුරු පොලූවලින් සහ කඩුවලින් දරුණු ලෙස පහර දී ඇති බවයි පොලීසිය සදහන් කළේ. අනතුරුව පැමිණි පිරිස කළමනාකරුගේ ලාච්චුවේ තිබූ මුදල් ද විදේශීය මත්පැන් බෝතල් ද කොල්ල කා පැමිණි ලොරියක් වැනි වාහනයකින් පළා ගොස් ඇති බව පොලීසිය කියා සිටියා. එසේ යන අවස්ථාවේදී ඔවුන් සමාජ ශාලාව අසළ නවතා තිබූ වාහනවලට ද හානි කර තිබෙනවා.

    සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ අදාළ සමාජ ශාලාවේ හිමිකරු වන වසන්ත සොයිසා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් සිටියා. මෙහිදී බරපතල තුවාල ලැබූ සමාජ ශාලාවේ කළමනාකරු සහ තවත් සේවකයින් දෙදෙනෙකු මේ වන විටත් එම රෝහලේ ප්‍රතිකාර ලබනවා.

    ඝාතනයට පැමිණි සැකකරුවන්ට අයත් යැයි සැක කෙරෙන මුහුණු ආවරණ සහ අත් ආවරණ කිහිපයක් ද උතුරුමැද පළාත් සභා ගොඩනැගිල්ල ආසන්නයේ දමා ගොස් තිබියදී පොලීසිය අද උදෑසන සොයා ගත්තා. මෙම සැකකරුවන් පොහොර උරවලින් සැරසී සිට ඇති බව සිසී ටිවී දර්ශන මගින් අනාවරණ වී තිබෙනවා. ආරක්ෂිත කැමරාවල පටිගත වී ඇති දර්ශන උපයෝගී කර ගනිමින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.

    ඊයේ රාත්‍රී සිදුවූ පහරදීමෙන් ඝාතනයට ලක්වූ වසන්ත සොයිසා 57 හැවිරිදි වියේ පසුවූ දෙදරු පියෙක්. මොහු ගිනස් වාර්තා කිහිපයකට ද හිමිකම් කියන අතර, ගැටුම ඇති වූ සමාජ ශාලාවට එරෙහිව පසුගිය කාලවකවානුවේදී ආගමික නායකයින් ඇතුළු ප්‍රදේශවාසීන්ගෙන් විරෝධතා ද එල්ල වුණා. ඒ, අනුරාධපුර පූජා නගරය ආසන්නයේ මෙවැනි සමාජ ශාලාවක් පවත්වාගෙන යාම හේතුවෙන්. එසේම ඝාතනයට ලක්වූ වසන්ත සොයිසාට එරෙහිව අනුරාධපුර අධිකරණයේ නඩු කිහිපයක් ද විභාග වෙමින් පවතිනවා. මෙම සමාජ ශාලාවට පැමිණි ගනුදෙනුකරුවෙකුට පහර දී ඔහුගේ රන් භාණ්ඩ කොල්ලකෑමේ නඩුවක් ද ඊට අයත් බවයි අනුරාධපුර හිරු අධිකරණ වාර්තාකරු සදහන් කළේ.


     
    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    පොර ගිනස් වාර්තා හිටන් තිබ්බ පොරක්නේ
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඔය නයිට් ක්ලබ් එකට දාපු දවසේ ඉඳලා කේස් තිබුණා නේද? එහෙම සීන් එකක්ද දන්නේ නෑ :baffled:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔය නයිට් ක්ලබ් වලට හෙන කේස් ගොඩක් ගියා මං හිතන්නේ.. පොර මං දන්න තරමින් එච්චරම හොඳ පොරක් නෙමේ.:dull:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මැනේජරුත් දැන් හොස්පිට්ල් එකේදි නැතිඋනා කියලා නිල නොවන ආරන්චියක් ආවා දැන් :dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මැනේජරුත් දැන් හොස්පිට්ල් එකේදි නැතිඋනා කියලා නිල නොවන ආරන්චියක් ආවා දැන් :dull:

    හප්පටසිරි. මොකක්ද මචන් හේතුව.:sorry:
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    ඔය නයිට් ක්ලබ් වලට හෙන කේස් ගොඩක් ගියා මං හිතන්නේ.. පොර මං දන්න තරමින් එච්චරම හොඳ පොරක් නෙමේ.:dull:

    :yes:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    හප්පටසිරි. මොකක්ද මචන් හේතුව.:sorry:


    බුවත් එක ජාතියක එකෙක්ලු බං.....අනික එතන ගන්න මුදලට හරියන සර්විස් එකක් ලැබෙන්නෙත් නැතිලු...මගේ යාළුවෙක් එහේ යන්න පුරුදු වෙලා හිටියා..මේ නිව්ස් එක දැකපු ගමන් ඌට කතා කරේ...ඕකත් ඊයෙ ගිහින් හිටියද දන්නෑ නේ..වෙලාවට ඌ ගිහින් නෑ....

    සිද්දියට මූලික උන හේතුව නම් තාම දන්නේ නෑ...
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    20ක් විතර ඇවිල්ලලු බන්. ලොකු කේස් එකක් වෙන්න ඕනේ.:dull:

    Pooja Bumiyaka Oka karanna epa kiyala , Hena case giya game ayagen. Lamai hadaganna balu. Meyage Clz Yana lamayith Night club ekata enawalu. Owath Hethu wenna athi. Oya naraka Buss atha arinnai thibbe Minihata. Karmaya Thamai:(
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    බුවත් එක ජාතියක එකෙක්ලු බං.....අනික එතන ගන්න මුදලට හරියන සර්විස් එකක් ලැබෙන්නෙත් නැතිලු...මගේ යාළුවෙක් එහේ යන්න පුරුදු වෙලා හිටියා..මේ නිව්ස් එක දැකපු ගමන් ඌට කතා කරේ...ඕකත් ඊයෙ ගිහින් හිටියද දන්නෑ නේ..වෙලාවට ඌ ගිහින් නෑ....

    සිද්දියට මූලික උන හේතුව නම් තාම දන්නේ නෑ...

    තව විස්තර ටිකක් අහලා දාපංකෝ.
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    තව විස්තර ටිකක් අහලා දාපංකෝ.

    ]
    උගෙන් අහපුවාම ඌ කියන්නේ සිද්දියට අදාල දේවල් නෙවෙයි බං....

    ක්ලබ් එකේ කෙල්ලො ඌට කතා කරල කියන දේවල්...

    මේ වැස්සෙ ඕව අහල ඉන්නෙ කෝමද බං :(
     
    Dec 1, 2013
    188
    30
    0
    wasantha-soyza-muredr.png

    ගිනස් වාර්තා තැබූ වසන්ත සොයිසා ව කපා කොටා මරා දමයි.

    අනුරාධපුර කඩ පනහ අසල රාත්‍රී සමාජ ශාලාවකට කඩා වැදුණු පිරිසක් එහි හිමිකරු බව කියන පුද්ගලයා කපා කොටා ඝාතනය කර තිබේ.අනතුරුව ඔවුන් කළමනාකරුට පිහියෙන් ඇන වාහන 10 - 15 ක් පමණ පොඩි කර ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.පහරදීමකින් එහි කළමනාකරු බව පැවසෙන වසන්ත ඇලෙක්සැන්ඩර් වික්‍රමද සොයිසා මියගොස් තිබේ.පුද්ගලයින් 20 දෙනෙකු පමණ මෙම පහරදීමට සම්බන්ධ බව පොලිසිය කියයි.වසන්ත සොයිසා මහතා අවස්ථා කිහිපයකදීම විවිධ වාර්තා තබමින් දක්ෂතා දැක්වු කරාටේ ශිල්පියෙකි.මේ අතර මියගිය පුද්ගලයා රූපවාහිනි රියැලිටි වැඩසටහනකදී ගිනස් වාර්තාවකට හිමිකම් කීමට සමත් වූ අයෙක් බවද පැවසෙයි.කිසිවකු මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නැහැ.


    වසන්ත ඇලෙක්සැන්ඩර් වික්‍රමද සොයිසා

    2nkow1c.jpg
     
    • Like
    Reactions: Truth Hurts

    Similar threads