ඩිජිටල් මායාව මුලාවකි
කොම්පියුටර් සහ ඉන්ටර්නෙට් දරුවන්ගේ කුසලතා වැඩුමට රුකුලක් නැති බව එළි වේ.
පරිගණක හෝ අන්තර්ජාලය ඇසුර නිසා සිසුන්ගේ අද්යාපන සහ කුසලතා මට්ටම් දියුණු නොවන බව ජාත්‍යන්තර සමීක්ෂණ වාර්තාවකින් පෙන්වා දී තිබේ. ලෝකය රටවල් 70 ක සිසුන්ගේ ඩිජිටල් හැකියාව විමසා බැලීමෙන් පසුව පසුගිය සැප්තැම්බර් 15 වෙනිදා මෙම වාර්තාව ( OECD PISA report on digital skills ) ඉදිරිපත් කරනු ලැබුයේ , ප්‍රංශයේ ( OECD - Organization for Economic Co-operation and Development ) ආයතනයෙනි.මෙය ලොව පුරා මහජනයාගේ ආර්ථික සහ සමාජ තත්වය දියුණු කිරීමට සම්බන්ධ ප්‍රතිපත්ති සම්පාදනයේ යෙදෙන කීර්තිමත් විද්වත් ආයතනයකි .
ලොව පුරා රටවල ප්‍රථමික අධ්‍යාපනය ලබන සිසුන්ගේ ගණිත, විද්‍යා සහ කියවීමේ කුසලතා වැඩිම පිළිබඳව විශේෂ විමසා බැලීමක් ( PISA - The program for International Student Assessment ) මෙම ආයතනයෙන් මෙහෙයවයි. දැන් ප්‍රසිද්ධ කර තිබෙන්නේ එහි නවතම වාර්තාවයි.
නිරන්තරයෙන් පරිගණක සහ අන්තර්ජාලය භාවිතා කරමින් අධ්‍යාපන කටයුතුවල යෙදෙමින් උසස් ප්‍රතිපල ලබා ගත හැක්කේය යනුවෙන් මුල්බැසගෙන තිබු මතය නිවැරදි නොවන බව තම සමීක්ෂණයෙන් පෙනීගොස් ඇති බව OECD ආයතනයේ අධ්යක්ෂ ඇන්ඩ්‍රියාස් ශිලෙෂර්, බ්බිසි ( BBC ) පුවත් සේවයට කීය.
පොදුවේ ගත්විට පරිගණක හා අන්තර්ජාලය පාදක කරගෙන අධ්‍යාපන කටයුතුවලට දිරිදීම නිසා සිසුන්ගේ කියවීමේ හැකියාව, ගණිත සහ විද්‍යා දැනුම භාවිතා හුරුව ඉතා අඩුවී තිබේ. මේවාට අමතර වශයෙන් පරිගණක ආශ්රිත නවීන තාක්ෂනය භාවිතා කිරීම සිසුන්ගේ කුසලතා මොට කිරීමට බලපානේ කුමන ආකාරයටදැයි යන්න මෙම සමීක්ෂණ වාර්තාවෙන් නිශ්චිතව පෙන්වා ඩි තිබුනේ මෙසේයි.
නුතන පරිගණක තාක්ෂනය සහ යෙදුම් අධ්‍යාපන මෙවලම් සේ යොදා ගත යුතු නැති බවට කිසිදු ඉඟියක් මෙම වාර්තාවෙන් ගෙනහැර පාන්නේ නැත. ඉන් කියවෙන්නේ මෙය පරිස්සමෙන් කලයුත්තක් බවයි. සිසුන්ගේ නිර්මාණාත්මක හැකියාව දියුණු කිරීම අධ්‍යාපනයේ මුලික අරමුණකි. අන් අයගේ අභාෂය ලබා ගැනීමට ඉඩදීම එතනට ඕනෑ කෙරේ. එහෙත් අනුකරණයෙන් කුසලතා වැඩෙන්නේ නැත. මෙම සමීක්ෂණය මෙහෙයවූ ප්‍රධානියා වන ඇන්ඩ්‍රියාස් ශිලෙෂර් අවධාරණය කර සිටින්නේ අන්තර්ජාලය හරහා ගොස් සිසුන්ට ඉගැනුම් මෙවලම් සොයා අභාෂය ලබා ගන්නට හුරු කිරීම කල යුතු වුවත් සිසුන් අනුකාරකයින් බවට පත් නොකිරීමට ගුරුවරු වගබලා ගත යුතු බවයි.
========================================
මේ මාසේ එනම් ඔක්තෝම්බර් 2015 විජය පරිගණක සඟරාවේ පල උන ලිපියක් පන දාගෙන ටයිප් කලේ දරුවන් ඉන්න අයට ගොඩක් වැදගත් වෙයි කියල හිතුන නිසා. මේ ලිපිය ලියලා තියෙන්නේ චන්දිමා දිසානායක.
මෙම සමීක්ෂණ වාර්තාව සම්පුර්ණයෙන්ම අත්තක්. ඇත්තටම ඉන්ටර්නෙට් තිබ්බේ නැත්නම් මම හොඳ පොත් පත් කියවන කෙනෙක් වෙන්න තිබ්බ. ඉස්කෝලේ යනකාලේ ගොඩක් පොත්, පත්තර ගොඩාක් මම කියෙවුවා. පොත් ප්‍රදර්ශන මගහරින්නේ නැහැ. එත් දැන් මේ ඉන්ටර්නෙට් නිසා හැම දෙයක්ම නැති වෙලා ගියා. පොතක් කියවපු කාලයක් මතක නැහැ.
දෙවැනි කරනේ තමයි අද කාලේ ගොඩක් සිසුන් කරන්නේ මොනවා හරි assignment එකක් දුන්නම ඉන්ටර්නෙට් එකෙන් සම්පුර්ණයෙන්ම කොපිය ගහනවා. කොපි පේස්ට් . ඔන්න තියන තත්වේ. තමන් විසින් ලියපු දෙයක් නැහැ. යුනිවර්සිටි එකේ සිසුන් කරපු ප්‍රොජෙට් අරන් බලන්න. එහෙම පිටින්ම ඉන්ටර්නෙට් එකෙන් උස්සල දාන්නේ. දියුණු රටවලනම් ඒවා හොයල බලල රිජෙක්ට් කරනවා. එත් ලංකාවේ විශ්වවිද්‍යාල වලනම් එහෙම දකින්න නැහැ.

- පාසලේදී නිරන්තරයෙන් පරිගණක භාවිතා කරන සිසුන් ඉතා පහල ප්‍රතිපල පෙන්විය.
- පරිගණක සහ අන්තර්ජාලය ආශ්රිත යටිතල පහසුකම් අධ්‍යාපනයට යොදා ගැනීමට මහා ධනයක් වැයකර ඇති රටවල සිසුන්ගේ කියවීමේ හැකියාව , නිර්මාණාත්මක භාෂා භාවිතය මෙන්ම ගණිත, විද්‍යා දැනුම භාවිතය පහල මට්ටමකට වැටි තිබේ.
- සතියකට දෙවරක් පමණක් පරිගණක භාවිතා කරමින් අධ්‍යාපන කටයුතුවල නිරතවන්නන් කිසිසේත්ම පරිගණක භාවිතා නොකරන අයට වඩා හොඳ ප්‍රතිපල පෙන්විය.
- දකුණු කොරියාව , ෂැන්හයි සහ චීනයේ පාසල්වල පරිගණක භාවිතය, අන් රටවලට වඩා අඩු වුවත් ඒ රටවල සිසුන් උසස් අධ්‍යාපන කුසලතා පෙන්විය.
- සාමාන්‍ය මට්ටමේ පාසල් වලදී පරිගණක භාවිතා කරන රටක් වන සිංගප්පුරුවේ සිසුන් අන් කවර රටක සිසුන්ටත් වඩා හොඳ කුසලතා මට්ටමක් පෙන්වීය.
නුතන පරිගණක තාක්ෂනය සහ යෙදුම් අධ්‍යාපන මෙවලම් සේ යොදා ගත යුතු නැති බවට කිසිදු ඉඟියක් මෙම වාර්තාවෙන් ගෙනහැර පාන්නේ නැත. ඉන් කියවෙන්නේ මෙය පරිස්සමෙන් කලයුත්තක් බවයි. සිසුන්ගේ නිර්මාණාත්මක හැකියාව දියුණු කිරීම අධ්‍යාපනයේ මුලික අරමුණකි. අන් අයගේ අභාෂය ලබා ගැනීමට ඉඩදීම එතනට ඕනෑ කෙරේ. එහෙත් අනුකරණයෙන් කුසලතා වැඩෙන්නේ නැත. මෙම සමීක්ෂණය මෙහෙයවූ ප්‍රධානියා වන ඇන්ඩ්‍රියාස් ශිලෙෂර් අවධාරණය කර සිටින්නේ අන්තර්ජාලය හරහා ගොස් සිසුන්ට ඉගැනුම් මෙවලම් සොයා අභාෂය ලබා ගන්නට හුරු කිරීම කල යුතු වුවත් සිසුන් අනුකාරකයින් බවට පත් නොකිරීමට ගුරුවරු වගබලා ගත යුතු බවයි.
========================================
මේ මාසේ එනම් ඔක්තෝම්බර් 2015 විජය පරිගණක සඟරාවේ පල උන ලිපියක් පන දාගෙන ටයිප් කලේ දරුවන් ඉන්න අයට ගොඩක් වැදගත් වෙයි කියල හිතුන නිසා. මේ ලිපිය ලියලා තියෙන්නේ චන්දිමා දිසානායක.
මෙම සමීක්ෂණ වාර්තාව සම්පුර්ණයෙන්ම අත්තක්. ඇත්තටම ඉන්ටර්නෙට් තිබ්බේ නැත්නම් මම හොඳ පොත් පත් කියවන කෙනෙක් වෙන්න තිබ්බ. ඉස්කෝලේ යනකාලේ ගොඩක් පොත්, පත්තර ගොඩාක් මම කියෙවුවා. පොත් ප්‍රදර්ශන මගහරින්නේ නැහැ. එත් දැන් මේ ඉන්ටර්නෙට් නිසා හැම දෙයක්ම නැති වෙලා ගියා. පොතක් කියවපු කාලයක් මතක නැහැ.
දෙවැනි කරනේ තමයි අද කාලේ ගොඩක් සිසුන් කරන්නේ මොනවා හරි assignment එකක් දුන්නම ඉන්ටර්නෙට් එකෙන් සම්පුර්ණයෙන්ම කොපිය ගහනවා. කොපි පේස්ට් . ඔන්න තියන තත්වේ. තමන් විසින් ලියපු දෙයක් නැහැ. යුනිවර්සිටි එකේ සිසුන් කරපු ප්‍රොජෙට් අරන් බලන්න. එහෙම පිටින්ම ඉන්ටර්නෙට් එකෙන් උස්සල දාන්නේ. දියුණු රටවලනම් ඒවා හොයල බලල රිජෙක්ට් කරනවා. එත් ලංකාවේ විශ්වවිද්‍යාල වලනම් එහෙම දකින්න නැහැ.
Last edited:

උඹ මේ හොද වැඩක් කරාමද කොහෙදෝ නේ. 

TFS